Saturday, December 25, 2010

සුභ නත්තලක්....

පුතුනේ නාඩන්...

සත්තකින්ම මේ ඇත්තම පියෙකුගේ සිතවිල්ලක්...මං දන්න අදුරණ කෙනෙක් මේ සැරේවත් වගාව පාළු නොවුනොත් දුවට කරබු 2 ක් අරන් දෙන්න පුළුවන් කිවුවා...මම අරන් දෙන්නද ඇහුවුම ඒ තාත්තා කිවුවෙ මගෙ මහන්සියෙන්ම මං දුවට කරාබු 2 ක් අරන් දෙන්න ඕනි කියලා...ඒත් ඒ දුව කියන්නෙ කරාබු නැතත් අපි සතුටින් ඉන්නවා කියලා...

නුඹ ගැන සිතමි...

ආදරණිය අම්මේ ඔබට සුභ උපන් දිනයක්...

Tuesday, December 7, 2010

මම හිදිමි බලා...

මල් පිපෙන උදේ..
හිරු නැගෙන පැයේ..
මල් සුවද වගේ
හිරු එළිය මතින්
නුඹ එනවා....මගෙ හිතට ඉතින්....

මල් සුවද විදන්
දුර යන්න බැරිව
හිරු එළිය විදන්
තනි වෙන්න බැරුව
මම හිදිමි බලා....නුඹ එන්න ඉතිං...

මල් පාට මතින්
නුඹ රුවම ඇඳන්
හිරු කිරණ ලගින්
නුඹෙ මතක තියන්
මම යනවා...ජීවිත ගමන ඉතින්...

Friday, December 3, 2010

මගෙ සිහිනයේ අයිතිකාරී....

මගෙ සිහිනයේ අයිතිකාරී
මා නිදා නොනිදා හිදීවී
මගෙ නෙතු නුඹ සරසවාවී
මටම පමණක් හිමිකාරී
නුඹෙ මතකෙ විතරමයි
මගෙ සිහිනයේ අයිතිකාරී

වසන්තයෙ මා රෑ දිවා
නුඹ වටා ඇවිද්දා
අනන්තයේ මා කරකවා
නුඹ නොපෙනිලා ගියා
නුඹෙ මතකෙ විතරමයි
මගෙ සිහිනයේ අයිතිකාරී

දුක් දුකම විදි මේ ජීවිතේ
සිත තුටින් විදි සරතැසේ
මට මගෙම වුනු සන්තකේ
එදා අදමෙන් විදින්නේ
නුඹෙ මතකෙ විතරමයි
මගෙ සිහිනයේ අයිතිකාරී


Friday, November 26, 2010

සිහින සිහිනම වු හැටි අපූරුද....

ළගට ලංවී ඉන්න සැමදා
වරම් නැතිමුත් අපට මෙදිනා
සිතට ලංවී හිදිමු සැමදා
අපට අප නැති වෙච්ච හින්දා

සිහින විමනෙදි ඇවිත් යනවද
සිහින විමනෙදි මගෙම වෙනවද...
සිහින සිහිවී නුඹ අඩනවද
සිහින සිහිනම වු හැටි අපූරුද.....

ආදරේ දුක බරක් වූවත්
ආදරේ සුව විදිමි තාමත්..
ආදරේ කළ නුඹ නොලැබුනත්
ආදරෙයි මං මියෙන තුරමත්....

Friday, November 12, 2010

මං හිදිමි හඳ දුක වසා....

සඳ මලට පෙම් කවිය ලිවුදා...
ඉර මලයි විරසක වුනේ...
ඉරහදට පෙම් කවිය ලිවු දා..
තරු කැකුලු විරසක වුනේ...

ස ඳමලම වුනු නුඹම මා ලොව...
ඉර මලත් වුනු බව නොදත්තේ..
ඉර හදත් පෑයු මසිත් අහසේ
තරු පොකුරු නුඹමයි වුනේ...

සඳමලේ නුඹ යන්න යනදා...
ඉර මලත් මා ගියා හැරදා...
තරු පොකුරු වුනු නුඹෙ මතක ළග
මං හිදිමි හද දුක වසා....

Friday, November 5, 2010

අම්මා..........

සිහින ලොව දකින ගොස් මම
පාළු අහසේ අතරමං වුනි...
අතින් අල්ලා මගෙ කියා දුන්
පුර හදයි නුඹ මගේ අම්මා...

 

සුදු අම්මා බුදු වෙනවා

මගේ අම්මා ගිම් නිවුවා

බුදුන් ළගින් මට වුන්නා

ඇගෙ ගුණ නම් නැත නිම්මා...

Tuesday, November 2, 2010

මා තවමත් දන්නේ නෑ....

දැන් කොහේද ඒ කාලේ...

ඇයිද සිතුවිලි මතම පැටළුනේ...

පාර වැරදුන සුළග ඇවිදින්

රන්ඩු කරනවා මාව වටකර

සිතුම් වැල මැද නුඹත් පැටලී

ඔචම් කරනවා මටම රිදවන්



වැරදුනත් මග හැමුව සුළගට

ඇයිද මා හා උරණ වූයේ..

සිතුම් ඇතුළට නුඹම ආවත්

ඇයිද සිතුවිලි මතම පැටළුනේ...



යනෙන මගකම යන්න සුලගේ

නොකර බාධා මෙහෙම මාහට

මගේ සිතුවිලි මටම දීලා

නොකර පොඩිකර මගේ පැතුමන්...

Wednesday, October 27, 2010

මගෙ අම්මේ...

නෙක නෙක දේ මත..


හිත වත්තම් කර...

කාළය ගෙවුවත්

මගෙ අම්මේ...

නුඹ නැති පාළුව..

හිත උඩ මතුවී...

කැළතෙන දුක නම්..

මහ නුපුරුයි අම්මේ..

සිහිනය විසිකර...

කාසිත් අතහැර...

නුඹ ඇකයේ දැවටෙන්නට...

හදවත මග බලති....

කිසිවෙකු නෑ දුටුවේ...

Tuesday, October 19, 2010

ආදරණීය අම්මේ...

