Sunday, January 15, 2012

*** මල මැරූ සඳ ***

සරාසඳ විත්
නුරා පාමින්
මලේ තැවරුවා
කිරණ යහමින්....

කෝල කොඳ මල
රැයේ පින්නත්
පිස දදා තව බලා
ඉඩදෙයි ඉතින්.......

ඉරේ රැස් මැද
මැරෙණ පිනිදිය
මලට කිවුවා
සඳක වගතුග....

වේව්ල වෙව්ලා
හැකිලිලා මල
දියට වැටුනා
සිනිදු මල් පෙති....

2 comments:

  1. වනපොත් කල හැකිද මල් සුවඳ සදහටම??
    (රත්න ශ්‍රී විජේසිංහ-පරමල්)

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...