ජීවිතය කියන්නෙ නවාතැනක්..සංසාරෙ කියන්නෙ ගමනක්.. මේ ගමන යනවිට අපි විවිධ විෂම විපර්යාසයන් මැද ඉපදීම, ඇවිදීම, මිය යෑම ආයෙමත් ඉපදීම ලෙස නානප්‍රකාර ලෙස යන්නෙමු. කොහේ හෝ සංධිස්ථානයක ගැලපුමක් ලෙස මේ මනුසත් ලොව උපත ලබා ඇත. එහි ඇරඹුමේ සිට අවසන දක්වා වැඩෙමින්ද, වැටෙමින්ද අප යන්නෙමු. හමුවෙන, ලැබෙන,දැනෙන, වැරදෙන, හරියන මේ කෝකත් හිමි අහිමි කම යැයි බොහෝ දෙනා කියන ඇත. එහෙත් හිමි අහිමි කමටද හඬක් නඟන්නට අයිතියක් ඇද්දැයි දැන් මට සිතෙන වාර අනන්තය. එය ඔබටත් එසේම යැයි මා සිතමි.
මා මේ කියන්න යන්නේ සොඳුරු සෞන්දර්යාත්මක පැතිකඩක් නොව. අඳුරු දුක්බර යථාර්ථයක කැඩපතකි. මා උදාහරණයට මා ගනිමි. මගේ අම්මා කෙසේ හෝ මාසෙ මුලදීම පාසැල් යෑම සඳහා මට මාසික වාර ප්‍රවේශ පත්‍රය ( සීසන් එක ) අරන් දෙමි. එය නොපිරිහෙලා පුරා වසර 12 ක් ඈ අතින් සිදු විය. ඉඳින් කුසට අහරක් වැටුණද නොවැටුණද මගේ පාසැල් ගමන ස්ථිරය. අසනීපයක් නැහැදුනා නම් එය අනිවාර්යය. අපේ භාෂාවෙන් කිවුවොත් බුදු ෂුවර්ය. පයට සපත්තු දෙකක් සෙරෙප්පු දෙකක් තිබුණා නැතා දෙවියනේ කියා අපේ පාසැලේ ගේට්ටුව අපිට විවෘතය. උදෑසන රැස්වීමේදි අනන්තවත් මහ පොළව මහපට ඇඟිල්ලෙන් හාර හාරා උන්නු අවස්ථා අපමණය. එය ආපසු හැරි බලද්දී සිනහ යන්නේය. නිදහස් අධ්‍යාපනයේ පියාට පින්සිදු වන්නට අච්චු පොත් ටික නිළ ඇඳුම ලැබෙද්දී අකුරු කරන සිහිනය අපට සිහිනයක් නොවුණි. හැක වෙර යොදා දුප්පත් මව් පියන් වෙහෙස ගත්තේ තමන් නොදැකපු ලෝකයට තම දරුවන් ඔසවා තබන්නටය. ඒවා සාර්ථක විය. ඒ අහිංසක දුප්පත් අම්මලා තාත්තලා සිනහ විය. සතුටු විය. ඒ ඔවුන්ගේ දරුවන් සිප් කිරි බී නැණැති දනන් වී සමාජගත වන හන්දා.
එහෙත් අද අපේ රටේ නිදහස් අධ්‍යපනයක් ඇද්දැයි මට සිතේ. එය හුදෙක් ව්‍යාපාරයක් බව නොකියාම බැරිය. ජනාකීර්ණ කොළඹ සහ නගර අපි අපමතක කරමු. එහෙත් ඈත දුර හම්බන්තොට වැනි ප්‍රදේශයක දුප්පත් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට තම දරුවාට අකුරු ඉගැන්වීම අද සිහිනයක් වී හමාරය. මෙවැනි තත්වයක සිට එම දෙමාපියන්ගේ දරුවන් සමාජයට එද්දී මොනතරම් විපර්යාසයන් අනාගතයේදී වේදැයි මට සැක සිතේ.
මේ හොඳම සත්‍ය සිද්දියකි. දරුවා තුන්වන වසරේ ඉගෙනුම ලබයි. ඔහුට තිබෙන එකම සපත්තු දෙක දැන් දාන්නට බැරිය. ඒ පුංචි කකුල් තරමක් දික් වී ඇති නිසා. අම්මාට සපත්තු දෙකක් අරන් දෙන්නට බැරිය. හරියට කන්න නැතිව ඉන්න හිටින තැනත් මහ වැස්සට ගංගාවක් සේ වතුර පිරෙද්දී අර අම්මාට අලුත් සපත්තු දෙකක් අරන් දෙන්නට හැකියාවක් නැත. " අනේ අම්මෙ බනින්න එපා. මට මේ සපත්තු දෙක දාගෙන යන්න බැහැ. මේ මගෙ චුටි ඇඟිල්ල බලන්න. රිදෙනව." දරුවා දිය පට්ට ඇවිති ඇති කකුළ් දෙකම තම මවට පවසමින් පවසා ඇත. එහෙනම් පුතා හෙට සෙරෙප්පු දෙක දාගෙන යන්න කියා අම්මා පවසා ඇත. පහුවදා සෙරෙප්පු දෙක දාගෙන ගිය පුතුට පන්තියේ ගුරුවරිය සෙරෙප්පු දාගෙන එන්නට එපා කියා ඇත. පසු දිනත් දරුවා එසේ ගිය විට අම්මාට එන්න කියා ඇත පාසැලෙන්.. අම්මා කාරණය දන්නේය. එහෙත් ඇයට කරන්න දෙයක් නැත. අවසන ඇය දරුවාට පවසා ඇත්තෙ පුතේ ඔය සපත්තු දෙක අමාරු වුනත් දාගෙන යන්න. මයෙ පුතා පන්තියෙදි සපත්තු දෙක ගලවගෙන ඉන්න. මිස්ට කියන්න අම්මට සපත්තු දෙකක් අරන් දෙන්න විදිහක් නැහැ කියල. මෙහෙම මේ සිද්දිය වෙද්දි අහම්බෙන් මා ඒ මවට දුරකථනයෙන් කතා කලෙමි. ඒ මා ඇයට කාලයක් තිස්සේ උදව් උපකාර කරන බැවිනි. සිද්ධිය පැවසූ විට අවශ්‍ය සපත්තු දෙක මිළදී ගැනීමට මා මුදල් යොමු කලෙමි.
ඉන්පසු නැවත සතියකින් පසු මම එම මවට කතා කළෙමි. ඒ දරුවා දැන් සතුටෙන් පසැල් යනවද කියා අසන්නටය. අනේ අද දරුව පාසැල් ගියෙ නැහැ. ඒ මොකද කියා මා ඇසු විට ඉස්කෝලෙන් රුපියල් දෙසීයක් ගෙනෙන්න කියල. මේ වහිනව මෙහෙ හොදටම. දරුවව මම වෙන ගෙදරකට පිටත් කරල යවල තෙමෙන ගේ ඇතුලෙ මං ඉන්නෙ. ඊයෙ රැ ඉදන් උයාගෙන කෑවෙ නැහැ. උයන්න දේකුත් නැහැ. මුළු ගේම ගංවතුර වගේ..මැටි බිත්තිය දැන් වැටෙයි කියන බයකින් ඉන්නෙ. ඈ පැවසුවේ මෙයට සමාන වඳන්ය. ඉකි ගස ගසා හූ කිය තියා ඇයි මටම මෙහෙම වෙන්නෙ කිය කියා ඈ පැවසූ දේ අසා සිටින්නට මගෙ හදවත වාරු නැහැ. එහෙත් මා ඇයට කිවුවෙ අඩන්න එපා. ජිවත්වෙන්න තියෙන හයිය දියවෙලා යනව. කොහොම හරි ජිවිතේට මුහුණ දෙන්න කියාය.
ඉතින් මම අසන්නේ මෙයයි...
සපත්තු දෙක දාන්න බැහැ දරුවගෙ කකුළ ලොකු නිසා දිය පට්ට
එනව. සෙරෙප්පු දෙක දාල යැවුවම දරුවගෙ අම්මව ඉස්කෝලෙට ගෙන්වනව.
ප්‍රින්සිපල් ලගට දරුවව ගෙන්නල තරවටු කරවනව. ඊලග දවසෙ දරුව බැනුම් අහන්න
බැරි නිසා ඉස්කෝලෙ යන්න බැහැ කියනව.
ඊට පස්සෙ හැමදාම රුපියල්
පනහයි, විස්සයි , සීයයි, දෙසීයයි අරක මේක. සතියෙ දවස් පහට මොනව හරි පස්
දෙයක් තියෙනව. . ඉන්න ගේ දණක් වතුර
පිරෙද්දි දරුවගෙ ඉස්කෝලෙන් රුපියල් දෙසියක් ඉල්ලද්දි ඒ අම්මගෙ තත්වය කොහොම
ඇද්ද...
ඇයි අද දරුවෙක්ට නිදහස් අධ්‍යපනය ලබාගන්න අවස්ථාවක් නැත්තෙ...
මෙහෙම බිස්නස් මට්ටමට අධ්‍යාපනය වැටුනෙ ඇයි...හැමදේම යමක් කමක් තියෙන
මිනිස්සුන්ට විතරමද.. ලෝකෙට කෑගසා කියන ආශ්චර්යය මෙයමද.. ලෝක තරුණ සමුළුව හම්බන්තොට පවත්වද්දි හම්බන්තොටම අනාගතයෙ තරුණයෙක් වෙන්න ඉන්න දරුවෙක්ට උරුමය වී තියෙන්නෙ මේකද...? හිතන්න ඔබට බාරයි.
Showing posts with label හිතන්න යමක් ඔබට මට.... Show all posts
Showing posts with label හිතන්න යමක් ඔබට මට.... Show all posts
Tuesday, May 6, 2014
Wednesday, April 9, 2014
විඳන්නට හැකි නම් ඔබට...
හෙමින් හෙමින් එබිකම් කරමින්
එරබොදු මල් ඇවිදින්
වරෙන් වරෙන් නෑ ගම් යන්නන්
කොවුල් ගීත ස්වරයන්...