හිතේ සිහිනය නෙතින් දකිනට
තවම මග බලනවා අම්මේ
නුඹත් සතුටින් දෙන්න අවසර
මටත් සතුටින් යන්න බුදු මග


මගේ සරණක් ඇවැසි බව
දන්නවා මම මගේ අම්මේ
ඒ වුනත් තව දරුවො ඉන්නවා
නුඹව සෙනෙහින් බලාගන්නට


බැරිම බර ටික මං ඉවර කර
යන්න යන්නේ ඒ නිවන් මග
ඉතිං දැන්වත් යන්න දුන්නොත්
නුඹට පිංවෙයි මහ හුගක් හෙට

Wednesday, September 15, 2010

ආදරණිය සුදු අයියේ...

රැය පුරා නිදිවරා
නුඹ හටම පෙම් පුරා
දුටු සිහින සිත පුරා

බොදවුනා ඇස පුරා

නෙත පුරා පැටලෙන්න
වෙර දරූ බිදු කදුලූ
ඇස් කන්ඩි පුපුරමින්
ඉරි තලන් බිම වැටුනා...



පොදි ගැසුනු ස්නේහයන්
හද පුරා ගුලි කරන්
වෙන්වෙලා ගියෙ ඉතින්
අපි අපිට නැති ලෙසින්..

නුඹ ඇවිත් යන්නේ නම්..

සොදුරු මල් කම්...
හැඩ දමා ලිය කම්...
අකුරු කවි කම්...
ගොතා යන්නම්...
නුඹ බලනවා නම්....


මානස විල මගෙ නම්
පිරෙන්නේ පෙමින් නම්
උපන්නේ නුඹ නම්
එවිල මැද නෙලූමක්ම නම්...
විල් හිමි කරු මම වෙම්...
නුඹ නෙතක් සේ රකිම්...



අවු වැසිද නොතකම්...
ලගින් හිද නුඹ සුරකිම්...
පෙම්න් නුඹ මගෙ නම්...
පෙම් සිනා සුරකිම්....
තිඛෙන තුරු දිවි නම්...



එකම පාරක් නුඹ ....
ඇවිත් යන්නේ නම්..

සදා නුඹ රැක දෙනු,,,,,

දින හතක් කී සෙත් පිරිත ළග
වරු තුනක් මතුරා පැන් ටිකක්
පුවක් කිනිතින් ඉසින්නම් මම
සදා නුඹ රැක දෙනු කියා....

 

කිළි කුණෙන් පවා වැලකී
හිරු නගින්නට පෙරත් නැගිටා
සත් වටක් පැදකුණු කරන්නම්
සදා නුඹ රැක දෙනු කියා....

 

ගිතෙල් පහනුත් එළිය දුන්නා..
කපුටු දානත් ඉතිං ඛෙදුවා..
සෙනසුරා ගොස් දුරක ඉගිලි..
නුඹට හොද දවසක් ලැඛෙන්නට...

Saturday, September 11, 2010

ආසයි මම නුඹ දකින්න...

 

එකත් කරගෙන ඉන්න සිතුවිලි
හාර හාරා ගොඩට අරගෙන
හූර හූරා කරයි මැසිවිලි
නුඹම ඉල්ලා මා අඩාගෙන....

 

පසක් කරගෙන ඉන්න සිතුවිලි
පාර පාරා මා දවාගෙන
පාවි පාවී කරයි දැගලිලි
නුඹ දකින්නට පාර අහගෙන....

නිමක් නැති මේ සිහින සිතුවිලි
ගාට ගාටා නුඹ සොයාගෙන
ඇදි ඇදී යයි තෙරක් නොපෙනෙන
අනන්තය ළග නුඹ දකින්නට....

නුඹ මට හිනැහෙනවා...

Friday, September 3, 2010

කදුළ ඇවිදින්.....

කදුළ ඇවිදින් මගෙ ළගට
ඇස ඉවුර පුපුරා ගියා...
නාය නොගියත් හිත මගේ
කදුලු වැහි නෑයෙක් වුනා


බොර කරන් නුඹ කලතවා හිත
හැදුවෙ වහිනට බව දනියි
ඇස් කණ්ඩි කොනහන්නෙ නුඹ අද
සිත් මණ්ඩියත් දිය කරනට තමයි...

සුළි සුළං ගං වතුර මැද
තෙමුණ බිත්තිය බිම වැටෙයි.....
ආදරේ පෙම් වැස්ස යටදියි..
මෙහෙම හිත අසරණ වුනේ...

Tuesday, August 31, 2010

මග බලා ඉමි රත්තරන්.................

කලූ කරන් නිල් අහස නුඹ
වහින්නට දගලන වැස්ස නම්..
වැහි දියෙන් මං තෙමෙන්නට
මග බලා ඉමි රත්තරන්

බිමට වැටෙනා වැස්ස වී නුඹ
ඉරි තැළුන බිම යලි තනයි නම්
ආදරේ මහ වැස්ස ළග නුඹෙ
තෙමී සැනසෙන හිතැත්තිය මං...

වැටෙන වැහිදිය බරක් නැත්නම්
උහුලනා මහ පොළව මට...
ආදරේ බර බරක් වේවිද
මහ පොළව සේ පෙම් කරන සද...


Sunday, August 29, 2010

වුන වැරැද්ද කියන් පුතේ...

කරදිය මහ වලල්ලෙනුත්..
නුඹ එතෙරට පැන ගියාට...
ඇස් පියෙවෙන ඇසිල්ලකට...
පුත නුඹ එනවද මහ ගෙදරට....

පැල්පතෙ මගෙ පිල්කඩ උඩ...
කහට බැදුනු දත් අතරින්
සිනාසිසී මග බලන්නෙ...
නුඹ එනකම් මා පුතුනේ...

ශිල්ප සතර ණැන නුවණැස..
නුඹට දීලා ලොකු කෙරුවත්...
මෙහෙම අපිව දාලා යන්න...
වුන වැරැද්ද කියන් පුතේ...

Friday, August 13, 2010

මළ ආදරයක.....

තවත් අවැසි නැත
අටුවා ටීකා තිප්පිනි...
නිමාවක තිත
ආදරය අසලිනි...

නොහඩන්න සිත
කියන්නට බැරිවුනි...
අසන්නට කැමති නැත
වෙන් වෙච්ච හේතු ගැන...

මිහිදුම් සලුවක් මත
සිහින තිබු නිසාවෙනි...
ඉරමල පොළව මත
පීදෙන විගසටම බොදවුනේ...

ආදරයේ සොහොන් කොත
ළගට වී තනි රකින්නට...
හිත අවසර ඉල්ලුවවට...
නැහැ මගෙන් සමාවක්...

