Friday, January 13, 2012

වසත් කල හීනයක්...

රිවි කිරණ විහිදන්
එවා කෙඳි
කිති කවයි අලුයම
ළගට එබී....

හිත් බිඳී ඇහැරන්
උන්නු හැටී...
තව කුමට කඩනවද
නිදි ගැට.....

ඇල දොළ සීත
සුවයක්ම විදී
අතු ඉති රිකිලි මුදු
සුවද ඇතී...

නන් රස සුවය
අතරෙන්ම මිදී
මැසිවිලි කරයි හිත
ගැනම සකී.....

වැර නිති යොදා සිත නෑ
ඔකඳ වුනේ
හර සුන් වගේ
සමනල් හීනේ......

නිල් වන වදුල
කීවත්ම ගතු
හිස් වුනු වසත් කල
හීනයකි මට..........

No comments:

Post a Comment

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...