සොබා දහමේ අපූර්වතම අසිරිය මවා පාන්නෙ වසන්ත සෘතුවයි. සිරිලක් වැසි සියල්ලන්ටම එය අප්‍රේල් සහ මැයි මාසයෙහි බව පිළිගැනේ. සිංහල මාස ක්‍රමයේ භාග්‍යවන්ත මාසය හෙවත් බක් මාසය මහ කන්නයේ අස්වනු කපා කොටා අටු කොටු සිනා නගද්දී දනන් ප්‍රීතියෙන් ඉපිළෙයි. එකී ජනයාට මඳක් වෙහෙස නිවාගන්නට කියමින් විහඟුන්ද ගීත කියමින් පිපී වැනෙන මල් වටා යමින් රොන් උරමින් වසන්ත සෘතුවේ සතුට භුක්ති විඳිති. කෘෂිකාර්මික ජීවනෝපයකට උරුමකම් කියන අපි බක් මාසය සැණකෙලි සිරි විඳගන්නට සුදානම් වෙයි.
දුර අතීතයෙත් පණ්ඩුකාභය රජු චිත්තරාජ යක්ෂයා සමඟ සම අසුන් ගෙන නැකැත් කෙළි නැරුඹුවා යැයි අපේ ඉතිහාසයේ මහාවංශයේ සඳහන් වේ. රොබට් නොක්ස් නම් විජාතිකයා නුවර යුගයේ රජවරු අවුරුදු උත්සවය ඉහළින්ම සැමරූ බවටද සඳහන් කරයි. රජයේ නැකැත්රාල, මුහන්දිරම් ආදිය ලහි ලහියේ මූලික වැඩ සුදානම් කරමින් ද නැකතියා නානු දියර සකසමින් නාථ දේවලායේ සීල් තබා සුරක්ෂිතව තබමින්ද කටයුතු කළ බවට වැඩිදුර සඳහන්වේ. මේ සියල්ලගෙන්ම පසක් වන්නේ අප්‍රේල් මාසය අප ඉතාමත් සංතෘෂ්ඨියෙන් සැමරූ බව නොවෙද..?
කෝණ තහංචි දමමින් සංස්කෘතියෙන් එන රීතීන් පිළිපඳිමින් ලොව හසුරුවන ප්‍රධාන බලවේගය වූ හිරුගේ ගමන් මගේ නව සංක්‍රමණයට පූජෝපාහාර කරන්නට මෙය අවස්ථාවක් කරගත්තා යැයි කීවොත් වඩා යෝග්‍ය යැයි මට සිතේ. පුරා දින 365 ක වෙහෙසකර ගමන් මඟ නිමා කරමින් මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණෙන ඒ අලුත් ගමනාරම්භය ආසියාතික අප කළගුණ දක්වමින් සැමරීම කොයිතරම් නම් අපූරුද.
එදා සිට අද දක්වා සිංහල ජන සමාජය දෙස විමසිලිමත්ව සුපරික්ෂාවෙන් බැලුවිට අපට පෙනෙන විශේෂත්වය නම් සමූහිකත්වය මුල් කොටගෙන සමාජයේ සිරිත් විරිත් ක්රිටයාවට නංවා ඇති බවයි. හරවත් ධර්මතාවයන් සමඟින් සාරධර්මයන් රැකෙන්නේද මේ සිරිත් විරිත් නිසාමය. අළුතින් ලබා ගන්නා අස්වැන්නෙන් අලුත් සහල් මංගල්‍යය පවත්වා වැව ළඟ සංහිඳේ කිරි උතුරවා දැකුම් දිය යුත්තන්ට දැකුම් දී සුදානම් වෙන ප්‍රීතිමත් සමය මොනතරම් සුන්දර ජනකද?
අසල්වැසි හිත මිත්‍රාදීන්ද සමඟින් මොනයම් හෝ හිත් නොහොදක් ඇති නම් ඒ සියල්ලද අමතක කරමින් මිත්‍රත්වයේ දෑත දිගුකරමින් ඇරඹෙන නව ගමන් මඟ අපේ සංස්කෘතියේ ප්‍රබෝධමත් කාලයක්වේ. නිවෙස් තුළ පංච දැමීමෙන්, ඔංචිල්ලා පැදීමෙන්, බක්මහ සැණකෙලි සංවිධානය කරමින් ලොව කවුරුත් මවිත කළ ජාතියක් වූ අප එකම මොහොතක එකම විදිහේ ආහාර අනුභව කළහ. අපටම පමණක් ආවේණික කෑම බීම වලින් ලොව මවිත කළහ. කුස රජුගේ මුහුණ සිහි ගන්වන කැවුමේ වුවත් වර්ග 7 සැදූහ. ඒ අතර මුං කැවුම් , නාරං කැවුම්, කොණ්ඩ කැවුම් ප්‍රධානය. ඔබට මට අතීතයට දිව යන්නට හැකි නම් ඒ කාලය ලොබ කමින් හදවතින්ම බදා වැළඳගන්නවා නොඅනුමානය.
පරම්පරා ගැටුමක් ඇති වන බව අනිවාර්යය. සංස්කෘතියද විවිධ වකවානුවල වෙනස් වෙන අවස්ථා ඇත. එහෙත් සියල්ල වානිජකරණය වූ තැන සමඟිය, මිත්‍රත්වය, සහයෝගිත්වය අපෙන් දුරට යන බව අපිවත් දන්නවාදැයි සැක සහිතය. මුදලට කෝකත් කරන්න පුලුවන් යැයි සිතන බොහෝ දෙනාගෙන් මට අසන්නට ඇත්තෙ ගෙදර ලිප ළග වාඩිවී තෙල් හැන්දක් කූරක් අතේ තියන් කොකිස් අච්චුවක් සුදුම සුදු පිටි දියරකට ඔබ එය රත්වෙච්ච තෙල් තාච්චියේ බුබුළු දමා රන්වන් පැහැවෙද්දි දරුවන් වටවෙලා ඒ දෙස නඟන සිනහ ඔබ විඳ ඇද්ද? දෙමාපිය වැඩිහිටියන් මගේ දුවට යමක් හදාගන්න පුලුවන් යැයි කියමින් උදම් අනනවා ඇසෙන එක ඔබ විඳ ඇද්ද? යන්නය.
මිනිසා ආර්ථික භාණ්ඩයක් වී මනුස්සකම විකුණා ඇත. කඩේට දුව ගොස් කේක් ගෙඩියක් බිස්කට් ටිකක් ගෙනත් දී මේ වසන්ත සමයේද දරුවන් රවටති. ගහකොළ සතා සිවුපා ඇළ දොළ ගංඟාද සමරන වසන්තය අද බොහෝ මිනිසුන්ට අමතක වී ඇත. එක හැළියේ බත් කා අනෙකාට ද්‍රෝහිවන මානසිකත්වයක් අද බොහෝ දෙනෙක් ළඟ ඇත.
මේ උදාවන අලුත් අවුරුද්දේවත් ජිවිතයෙ සැබෑ මිහිර විඳින්නට ඔබට හැකි නම් ඔබට සැබෑවටම වසන්ත සැණකෙලියක තෘප්තිමත්ම මිනිසෙකු වෙනවා ඇතැයිමට සිතේ.

Thursday, August 15, 2013
සොයනු කුමකටද...
අතරමං හිතක ලතැවිල්ල
නතර නොවෙනා වැලපිල්ල
කතර දුර වුනත් කියවිල්ල
අතර මැද ඇතිය ඇරඹිල්ල...
කවියකට කවියක් සමකළ හැකිද
හදවතක හැගුම් මිල කරණු කුමටද
කුලියකට ගන්න බැරි කමද
කවි හිතක ඇති ගැඹුර දැක්කද...
ඉස්සිලා හසරැල්ල නගන විට
ඇලවෙලා ඇලපිළි දමනකොට
වැරදිලා ලියවුනා කියා කුමකට
කවිවෙලා කවි හිත් පිපෙනකොට...
හඳිස්සියෙ අවදි වුන කුරුල්ලෙක්
තටු ගසා අසන විට රංචුවක්
හිස් අහසෙ ඇවිද යන සිතුවිල්ලක්
වගෙයි ජීවිතෙ තනිකම බරක්
සිසිරයට එන්න යැයි නොකිවුවට
හැමදාම වසන්තය කෝ ඔබට මට
තනිකමට ගසක මල්ඵල හැදුණාට
අයිති නැති හැටි දැක්කාද ගසකට...
ඇල් මැරුණ තැන් හමුවුණත්
ඔප දැමූ කවියක ඇසෙයි වෙණ නද
පිස දමා නිදහස්ව කොනින් කොන
විඳින්නට හැකිය කවි දන්නවද ....
නිදි නැතිව බලා ඉන්නා රාත්‍රියකට
කවි කතා බිම වැටෙයි නොකියාම
සඳ කිණිති එක දෙක හැපි හැපී තිබුණාට
අසන්නට එපා හදවත රිදෙයි හොඳටෝම....
අහුමුළු වලින් එබිකම් කරන විට හඳිස්සිය
මඟහැරෙන තැන් අනන්තය මේ විශ්වයෙම
හැව ඇරල ඉස්මොළ ඇතුළෙ පිරිසිඳුව
බලනු මැන කවියෙක් සොයා යනු කුමකටද.....
නතර නොවෙනා වැලපිල්ල
කතර දුර වුනත් කියවිල්ල
අතර මැද ඇතිය ඇරඹිල්ල...
කවියකට කවියක් සමකළ හැකිද
හදවතක හැගුම් මිල කරණු කුමටද
කුලියකට ගන්න බැරි කමද
කවි හිතක ඇති ගැඹුර දැක්කද...
ඉස්සිලා හසරැල්ල නගන විට
ඇලවෙලා ඇලපිළි දමනකොට
වැරදිලා ලියවුනා කියා කුමකට
කවිවෙලා කවි හිත් පිපෙනකොට...
