Wednesday, August 27, 2014

කුණු මාළු

මේ දවස් ටිකේ බ්ලොග් අවකාශෙ මහේෂ් මල්ලිගෙ බ්ලොග් පෝස්ට්වල යන්නෙම පාසැල් මතක කතන්දර ටිකක්මයි. ඉතින් ඕක කියවන වාරයක් පාසා මගේ හිතත් නිතැතින්ම ඇදිල යනව ඒ කාලෙට. මං හිතන්නෙ ජිවිතේ සුන්දරම කරපු තරමක් විසේකාර වැඩ කරපු කාලෙ තමයි ඒක. ඉතින් මහේෂ් මල්ලි ක්‍රිකට් ගහපු හැටි කිවුවම මම අපි කුණු මාළු ගහපු හැටි කමන්ට් කලා. ඉතින් ඔන්න අර දේශක යා මට කුණු මාළු දිනිති කියලත් තිබුණෙ.  :-D අහුවෙද්දෙන්කො දවසක ඔය දේශක යව. මුහුණ ගලවල අතට දෙනව බල බලා ඉන්න.  :-p

ඉතින් ඔන්න මං අපේ අම්ම ගිය අම්මලගෙ ගමේ ඉස්කෝලෙටමයි ගියෙ. හැමෝම ටවුමෙ ඉස්කෝලවලට යන්න බස්වලට පොරකන කොට අපි නිදහසේ අනික් පැත්තට ඉස්කෝලෙ ගියා. ඉතින් අපේ ඉස්කෝලෙ කොටස් දෙකකට තියෙන්නෙ. ප්‍රාථ්මික අංශය වෙනම. ඒකෙ එක වසරෙ ඉදන් හතර වසර වෙනකම් තියෙන්නෙ. ඒ ප්‍රාථමික කොටසෙ තමයි යන්තම් වොලිබෝල් පිට්ටනියක් වගේ පිට්ටනියක්වත් තියෙන්නෙ. අපේ පහ වසරෙ ඉදන් උසස් පෙළ දක්වා තියෙන එකේ උදේ රැස්විම තියෙන ඉඩ ටික විතරයි තියෙන්නෙ. පාසැල් වත්ත පුරා ගොඩනැගිලි. අපිට ඉතින් නිවාසාන්තර ක්‍රිඩා කරන්න ඉදන් තිබුණෙ අර පුංචි පිට්ටනි කෑල්ලම තමා. පස්සෙ කාලෙ අපි උසස් පෙළ ලියන කාලෙ ඉස්කෝලෙට එහා පැත්තෙ ගෙදරක කෙනෙක් ඉඩමක් පරිත්‍යාග කලා පිට්ටනියකට. ඊට පස්සෙ ලොකු පිට්ටනියක් ලැබුණ අපට.  ඔන්න අතරින් පතර කතා එක්ක මං දැන් අර කුණු මාළු කතාවට යන්න එපැයි. 

ආහ් මෙහෙමයි ඊට කලින් අපේ ඉස්කෝලෙ ලොකු ඒ කියන්නෙ අපෙ අම්මලගෙ කාලෙ ඉදන් විතර තියෙන මැංගුස් ගස් හතරක් පහකුත් තියෙනව. අර උදේ රැස්විම තියෙන ඉඩ කොටසෙ දෙපැත්තෙ තියෙනව  මේ මැංගුස් ගස්. මැංගුස් කාලෙට කරපු වැඩ පස්සෙ දවසක කියන්න බැරියැ. ඉතින් කුණු මාළු ගහන්නෙ මෙහෙයි.

