Saturday, March 26, 2011

ඇය හිදියි නොවැ යසට...

මල් රුවට නෙත මුවාවී...
කිදුරු රුව නොදුටුවද...
මඩ යටක විමානය වී...
ඇය හිදියි නොවැ යසට...

මඩ ගොහොරු ගඳ විලෙත්
පිපෙයි නම් අරවින්දයක්...
මඩ යටක විමානෙක වුවත්...
හිදියි සොදුරැති කිදුරියක්....


රකුසු ඇස් ඇති විල් දියක් මත....
කොහොම ඉන්නද ප්‍රේමයෙන්...
හිරුත් නොඑනා බිම් කඩක් මත...
බැරිද ඉන්නට ප්‍රේමයෙන්...

ගෙඹි කුමාරි වැලපිල්ලෙන්...

Wednesday, March 9, 2011

මගෙ ළගක හිදින්....


නිල් අහස වසන්...
නුඹ වුන්නා ලගින්....
මද පවන අරන්...
නුඹ ගියා ඉතින්...

ගහකොලද කියන්...
මගෙ පෙමක තරම්...
මල් මතක තියන්...
නුඹ ඇයිද දුරින්....

හිරි වැටුනු හිතින්...
ඇස් දෙකට එඛෙන්...
මහ මෙරක පෙමින්...
මගෙ ළගක හිදින්....

Tuesday, March 8, 2011

නුඹ නමට මම ලියවුනා..


හිරු එළිය ළග පරවෙලා...
කුමුදු මල් පෙති විසිරිලා...
සඳ අහසෙ රෑ පායලා......
මගෙ සිතට හිනැහුනා...

දුර ගියපු නුඹ ගැන සොයා...
ළග තිබුණු හිත නැතිවුනා...
තරු ඇසට කදුලක් රදවලා...
හැම රැයම නුඹ සිහිකලා...

ලියන කවියත් නුඹ වුනා..
නොලියු කවියත් නුඹ වුනා..
අහිමි කවියත් නුඹ වුනා...
නුඹ නමට මම ලියවුනා...

වැසුනු ඇස ළග නැවතිලා...
හඩන සිතටම නුඹ නියවලා...
මා මගෙන් තව උදුරලා...
පෙමට පෙමවත් නැතිකලා...

නුඹ විතරමයි අඩු ප්‍රියේ....

රෑ පුරා මම නුඹ සොයා...
කුමුදු මල් ළග දුක ලියා...
වැටුනු සදරැස් දෙස බලා...
ඉදියා මගටම ඇස් යොමා...

ඉකි ගසා මං හඩනා දිනේ...
කැ ගසා නුඹ සොයනෙම් ප්‍රියේ...
හිත හදාගනු බෑ අනේ...
නුඹ විතරමයි අඩු ප්‍රියේ....

පාළු හිත ළග කළුවර තියා...
රෑක අහසට දුක ලියවලා...
පාඩුවෙම නුඹ බැස ගියා...
හිතක පැතුමන් වනසලා....

නුඹ ඇවිත් බලන්...

මල් පිපුන තරම්...
මුළු ලොවට කියන්..
මගෙ ආලෙ තරම්...
පෙම් සිතින් බලන්...

නුඹ ගියපු දුරක්...
මම වුන්නා බලන්..
පෙර පුරුදු ලෙසින්...
නුඹ ඇවිත් බලන්...

හද ගැහෙන තරම්...
නුඹ සුසුම තියන්...
මගෙ තොලට උඩින්...
දැන් ඇවිත් බලන්...

නුඹ හිදින් ලගින්...


තරු අහස යටින්...
ඝන කළුව ඉරන්...
සුදු සඳක වදන්...
පෙම් හිතක ලියන්...

නිල් නයන බැලුම්...
මුදු සුවද විදන්...
හද ගැඹර තුලින්...
විද ගන්න ඉතින්...

මගෙ හිතම තියන්...
නුඹට ලියන්...
පෙම් අහස යටින්...
නුඹ හිදින් ලගින්...

මම උන්නා දුකින්...

ලේ ගලන් හිතින්...
උණු කදුළු උරන්...
ඇස් දෙකම පියන්...
මම උන්නා ලගින්...

රළු පරළු වදන්...
මගෙ මුවට කියන්...
ඇස් දෙසම බලන්...
නුඹ උන්නා තදින්...

මට සිලිටු කමින්...
පෙම් සුවය මවන්...
ළග ළගක වෙලින්...
මම උන්නා දුකින්...

නිමල පෙමද මට පවසන්...

නුවර වැවට හාදු තියන...
හීන් හුලගෙ ගතු කියනා...
හන්තානම පීරාගෙන..
හමන පවන පෙමද කියන්...

කලා වැවට වහංවෙලා..
රැලිති දියඹ කලත්තවා..
හිත ඇතුලෙන් වාන් දමා..
ගලන දියත් පෙමද කියන්...

තිස්ස වැවෙන් මල් නෙලලා...
බුදු සමිදුට දුක කියලා...
හඩන සිතෙන් නුඹ යදිනා..
නිමල පෙමද මට පවසන්...

නුඹ දන්නව නම්..

මගෙ සිහින අරන්...
තරු ඇසක් ලගින්...
මං වින්ද දුකක්...
නුඹ දන්නව නම්...

පුර හදත් අරන්...
නිල් අහස ඉරන්...
තරු පොකුර මතින්...
පෙම පුදන තරම්...

මං සිහින මවන්...
නෙතු මගට යොමන්...
දුක් වින්ද තරම්...
නුඹ දන්නව නම්..

නුඹ දුරට ඇදෙනවා...

සඳ නගියි බසියි...
දුක සැපද ගලයි...
නුඹ එනවා යනවා...
මම බලා ඉන්නවා...

ආදරය ගලනවා...
හිත මගක තියනවා...
ඇස කදුල පුරනවා...
නුඹ දුරට ඇදෙනවා...

මට නුඹව දැනෙනවා...
නුඹ අහක බලනවා....
මුළු ලොවම බලනවා...
මම ඔහේ ඉන්නවා...

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...