හඳිස්සියෙ අවදි වුන කුරුල්ලෙක්
තටු ගසා අසන විට රංචුවක්
හිස් අහසෙ ඇවිද යන සිතුවිල්ලක්
වගෙයි ජීවිතෙ තනිකම බරක්
සිසිරයට එන්න යැයි නොකිවුවට
හැමදාම වසන්තය කෝ ඔබට මට
තනිකමට ගසක මල්ඵල හැදුණාට
අයිති නැති හැටි දැක්කාද ගසකට...
ඇල් මැරුණ තැන් හමුවුණත්
ඔප දැමූ කවියක ඇසෙයි වෙණ නද
පිස දමා නිදහස්ව කොනින් කොන
විඳින්නට හැකිය කවි දන්නවද ....
නිදි නැතිව බලා ඉන්නා රාත්‍රියකට
කවි කතා බිම වැටෙයි නොකියාම
සඳ කිණිති එක දෙක හැපි හැපී තිබුණාට
අසන්නට එපා හදවත රිදෙයි හොඳටෝම....
අහුමුළු වලින් එබිකම් කරන විට හඳිස්සිය
මඟහැරෙන තැන් අනන්තය මේ විශ්වයෙම
හැව ඇරල ඉස්මොළ ඇතුළෙ පිරිසිඳුව
බලනු මැන කවියෙක් සොයා යනු කුමකටද.....
Saturday, July 13, 2013
සිහින දිනිය යුතුමය.
සිහින...සිහින
හා මා අතර ඇත්තේ හරි අපූරුම සම්බන්ධයකි. එය කෙනෙක්ට කිවොත් සිනහසෙනවා
අනිවාර්යය. එහෙත් සිහින අත්හැර මට එකදු හුස්මක් ගන්නට බැරි බව නම් ඇත්තය...
හිත අතීතයට දිව යන්නේ නොසිතාමය... පුංචිම දා කවුරු වගේ වෙන්නදැයි දෙක වසරේ කුමාරතුංග ගුරුතුමිය ඇසු විට මා කිවුවේ මං කැමතියි ටීච වගේ වෙන්න කියාය. එදා යමක් කමක් නොතේරුණ දා මා ඇයට අසීමිතව ආදරය කලෙමි. හොරණ එකල අපි හදුන්වන ලොකු ශ්‍රිපාලිය ගාවම පාරේ අරුන්දතියට යන මගෙහි ඇගේ නිවස පිහිටා තිබුණේය. අදද ඒ නිවස ළගට හදවතින් දිව යන වාර අනන්තය. පුංචි මගෙ හිස අතගා වාඩිවෙන්න යැයි කිවු ගුරුතුමිය වන්නට මට බැරිවිය. එහෙත් ඈ හදේ උතුරන ආදරය කරුණාවෙන් එකම එක නිය තුඩක් හෝ මට හිමි කරගන්නට මා වැර ගත්තෙමි. තුන්වන වසරට සමත්වෙන විට වෙනත් පාසලකට මාරුවක් ගත් මට කුමාරතුංග මිස් වෙන සිහිනයම හිතේ නොතිබුණා නොවේය.
ඉදින් එදා නොදන්නා දා පටන් පෙම් කළ සිහින සහ මා අතර ගණුදෙණු අප්‍රමාණය. මව්පිය තුරුලේ රැදෙමින් සිහින දකිනවාට වඩා අප යොවුන් වියට ආ විට සිහින දකින ප්‍රමාණය බොහෝ සෙයින් වැඩිය. එයිනුදු පෙම්වතා හෝ පෙම්වතිය මුල්කරගෙන ගොඩ නගන සිහින මෙපමණයැයි අපට කිව හැකිද. ඔබ මෙන්ම මාද එසේමය. ජීවිතයේ අසරණ වෙන හැම මොහොතකම සිහින ගැන දැඩි විශ්වාසයකින් මා බැදෙන බව නම් අනිවාර්යය කරුණකි.
හිත ආපස්සට යන සෑම තැනකදීම මා නවතින එක තැනක,
මේකි නම් හීන පිස්සියක්...
ඔව් අයියෙ මං හීන පිස්සියක්..ඔයාට කරදරයක් නැහැනෙ..
අපොයි මට කරදරයක් නැහැ තමා...ඕව කීයක් දැන් මාව අල්ලන් දැකල තියෙනවද කියන්න බලන්න...
එකම එකයි අයියෙ ඔයා වටේ තියෙන්නෙ...
පුදුමයි..මගෙ මෝඩි එකම එක හීනෙද මා එක්ක දැකල තියෙන්නෙ....
හ්ම්....
කෝ...කෝ..ඔලුව උස්සනව...බිම බලාගන්නෙ නැතුව...
බෑ....
බැරි හැටි මම පෙන්වන්නම්...
ඔය ඉතින්..රිදෙනව මට....
රිදෙන්න තමයි ඇල්ලුවෙ...
යකා...පෙරේතයා...ගැඩවිලා...
ආහ්...ආහ්...තව ජාති තියනවද කියන්න..
තියෙනව තමයි..ඇයි මොකෝ...
මොකුත් නැහැ..කියනව බලන්න දැන් ඔය හීනෙ..
මට බෑ..බෑ..බෑමයි...
ගුටිකනවා...
හා ගහනව බලන්න...
ඔව් ඉතින් මේකිට එහෙම කරන්නෙ නැති නිසා කියෝනව මෙතන...
වැඩේමයි...
වැඩේ තමයි කියනව ඉතින් දැන් හීනෙ..
අනේ මට ලැජ්ජයි හලෝ...
අපොයි අපුරු ලැජ්ජාව මගේ ළග...මෝඩි..උඹ මගෙ..මොකට ලැජ්ජ වෙන්නද...ආහ්..
මට ...මට.....
මට මට මොකද ගොත ගහන්නෙ....
අනේයියා...ඉතින් ඉන්නවකො කියනකම්..
කියනවකො ඉතින්...
මට ළමයි ගොඩා....රියක් ඕනි...මහා.... හුගාක්..
හපොයි මේකි දකින්න තියෙන ලේසිම හීනෙනෙ දැකල තියෙන්නෙ..ඈ මැන්ටලේ ඔය වගේ එකක් විතරක් දැක්කම ඇති...
අනේ..ඉතින්...
අනේ ඉතින් තමා...මේකි තමයි දවසකට හරි කෙල්ල...
ඔය ඉතින් මං ඔයාට ඒකනෙ කියන්නෙ නැත්තෙ....
හරි හරි දැන් මොකටද ඔච්චර ළමයි තොගයක්...
මොන්ටිසෝරියක් දාන්න...
කිවුව නේද කටේ තොලේ නොගෑවි බොරුවක්....
යනව යන්න...හැකරැල්ලා...
දැන් හැකරැල්ලෙක් ගෙනත් දානව ගවුම අස්සට...
ඊයා...දුප් යන්න...ඔයා හොඳ නැහැ අයියෙ..
හොඳ නැති නිසා වෙන්න ඇති මගෙන් ළමයි ගොඩක් ඉල්ලන්නෙ...
නෑ මට ඕනි නැහැ එකෙක්වත්...
ඇත්ත.......ට...........
ඇත්ත තමා....
හා හා මේ අහන්න මගෙ මැණික...ජීවිතේ මෙන්න මෙහෙමයි කියල කලින් දැනුම් දීල දේවල් අපිට සිද්ද වෙන්නෙ නැහැ...අද මං ළග ඉන්න ඔයා හෙට නැතිවෙන්න පුලුවන්.. සිහින දකින්න සුදු. ඒත් ඒ හීන නිසා ජීවිතේ ආපස්සට හරව ගන්න එපා කොයිම මොහොතකවත්..තේරුණාද.... අපි දකින හැම හීනෙම අපිට ඉටු නොවෙයි මගෙ නංගියෙ..ඒත් අත් අරින්න එපා එහෙම වුනා කියල කිසිම සිහිනයක්...
ඉපදුණ ගමන් දරුවෙක් ඇවිදින්නෙ නැහැ වගේම සිහිනයක් දැක්ක පමණට ඉටුවෙන්නෙ නැහැ...ඒක නිසා ඒ වෙනුවෙන් මහන්සිවෙන්න. දැන් හිතන්න... දරුවො හුගක් හදන්න ඕනි නම් මගෙ නංගි හොද සෞඛ්‍යෙයන් ඉන්න ඕනි...හොද අම්ම කෙනෙක් කොහොමද කියල ඉගෙන ගන්න ඕනි...ඒ දරුවො රකින හැටි ඉගෙන ගන්න ඕනි...ඒ තියා ඒ දරුවෙක් අහිමි වුනොත් ඒකත් දරාගන්න පුරුදුවෙන්න ඕනි... මං දන්නව මගෙ කෙල්ලට ඒව නම් හරිම සිම්පල් කියල..
ආයෙත් අහල...ඕව මොනාද අයියෙ...
ඔව්..ඒ වගෙම මම නැති වුනත් වෙන කෙනෙක්ගෙන් හරි ඔය සිහිනෙ ඔය විදිහටම ඉටුවෙනකම් දකින්නම ඕනි..
අනේ..ඔය දුක හිතෙන කතා කියනව...
දුක කියන්නෙත් සතුට කියන්නෙත් එකම මිනිස් හිතට එන හැගීම් පැට්ටො...ඒව දිහා උපේක්ෂාවෙන් බලන්න..වැඩිය දුර හිතන්න එපා...
ඒ වුනාට මට අයිය ඕනි...
ආහ්...හදිස්සියෙ මම හෙට මැරුණොත්...දැන් ඔය සිහිනෙත් මැරෙනවද...?
මොනාද අයියෙ...
මොනවත් නෙමෙයි...අපි කිසි කෙනෙක් මත්තෙ ජීවිතයෙ කිසිම දෙයක් ගොඩ නගා ගන්න හොද නැහැ රත්තරං...එහෙම වුනොත් අපිට අපිවත් නැතිවෙනව...තේරෙනවද...
හ්ම්...තේරෙණව...
______________________________ _
සත්තටම එදා ජිවිතය අකුරෙන් අකුර කියල දුන්න ඔබ නැතත් මා අදත් සිහින තොගයක් දකිමි. ඒ වෙනුවෙන් කැපවෙමි. මහන්සි වෙමි...වැරදුණා මග හැරුණා කියා සිහින හෝ ජිවිතය අතැර නොයමි. ඔබද එසේ වන්න.දිනක මේ සිහින සැබෑවෙනවාමය...

