හෙන්දිරික්කා මල් අරගෙන
සඳ ආවා හැන්දෑවට....
නිල් කලුවරෙ නෙත් ඇරගෙන
ඔබව සෙවුවා පුරුද්දටම..........
ඇස් වැසුනම සිහිනෙ දිගේ
ආල නුරා පාන්නේ
පාලු රැයේ සුවඳ සොයන්
මතක කරා දුවන්නේ...
පරළු රළුම හදක් මත්තෙ
තාම හඬා වැටෙන්නේ.....
මට ඉන්නෙත් නුඹම හන්දා
කෝමද මග අරින්නේ....
ලස්සනයි වෙනද වගේම!
ReplyDeleteගීතයකට හොඳ නැද්ද??
ම් ම්...එහෙම හිතාගෙන ලිවුවෙ මල්ලි.... බලමු.... ස්තුතියි ඔයාට....
ReplyDelete"පාලු රැයේ සුවඳ සොයන්
ReplyDeleteමතක කරා දුවන්නේ..." මමත් මෙහෙම තමා