Friday, August 6, 2010

දුක් කවිය අහවර වෙයි ලියා.....

දුක් දුන්න පෙම ගැන හිතා
දුක් ගැනම මං කවි ලියා
දුක් වින්ද ඇති යැයි සිතා

දුක් කවිය අහවර වෙයි ලියා

දුන්නා නම් අභිමන් සදා
දුන්නා බැතිමන් හැමදා
දුන්න මුත් ඔය හිත එදා
දුන්නෙ එහි අඩුවක් තියා

දුරක යන බව කියා
දුරින් හිද නුඹ කියා
දුවන හිත ගෙන මෙදා
දුරස් වූවා නුඹ දුක තියා

Thursday, August 5, 2010

කවිය පැටලී ගියත් මගෙ... ජීවිතය පටලා ගනු නම් බෑ....

නුඹ නැති අඩුව මට දැනෙනවා

අපෙ සිහින පිබිදිච්ච
සොදුරු ඒ ගම් මැද්දෙ
නුඹ නොපෙනි හැංගිච්ච
බව තාම දන් නැද්ද

එක්ව ගිය මගතොටේ
තනිව යන්නට බැරිව
මං බලා ඉන්දැද්දි
නුඹ කොහේදැයි අහනවා

අපි අපිට අතරමං වී
නුඹ කොහෙද මා කොහෙද
අතීතෙන් එන ඔඛෙ සුවද
තාම මට දැනෙනවා

Friday, July 23, 2010

නුඹට...

හීනයක්...කදුළකුත්...
ඇස ළගින් තියාගෙන...
ඒ ළගින් තියා නුඹෙ රුවත්...
මං තාම මග බලාගෙන...

එනවනම් නුඹ අද හෙටක...
කවි මලුත් අත දරාගෙන...
හීන ගෙත්තම කදුලු අහුරක...
හිර කරන්නම් නුඹ බලාගෙන...

නොආවොත් නුඹ කිසිම දවසක...
අඩන දෑසට හිනා අරගෙන...
නොවැරදිම නුඹ බලන් දවසක...
අඩන ඇස් ඇත සදහට පියාගෙන...

Wednesday, July 21, 2010

අත්තටු රිදුනා පමණයි part 3...

ඉතිං කාලය ගෙවුනා සේම දැහැන් අප දෙදෙනාටම ආදරය කලේය. පිළිගන්න එය වැරැද්දක් කියා නදුනී මා හා අනන්තවත් විරසක විය. ඇය කියන්නේ දැහැන් අමතක කරන්න කියාය. දිනක් නදුනිත් මාත් Class යන අතරමග දැහැන්ගේ පෙම්වතිය හිදියේය.
   —මේ මම ඔයාව ටිකක් මුණ ගැහෙන්න ඉදියෙ..... ඇය මට කීවේය.
   —කියන්න නංගි....
   —මට නංගි කියන්න එපා හලෝ...තමුසෙට බැරිද තමුසෙගෙ පාඩුවෙ ඉන්න...දැහැන් මගෙ...අපි අවුරුදු ගානක් ආදරේ කළා...මට බෑ දැහැන්ව ඛෙදා ගන්න..තේරුණාද....
   —මං කවදාවත්ම දැහැන්ව මගෙ ඛර ගන්නෑ නංගි....
   —ඕක පොඩ්ඩක් නවත්තන්න මං තව කියලා ඉවර නෑ....
   —කියන්න නංගි...
   —බලනවකො තමුසෙට ගැලපෙන කෙනෙක්ව හොයා ගන්නවකො...දැහැන් මගෙ බව හොදටම දන්නවනෙ...ගෙවල්වලින් කෙනෙක්ව හොයලා තියෙද්දි මොන මගුලටද හලෝ මගෙ කොල්ලා එක්ක නටන්නෙ....මගේ කොල්ලව මං හදා ගන්නම්...තමුසෙ පැත්තකට වෙලා ඉන්නවද....
   —මේ නංගි වැදගත් විදිහට කතා කරනවද...කියමින් නදුනි ඉස්සර විය. කොතරම් හරි වැරදි වුවද නදුනි මගෙ හිත දන්නේය.
  —ඇයි ඔයත් මෙයාට උදවුද...පුළුවන් නම් තමුසෙවත් තමුසෙගෙ යාළුවව හදා ගන්නවා...
  —මං මගෙ යාළුවව හදා ගන්නම්...ඔයා ඔයාගෙ පාඩුවෙ ඉන්න...ඔයාගෙ ආදරේ ඔය තරම් දැහැන්ට තියෙනවනම් ඇයි දැහැන් වෙන කෙනෙක්ගෙන් ආදරේ හොයන්නෙ...මේ නංගි මං එකක් කියන්නම් සෙව්මි විතරක් නෙමෙයි දැහැනුත් මේ වට වැරදියි...තනි අතින් අත්පුඩි ගහන්න බැහැනෙ...හොදින් කියන්නම් ඔයත් ගැහැණු ළමයෙක්නෙ ඇයි තවත් ගෑණු ළමයෙක්ට දොස් කියන්නෙ...තමන්ගෙ ආදරේ රැකගන්න බැරිව අනුන්ට දොස් කියලා වැඩක් නෑ නංගි...
   —මේ මට ඔය බණ වැඩක් නෑ...ඒත් මං කියන්න ආවෙ දැහැන්ට දැහැන්ගෙ පාඩුවෙ ඉන්න දෙන්න...දැහැන් ගැන් බලන්න මං ඉන්නවා...එසේ කියා ඈ යන්න ගියාය.
    මහමග කියා මට නොසිතුණි. එතනම බිම වාඩිවී වැළහින්නක සේ මම හැඩුවෙමි. නදුනි කොතෙක් මා අස්වසන්නට හැදුවත් එය පලක් නොවුනි. මග යනවුන් මදෙස බැලුවේ මට පිස්සු යැයි කියාය. එහෙත් තුන් හිතින් මා ප්‍රේම කලේ දැහැන් මගෙ කර ගන්නට නොවන බව ඇයට තේරුම් ගන්නට බැරිවිය. නදුනි තොතෙක් අවටිලි කලද මා අස්වසන්නට බැරිවු තැන ඇය දැහැන්ට කෝල් කර මගට ගෙන්වා හැමදේම පැවසීය.
    —අනේ සෙව්මි මට සමාවෙන්න එයාට පිස්සු...ඔයා වගේ හොද කෙනෙක්ට දොස් කියන්න...එසේ කියා දැහැන් මා අතින් අල්ලා ගත්තේය. පිළිගන්න මගේ හැම දුකක්ම ඒ දෑස අසලදී යටපත් විය. හඩා හෙම්බත් වූ මගේ මුහුණට හසරැල්ලක් නැගුණි. නදුනි මට කීවේ
   —දැහැන්ව ගෙන්න ගන්නනෙ ඔය තරම් ඇඩුවෙ නේද...
 මට නදුනිට කියන්නට බැරි විය මේ මගේ සංසාරික සුවද ඔස්සේ බැදී ආ පවිත්‍ර ප්‍රේමය බව. එදා වගේම අදත් මට දැහැන්ව අයිති කර ගැනීමේ ලෝභ සිතුවිල්ලක් මා තුළ නැත. එහෙත් ඔහුට ආදරය කරන්නට මට පුළුවනි.ඔහු කොහේ කාට හිමි වුවද මා ඔහුගේ බව මට දිවුරා කිව හැකිය.