______________________________
සත්තටම එදා ජිවිතය අකුරෙන් අකුර කියල දුන්න ඔබ නැතත් මා අදත් සිහින තොගයක් දකිමි. ඒ වෙනුවෙන් කැපවෙමි. මහන්සි වෙමි...වැරදුණා මග හැරුණා කියා සිහින හෝ ජිවිතය අතැර නොයමි. ඔබද එසේ වන්න.දිනක මේ සිහින සැබෑවෙනවාමය...
Thursday, June 27, 2013
හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වදී
ඉක්මනට යන් ඉතින් ..දැන් නහයෙන් අඩ අඩ නේද ඉදියෙ...
බෑ මට රටකජු අරන් දීල හිටියොත් එනව..
ඔව් ඒ ගමන බස් එක පරක්කු වුනා කියනවකො..
හරි හරි මට රටකජු ගේන්නකො..
ගේන්නම් එතකන් බස් එකට නැගල ඉඳගෙන ඉන්නකො...
ඕකේ සර්...මෙන්න නැග්ග..
මැන්ටලේ..ඒ පාර සර් කියනව..ඇත්තමයි මේකි..ඉන්නව අල්ල ගන්නම්කො..
හාකො..
____________________________________
" හිටියොත් හොඳට හැදී..දෙවියොත් නමට වදී..."
කෝ..කවුද කියන්නෙ...
කවුරුත් කියන්නෙ නැහැ..අර අතන බස් එකේ ඉස්සරහ ඩ්‍රයිවර් සීට් එකට උඩින් ගහල තියෙන්නෙ..
ඉතින් ඕව කියව කියව යන්නද මාවත් එක්කන් ආවෙ...දෙනව මට රටකජු ටික...
මැට්ටි..ඒව කියව කියව යන්න නෙමෙයි...
ඒ වුනාට බලන්නකො කී දාහක් මේ බස් එකට එනව යනව ඇද්ද..කොච්චර ඇස් සංඛ්‍යාවක් දකිනව ඇද්ද..
හයියෝ..දැන් මෙයාට ගණිත ප්‍රශ්ණ...
ගණිත ප්‍රශ්න නෙමෙයි මෝඩියෙ...අපි එක් කෙනෙක් හරි හරියට කල්පනාවෙන් හිතුවොත් නොදැනුවත්වම යහපත් දෙයක් නේද අපිට කියන්නෙ...
අනේ..මේ ඔන්න වැන්දා...අද නම් බණ මට එපා....
බණ නෙමෙයි පිස්සියෙ..හැමදාම වගේ ආදරේට මං මේව කියල දෙන්නෙ...
අනේ ඔයාගෙ ආදරේ...ඔයිට වඩා කොච්චර දේවල් තියෙනවද කියවන්න...
ආදරෙයි ආදරෙයි කිය කියා හිස් දේවල් වරු ගණන් කියවනවට වැඩිය ඔයාටයි මටයි දෙන්නටම වටින දේවල් කතා කලහම හරිම සුන්දරයි නේද...
මං දන්න සුන්දරයක් නැහැ..මං යනව යන්න...
යන්න නම් ආවෙ මොකටද ....
කවුද එන්න කිවුවෙ..
ඇයි ඉතින් නහයෙන් හොටු පෙර පෙර අඩද්දි එන්න නොකිය ඉන්න පුලුවන්ද..
ඇත්තමයි මං දැන් ඔයාට ගහනව...
ගහල හරි කමක් නැහැ මං කියන දේ අහන්නකො ඉතින්..පිස්සි...
පිස්සියන්ට ඕව තේරෙන්නෙ නැහැ....
තේරෙන්න කියල දෙන්න මං දන්නව..කෝ අහනවකො ඉතින්..
හයියෝ..ඔයා නම් මහ නරකයි....මට එපා ඔයාව..
එපාම කියයි..මං දන්නෙ නැද්ද මේ මෝඩිව...
යනව යන්න...
ඔව් පණ්ඩිතය වගේ යනව යන්න කියනව. මං යන්නෙ නැති බව දන්න නිසා...අනේ ඇත්තමයි මේකි නම් මැන්ටලයක්ම තමා......කොහෙන් ආවද මන්දා මං ගාවට..
හරි හරි දැන් කියන්නකො..මහ ලොකු දේ..
මහ ලොකු දෙයක් නෙමෙයි රත්තරං...පුංචි පුංචි දේ තුල තමයි අපිවත් නොහිතන ලොකු දේවල් තියෙන්නෙ.
අපි හැමවෙලේම යහපත් දේ කරන්න කියන්න පුරුදු වෙන්න ඕනි. විහිළුවටවත් බොරුවක් කියන්න නරකයි. මං දන්නව එහෙම නොකර ඉන්න බැහැ..
අයියෝ ඔව්...මම නම් අනන්ත බොරු කියනව..
ඔය මැදින් පනින් නැතුව අහගෙන ඉන්නවකො...
සමහරවෙලාවට නොදැනුවත්වම අපි අතින් කී දෙනෙක්ගෙ හිත් රිදෙන දේ කියවෙනවද..දැන් බලන්න ඔයා..මගෙ හිත රිදුණට කමක් නැහැ..මං දන්නවනෙ මේ පිස්සිගෙ හැටි...ඒත් වෙන කෙනෙක්ට අපි කටින් වචනයක් පිට කරන්න හදනකොට ඒ ගැන දෙතුන් පාරක් හිතන්නම ඕනි. කිවුව දෙයක් ගන්න බැහැ වගේම රිදුණ හිතක් හදන්න බැහැ...
අනේ මං ඕව දන්නව..හැමතැනම ඕවගෙ ඒව අහනව...
ඇහුවට අපේ මිනිස්සු පිළිපදින්නෙ නැහැ නේද මැණික..අද රුපවාහිනියෙ ..රේඩියෝ එකේ කොච්චර මේවගේ දේවල් කියල දෙනවද...ඒත් ස්ටයිල් එකට අපි අරක අහනව..මේ වැඩසටහන අහනව කියල කියවනව විතරයි නේද...ඒ මොහොතෙ ඇහුව ..ඉවරයි නේද...මම කියන්නෙ මේව ප්‍රායෝගිකව එකතු කරගන්න මිනිස්සු උත්සහ කරන්නෙ නැහැ.. හරිම කම්මැලියි..ඒ කම්මැලිකමම අපිව දුර්වල පුද්ගලයින් කරනව.
ඔයා හොදයි පන්සලකට යන්න..මහණ වෙලා බණ කියන්න..
ඇත්තමයි දැන් මං මේකිට ගහනවා...ගහනවාමයි...
හයියෝ මට මේව එපා...
එපා දේමයි කියන්නෙ..මෝඩි...හිතනව ගිරවු වගේ දවසට කි පාරක් අපි පන්සිල් ගන්නවද...ඒත් අඩුගානෙ පන්සිල් පද පහේ තේරුම හිතට අරන් ඒක රකින්නවත් බැහැ නේද...
මට බැහැ තමා පන්සිල් පද පහම රකින්න...මං බොරු කියනවනෙ..හු ..හු...
ඒක තමයි මං කිවුවෙ..හැම වෙලේම ධාර්මිකව ජිවත්වෙන්න ඕනි පැටියො අපි..අපිට අනුන්ට කිය කියා යන්න බැහැ..ඒත් තමන්ගෙ අයට කියල දෙන්න පුලුවන්...හැමදාම වගේ මිනිස්සු බලා ඉන්නෙ වරදිනකම් අපිට...අපි හොදින් ජිවත්වෙනවට මිනිස්සු ඉරිසියයි. කුහකයි..අපිත් වැරදි වැඩ කර කර සමාජෙ ඉන්නව නම් හැමෝම හරිම ආදරෙන් හරි බොළද වචන දදා අපිට කතා කර ලංවෙලා ඉන්නව...එහෙම අයව තේරුම් ගන්න තරම් අපි දැනුවත් වෙන්න ඕනි පැටියො...
අනේ මට නම් තේරෙනිනෙ නැහැ...මං රැවටෙනව ටක් ගාල....
ඒ රැවටීම නෙමෙයි මෝඩි..හොද වැඩිකම..ඒත් සමාජෙ මිනිස්සු...මිනිසුන් දාහක් ආශ්‍රය කලොත් චරිත දාහක් රඟපාන්නෙ...අපිට එහෙම වෙන්න බැහැ..වෙන්නත් හොඳ නැහැ...අපි කොයි තැනදිත්...කාටත් එකම විදිහට ඉන්න ඕනි...අපි අපි තනි තනිව ගුණ ගරුකව ධාර්මික ජිවත්වෙන්න පුරුදු වෙන්න ඕනි...නිවැරදි ධර්මානුධර්ම ප්‍රතිපත්තියකට හිටියහම දෙවියොත් වදිනව...තේරෙණවද...
ම්...තේරෙනව...
ආහ් තේරුණාද මයෙ ඉබ්බිට...
අනේ යනව යන්න..ඉබ්බා...
මෝඩි....
මේ ටැන්කිවු හොදේ...
ඇහ් මාලු එපාද....
මාලු මොකටද....
ඇයි මෝඩියෙ ටැන්කිය ගැන කිවුවෙ...
ඇත්තමයි මෙයා නම් මහ මොකෙක්ද මන්දා...
මොකෙක් වුනත් ඔයාට ආදරෙයිනෙ සුදු...
හපොයි ඔව් මං ඒක දන්නව...
දන්නව නම් එනව යන්න..බහින තැනටත් ආව...
හරියෝ....මෙයාගෙ පස්සෙන් නෑවිත් කොහේ යන්නද මං...
පිස්සි මගෙ...

