Thursday, September 29, 2011

පරවෙලා මම.....




සංසාර පිං කෙතේ
දැවටිලා ආ මගේ...
පිංසාර පෙම වගේ...
දැවටුනා නුඹ වටේ

පණ ගන්න බැරි වුනත්
වළදාපු මිනි කදන්
පුද දෙන්න තව හැකියි
මෙර තරම් සෙනෙහසක්...

කැබලි තැන තැන ඇතත්
ඔජස වැගිරී මිනි කුණින්..
දුබල වුනු මගෙ හිතත්
ගද ගහන සොහෙන වගෙ...

විල් තෙරක මලක් මෙන්
හිනැහුනත් මම ඉතින්..
සිත් අගක නැති පෙමින්
පරවෙලා මම ඉතින්...

Thursday, September 22, 2011

සංවේදි සිත....

ඇරන් හදවත්
කියන්නට බැරි
ලියයි ගලපන්
පද බෙදයි නිති...

ඇස් කෙවෙනි
රිදවමින් නිති
කොනහමින් ඇයි
හිනැහෙන්නෙ
සංවේදි සිතකට..

ලාමකයි කිවුවාට
බොළදයි හැගෙවුවටට....
මනු දයා පෙම් පුරන්
ලෝ දකියි නිති
සංවේදි සිතක් ඇති
මිනිසා.....

Monday, September 19, 2011

නොහිමිකම


මතක අතරින් නුඹ ඇවිත්
මට කදුළු දෙන හන්දා...
සිතක බැදි පෙම විසික් කරමින්
යන්න බැරි හන්දා...
හදක සැනසුම නුඹට දී දැවෙන
ගිනි ගත්ත හන්දා...
සඳක සෙනෙහස සිහිනයක්
උරුමයක් නැතිද මන්දා....

Friday, September 16, 2011

තරු දැක්කා....

ඉත්තෑව වගෙ කූරු විහිදන
පයිනස් ගෙඩි උඩින්
කටු අනින හීතලක
ළැම පුරා හාදු තවරන
පොත් මිටිය මොලවගෙන
බාලිකා ලෝකයක
මුතු සිනහා පතුරගෙන
දෙපා තබමින් ගියපු හැටි....

දෙපස ඇති වල් සූරියකාන්ත
මිලින මල් හංගගෙන ආසිරි සැලුවා
හිරිමල් වියේ හීනය එක්ක
අත් අල්ලන් ගිය දේවදාර ගස් හෙවණෙ
බට්ටිත්තන් එක්ක කතා කළා
කෙවිලියන් පරදවා....

කලු කරපු නැති කලු ලෑල්ල
විරිත්ත විරිත්ත හිටියා
නැන්දම්මගෙ මුහුණ වගේ
සමීකරණ පටලවගෙන
ගුරුතුමි ටොකු අනින කොට...

විද්‍යා පොත උඩින්
මැවෙන ඇස් දෙක දිහා
බලාගෙන තනිවම කියෝනකොට
හයිඩ්‍රජන් ඔක්සින් ට්‍රැපික් එකකලු උන්නෙ
විභාගය දවසෙ ඩෙස්කුවට නාවෙ....

රොබෝරෝසි මල් යාය පාගගෙන
ඊයෙට වේගෙන් දිවුවා
කර බැදි ටයි පටිය අකුලගෙන
හන්තාන මිහිදුමෙන්
වසාගන්නට පෙර......

ඇගිලි ගැන ගැන පොත් අස්සෙ රදවාපු
පුංචි මල් පියලි
පුස් කාලා බව මතක් වුණෙ
හීතම හීතලෙත් දහඩිය දාගෙන
ප්‍රථිඵල ලේඛනයෙ යටින්ම
ඔච්චම් කර කර විරිත්තන
ලයිට් කණු ටික පේනකොට......

ඔබ මගේ.......

අවසනයි පෙම...

සිත තුටින් දැන්....

දැනෙනවා...

අතැර ගියදා පෙම්වන්ත හිත්....
දැනෙනවා පෙම් කරපු උන්හට...
වින්ද පෙම් සුව මතක් කර කර
ලිය ලියා කියවයි පෙමක වගතුග...

මගෙ නුඹට.....

