Saturday, January 28, 2012

*** ආදරණිය අම්මේ ***

නාදයක් නැතිවම
ගොළුවෙච්ච ලිහිණිය
කට්ට කාන්තාරෙ
පිඩු සිගා යදිනවා
උගසට තියන්
රෝස කුසුම් හිනාව
මුව මඩලෙ
ඔබට කියන්න බැහැ අම්මෙ...............

රලු වෙවී ආව ගිම් තාපය
දරන්නට බැරි කමට
වසන්තය විලාප දෙද්දි
සිනාමල් හොයන්නට
ගිනිගන්න කතරට ඉගිලුනේ
සිහිල් වෙන්න ඉඩක්
දෙන්න ඇස කදුලට
ඔබ දන්නවා නේද අම්මෙ.............

සාර සියක් රජපෙල
මාල මුදු අරන් ආවත්
නිහඩවම සිල් ගත්ත
වස්සානය මිට මොලවන්
ජය මගුල් මල් යහන්
සිහින විමනක හිර කරන්
පරවෙන්න පෙර නුඹ පා කමල
පරසතු පලසක ඇවිද්දන්න
හීන ගොතනවා කියලා
ඔබ දන්නෙ නැහැ නේද අම්මෙ..........

රිදුම් දෙන පියාපත් තුරුල්
කරගෙන ගිම්හානයක තවම
හති දම දමා මහන්සියෙන්
කදුළු ගොතමින් හීන අහුලන සුයාමෙක
බලෙන් පියවන නෙත් සගල අතරින්
සිහිනයක් වෙලා ඇවිදින්
එකම එක පාරකට
මේ හිස අතගාල යන්න බැරිද අම්මෙ.......





4 comments:

  1. ලස්ස්නයි අක්කේ.. අම්මා ගැන ලියන්න කවි හිතට කොච්චර අකුරු ආවත් මදි අක්කේ..

    ReplyDelete
  2. ලස්සන්යි අක්කේ....
    දිනේෂ් අයියා කියන දේ ඇත්ත තමයි...
    ඔයා කවි නිසඳැස් විතරද ලියන්නේ....?

    ReplyDelete
  3. අම්ම ගැන කියද්දී වචන මදි වගේ!:((

    ReplyDelete
  4. ජිවිතේ කවමදාවත් ලියා කියා අහවර කරන්නම බැරි වදන*** අම්මා *** ස්තුතියි දිනේෂ් මල්ලි...බිටා මල්ලි... නුවන් මල්ලි...ආලවන්ත හුදකලාවට ගොඩවැදිලා ගියාට...

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...