Wednesday, February 20, 2013
ආදරණීය හදවත් ඇති මිනිසුනේ
සිනාසෙනකොට වළ ගැසෙන කම්මුල් හිමි ඈ වාසනාවන්තියකි. පිටට මුදාහල කෙහෙ රොඳක් සුළග ඇවිදින් සිඹ ඉස්සී පැද්දී යද්දී ඈ රුවැත්තියකි. මලක් වගේ මුදු හිතක් ඇත්තිය හසරැල් පිරුණු මුවඟින් නිතරම සිටින බව මට විශ්වාසය. මේ ජීවිත ගමන් මගේ ඈ හමු වූවා තමයි. ඒ සයිබර් ලෝකයේදී.. කවමදාවත් හැබැහින් නොදැක්කත් ඒ සොඳුරු වත ඡායාරූප වලින් දකින මට ඇගේ ගැන කොහොම නම් කියන්නද... එක දිගට රණ්ඩු කෙක්කක් වගේ මා එල්ලෙන්නේ ඈ සමඟය.. සමහර විට හිත රිදෙයිද දන්නෙත් නැහැ නේද කියල හිතුනත් ඇයත් මං වගේම රණ්ඩු කර සතුටු වන සිතක් ඇත්තියක නිසා විරසක නොවන බව පැහැදිලිව මා තේරුම් ගත්තාය...
දහස් ගණන් මිනිසුන් හමුවන අන්තර්ජාලයේදී නංගියෙක් නැති මට ඇයත් මගේම නංගියෙක් විය. මේ ඒ සොඳුරු රුවැත්තියයි..
සිංහල භාෂාවේ මොන තරම් ලස්සන වචන තිබුණත් ලියාගන්නට බැරි තරම් හිත හිරවෙන එක අමුතුවෙන් කිව යුතු නැත. ඒ අතීතය එක්ක හිත හූරන හන්දාමය. එහෙත් ඔබට මෙය කිව යුතුමය. මේ පුංචි නංගි කොළඹ විශ්ව විද්‍යාලය අධ්‍යාපනය හදාරන්නියකි. හැමදාම ඔලුව කැක්කුමයි කිය කියා හිටිය ඇය මිග්‍රෙන් වලට ප්‍රතිකාර ගත්තත් දිනෙන් දින වැඩි වුන හිස රදය නිසා ඇය MRI පරීක්ෂාවකට ලක්විය. එතනිදී තහවුරු වුනේ ඇයට පිටියුටරි ග්‍රන්ථියේ ඉඳිමුවක් බවය. එහෙම පිටියුටරි ග්‍රන්ධිය ඉඳිමුවක් ඇතිවීම සම්බන්ධව සහ ඒ පිළිබද අවධානම් තත්වය ඔබට මෙතනින් කියවා දැන ගත හැක.
http://goo.gl/V8L0u
ඉතින් විස්තර කියවල ආව නේද...තේරෙනව නේද මේ නංගි ගැන ඔයාලට... ඇයවත් ශල්‍යකර්මයකට භාජනය කළ යුතුයි කියල තමයි වෛද්‍ය නිර්දේශය. ඒ සදහා අපට තියෙන්නෙ මාසයක් වගේ කාලයක්...
මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි අත්වැල් බැදගමු... සන්තක වත්කමම අපි ඉල්ලෙන්නෙ නැහැ. දවසට වියදම් කරන රී ලෝඩ් එකකට දාන රුපියල් 100 ක්... එහෙම නැත්නම් ඔබ චොක්ලට් එකක් අයිස් එකක් කන මුලදක් වගේ දෙයක් විතරයි. එක දවසකට ඔය දෙයක් නැති වුනාට ඔබට පාඩුවක් නැහැ නේද.. එයින් තව කෙනෙක්ගෙ ජීවිතයක් බේරෙනව නම්.... මං දන්නව ඔයාලට බැරි නැහැ කියල....පුලුවන්.. කොයිතරම් සමාජය නරකයි..කුහකයි..විෂමයි කිවුවත්... තවමත් දුකේදී විපතකදී උණුවෙන...පිහිට වෙන හදවත් අපේ මිනිස්සුන්ට ඉතුරවෙලා තියෙනව... මේක කියවල අහක බලාගෙන වෙන පිටුවකට යන්න එපා... ඇය වෙනුවෙන් එකම එක රුපියල් සියයක් දෙන්න කියල මං ඉල්ලනව..
කවමදාවත් සයිබර් අහසෙදි මම ඔයාලගෙන් කිසිම විදිහකින් මෙහෙම දෙයක් ඉල්ලල නැහැ. එහෙත් ඈ වෙනුවෙන් මම ඉල්ලනව. ආදරණීය මිනිසුනේ අපි ඇයව රැකගමු... අපිට පුලුවන් ඒ දේ කරන්න...
මේ පිළිබද වැඩි විස්තර මෙතන තියෙනව බැංකු ගිණුම් සහ සියල්ලම.
නිමේෂ් ගමගේ https://www.facebook.com/NimeshGamage
Nimesh - 0773444819 / 0725226516
හෝ
අසංක හෙන්දහේවා https://www.facebook.com/asankahendahewa
Asanka - 0717757855
හෝ
අසන්ත මෙන්ඩිස්https://www.facebook.com/asanthachristina
සම්බන්ධ කරගත හැක.

ගිණුම් අංකය - 100953703167
නම - N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009

Saturday, February 4, 2012
.....නිදහස් දා මට හිතෙන දේ.....
*** පින්බර මව්බිමේ සුළගත් සුවද දේ ***
හැමෝම අහන්නෙ ඇයි නිදහස ගැන සිතුවිල්ලක්..නිසදැසක් කවියක් නොලිවුවෙ කියලා...
හ්ම්....ඒකට දෙන්න ඕනි උත්තරේද....
ලියන්න මට හිතුනෙ නැහැ කියන්න බැහැනෙ ඉතින්...ලියන එක මගෙ හුස්ම පොද වගේ....
ඒත් පුද්ගලිකව මම ලියන්න උනන්දු වුනේ නැහැ..කැමති වුනේ නැහැ...
ඒ ඇයි දන්නවද..
ඉස්සර මගේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මේ කියන හැම ජනයම එකට ජිවත්වුනේ...
එකට හුස්ම ගත්තෙ...
මගේ රටට එළාර..මාඝ..වැනි සතුරු ආක්‍රමණ ආවහම එකම ශ්‍රිලාංකිකයො විදිහට ඒවට මුහුණ දුන්නෙ...
එපමණක් නොවෙයි නේද...
සොබාදහමින් ලැබුණ සුනාමිය වගේ දුක් කරදර වලදීත් අපි හැමෝම එකට අත්වැල් බැදගත්තා නේද....
එදා වගේම අදත් එකම ජාතික කොඩියක නේද අපි ඉන්නෙ...
පුරා අවුරුදු 30 ක සාපලත් යුද්ධයත් නිමා වෙලා කොයිතරම් ලස්සන රටක් අපිට ආයෙමත් උරුම වෙලාද...
එදා යුද්ධයට දස දහස් ගණනින් රණවිරැවො ජිවිත දන් දිලා නේද අපේ මව්බිම රැකගත්තෙ...අතීතෙත් එහෙම නේද...
ඒත් අද අපේ මිනිස්සු ආයෙමත් එක එක දේ පස්සෙ ගිහින් භේද බින්න වෙනවා....
ආගම්..ජාති..වශයෙන් ආයෙමත් බුර බුරා නග්ගන්න හදන ගිනිදැල් නොදකිනවා නොඇසෙනවා නෙමෙයි මටත්...
ඒත් ඒ සෑම දෙයක් දිහාම මම දරණ මතය වෙනස්ම වු දෙයක්....
ඒ නිසයි පුරුදු විදිහට මගේ නිහඩබව...
මගේ රට ඉන්දියන් සයුරේ මුතු ඇටය වුයේය... පෙරදිග ධාන්‍යාගාරය වූයේය... එදා සියළු ජාතීන් එක්ව මගේ මව්බිම අස්වැද්දුවේය....අහස සිඹින වෙහෙර විහාර තැණුවේය... සමුදුර පරදන වැව්දිය තැණුවේය... ඒ සැබෑ ශ්‍රිලංකිකයා අදද අප ළග සිටින්නේය..වෙනස අද අපි නොමැරෙන්න ආ උන් ලෙස හැසිරීමය....
අපි හැමෝම මැරෙන්නට ඉපදුනු මිනිස්සු.... නොමැරෙන්න ආ කවුරුත් නැහැ නේද... ජීවත්ව ඉන්නා කාලයේදී කරන හොද නරක එහෙමත් නැත්නම් කුසල අකුසල දෑතේ ගුලිකර ගෙන මැරෙණදාට අරන් යන්නෙ... ඉදින් නොමැරෙන්න ආ ලෙස ජිවත්වන්නට වැර වෑයම් ගන්නේ කිමද...
වෛරය වපුරා..ද්වේෂය වපුරා ලබාගන්නට දෙයක් නැහැ.... සිරිලක් මෑණියන්ට ඇයගේ කොයි දරුවත් දරුවාය... ඒ සිරුරුවල දුවන්නේ රතුපාට ලේමයි.... ඉදින් සිරිලක් මෑනියන්ව රැක ගැනීම ඇගේම දුවා දරුවන්ට බාරයි නේද......
දන්නවද මගේ රටෙන් ගවුගානක් ඈත ඈත ඉන්න මට මගේ රටේ වටිනාකම කියන්න බැහැ..
මව්බිම පැත්තෙන් හමාගෙන එන සුළං පොදටත් මම ආදරෙයි මහ හුගක්...
මේ නොරටුන් මැද්දෙ ඉන්නකොට...මේ රටවල ස්වේදිශිකයන්ගෙන් ලැබෙන මදි පුංචිකම් දැනෙනකොට මගෙ රටේ හිගා කන එකත් සැපයි කියලා නොහිතෙනවා නෙමෙයි...
කොයිතරම් වටින රත්තරන් පොළවක්ද මගේ රට...
මුතු මැණික් මිනිරන් පිරුණු පුන්‍යවන්ත බිමක් නේද මගේ රට.....
ඒත් අද ඔබ ඒ පින්බිම ගැන කොහොමද හිතන්නෙ...
පක්ෂ පාට ජාති ආගම් වලට මුලාවෙලා කේසර තේජසක උරුමයක් හංගන්න හදනවා නේද.....