සෙල්ලම් කරන්න ඉන්න කට්ටිය මුලින්ම කවුරුහරි දෙන්නෙක්ව මුල්කරගෙන දෙපිළකට බෙදෙනව. ඒකට ඉතින් බෙදෙන්නෙ කතාවෙලා එනව. අර මල ද ගල ද නැත්නම් රෝස ද රතු ද වගේ.. ඒ දෙපිළටම අයිති ස්ථාන දෙකක් තියෙනව. හුඟක් වෙලාවට අපි ගන්නෙ ගස් දෙකක්.. අර කිවුව ලොකු මැංගුස් ගස්වලින් දෙකක් තමා හුඟක් වෙලාවට ගන්නෙ අපි. මේ ස්ථාන දෙක දෙපැත්තක තියෙන්න ඕනි. ඒ කියන්නෙ අඩුම මීටර සියයක් එකසිය පනහක්වත්. ඔන්න දැන් දෙපැත්තට බෙදුණ අය තමන්ගෙ ගස් දෙකට යනව. ( ගස්ම නොවුනට කමක් නැහැ. ඔය බිල්ඩිමක කොණක් හරි කොහොම හරි නිශ්චිත සීමා කරපු තැනක් තියෙන්නෙ ඕනි ස්ථිරව. ) දැන් අර පැත්තෙ කෙනෙකුයි මේ පැත්තෙ කෙනෙකුයි යනව. කවුරු හරි අනික් කෙනාගෙ ඇගේ අත ගහපු කෙනා කුණු වෙනව. තමන් කුණු නොවී බේරෙන්න දුවන්න පුලුවන් ඕනි දිහාවක. අපි ඉතින් ඉස්කෝලෙ බිල්ඩිම් අස්සෙ ඒ දවස්වල මේරියන් ජෝන්ස් පරදන්න වගේ දුවනව. හැබැයි ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එක ඉස්සරහදි වේග බාලවෙලා බිම බලාගෙන ඇවිදිනව. ආයෙ පහුවුන ගමන් දුවනව. ඉතින් ඔහොම කවුරු හරි කුණු වුනොත් එයා විරුද්ද පැත්තෙ ගහ අල්ලගෙන අත දික් කරගෙන ඉන්න ඕනි. තමන්ගෙ පැත්තෙ කෙනෙක් ඇවිත් අතට ගහල කුණු අරන් යන කම්. ඒ අතරෙ කුණු ගන්නකෝ කියල අතරින් පතර කෑ ගගහ ඉන්න ඕනි අර කුණු මාළු වෙච්ච අය. ඉතින් ඔය කුණුවෙන ගාන වැඩි වෙන්න වැඩිවෙන්න අර අත් අල්ලගෙන ඉන්න වැල දික්වෙනව. එතකොට ඉතින් කුණු මාළු රකින එකත් ලේසි නැහැ. 

ඉතින් දැන් කුණු මාළු කොයි පැත්තක හරි වැඩි වෙන්න වෙන්න අනික් පැත්තෙ අයගෙ ගහ බේරගන්න ඒ අයට අමාරුයි. ඉතින් ඒ අයගෙ ස්ථානය අනික් පැත්තෙ අය ගිහින් 'ගහ ගත්තෝ ' කිවුව ගමන් ඒ අය දිනුම්. හැංගිලා වටකරල දන්න වැඩ දාල ගහ ගන්න ට්‍රයි කරනව වගේම කුණු බේරගන්නත් ට්‍රයි කරනව. මොකද හැමෝම වටවෙලා ගහ ගන්න යන්නෙත් නැහැ. කවුරුහරි කෙනෙක් හොරාට ඇවිත් '  කුණු ගත්තෝ' කියල කෑගහගෙන කුණු මාළු ටික අරන් ගියොත් ආයෙත් අර පිල ශක්තිමත් වෙනව. එක පැත්තක හැමෝම කුණු වෙලා එක්කෙනෙක් විතරක් ඉතුරු වුනොත් අනිවාර්යෙන් ඒ ගහ ගන්නව අනික් පැත්තෙ අය. මොකද තනිවම හරි අමාරුයි කෙනෙක්ට ගහ රකින්න. ඉතින් ඔන්න ඔහොමයි අපි කුණු මාළු කියන සෙල්ලම කරන්නෙ. 

විවේක වෙලාවක් ආවද කරන්නෙ කුණු මාළු ගහන එක තමා. සමහරවෙලාවට ඉවර කරගන්න බැරිවුනාම ඒ පිල්ම ආයෙ කන්ටිනිවු යනව. දණහිස් කඩාගෙන හොම්බවල් කඩාගෙන කුණු නොවී දුවපු හැටි පුදුමයි. ආහ් මේක පිල් දෙකටම ගැහැණු / පිරිමි කවුරුත් කළමනේ වුනත් එකට දෙගොල්ලන්ටම සෙල්ලම් කරන්න පුලුවන්. බොරුවක් කියන්න ඕනි නැහැ මාව නම් කුණු කරන්න අමාරුයි. මොකද අපේ ඉස්කෝලෙ මං ඉන්න කාලෙ හොදටම දුවන්න පුලුවන් කෙනා මං ඇහ්..  :-D ඉතින් මං වැටුණ පිලේ අය හුගක් වෙලාවට තමන්ගෙ පැත්ත දිනනව කියල දන්නව. මේ සයිබර් එකෙත් අපේ ඉස්කෝලෙ කවුරු හරි ඉදල මේක දැක්කොත් ඔය කුණු මාළු සීන් එක මතක් වෙයි ඇහ්..