'සදේ අයිතිය නැතත් පොළවට
 හැකියි හිමිකම් කියන්නට....
 සද එළියට
 ඔබව මට හිමි නැතත්
 හැකිය මට ඔඛෙ වෙන්න
 පුරසද නැගුන රැයකට
 සිනාසෙයි පිපුනු මල් සදවතට
 ඔබව මගෙ නොවුනත්
 සැනසෙයි මා ඔබේ එක වදනකින්
 බැස ගියත් අදුර දි පුරසද
 හිමිවේවි මට ඝන කළුවර
 ඔබ ගියත් මා දමා
 සිත දුක පිරුණු දිනයක
 මම කවි ලියන්නේ ඔබහට
 රිදවන්න නෙමෙයි හිමි සදුනි
 අවදියෙන් හිදින හැම මොහොතෙ
 වේගෙන් එයි ඔබ මවෙත
 රිදවයි මා හඩවයි සිත
 අපේ ඒ සොදුරු මතකය
 හිමි නැති උනත් ඔබ මට
 පතනෙමි හැමදා එක ලෙස
 සතුටු සිනාවේ මල් පොකුරු
 රැදියන් හැමදා ඔඛෙ ලොව තුළ.....



        හැමදාමත් දැහැන්ව මග අරින්නට මා එතැන් පටන් ප්‍රයත්න දැරුවෙමි. ඒ හැම බොල් සුළගට හසුවී ගිය සිතුවිල්ලක්ම පමණක් විය. එක පැයක් ඔහු ගැන තොරතුරක් නැතිවූ විට මා ඔහුට නොනවත්වාම කෙටි පණිවිඩ යවයි. මට පසක් කර ගන්නට බැරිවූ සෙයක් විය එනම් මා එතරම් දැහැන්ට ලෝභකම් කරන්නේ ඇයිද කියාය. නමුදු හිත් කොනකවත් දැහැන් මගේ කර ගන්නට සිතුවිල්ලක්ද නොවුනි. මෙය මුසාවක් නොවේ. ලෝකයා කොතරම් මා වැරදී යැයි කීවද මේ මගේ හිත හිතන හැටිය. මා තේරුම් ගන්නට මේ ලොව කිසිවෙක් හිදියේ නැතත් දැහැන් මගේ හිත හදුනා ගෙන හිදියේය.
 