මගෙම මගෙ ප්‍රේමයට.....
මගෙ නොවු මගෙම ආදරයට.....
මට මගෙම කර ගන්න බැරි නුඹට....
මගෙ මටම විතරක් අයිති සිහිනයට....
ඇවිත් යනවද තව එකම එක පාරක්....
..........මේ තනි නොතනියට.....

තව එකම පාරක් නුඹ දකින්න ආසයි....
තව එකම පාරක් නුඹ ලග ඉන්න ආසයි....
තව එකම පාරක් නුඹ සිපගන්න ආසයි....
තව එකම එක පාරකට විතරක්ම එන්න..

Wednesday, September 14, 2011

කොහොම ඉවසමි...


බිඳී විසිරුනු පබලු මාලයේ..
මුතු ඇටත් බයවෙලා ඔහෙ...
කැඩී කූඩුව යනවා හුළගේ..
මගේ ඇස් ඉදිරියෙම අනෙ....

නුඹගෙ මුව කට ඇස්ම අයිතියි..
පෙති හැඩයි මේ මල්වල...
දමා යන්නට කොහොම හිතුවද
පිපෙන මල් දෙස බල බල...

මගේ අඩුවක් කීව නම් ඔබ
හදාගන්නවා නොසිතා අනේ...
මෙහෙම යන්නට හිතුවෙ ඇයි ඔබ...
අපේ උණුසුම සීතලට විකුණලා...

මගෙම වී නුඹ...

සඳක් නැතිවම අඬන අහසට...
සඳක් වී නුඹ පෑයුවා...
මලක් නැතිවම වුන්නු විලකට
මලක් වී නුඹ හිනැහුනා....

කදුලු ඇවිදින් රිදෙන ඇස් යට
හිනාවක් වී නුඹ සැනසුවා...
සුසුම ඇවිදින් තැවෙන හද යට...
පැතුම වී නුඹ මතුවුනා....

කටු කොහොල් පිරි දිවි මගට...
මල් පලස වී නුඹ ඇතිරුවා...
මට මමත් නැතිවම වුන්නු යුගයට...
මගෙම වී නුඹ නැවතුනා....

තාම කවි ලියවේ...

හීන් හුලගක් ඇගේ වැද්දේ...
මගේ හිතෙ ලතැවිලක් ඇත්තේ...
අගේ කෙරුවත් සිකුරු මිතුරේ....
අනේ පෙම් කවි තාම ලියවේ.....

සඳ සොයන්නට වෙහෙසෙමි.....

ගනදුරු රැයක සඳ නොමැතිදා...
වෙල් ඉපනැලි පාගලා...
රැලිති නංවන වැව් දිය කළඹලා
ස‍ඳේ සෙවනැලි හොයනවා...

කණා මැදිරි එළියක් යටට වී...
සරැති නංවන දියේ හැංගි
අමාවක දුන් අහසට ඔරවලා
සඳ සොයන්නට වෙහෙසෙමි....

හැපි හැපි නගන වැව් දියේ
හිතේ සිතුවිලි දවටලා...
මම මටම හිනැහුනා අවසනේ
තාම හිත සිහිනයක හන්දා.....

දැනුනිද නුඹට.....

    • නිදනා දනන් මහ රෑ
      අහස යට...
      නොනිදා දකින සිහිනය
      දෑස යට....
      පුදනා පෙමක් තනිවම
      ... එක හිතකට...
      දැනුනද බිදක් ආදරෙ නුඹෙ
      පපු මතට...

මගෙ නොවුවත්

විලක පිපුනු පියුම තරම් 
හදවිල මැද නුඹ නැලවෙන්නේ....
මතක රැදුනු හිතම අරන් 

යන්න බැරිව මම දගලන්නේ....
රැයක සඳක් වෙලා ඇවිත් 

නිදි නැති නෙත් හඬවන්නේ...
මටම මගෙම වෙලා නැතත් 

නුඹ සුවදින් හිනැහෙන්නේ....

Tuesday, September 6, 2011

ලොවට හොරා රැක ගත්තත් ආලය....

                                  මේ සිහින දැකිල්ල අතහැර....සඳ විමන් අතහැර...අභි නික්මට කාලයයි....ඔව්...මේ මහා මුසල දවස් මගහැර නෙතු පියන් විවර කර ලෝකය දකින්නට කාලය ඇවිදින්ය...ඉදින් ඒ මතින් වුව මම මගෙ හදවතට කන් දුනිමි....අතීතය වගෙම ගෙවෙන වර්තමානයේත් හැම තත්පරයකම අයිතිකරු ඔබම පමණය....


