රිවි කිරණ නැවුම් දිනකට
ඇවිත් දෙන හැටි සුභ පැතුම්...
තව දිනක් දිවි මගේ මට
සිහිනයක් පුබුදන්න ඉඩ ලැබුණු.....
යනෙන මග දිග පෙර වගේ
මතකමයි හිත හුරු පුරුදු
අතු ඉති නැමී මල්බරව
සලයි සෙමෙර ආසිරි සොඳට....
ගුවනතෙම විහිදමින් තටු
පරිදි රිසි දැන් ඇවිද යමි
සැහැල්ලුව හිත පුරා තවරගෙන
කිරිල්ලිය තටු ගසයි සිත් පරිදි......
කොච්චර දෙයක්ද!
ReplyDeleteසල්ලිවලට වත ගන්න බැරි දෙයක්නේ ඔය නිදහස!
හිහි... තැන්කිවු..
ReplyDelete