     මේ අතර දිනක් අම්මා කියූ දෙයකින් මගේ හීන ලෝකය තුළ මා අතරමං විය.
  —ආ...සෙව්මි...දැන් ඔය ඉගෙන ගත්තා මදැයි...අපි මේ අවුරුද්දෙ අන්තිමට සුපුන්ගෙයි ඔයාගෙයි වෙඩින් එක ගන්න හිතා ගෙන ඉන්නෙ...
  —අනේ අම්මා මට තව මෙහෙම ඉන්න දෙන්න..
  —ඇයි උඹ නාකි වෙනකම් ඉන්නද කල්පනාව...
  —නෑ අම්මා ඒත් සුපුන් ළග ඹගෙ සතුට නෑ...
—    එA මොකෝ ඉන්නවද කොහේ හරි එකෙක්ව හොයාගෙන...
—    නෑ අම්මා එහෙම නෙමෙයි... ඒත් මට දැන්ම සුපුන්ව බදින්න බැහැ...
 —ඒක හරි කතාවක්නෙ...සුපුන්ගෙ මොනාද අඩු...අපි පවුල් 2 කම ඒ ගැන ස්ළුිර කරලා කොච්චර කල්ද...දැන් ඒවා වෙනස් කරන්න බැහැ..
  —හරි අම්මා මං කිවුවෙ මගෙ ජීවිතේ සතුට සුපුන් ළග නෑ...මට බෑ එයාට ආදරේ කරන්න...
  —උඹට ඕන ඕන දේ කරන්න බෑ සෙව්මි...එහෙනම් ඉතිං අම්මා නෑ කියලා හිතා ගනින්...එසේ කියා අම්මා කුස්සිය පැත්තට ගියේය. මා මගේ කාමරය තුළට රිංගා ගෙන හැමදාමත් සේ හැඩුවෙමි. එහෙත් මා තීරණයක් ගත යුතු බව මා සිත කීවේය. හැගීම් වලට වහල්වී බුද්ධිය යට ගොස් ඇති බව මා දැන ගත්තේය. නමුදු සිත එය පිළි ගත්තේම නැත. එහෙත් මා තරයේ අදිටන් කර ගත්තෙමි. එනම් හිත්පිත් නැත්තියක සේ හිත ගලක් කරගෙන ජිවත්වන්නේය. මන්ද මට මා අමතක කර සුපුන්ගේ මනමාලිය වන්නට හැකිය. එහෙත් ගතින් පමණක් මා ඔහුට හිමිවූවත් මගේ සිත කිසිම දිනක ඔහුට හිමි නොවන්නේය. හිත රළු කර ගත්විට හැගීම් මට දැනෙන්නේ නැතැයි මා සිතුවෙමි. එක දිගට වදින්නට ගත් මගේ ජංගම දුරකථනය සිතුවිලි තුළින් මා මිදවූයේය. දැහැන් යැයි නම සදහන් වන විට මගේ හැම තීරණයක්ම හිරු දුටු පිනිබිදු මෙන් විසිර ගියේය. මීට මොහොතකට පෙර මා සිතු කිසිවක් මට කි්‍රයාත්මක කරන්නට බැරිවිය.
   —දැහැන් කොහොමද...
   —සෙව්මි මට ඔයාගෙ වෙනසක් තේරෙනවා...ඔයා ඇඩුවද...කියන්න... මා ඇසූ දෙයට ඔහු වෙනකක් කීවේය.
   —නෑ දැහැන් මං හොදින්....
   —බොරු කියන්න එපා සෙව්මි... මට ඔයාව තේරෙනවා...මට ඔයාව දැනෙනවා...
   —බොරු නෙමෙයි දැහැන්
   —හරි දැන් කියන්න මොකද වුනේ කියලා....දැහැන් එසේ කියන විට නිකම්ම මගේ කට ඉස්සර විය.
   —නෑ දැහැන් අපේ ගෙදරින් සුපුන්ව මට බදින්න කියනවා...
   —සෙව්මි....මං ඔයාව කාටවත් අයිති වෙන්න දෙන්නෑ...ඔයාව මගෙන් උදුර ගන්න දෙන්නෙත් නෑ...ඔයාව මං මගේම මගේම කරලා ජීවිත කාලෙටම මං ළගින් තියා ගන්නවා...ගොඩක් ආදරෙයි සෙව්මි...ඔයාගෙ ආදරේ හැමදාටම මට ඕන...තේරුණාද....
  —දැහැන් ඔය ඇත්තමද...
  —ඇත්තමයි සෙව්මි...ප්‍රොමිස්...මාව කාටවත් ලියලා දීලා නැහැනෙ බබෝ...මම ඔයාගෙ විතරමයි.
  —අනේ දැහැන් ඒත් මට ඔයාව අයිති කර ගන්න එපා...මම ඔයාට ආදරේ කරන්නම්... ඔයා මට ආදරේ කරන්න එපා
  —සෙව්මී මොනාද මේ කියවන්නෙ...මාව මනුස්සයෙක් කලේ ඔයා..ඔයාගෙ ආදරේ...ඉතිං මට කියන්නෙ ඔයාව නැති කර ගන්න කියලද..
  —නෑ දැහැන් මාව ඔයාට නැති වෙන්නෑ...මං හැමදාම ඔයා ළග ඉන්නවා...ඒත් මට ඔයාව මගේ කර ගන්න එපා...මං පවු කරන්න බයයි දැහැන්...
  —මොන පවක්ද සෙව්මි...
  —ඒ වුනාට එකතු වෙලා ඉන්න දෙන්නෙක්ව වෙන් කරන්න මට බෑ දැහැන්...තේරුම් ගන්න ඔයාව මට අයිති නෑ.
  —කෙහෙල්මල...සිතුමිණිට මම ආදරේ කළා..ඒ ඉස්සර ඒත් දැං මගෙ සිතුමිණී නෑ...එයා මැරිලා...ඒ ආදරය මැරිලා...
  —මං දන්නෙ නෑ දැහැන්...
  —ඔයා දන්නැති තරමට හොදයි...මං කැමතිත් ඒකටම තමයි...අපි අපි දෙන්නා ගැන කතා කරමු...අනික් දේවල් මෙතෙන්ට අදාල නෑ...
  —කැමැත්තක් දැහැන්
  —හරි ගෙදරටම වෙලා ඉන්න එපා...නිකන් මේ පැත්තෙ ඇවිත් යන්න නදුනි එක්ක හරි...හුග දවසකින් දැක්කෙත් නෑ...
දැහැන්ට මා එන්න පොරොන්දුවී දුරකථනය විසන්ධි කලේය.
 පිළිගන්න ඒ ආදරය ළගදී මා කෙතරම් අසරණ වන්නේද කියා මටම කියන්නට බැරිය. එහෙත් මට එක මොහොතක් දැහැන් දැක්කොත් මාස ගානක් ජිවත් වෙන්නට ආස හිතෙන බව නම් ඇත්තය.

— කතා කරන ඇස් දෙක තුළ
 දෝරෙ ගලන ආදරයට
 වාන් දමන්නට දගලන
 කෝඩුකාර පෙම්වතියේ
 කොතරම් හිත තද කලාට
 සිතුම් පෙළම මුහුණෙ තියේ
 නොකියා ඔබ කියනා මට
 සුන්දර ප්‍රේමේ...
 ගව් ගානක් දුරින් තියන්
 ඉන්නට ඔබ වෙර දැරුවත්
 සුළග වගේ දුවන් එනවා
 හිත ඇතුලේ නලියන
 ඒ ආදරේ...
 සගවා ගන්නට හැදුවත්
 ඔබ හට බෑ එය තාමත්
 පොපියා දගලන කැල්මන්
 මනමත් වී විසිරේ නෙතගින්...

See u Part 4

මට මාවත් අහිමි වුන අන්දම....

Tuesday, July 6, 2010

මගේ පුංචි ආදරියේ...

රැයට ඇහැරෙන...
සදට පෙම් බැදි...
කොද මලයි නුඹ...
පෙම්බරී...
හිතේ තනියට...
ළගින් ඉදගෙන..
කුරලු ගීයක්
හෙමින් මුමුණන...
සියුමැළී...
විලට ලොබ කළ
විලෙම ඉපදුන..
රුවැති නුඹ මගෙ
සුන්දරී...
ප්‍රාණ සම මගෙ...
ප්‍රේමෙ වුනු නුඹ...
ඉතින් හැමදා..
ළගින් ඉනු මැන..
ආදරී......

Wednesday, June 9, 2010

කලකිනි මිනිසත් බව ලැබ ගන්නේ....

කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා සේ ඉතාමත් දුර්ලභව ලබන මිනිසත් කම අමතක කරලා අමනුස්සයින් වගේ ඔබ ජීවත් වෙන්න එපා. කිසියම් කුසලයක් හේතුවෙලා අපි ලබාපු මනුස්ස ආත්මය ඔබට...ගෙදරට...සමාජයට...රටට ප්‍රයෝජනයක් ලැඛෙන විදිහට ගත කලොත් තමයි ඒ ජීවිතයේ නියම වටිනා කම තියෙන්නෙ. එහෙම නැතුව මහපොලවට ඉපදුනාට දෙමාපියන් කන්න බොන්න දීලා ලොකු කලාටම ඉන්නම වාලෙ ඉන්න පුද්ගලයෙක් වෙන්න එපා. ඔබ මෙ ලෝකෙ ජීවත්වෙන එක මොහොත හරි බලන්න ඔඛෙන් යම් අයෙකුට ඉටුවිය යුතු දෙයක් තියෙන වද කියලා. තියෙන වනම් නොපිරිහෙලා ඒ දේ ඉෂ්ඨ කරන්න ඔබ පසු බට වෙන්න එපා.
 ඒ වගේම උසස් මනසකින් යුක්තව අපි ඉපදුන නිසා අපිට මනුස්සයා කියලා කියනව නම් ඒ මනුස්සයට ඔබින උචිත දේ පමණක් ඔබ කරන්න. එහෙම නැතුව තිරිසන් සත්තුනට අයිති දේ ඔබ කරන්න එපා. එහෙම උනොත් අර උසස් මනසක් තියෙන මිනිසා මෙලෝ රහක් නැති කිරිසනෙක් වෙයි. අපේ ජීවිතය හෙට දවසෙ එහෙම නැත්නම් මෙ ගෙවෙන මොහොත හුස්ම ටිත ඉවර වෙයිද කියලා අපි දන්නෙ නෑ.පණ නම් තණ අග පිනිබිදු වැන්නේ...කොයි මොහොතෙද කියන්න අපි කාටවත් බෑ. ඒක නිසා ජීවත්වෙන පුංචි දවස් ටිකේ මනුස්සයෙකුට අයිති දේ විතරක් ඔබ අතින් සිද්ද වුනොත් කලකින් ලබා ගත්ත මනුස්ස ආත්මයෙ වටිනාකමක් ඔබට තියේවි. දැනේවි.

මනස උස යැයි කියන මිනිසුනි
ඇයිද මෙ ලෙස හිදින්නේ
ලැබුව උපතට මනු ලොවෙ
අරුත දී මිය යනු සොදේ....

තමන් ඇස ඇති දේ නොදැනෙනා නුඹ
අනුන් ඇස පිසලන්න වෙහෙසෙති
දුකින් ලද ඒ මිනිස් උපතට ඔබ
නිගරු කරනුයෙ මෙ හැටි...

තම තමා ගැන වග බැලුවොතින්
ඇවැසි නෑ අනෙකට දිගු කරනු ඇගිලි
ඔබ ඔබට හොදම මිනිසා වූවොතින්
මුලු ලොවම හෙට හිනැහෙති..
.

Wednesday, June 2, 2010

අනුගමනය කරන්න....එත්...අනුකරනය නොකරන්න...

           එකිනෙකා පරයමින් ජීවන වියදමත් එක්ක ඔට්ටු අල්ලන මිනිස්සු අතර මෙහෙම දෙයක් කතා කළාට කියවන්න ඉඩ තියෙයිද කියලා මං දන්නෙ නෑ..ඒත් සමාජයෙ අපි ජීවත් වෙනකොට අපිට විවිඩාකාර මිනිසුන් මුන ගැහෙනවා..ඒ මිනිසුන් ජීවත්වෙන රටාව යම්කිසි රිද්මයකට ගලා යන්නෙ. එක්කො තමන්ම හදා ගත්ත ජීවන ප්‍රතිපත්තියකට.එහෙම නැත්නම් ජීවත්විමත් සමග අත්දැකීම් මත. එහෙමත් නැත්නම් තව කෙනෙක් දිහා බලමින්. මේ කොයි විදිහට අපි ජීවත්වුනත් අපිට අවශ්‍ය සමාජයෙ හොදින් ලස්සනට ජීවත්වෙන්න.
 අපි කවුරුවත් කැමති නෑ දුකින් ජීවිතේ ගත කරන්න. ඒත් ඒ සතුටින් ජීවත් වෙන්න අපි යනකොට අපි අතින් අපි නොදැනුවත්ව කොපමණ අඩුපාඩුකම් සිද්ද වෙනවද...
  හිතලා බලන්න කෙනෙක් ලස්සන ඇදුමක් ඇදගෙන ගියොත් අපිත් ඒ විදිහටම ඇදුමක් ගන්නවා. එහා ගෙදර අය කාර් එකක් ගෙනාවොත් අපිත් ඒ ජාතියෙම කාර් එකක් ගේනවා.අපේ වත්කමක් නැති වෙන්නත් පුලුවන්. ඒත් අපි කොහොම හරි කරනවා. ඒ කොයි දේ වෙතත් මං කියන්න යන්නෙ මෙකයි...අපිට බැරිද අපේම කියලා තමන්ගෙම කියලා අනන්‍යතාවයක් ඇතිවෙන විදිහට ජීවත් වීමෙ රටාවක් හදාගන්න. ඒ කියන්නෙ මෙහෙමයි..අපිට ගැලපෙන අපේ හැකියාවත් එක්ක හොද දේවල් ටිකක් ගොඩ නගා ගන්න. එහෙම නැතුව එහා ගෙදර අය කරන විදිහටයි අපේ අනික් යාලුවා කරන විදිහටයි අනුන්ගෙ පස්සෙ ගිහින් අනුන්ගෙ දේවල් කොපි කරලා ඒ මතට අපේ, මගේ කියන සීල් එක ගොඩ නගා ගන්නෙ නැතුව ටිකක් දුක් විදලා තමන්ටම ආවේනික පිලිවෙතක් පැවැත්මක් සකසා ගත්තොත් මං හිතනවා කවමදාවත් අපිට අපේ ජීවන රටාව නොවැටී ඉදිරියටම යන්න පුලුවන් කියලා.
  ලෝකය තරගකාරියි තමයි. නමුත් ඒ තරගකාර රටාව තුල අපි දුවන්න ඔනෙ අපේ විදිහට. එහෙම නැතුව අනුනගෙ විදිහට යන්න ගියොත් නිකන්ම නිකන් හති වැටෙනවා විතරමයි.