අතීතයේ වගේ ....එක මවකගෙ දරු කැල බැවිනා...යමු යමු වී නොපමා.....
ඒ කොයිම වුනත් වචනයට සිමා වෙච්ච නිදහසක් භුක්ති විදින අපට
....සියොතුන් රෑනක් සේ ඉගිලෙන දිනක් ඔබට ලැබේවායි මගේ පැතුම...
මේ මගේ රට ගැන මම ලිවුව ගීතයක්
http://www.facebook.com/photo.php?v=301518359896104
http://www.youtube.com/watch?v=Dva-9ynoalk&feature=youtu.be&fb_source=message
Tuesday, January 31, 2012
... හිතන්න ඔබට බාරයි...
වසන්තය
උපවාසයක...
ගිම්හානය
දවා හලු කලාට
සියළු
ගස්වැල්
මල් පල......
දැන් ඉතින්
කදුළු ගෑස්
ඉල්ලා
හඩයි යොමා අත්
මහ පොළව
අහසින්.....
කෝටා ක්‍රමයට
දෙන්නම්ලු
අහස අද හෙට
නැත්නම්
වසන්තය
යට කරන්නම්ලු
ඒකාධිපතිත්වයේ
හස්තයට.....
උපවාසයක...
ගිම්හානය
දවා හලු කලාට
සියළු
ගස්වැල්
මල් පල......
දැන් ඉතින්
කදුළු ගෑස්
ඉල්ලා
හඩයි යොමා අත්
මහ පොළව
අහසින්.....
කෝටා ක්‍රමයට
දෙන්නම්ලු
අහස අද හෙට
නැත්නම්
වසන්තය
යට කරන්නම්ලු
ඒකාධිපතිත්වයේ
හස්තයට.....
Friday, January 20, 2012
ආදරණිය අප්පච්චිට....
මායිමේ ඉදන්.... 1987/10/25
ආදරණීය සුදු දෝණිට...............
තල් වැට ගිනිබත් වෙලා. ඒ ගින්න ඇවිලුණේ අපි කවුරුත් අතින් නෙමෙයි. රුදුරු ත්‍රස්තවාදීන් මේ අහිංසක මිනිසුන් ඉන්න ගම්මානෙට නපුරු අවි ප්‍රහාර වලින් ගහන වෙලාවෙ රතුපාට ගිනි දැල් නගිමින් ඒ ගෙවල් දොරවල් උඩු හුලගට අහුවෙච්ච අළුදූවිලි විතරක්ම වුනා. ජීවිත රකින්න අපි පුලුවන් තරම් උත්සහා ගත්තා දුවේ.. මේ මිනිස්සුත් හිස් ලූ ලූ අත දිවුවා. ඇදගෙන ඉන්න ඇදුමවත් ඉතුරුවකට නැතිව අසරණ වෙච්ච මිනිස්සු හාමතේ කැලේ වැටිලා හිටියා. අහිංසක කිරි දරුවො තුරුල්ලෙ තියාගෙනම සමහර අම්මලා දිව්‍යලෝකෙ ගිහින්. මේවා දකිනකොට මගෙ හිත පත්තුවෙනවා දුවේ. තව කොයි තරම් කාලයක් මෙහෙම කාලෙ ගෙවෙයිද...
මගෙ දූට මෙහෙම කියන්නෙ අප්පච්චි හුගක් ආදරේ හින්දා.. මම දන්නවා මගෙ දූ දවසක මේවා තේරුම් ගනියි.. දු දන්නවද ගෙදරක ලිප් ගල් 3ක් මැද්දෙ උයන බතක රසයි මේ කල්දේරම් බතයි හරියට අහසට පොළව වගේ.. මේ පුංචි මල් කැකුලු අද අසරණ වෙලා... කඳවුරු වලට ඒ සමනල් ලෝක සීමා වෙලා.. ඒ පුංචි පැටවු දකිද්දි මගෙ දූ මගෙ හිතට එබෙනවා...
දු දන්නවද අතට ගන්න බත් කට කටට ගන්න හදනකොට වෙඩි සද්දෙකට බෝම්බ සද්දෙකට ගැස්සිලා වීසි වෙලා යනවා. වෙන මිනිස්සු ඇස් පියාගෙන සිහින දකිනකොට මේ නොකළ වරදකට දඩුවම් විදින පැටවු ඇස් පනාපිටම නපුරු හීන දකිනවා..කදුළක ලුණ රස කදුළක බර කරදිය වගේම ඇති මේ හිත්වල... මේ අහිංසක ළමයි පවු නේද සුදු දෝණි... අප්පච්චි අසාධාරණ නැහැ කියලා මගෙ දෝණිට තේරෙයි....
ඔයාගෙ අම්මා කිවුවා ඔයා ගේ පුරාම කෑ ගහනවලු. අප්පච්චි කවදද එන්නෙ කිය කිය අහ අහා අම්මගෙ කන් දෙක ළග එකම කරච්චලයයිලු ..ඒත් මගෙ දුව දන්නවද මගෙ දුවට වගේම මේ පැටවුන්ටත් බයක් නැතුව හුස්ම ගන්න පුලුවන් බිමක් හදන්න අප්පච්චිත් මේ එකතු වෙලා ඉන්නෙ. මේක අහක දාලා එන්න බැහැ මගෙ දුවේ.
වෙන මිනිස්සුන්ගෙ පපුව පැයකට 72 වාරයක් ගැහෙනකොට මේ මිනිසුන්ගෙ ඒවගේ දහදොලොස් වාරයක් වැඩියෙන් ගැහෙනවා ඇති..
දන්නවද සුදු දුවේ මිනිස්සු අඬගෙනම ඉපදුනාට ජිවිත කාලය පුරාම අඩාගෙනම ජිවත්වෙන්න ඕනිද.? රත්තරන් ගානට මිළාඩික වෙච්ච සිනහව ඇබින්දක් හරි මේ මිනිස්සුන්ට දෙනවනම් එදාට අපිට හදවතින්ම හිනා වෙන්න පුලුවන් නේද.......
අ යන්න ආ යන්න ලියපු පොත්පත්වල අලුවත් හොයාගන්න නැති මේ දරුවන්ට පාසැල් සිහිනෙ මිරිගුවක් වගේම වෙලා... මම වගේම අනික් සොල්දාදුවොත් ඉඩ ලැබෙන පුංචි වෙලාවල් වලදි මේ අයට කතන්දර සිංදු කියලා දෙනවා. මම මගෙ දුවටත් කියලා දෙන්නෙ නිවාඩුවට ආවහම. ඒවා තමා. ඔන්න ඇස් දෙක රතු කරගෙන කදුලු පුරවගන්න එපා සුදු දු... එයාලට ආදරය කරන්න මගෙ දුටත් පුලුවන්. දුව ලොකු වුනාම තේරෙයි.
කඳවුරේ කම්බි වැටේ එල්ලිලා මේ අය හොයනවා දුවේ ලෝකය බලන්න. එහෙම මල් දිහා බල බලා මේ ගමන නතර කරන්න බැහැ මගෙ දුවේ........... ඒක නිසා මගෙ කෙලි පොඩ්ඩ අම්මා ගාව ආදරෙන් දග කරන්නෙ නැතුව ඉන්න.
දුව ලොකු වුන දවසක දූට මේවා තේරෙයි තව හොදට. දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි මගෙ දුවට.
අප්පච්චි
මතක පුස්තකය වගේ ළගම තියන් රත්තරන් වගේ අදත් මම පරිස්සම් කරනවා අප්පච්චි මේ අකුරු. මේ අකුරු නෙමෙයි මගෙ අප්පච්චිගෙ හදවතින්ම ආපු නැගුනු දෝංකාරයන් කියලා දැන් මට හිතෙනවා....
අප්පච්චි අද ඔයා ළගක නැහැ. හොරු අරන් ගිහින් වගේ. පාලු සොහොනක තනියම නිදා ගන්න මගෙ අප්පච්චි වගේ අප්පච්චිලා තව ඉන්න ඇති කියලා දැන් මට හිතෙනවා. ලේ විලක් වෙලා රතුපාටින් දිලුනෙ මේ පොළව අප්පච්චි වගේ විරුවන්ගෙ රුධිරයෙන්. ඒ උඩක අද සුළගට යන්තම් වැනෙන පොපි මල් අතරින් පතර පිපෙනවා තමයි අප්පච්චි.
තමන් ගැනම නොසිතපු හසලක ගාමිණි වගේ විරුවො මේ පොළවට මැණික් මිනිරන් වගේ වටින්නෙ ඇයි කියලා ඔයාගෙ දුවට තේරෙනවා දැන් අප්පච්චි..........ඒකයි ඔබ නැතත් මම මේ තරම් දරාගෙන ඉන්නෙ...
ජීවිතේ කියන්නෙ හමුවීම් වෙන්වීම් කියලා මගෙ අප්පච්චිම මට දවසක කියලා දුන්නා ඔඩොක්කුවෙ තියාගෙන මගෙ ඔලුව අත ගගා... ඒ දවස්වල හිනාවෙවි අහගෙන ඉදියා විතරමයි නේද මම අප්පච්චි... අද ඔයාගෙ දුවට ඒ හැමදේම තේරෙනවා මගෙ අප්පච්චී.
සමහරු කියයි රස්සාවක් නැති කමට මිනිස්සු හමදුවට ගියා කියලා.. තව අය කියයි කාත් කවුරුත් නැති කමට හමුදාවට ගියා කියලා.. ඒ කොහොම ගියත් ඒ හැමෝම එකතුවෙලා රකින්න හැදුවෙ රැක්කෙ මේ මුතු ඇටය නේද අප්පච්චි....
ඔයා දිව්‍යලෝකෙ ඉදන් දුව දිහා බලාගෙන ඉන්න.. ඔයාගෙ දුව අද ලොකු රස්සාවක් කරන්න ඉගෙන ගන්නවා. ලොකු රස්සාවක් කිවුවෙ මගෙ අප්පච්චි මේ පින්බිමටම වටිනා දෙයක් කරන්න දුගේ හිතේ තියෙනවා අප්පච්චි...