                               අර ඉස්සර දවස්වල සන්නස්ගල සර්ගෙ පන්තියෙ ඉස්සරහම පේලිවල ඉදගෙන හයියෙන් කැගහපු කොල්ලො එක්ක තරගෙට සිංදු කිවුව දඟ මල්ල කියලා ඔයා හැමදාමත් බැනපු මම අදත් දඟ මල්ලම තමයි.....කාලය ගෙවුනා...මිනිස්සු වෙනස් වුනා...ඒ වගේම ඔයත් වෙනස් වුනා....අපි වැඩිහිටියො වුනා....ජිවිතේ වගකීම් වැඩිවුනා....ඒත් ඒ හැමදේටම මුහුණ දුන්නත්....එදා වගෙම වෙනස් වෙන්න බැරි මගෙ හිත තාම ලතවෙනවා.....


              අහස තරම් ආදරේ දුක දරාගෙන ඇස් දෙකෙන් කදුලු පනින කම් අඩ අඩා හිනා වෙන මම දිහා යන්තමින්වත් හිතන්න හිතෙන්නැති හැටි හරි පුදුමයි....මම දන්නවා ආදරය කියන්නෙ පෙරලා කිසිම දෙයක් බලාගෙන දෙන දෙයක් නෙමෙයි....මාත් ආදරේ කරන්නෙ එහෙම තමයි...මට ඔයාව අයිති කර ගන්න එපා.... මට ආදරේ එපා...ඒත් වෙනස් වෙන ලෝකෙ මැද්දෙ ඔයා වෙනස් වෙන එක මට දරා ගන්න බැහැ....


                                                  ඉස්සර උදේම අවදි වුන ගමන් දවසම සුභ වෙන්න කියලා සුභ පතන ඔයා මගෙ හිත සතුටින් තිබ්බා...ඒත් අද මම ඉන්නවද නැද්ද කියලවත් බලන්න ඔයාට මතක නැහැ...ආදරේ පරන වෙනකොට මෙහෙම වෙනවද කියලා මමම හිතනවා....මගෙ ලෝකෙ හැමදාම පසලොස්වක සඳ ඔයා...ඒ අයිතිය කාටවත්ම ගන්න බැහැ...දවස ගානෙ හඳ වෙනස් වෙවි පායන්නෙත් ඒ අහසෙම වගේ හැමදාම මේ දේවල් දරාගෙන මගෙ හිත් අහස ඔයාටම බාරයි....


                                       පාට පාට හීන මං ගාව නැහැ කියලා දන්නවා ඔයාම..ඒ වගේම මම කිසිම දෙයක් අද වෙනකම් ඇහුවෙ නැහැ නේද...ඒ මම හැමදේම දන්න නිසා....ඔයාගෙ ලෝකෙ මට තියෙන්නෙ පුංචිම පුංචි ඉඩක් කියලා මම දන්නවා...ඒ පුංචි ඉඩ ඇතුලෙ ඉදගෙන කටුව ඇතුලෙ හැංගිලා ඉන්න ඉබ්බෙක් වගේ මම ඔයාගෙ ආදරේ ලෝකෙට පෙන්නන්නෙ නැතුව හංගගෙන ඉන්නම්...තව කොයිතරම් කාලයක් මම මෙහෙම ඉදියිද දන්නෙ නැහැ.....හිතේ ඇතිවෙන සිතුවිලි හැම තිස්සෙම මගෙ මුහුණෙන් පිට පනිනවා...ඒ වෙලාවට මම හරි බයයි ලෝකෙට.....ඒත් මම බලා ඉන්නවා කවමදාහරි දවසක මගෙ ආදරේ දැනෙයි කියලා....ඒ දවසට මම මේ ලෝකෙම දිනපු වාසනාවන්තම කෙනා වෙයි නේද.... ඒත් එතකන් මේ ජිවිත ගමනෙ මම තනියම.....තනි මගක තනිකමෙන් යන්නෙ කොහොමද....දරන්නම බැරි ඒ දේ විතරමයි මට......

සඳ සැගව ගිය සද...

සඳ

ආදරෙන් මගෙ නුඹට....