 හැබැයි යම්කිසි කෙනෙක්ගෙ හොද දේවල් කොපි කරගන්නෙ නැතුව ඒ විදිහ ඒ මග අනුගමනය කරලා ඒ දේවල් අපි ලබා ගත්තට කමක් නෑ කියලා මං හිතනවා. උදාහරනයක් හැටියට හිතන්න අපිට හම්බවෙනවා හොද පොතක්. කියවන්න කියවන්න ආසයි.  මිනිස්සු ඒ පොත වෙළදපොලේ පොර කකා අරගන්නවා. අපිටත් දැන් අවශ්‍ය වෙනවා එහෙම දෙයක් කරන්න. හැබැයි අපිට ඒවගේ ලියන්න හැකියාවක් නෑ. ඒත් ටිකක් ගලපලා ලියා ගන්න පුලුවන්. අපි මොකද කරන්නෙ අර පොත අරගෙන ඇවිත් ඒ පොත වගේම එහෙන් මෙහෙන් වචනයක් දෙකක් වෙනස් කරලා අපේ නමින් වෙළද පොළට දානවා. මිනිස්සු හිතනවා මෙන්න හොද නිර්මණ කාරයෙක්. අර මනුස්සයා වගේමයි කියලා. හැබැයි ඒ පොත ගෙදර ගෙනිහින් කියවන මිනිස්සු දන්නෙ නෑ මෙ මනුස්සයා මෙ පොත ලිවුවෙ අර දුක් විදිලා දුක් විදලා වචන ගැට ගහලා රැයවල් ගණන් නිදි මරාගෙන බිහි කරපු පොත ළග තියාගෙන කියලා.
එහෙම නැතුව අපිට තිබුණා ඒ මනුස්සයා මුණ ගැහිලා මෙහෙම ලියන්නෙ කොහොමද...කියලා කතා බහ කරලා ඒ කෙනා යොදා ගත්තෙ මොන වගේ දේවල්ද කියලා තෝරා බේරාගෙන ඊටවඩා වෙනස් නමුත් අර වගේම සාර්ථක දෙයක් කරන්න.
   හොදට මතක තියාගන්න අනුනගෙ දේවල් කොපි කරලා බොළද දේවල් බොළද මිනිසුන් ඉදිරියෙ පොරක් එහෙම නැත්නම් කඩදාසි වීරයෙක් වෙනවට වඩා තමන්ගෙම දේ තුලින් තමන්ගෙම ප්‍රතිපත්ති මතින් තමන්ටම කියලා උචිත දේවල් ටිකක් ගොඩ නගාගෙන අහි0සක සතුටක් ලබාගන්න එක. ඉක්මනින් ප්‍රසිද්ධ වෙන්න ගියොත් අපිට වෙන්නෙ ඊටත් වඩා ඉක්මනට මැකිලා යන්න. ඔබ තාරකාවක් වෙන්න. ඒත් අනුන්ව අනුකරනය  කරලා එක රත්තිරියෙන් බැස යනවට වඩා තව කෙනෙක්ගෙ දෙයක් අනුගමනය කරලා දිගු රත්තී්‍රන් ගණනාවක් එළිය දෙන එක ලස්සනයි හොදයි කියලා ඔබට වැටහේවි...

Sunday, April 25, 2010

එළිය වෙන්නකො ..........

සොදුරු සීතල මෙ රැයේ

සොම්නසක් රැදි නුඹෙ වත
සොවින් වෙලීගිය මගෙ හදට
සොමි සදක් සේ සිසිල විය...

පහන් තරුවෙන් පාර අහගෙන
පහන් වෙන්නට පෙර හිමිදිරිය
පහන් සිතුවිලි දෝත අරගෙන

පහන් සිලුවක එළිය වෙන්නකො නුඹ මට....

නුඹ දුරක ගිය අරුමය...

මලක් හැඩකර පාට කරනට

ගසක් දුක් ගත් තරමට
නුඹෙ හදවත සිහිල් කරනට
හෙළපු සුසුමන් නුඹ නමට...



මලේ රුව විදගන්ට
ගසට අවසර නැතුව සේ
නුඹෙ සෙනෙහස ලබන්නට
නොදී නුඹ දුරක ගිය අරුමය...

නුඹයි නුඹෙ දරදඩු හිතයි වාගෙමයි...

උදේ ඉදන් ගොරවලා ගොරවලා

ඉර බහින හැන්දෑව මුසල කරලා
කඩා වැටුනු අනෝරා වැස්ස
හරියට නුඹ වාගෙමයි...




පෙම්වත් හැන්දෑවෙ හීන ඇහිදින්නට
මාත් මගෙ ඇසුත් මග බලා උන්නු තරමම
අදුරු කරලා නුඹ කඩාගෙන වැස්සෙ හරියට
නුඹයි නුඹෙ දරදඩු හිතයි වාගෙමයි...

ගැහැණියෙ නූඹ හැමදා වාසනාවන්...........

පි්‍රයංකර ඇය සුකුමල                     ලදක්මය

මල් පෙත්තක් වගේ මුදු බවින්                යුතුමය
පිනි පැන් පොදක් මෙන් ඇගෙ හද     තෙත්බරය
මේ හැම ඇත්තෙ ලෝකයෙ ගැහැණිය     තුළය

පිරිමියා ලොව දකින්නෙත් ගැහැණිය  තුලනි
දරුවා පණ ගසන්නෙත් ඇගෙ කුස      තුලනි
සෙනෙහස නිසා මේ හැම බර           දරන්නි
ලොව හැමදාම බලවත් වෙයි              ගැහැනි


බාධක දුක් කම්කටොලු ඇය විද        දරාගෙන
කරුණා මිනි පහන හද තුළ               රුවාගෙන
ලෝකය රකින්නට ඇය කදුලැලි       හෙලාගෙන
දිවි මං තලාවෙ ඇය යයි හැම              වසාගෙන


ගල් පිළිමයක් සේ ඇය විදගයි නම්     අවමානේ
ඇය යන එන මග මිනිසුන් කියවයි       අඩමානේ
විද ගන්නට නැද්ද ඇය හට සතුටේ              හීනේ
කියලා අසන්නට සිතුනෙමි මා හට        මිනිසුන්නේ


ඇන්දත් වැරදීය ඇය කෑවත්                         වැරදීය
හිනැහුනත් වැරදීය ඇය ඇඩුවත්                  වැරදීය
වැඩපල කළත් වැරදීය ඇය නොකළත්           වැරදීය
බැලුවත් නෙතින් වැරදීය ඇය නොබැලුවත්  වැරදීය


දහදිය හෙළා ඇය දිවිමග සරු                   කරන්නිය
අතපය රිදෙන තුරු ඇය වැඩපල                කරන්නිය
දරුවන් රකින්නට ඇය දිවි කැප                කරන්නිය
ජීවන ගමන නෙක අයුරින් හැඩ                කරන්නිය


පින්බර උදේ සුපිපුණු මල්                     වාසනාවන්
සුන්දර ඇගේ සිනහව අපහට                 වාසනාවන්
ඉපදුනු ලොවට නුඹ කරනා මෙහෙය        වාසනාවන්
සුන්කර නොගන ගැහැණියෙ නූඹ හැමදා   වාසනාවන්

අපි යනවා ඔබ අත්හැර බැරිමුත් දිවි මග.......