දැන් ඉතින් ඔය අලි වගේ ඉන්න දේශක යා එහෙම කුණු මාළු සෙල්ලම් කරන්න යන්න එපා ඇහ්.. මහේෂ් මල්ලි ඔන්න ඔයාගෙ පෝස්ට් එකේ කමන්ට් එකක අහපු කුණු මාළු සිද්දිය. 

එහෙම නම් ආයෙ දවසක පාසැල් කතන්දර ගෝණියෙන් එකක් ලියන්න චාන්ස් එකක් ආවොත් හමු වෙමු ඇහ්.

Sunday, August 24, 2014

මං වැරදි නෑ රත්නේ....

පාං වත් බෑ කියාගන්නට
ඒ වුනත් ඇහෙනවද රත්නේ
හාංකවිසිය නොදන්වම මට
ඇයිද රිංගුවෙ මංගලා අස්සේ

චූන් වෙනකොට තොලුත් රතුවී
රාත්තිරි කීයක්ද නාවේ
මාත් පොඩි වුන් වටකරන් හිටි
හැටිත් මතකද කියන් රත්නේ

සෑම දාකම උදේ විතරයි
නුඹට සිහියක් එහෙම තිබුණේ
පාන තිය තිය කියපු දුක
දන්නෙ බුදු රුව සාලෙ මැද්දේ

ලැමේ පොඩි උන් හිටපු තැන
තාම දැනෙනව රස්නෙ පෙරසේ
හීනයෙන් මං ඇවිත් නිතරම
උන්ගෙ සුවදුක් අහනවා රහසේ

මගේ තරහක් මතුත් නෑ නොවැ
නුඹේ සතුටයි හෙටත් පැතුවේ
අපේ දීගය කැඩුණ වරදට
මගේ අම්මා එල්ලිලා මැරුණේ

කොතෙක් තව පඩි මාස අරගෙන
ඇවිද යාවිද නුඹ වැල්ලවත්තේ
ඉතින් දැන්වත් නවත්තනවද
ගියේ නෑ මං වෙන එකෙකු පස්සේ


මා මිත්‍ර කරුළු බුකියෙ දාල තිබුණ කවියට දැම්ම පිළිතුරු කවක් මේ.
  පහළින් මේ තියෙන්නෙ ඒ කවිය
 - දුක තමයි රංජනී පඩි හම්බෙනකං -
තාම ඉස්සර
වගේමයි බං
අඬනවා පොඩි
එවුන් ගින්නේ..

මාසෙ අන්තිම
ලගට එනකං
දින ගණියි ලොකු
පුතා චන්නේ.. (චන්න)

පොඩි එකී ගෙට
වුණා ගිය "බක්" (බක් මාසය)
මං තමයි ඒ
සේරෝම බැලුවේ

ඉස්සරත් මට
අමාරුයි රං
ඒනිසයි මං
බින්න බැස්සේ

රංජනි පඩි
තාම නං නෑ
නුඹ ගියත් වෙන
එකෙකු පස්සේ

හිතේ තරහක්
මගේ දැං නෑ
හීනෙනුත් මුන්
කියයි අම්මේ

එනවනං උඹ
ඇවිත් බලපං
යතුර ඇති
පා පිස්ස අස්සේ

-කුරුළු-----

Friday, August 8, 2014

කරන්න බැරි මඟුල් කරන්නට යාම පළමු පියවර. :-)

මං ඉතින් හැමදාම එක එක ලේඛකයන්ගෙ කවි කියෙවුවට කවදාවත් හිතුවෙ නැහැ ඒ කවියක් සිංහලට නඟන්න. ඒත් මං උත්සහයක් ගත්තා. පලමු උත්සහය ටිකක් අවුල් කියල දැනුණෙ විවිධ ප්‍රතිචාර මුහුණු පොතේ පල කල කවියට සහ මගේ ඉන්බොක්ස් එකට පිරෙද්දි. ඉතින් මං දෙවන උත්සහයකුත් ගත්තා. බ්ලොග් කියවන ඔයාලට දැනෙන විදිහත් කියල යන්නකො වෙලාවක් තිබුණොත්.