මගෙ නුඹට......අදත්....

අවසර කොයිබින්ද මට...

අපි ඉතින් වෙන්ව යමු...

අහන්න..මේ ඔබ නමට.....

මේ මගේ සොඳුරු ආදරයට.....

හැමදාම සුවඳයි මගේ නුඹ..

ලිහිණියේ.........

ඔබ කොහෙද........

විරුවණේ මේ ඔබටයි....

මගෙ සඳේ නුඹ එන්න....

මගෙ පුතුව රැකදෙන්න.....

ජීවිතේම අඳිමු සිත්තරෝ... — with දිනිති දීපිකා.

කියන්න....ඔබ එනවද....?

කොහොම පහදා කියා දෙන්නද මං...

Sunday, September 4, 2011

අනේ මේ හිතක් මට ලැබුනෙ ඇයි......

න්නවද.....
 

මේ ලියන.....ලියවෙන
හැම අකුරක් ගානෙම...
දැවෙන...ලතවෙන...තැවෙන බව විතරක්ම මම.....



මේ අකුරු දැක වෙන තැවෙන අයෙක් නම් නැත...
මේ අකුරු දැක වෙන විඳවන අයෙක් නම් නැත...
මේ අකුරු දැක වෙන ලතවෙන අයෙක් නම් නැත...
ඒ සිටියේ නම්...උන්නා නම් මේ ලොවටම ඒ මාය....
මා විතරමය.... 



                             විඳින....විඳවන....මේ ආදරය දැනෙන හිතට බර වැඩි වූ හින්දාම මා මෙලොව අතැර යන්නට සිතා උන්නෙමි...සදහටම මේ නෙත් පියා ගන්නට හිතා උන්නෙමි...ඒත් හිතා වුන් දේවත් පතා වුන් දේවත් ඉටු කරගන්නට මට බැරිම වුන හැටි....

                      විසල් අහසක් තරම් සෙනෙහස පුදද්දිත් අබැටක තරම්වත් පෙරලා ආදරයක් නොලබන මා මේ මමම අදත් හුස්ම ගන්නේය...තවම මේ ලොව ජීවත් වෙන්නේය....දැල්වෙන පහන් සිලට අසීමිතව පෙම් කරන මෙරුවෙකු සේ එසේ නොමැති නම් තමාම දැවි දැවි පිච්චී යන බව දැන දැනම ගින්දරට පෙම් බදින පලගැටියකු සේ මමත් ඇබින්දක්වත් ආදරය නැති හදවතක හැපි හැපී ආදරය කරමි....ආදරයම හොයමි....ඒ හිත ළගම වෙලි වෙලි පෙම පුදමි...පුදන ප්‍රේමයට පෙම ප්‍රේමය සොයමි...ලතෙක් බවක් තෙතමනයක් නොමැති බව දැන දැනම ඒ වටාම කැරකෙති....



                    අනේ ගැහැණු හිතකට මේ සා ආදරය කරන්න හිතක් දුන්නේ ඇයි...මේ තරම් දෛවය දඩුවම් කරන්නේ ඇයි...තනිවම මම සිතමි...
  
                          ජිවිතය නම් වුනු මහගිරිදඹේ කොහේ කොතනක හරි මට වැරදී ඇත....ඒ මේ මෙතන කියා හරියටම කියන්නට මම තවම දන්නේ නැත....මට මමත් නැති ලොවක මම තවම හිදින බව විතරක් දනිමි...හුස්මක් හුස්මක් ගානෙ ආදරය කරද්දීත් නොදැනෙන නොපෙනනෙන ලෙස හිදිමින් මේ හිතට දෙන සරදම් නම් මොන තරම් අපුරුද....
    
       හීතලක වැටෙන වැහි බිදුවකටත් පුංචිම පුංචි කුහුඹුවෙකුටත් ආදරය කරන්න තරම් මේ හිත පුරුදු වුයේ කොහොමද...එහෙම ආදරය කරන්නට හිතක් දුන්නේ කිමද....පැලෙන්නට ආදරේ පුදද්දීත් රලු කලු ගලක් සේ හිතක් පපුවක් නැති අයෙකු සේ හිදින්නේ කෙලෙසද....අනේ මේ ආදරය පරිත්‍යාගයක්ම කර මසිතට ආවෙ ඇයි.....



ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...