විශාලා මහ නුවර වගේ තුන්බියක්ම නාවට දැන් මේ මිනිස්සු අතපය දිග ඇරලා මගතොට ඇවිදිනවා අප්පච්චි.... හුලං පොදටත් උකුසු ඇස් වගේ විමසිලිමත් වෙච්ච මිනිස්සුන්ගෙ ඇස් දැන් පරඩැලුන් වගේ අහිංසකව තියෙනවා
දන්නවද අප්පච්චි මම නම් පාරතොටේ ඇවිද යන්නෙ හරි උජාරුවෙන්. අහංකාර කමට.. අප්පච්චි හදලා දුන්න ලෝකය කියලා මතක් වෙනකොට මේ ඇගට අලුතෙන් රුධිරය ගලාගෙන ඇවිත් තැන්පත් වෙනවා අප්පච්චි....
සමහර වෙලාවට දුක එනවා අර ඉර මුදුන් වෙන වෙලාවට ඇස් නිලංකාර වෙලා ගිහින් කදුලු බිංදුවක් දෙකක් එනවා වගේ... ඇයි දන්නවද අපිට නැතිවුන අප්පච්චිගෙ අඩුව කාටවත් පුරවන්න බැහැයි කියලා දැනෙනකොට. පෙරහැරක යන හස්ති රාජයෙක් වගේ අප්පච්චි ගැන අභිමානය අනික් පැත්තෙන් ඇවිත් හිතට එඹෙනවා....
ඒත් අප්පච්චි අන්තිමටම මම මේ ටික විතරක්ම කියන්නම්...
තල්වැට ගිනි ඇවිලිලා
දූවිලි ගියෙ හුලගේ...
හෙමිහිටවත් නෑසුනි
සුසුමන් සද්දේ...
බැහැ අමතක කරන්නට
කිසිදා ඔබ ගැන දිවියේ....
පැරදුනෙ සතුරො අප්පච්චියෙ
අපි ලබා දිනුම්
මල් පිපිලා පලබර වුනෙ
අප සැමගෙ පැතුම්...
දැන් නම් නැතිවුනත්
පෙරවගෙම උදම්
අමතක කරනු කෝමද
ඔබ පණය අපේ.....
මගෙ රට බෙදා දෙන්නට
බැරි බව කීවෙ නුඹයි...
ඔබටත් මටත් ඇති
එක උරුමෙ මෙයයි...
තවකෙක් මරා තවකෙක්
රජ කරන රටයි
ඔබ ගැන ඔවුන් නොසිතන
බව මගෙ හිතම කියයි......
Saturday, December 31, 2011
2011 හිතන්න ඔබට මට
උණු බතක රස නොවිද අය හට
උණු බතක රස දැනේවා...
ඇඳි වතක් වත් නොමැති අයහට
ඇඳිවතක් ලැබේවා..
හිසට සෙවණක් නොමැති අය හට
හිසට සෙවණක් ලැබේවා...
ලබන අවුරුදු සිරිය සැම දනන් හට
හිත තුටින් සුභ අවුරුද්දක්ම වේවා...
කවියක් ලියන්න හිතුවා හිතුවා..ඒත් හිත අහලකවත් සිතුවිල්ලක් නැහැ...ඒක නිසයි මෙහෙම සටහනක් ලියන්න හිතුවෙ....
2011 ගෙවිලා යන්න තියෙන්නෙ තව පැය ගානයි....ඉතින් ඒ ගෙවිලා යන 2011 වෙනුවෙන් මෙහෙම ලියන්නම්......
හැම දවසකටම හිරු එළිය එබෙනකොට දහසක් ප්රාවර්ථනා එක්ක අවදිවෙන අපි දවස් 365ක් ගෙවුනෙ කොහොමද කියලා ආපසු හැරිලා බලනකොට
අපි අතින් වුනේ මොනවද නොවුනෙ මොනවද.....
පොලවෙ වැලි කැට ගානට සිහින දකින අපි ගසක මල් පොට්ටුවක් ඇවිදින් ඒ පොට්ටුව පිපෙනවා වගේ සපල වෙන්නෙ කීයෙන් කියද.......
සමහර වෙලාවට ජිවිතේම හිනයක් කියාගෙන හිනෙන් වගේ ජිවිතයම අතපත ගාන වෙලාවලුත් අපිට නොතිබුණා නොවෙයි නේද.........
ගිනි ගහන කාෂ්ඨක අවුවක දිය බිංදුවක් නැතිව පිපාසෙන් හෙම්බත් වුනා වගේ අසරණ වෙන මොහොතවල් කියක් නම් ආවා නේද.........
ඒ වගේම ගසක අතු ඉතිවල පවා මල් ගෙඩි පිපිලා වසන්තය හිනැහෙනවා වගේ සතුට සොමනස ඉහිරුණු මොහොතවත් කොයි තරම් නම් තිබුණා නේද.......
කාසියක් දෝවනය කරලා පඩුරක් ගැට ගහනවා වගේ බැතිබරව හිතේ පැලපදියම් වෙච්ච සිහින සාර්ථක වුනා නොවුනා වෙන්න පුලුවන් මේ ගෙවෙන අවුරුද්දෙ.....
අපි අසුභවාදි නොවෙමු.....සුභවාදි වෙමු..... අපිට කෙනෙක්ට දෙයක් දෙන්න හිතුනොත් හරිම පවිත්රඅ හිතෙන් දෙමු.....
ඇයි දන්නවද
අද අපි මෙහෙම ඉදියට කි දාහක් දෙනා අදින්න ඇදුමක් නැතුව හුල්ලනවා ඇද්ද.....
රසම රස උණු බත් කටක් කන්න නැතුව හුල්ලනවා ඇද්ද......
වහිනකොට ගල්ගෙඩි වගේ ගේ මැද්දට වැටෙන වැහි වතුර දිහා බලාගෙන හුල්ලන මිනිස්සු කී දාහක් ඇද්ද................
ඉස්කෝල යන්න විදිහක් නැතුව ලියපු එක්සයිස් පොත මක මකා ඒ උඩම ආපහු අකුරු කරන අහිංසක දරුවො කොච්චරනම් හුල්ලනවා ඇද්ද.........
ලේ කදුලු දහඩියේ මිරිකෙමින් රුපියල් හොයන මිනිස්සු ළග තියෙන සුවද විඳින්න අපි හිතුවද........
අපේ අම්මා තාත්තා අපිට හැමදේම දුන්නා කියලා අපි ඇස් පියා ගෙන ඉන්නවද...... නැත්නම් පොලවෙ පය ගහලා ලෝකෙ දිහා බලනවද කියලා අපි හිතුවද....................
ඒ විතරක්ම නෙමෙයි අපි අපි ගැනවත් හිතුවද..................
අපිට ආදරය නොකරන මිනිස්සු ළග වෙලි වෙලි ආදරය ඉල්ල ඉල්ල දුක කොච්චර නම් පුරවගන්න ඇද්ද......................
හැම වෙලාවෙම හිත රිද්දන මිනිස්සු ගාව තවත් ලතැවි ලතැවි බලා ඉන්නවා ඇද්ද.............
යන්තම් හරි වැරදිමක් වුනොත් උඩ දාගෙන හිනාවෙන යාලුවොයි කියන නාමික අයව තුරුල් කරගෙන අපි තාමත් බලා ඉන්නවා ඇද්ද......................
ජිවිතේ දුකේදි කදුළෙදි සිනාව බිංදුවක් හරි දුන්න මිනිස්සු කි දෙනෙක්ව අපි අමතක කරන්න ඇද්ද මේ අවුරුද්දෙ.................
ජිවිතේ කියන්නෙ ගඟක් නම් ඒ ගඟ ගලා යන්නෙ නිම්න තැනිතලා කදු පල්ලම් මේ හැම දෙයක්ම මැදින්..................
ඒත් ඒ යන අතර මගදි ගල් බොරලු මිනිරන් මැණික් මේ හැමදේම ගං දියත් එක්ක සැගවිලා තියෙනවා...................
අපේ ජිවිතත් ඒ වගේමයි....අපි වටේ ගල් බොරලු වගේ වැඩකට නැති මිනිස්සුත් ඉන්නවා..............මිනිරන
ඒ හැමදේම තෝරගන්න අපිටම බාරවෙලා නේද.......................
නිකන් ඉන්න වෙලාවක මල් ටිකක් පුජ කරලා නිදහසේ ගාථාවක් කියලා සැනසිමෙන් අපි ඉදියද...............
අපේ හිතම අපිට කතා කරයි.....................
ලෝකෙ යන්නම් වාලෙ යනවට වැඩිය අපි අපිට දැනෙන හොදම දේ හරි දේ කරලා හෙට දවසෙ එකම එක පැතුමක් හරි සපල කරගන්න මහන්සි වෙමු.................
ඒ වගේම අනික් මිනිස්සු ගැනත් දැනෙන හිතෙන කෙනෙක් වෙමු.............
අත්තානං උපමං කත්වා...........තමා තමාවම උපමා කර ගන්න අපේ බුදුහාමුදුරුවො කිවුවා වගේ අපිට වගේම අනික් මිනිස්සුන්ටත් හැමදේම දැනෙනවා රිදෙනවා...හැගෙනවා කියලා හිතමු................
2012 අවුරුද්දෙවත් අහිංසක එක නැතිබැරි මනුස්සයෙකුට එක බත් වේලක් හරි දෙන්න හිතාගමු................ එකම මනුස්සේක්ගෙ හරි හිතක් නොරිදා ඉන්න බලමු..............
දන්වද ජිවිතේ හොද වැඩක් අපි කරන්න හිතාගෙන සැලසුම් කලොත් අපි වටේ රොක්වෙන්නෙ හොද මිනිස්සු.............නරක වැඩක් කරන්න හිතාගෙන පටන් ගත්තොත් රොක්වෙන්නෙ නරක මිනිස්සු.............කරන කියන හැමදෙයක්ම සිය දහස්වාරයක් හිතලා කරන්න හිතෙන්නෙ එක පාරක් වැරදුනාට පස්සෙ කියනවනෙ....
