Monday, January 30, 2012
*** සොදුර මේ නුඹ නමට ***
හැමදාම එකම ලෙස
ගඟ ගලා බසිනවා
නුහුරු නුපුරුදු තැනක
ගල් පරත් තියෙනවා....
ළග නැතත් සිත ළගක
ඇවිත් තනි රකිනවා
ගඟ රකින ඉවුරු ලෙස
මම නුඹව රකිනවා...
නිවා ගන්නට ගඟ වෙහෙස
මුව දොරක් සොයනවා
මුව දොරක් වෙලා නුඹ
හස මලක් ගෙනෙනවා....
ගඟ ගලාවිත් මහ සයුරෙ
දුක කියා වෙලෙනවා
මම ඇවිත් නුඹ ළගක
හිත නිවා ගන්නවා.....
.... දිනිති ....
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...
ලස්සන කවි සිතුවිල්ලක් !!
ReplyDeleteඅදමයි මේ පැත්තේ ආවේ.
ම්........ ස්තුතියි මධුරංග ඇවිත් ගියට....
ReplyDelete"ළග නැතත් සිත ළගක
ReplyDeleteඇවිත් තනි රකිනවා
ගඟ රකින ඉවුරු ලෙස
මම නුඹව රකිනවා..."කැමතිම දැනුනම ටික
ගොඩක්ම ලස්සනයි අක්කේ කවි ටික....
ම්... බිටා මල්ලියා... ස්තුතියි හුගාක්ම...
ReplyDeleteනුඹ සොයා මම ගඟ දිගේ ඇදෙනවා
ReplyDeleteමුහුද නුඹ ලගදි මුනිවත රකිනවා
කියාගන්න බැරි දහසක් දේ හදේ තනි රකිනවා
ආදරේ කියන දෑස දෙස නෙත් යොමා ඉන්න හිතෙනව..
සිල් ගත්ත සමුදුර
ReplyDeleteනුඹ කියා හිතෙනවා...
සිල් බිඳින්නට බැරිකමට
මම දුකින් ඉන්නවා....
මාව අවුරුදු 2ක් විතර ඩිංගක් අතීතයට ගියාද මන්ද අක්කා..මම කිව්වෙ ඉස්කෝලෙ කාලෙට......ලස්සන ආදර කවි පොකුරක්....
ReplyDeleteළග නැතත් සිත ළගක
ReplyDeleteඇවිත් තනි රකිනවා
ගඟ රකින ඉවුරු ලෙස
මම නුඹව රකිනවා...
ගඟ ගලාවිත් මහ සයුරෙ
දුක කියා වෙලෙනවා
මම ඇවිත් නුඹ ළගක
හිත නිවා ගන්නවා.....
harima lassanai akkio..
@ සිහින මතක....ම්....අපි හැමෝටම කොතන හරි ආදරයෙ සොදුරු තැන් තියෙනවා නොවැ... ස්තුතියි ඇවිත් ගියාට මේ පැත්තෙ...
ReplyDelete@ වර්ෂා.....
දිවි මගේ හැමදාම
නුඹ නමින් ලියනවා
අද නැතත් හෙට ඇවිත්
නුඹ ළගක රැදෙනවා...
වැටෙන කල් මේ හුස්ම
මම නුඹව රකිනවා...
රත්තරන් නුඹ මහ හුගක්
මට ඉතින් වටිනවා....
ස්තුතියි පැටියො ඇවිත් ගියාට....