මේ තමයි මං තෝරගත්ත කවිය.
I Do Not Love You Except Because I Love You by Pablo Neruda

I do not love you except because I love you;
I go from loving to not loving you,
From waiting to not waiting for you
My heart moves from cold to fire.

I love you only because it's you the one I love;
I hate you deeply, and hating you
Bend to you, and the measure of my changing love for you
Is that I do not see you but love you blindly.

Maybe January light will consume
My heart with its cruel
Ray, stealing my key to true calm.

In this part of the story I am the one who
Dies, the only one, and I will die of love because I love you,
Because I love you, Love, in fire and blood. 
ඔන්න මගේ පළමු උත්සහය
 
මම ඔබට ආදරේ නොකරමි.
හේතුව විනා මම ඔබට ආදරෙයි
මම ආදරය කරනව. ඔබට දැනෙන්නෙ නැහැ
බලා ඉන්නව. ඔබ වෙනුවෙන් බලා ඉන්නෙ නැහැ
මගෙ හදවත සීතලේ සිට ගින්දරට මාරුවෙනව

මම ඔබට ආදරෙයි. ඒ ඔබ තමයි මම ආදරය කරන එකම කෙනා
මම තදින් වෛර කරමි ඔබට, ඔව් ගැඹුරින්ම.
ඔබ දෙසට හැරෙන විට පියවරෙන් පියවර ඒ ආදරය වෙනස් වෙනව
ඒක හරියට මං ඔබව දැක්කෙ නැහැ. නමුත් අන්ධයෙක් සේ ආදරය කරනව වගේ

ජනවාරියේ එළියත් සමහරවිට නැතිවේවි
මගේ හදවතේ අනුකම්පාවත් නැතිවේවි
සංසුන්තාවයේ මගෙ යතුර ආරම්බයේදිම සොරකම් කරල

මේ කතාවේ මගේ කොටස මම කවුද කියන එකයි.
ඒවගෙම එකම එක දෙයක් කියන්න පුලුවන්
මේ ආදරය, මමමැරෙයි..
හේතුව ඒ මම ඔබට ආදරෙයි.
ඔව්
මම ඔබට ආදරේ කරමි.
ගින්දර වගේ මගෙ ලේවලත් ඒ ආදරය තියෙනව.




ඉතින් හුගක් අයගෙ විවිධ අදහස් ලැබුණ නිසා ආයෙම උත්සහ කලා.. මේ මගේ දෙවන උත්සහය.


කුමට නම් මම ආදරේ කරමිද
ඔබට මා ආදරෙ බැවින්
නොදැනෙනා ඔබ දන්නෙ කොහොමද
බලා ඉන්නේ ඇයිද මා
ඔබේ නාමෙන් රැදෙන හන්දා

සීතලයි මේ හදවත මගේ
උණුසුමක් දැනෙමින් තිබේ


මගේ ආදරෙ ලබන්නේ ඔබම පමණයි
ඉතින් මං ඔබහට ආදරෙයි
ටිකෙන් ටික වෙනස් වීමයි
තදින් දැනනො ඒ වෛරයයි

අන්ධකාරයෙ ආදරය වාගේ
ඔබට ආදරෙ මේ මගේ

දුරුත්තේ රළු එළි පෙනෙයි
මගේ හදවත වෙලාගෙන යයි
නිසංසල බව රහසේම යන්නේ
සොරෙකු විලසින් යතුරුලාගෙන

කතාවක් මේ මගේ කොටසේ
ආදරය නම් මගෙම හන්දා
මිය යාවි මං ඒ ඉසව්වේ
නිමාවක් නැති ආදරය රන්දා

ඔබට මං ආදරෙයි
ඔබට මං ආදරෙයි
රත්වෙච්ච ලේ මගෙ කියන්නේ
ඔබට මං ආදරෙයි.
 

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...