........ඒක නිසා 2011 කරපු ගොන්කන් 2012 දිවත් නොකර ඉන්න බලමු....................
( මට නම් 2011 ජිවිතේ හැමදේම සාර්ථක වුන වසරක් වුනා )
Friday, December 23, 2011
Wednesday, June 9, 2010
කලකිනි මිනිසත් බව ලැබ ගන්නේ....
කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා සේ ඉතාමත් දුර්ලභව ලබන මිනිසත් කම අමතක කරලා අමනුස්සයින් වගේ ඔබ ජීවත් වෙන්න එපා. කිසියම් කුසලයක් හේතුවෙලා අපි ලබාපු මනුස්ස ආත්මය ඔබට...ගෙදරට...සමාජයට...රටට ප්‍රයෝජනයක් ලැඛෙන විදිහට ගත කලොත් තමයි ඒ ජීවිතයේ නියම වටිනා කම තියෙන්නෙ. එහෙම නැතුව මහපොලවට ඉපදුනාට දෙමාපියන් කන්න බොන්න දීලා ලොකු කලාටම ඉන්නම වාලෙ ඉන්න පුද්ගලයෙක් වෙන්න එපා. ඔබ මෙ ලෝකෙ ජීවත්වෙන එක මොහොත හරි බලන්න ඔඛෙන් යම් අයෙකුට ඉටුවිය යුතු දෙයක් තියෙන වද කියලා. තියෙන වනම් නොපිරිහෙලා ඒ දේ ඉෂ්ඨ කරන්න ඔබ පසු බට වෙන්න එපා.
ඒ වගේම උසස් මනසකින් යුක්තව අපි ඉපදුන නිසා අපිට මනුස්සයා කියලා කියනව නම් ඒ මනුස්සයට ඔබින උචිත දේ පමණක් ඔබ කරන්න. එහෙම නැතුව තිරිසන් සත්තුනට අයිති දේ ඔබ කරන්න එපා. එහෙම උනොත් අර උසස් මනසක් තියෙන මිනිසා මෙලෝ රහක් නැති කිරිසනෙක් වෙයි. අපේ ජීවිතය හෙට දවසෙ එහෙම නැත්නම් මෙ ගෙවෙන මොහොත හුස්ම ටිත ඉවර වෙයිද කියලා අපි දන්නෙ නෑ.පණ නම් තණ අග පිනිබිදු වැන්නේ...කොයි මොහොතෙද කියන්න අපි කාටවත් බෑ. ඒක නිසා ජීවත්වෙන පුංචි දවස් ටිකේ මනුස්සයෙකුට අයිති දේ විතරක් ඔබ අතින් සිද්ද වුනොත් කලකින් ලබා ගත්ත මනුස්ස ආත්මයෙ වටිනාකමක් ඔබට තියේවි. දැනේවි.
මනස උස යැයි කියන මිනිසුනි
ඇයිද මෙ ලෙස හිදින්නේ
ලැබුව උපතට මනු ලොවෙ
අරුත දී මිය යනු සොදේ....
තමන් ඇස ඇති දේ නොදැනෙනා නුඹ
අනුන් ඇස පිසලන්න වෙහෙසෙති
දුකින් ලද ඒ මිනිස් උපතට ඔබ
නිගරු කරනුයෙ මෙ හැටි...
තම තමා ගැන වග බැලුවොතින්
ඇවැසි නෑ අනෙකට දිගු කරනු ඇගිලි
ඔබ ඔබට හොදම මිනිසා වූවොතින්
මුලු ලොවම හෙට හිනැහෙති...

Wednesday, June 2, 2010
අනුගමනය කරන්න....එත්...අනුකරනය නොකරන්න...
එකිනෙකා පරයමින් ජීවන වියදමත් එක්ක ඔට්ටු අල්ලන මිනිස්සු අතර මෙහෙම දෙයක් කතා කළාට කියවන්න ඉඩ තියෙයිද කියලා මං දන්නෙ නෑ..ඒත් සමාජයෙ අපි ජීවත් වෙනකොට අපිට විවිඩාකාර මිනිසුන් මුන ගැහෙනවා..ඒ මිනිසුන් ජීවත්වෙන රටාව යම්කිසි රිද්මයකට ගලා යන්නෙ. එක්කො තමන්ම හදා ගත්ත ජීවන ප්‍රතිපත්තියකට.එහෙම නැත්නම් ජීවත්විමත් සමග අත්දැකීම් මත. එහෙමත් නැත්නම් තව කෙනෙක් දිහා බලමින්. මේ කොයි විදිහට අපි ජීවත්වුනත් අපිට අවශ්‍ය සමාජයෙ හොදින් ලස්සනට ජීවත්වෙන්න.
අපි කවුරුවත් කැමති නෑ දුකින් ජීවිතේ ගත කරන්න. ඒත් ඒ සතුටින් ජීවත් වෙන්න අපි යනකොට අපි අතින් අපි නොදැනුවත්ව කොපමණ අඩුපාඩුකම් සිද්ද වෙනවද...
හිතලා බලන්න කෙනෙක් ලස්සන ඇදුමක් ඇදගෙන ගියොත් අපිත් ඒ විදිහටම ඇදුමක් ගන්නවා. එහා ගෙදර අය කාර් එකක් ගෙනාවොත් අපිත් ඒ ජාතියෙම කාර් එකක් ගේනවා.අපේ වත්කමක් නැති වෙන්නත් පුලුවන්. ඒත් අපි කොහොම හරි කරනවා. ඒ කොයි දේ වෙතත් මං කියන්න යන්නෙ මෙකයි...අපිට බැරිද අපේම කියලා තමන්ගෙම කියලා අනන්‍යතාවයක් ඇතිවෙන විදිහට ජීවත් වීමෙ රටාවක් හදාගන්න. ඒ කියන්නෙ මෙහෙමයි..අපිට ගැලපෙන අපේ හැකියාවත් එක්ක හොද දේවල් ටිකක් ගොඩ නගා ගන්න. එහෙම නැතුව එහා ගෙදර අය කරන විදිහටයි අපේ අනික් යාලුවා කරන විදිහටයි අනුන්ගෙ පස්සෙ ගිහින් අනුන්ගෙ දේවල් කොපි කරලා ඒ මතට අපේ, මගේ කියන සීල් එක ගොඩ නගා ගන්නෙ නැතුව ටිකක් දුක් විදලා තමන්ටම ආවේනික පිලිවෙතක් පැවැත්මක් සකසා ගත්තොත් මං හිතනවා කවමදාවත් අපිට අපේ ජීවන රටාව නොවැටී ඉදිරියටම යන්න පුලුවන් කියලා.
ලෝකය තරගකාරියි තමයි. නමුත් ඒ තරගකාර රටාව තුල අපි දුවන්න ඔනෙ අපේ විදිහට. එහෙම නැතුව අනුනගෙ විදිහට යන්න ගියොත් නිකන්ම නිකන් හති වැටෙනවා විතරමයි.
හැබැයි යම්කිසි කෙනෙක්ගෙ හොද දේවල් කොපි කරගන්නෙ නැතුව ඒ විදිහ ඒ මග අනුගමනය කරලා ඒ දේවල් අපි ලබා ගත්තට කමක් නෑ කියලා මං හිතනවා. උදාහරනයක් හැටියට හිතන්න අපිට හම්බවෙනවා හොද පොතක්. කියවන්න කියවන්න ආසයි. මිනිස්සු ඒ පොත වෙළදපොලේ පොර කකා අරගන්නවා. අපිටත් දැන් අවශ්‍ය වෙනවා එහෙම දෙයක් කරන්න. හැබැයි අපිට ඒවගේ ලියන්න හැකියාවක් නෑ. ඒත් ටිකක් ගලපලා ලියා ගන්න පුලුවන්. අපි මොකද කරන්නෙ අර පොත අරගෙන ඇවිත් ඒ පොත වගේම එහෙන් මෙහෙන් වචනයක් දෙකක් වෙනස් කරලා අපේ නමින් වෙළද පොළට දානවා. මිනිස්සු හිතනවා මෙන්න හොද නිර්මණ කාරයෙක්. අර මනුස්සයා වගේමයි කියලා. හැබැයි ඒ පොත ගෙදර ගෙනිහින් කියවන මිනිස්සු දන්නෙ නෑ මෙ මනුස්සයා මෙ පොත ලිවුවෙ අර දුක් විදිලා දුක් විදලා වචන ගැට ගහලා රැයවල් ගණන් නිදි මරාගෙන බිහි කරපු පොත ළග තියාගෙන කියලා.
එහෙම නැතුව අපිට තිබුණා ඒ මනුස්සයා මුණ ගැහිලා මෙහෙම ලියන්නෙ කොහොමද...කියලා කතා බහ කරලා ඒ කෙනා යොදා ගත්තෙ මොන වගේ දේවල්ද කියලා තෝරා බේරාගෙන ඊටවඩා වෙනස් නමුත් අර වගේම සාර්ථක දෙයක් කරන්න.
හොදට මතක තියාගන්න අනුනගෙ දේවල් කොපි කරලා බොළද දේවල් බොළද මිනිසුන් ඉදිරියෙ පොරක් එහෙම නැත්නම් කඩදාසි වීරයෙක් වෙනවට වඩා තමන්ගෙම දේ තුලින් තමන්ගෙම ප්‍රතිපත්ති මතින් තමන්ටම කියලා උචිත දේවල් ටිකක් ගොඩ නගාගෙන අහි0සක සතුටක් ලබාගන්න එක. ඉක්මනින් ප්‍රසිද්ධ වෙන්න ගියොත් අපිට වෙන්නෙ ඊටත් වඩා ඉක්මනට මැකිලා යන්න. ඔබ තාරකාවක් වෙන්න. ඒත් අනුන්ව අනුකරනය කරලා එක රත්තිරියෙන් බැස යනවට වඩා තව කෙනෙක්ගෙ දෙයක් අනුගමනය කරලා දිගු රත්තී්‍රන් ගණනාවක් එළිය දෙන එක ලස්සනයි හොදයි කියලා ඔබට වැටහේවි...

Subscribe to:
Posts (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...