මවකගෙ සෙනෙහෙ ගගුලැල්ලක් වී ගලන    දිනේ

පියෙකුගෙ දෙනෙතෙ කදුලැල්ලක් වී සතුටු  වුනේ
පුතෙකුගෙ සිනහව දකිනට දුක් වින්ද          දිනේ
දුවෙකුගෙ අගය දැනෙනවා අප අසරණ වුන දිනේ


ඔබ අප ලොවේ කිරුලයි රත්තරන්               පුතේ
වැටි වැටි නුඹ නැගිටුව හැටි ඇත තවමත් මගෙ සිතේ
දුන්නේ නැ නොවෙද වැටෙන්න නුඹහට මගෙ පුතේ
අද නුඹ අපව අතහැර මග දමා                    ඇතේ

දිනුමක් ලැබුව නම් ඔබ එය අප ලද දිනුම               විය
සිනහව වුනානම් ඔබ එය අප ලද සිනහවම          විය
දෙන්නට ඇතත් හොද නරක ඔබහට එය අප සතුම විය
එනමුත් නුඹහැර ගිය එක ඒ ලෙස සිදුම             විය

ඔබ අපෙ පුතා ලේලිය අපෙ දියණියක්    මය
එනමුත් ඇගේ හද තද කළු ගල්          මෙන්ය
ලෝකයෙ හැම දරුවෙක්ම අපෙ දරුවන මය
ලේලියෙ නූඹට අපි නුඹෙ මව්පියන්     මය

මගෙ සුදු පුතේ නුඹ ලොව පියෙකු වන       දිනට
ලේලියෙ නුඹත් මව් පදවියෙ උරුමය ලබනා දිනට
වැටහෙයි ඔබට සතුටේ රස ඒ                    දිනට
දැනේවි දුකක් ඔඛෙ දරුවන් ඔබ අත්හල   දිනට

අප දෙස නොබැලුවත් අප නැත වෙනසක් ඔබහට  පුතුනේ
එනමුත් අද අප දුබලව ඇත ඇවැසියි ඔබගේ        සරණේ
දෑසම අන්ධ වූවා සේ ඇයි ඔබ ඔය ලෙස          ඉන්නේ
අප දුබලව ගියේ නුඹ සවිමත් කරන්නයි මගෙ    පුතුනේ

තරහා වෙන්න බැරිවෙයි මව්පියන් හට දරුවන්  සමග
ඔබ කරනා හොද නරක එක්වෙයි ඔඛෙ සසර     මග
අප බාධාවක්ම නම් පුතුනේ ඔඛෙ දියුණුවෙ      මග
මෙන්න අපි යනවා ඔබ අත්හැර බැරිමුත් දිවි      මග

කෝල සිතත් ගෙන ඇගෙ විමනට ඈ යන්නා.....


සිහින හතක් දැක මගෙ දෝතට දෝනිය    ලැබුනා

මාල හතක් බැද දෝනි පෝරුව මත        නැගුනා
ලෝල හැගුම් ටික ඇගෙ නෙත ඉගිබිගි   පානා
කෝල සිතත් ගෙන ඇගෙ විමනට ඈ  යන්නා


මොලකැටි මගෙ සුදු රෝසමල          ඔබයි
කිරිකැටි සිනහව ඔඛෙ අදත් මහද  මැවෙයි
හුරතල් මගෙ බෝනික්කිය            ඔබමයි
නෑගම් යන්නට ඈ සැරසී           ඉන්නයි


ඉස්සර වාගේ මිදුල පුරා දුවපැන           යන්නට
බෝනික්කන් ගෙන දෝතදරා සෙල්ලම් කරනට
මා එන පෙරමග දසුන් පපා බලා         හිදින්නට
හෙට සිට නෑ නොවෙ දොනිය නිවස පුරා මාහට


කැදැල්ලෙ පාළුව දැනේවි නුඹ ගිය පසු      නම්
නිදැල්ලෙ යයි හැමතැන සිතුවිලි වැල         නම්
දැවිල්ලෙ හද ඇවිලී යයි දෝනියෙ මගෙ      නම්
සෙවිල්ලෙ ඉන්නකො නුඹ ඔඛෙ ලොව ගැන නම්


මිනි පහනක් වූවා ඔබ නිවසේ                   ආලෝකේ
මදපවනක්සේ සිහිලස දුන්නා නිවනට        සෝකේ
හිරු කිරණක්සේ විහිදා හිදියා අපගේ         ලෝකේ
දුක් ගින්නක් මේ ඇවිලී යන්නේ දරනට බැරි සෝකේ


පුංචි ගවුම් ටික පූසි පැටවු ටික තැන තැන ඇත මුළුගැන්     වීලා
සිංදු කියන්නට නැටුම් නටන්නට එන්නේ නෑ ඔබ අපගේ සිනහව වීලා
පුංචි කදුළු බිදු ඇස් අග උනනවා දුක වැඩි                            වීලා
පැංචි මගේ ඔබ හුරතල් දියණිය අද හැඩවී ඇත මනමාලිය වීලා


පතනෙමි සුදු දෝනියෙ ඔබහට              බුදු සරණයි
ගෙනඑමි රැකවරණය ඔබහට                දෙවි පිහිටයි
දෙන්නෙමි අපගේ ආලය ඔබහට එක     ලෙසටයි
ඉන්නෙමි අපහැම ඔබ ළග දුක             සැපටයි


යන්න යන්න ඔබ මෙන්න අපේ                         අවසරයයි
ඉන්න ඉන්න ඔබ හැමදා නිදුකින් වැජ             ඹෙන්නයි
දෙන්න දෙන්න ඔඛෙ අත ඒ සුන්දර මනමාලයා වෙතටයි
ඔන්න ඔන්න මගෙ දු කුමරිය කුළගෙට           යන්නයි

අවසර...

අත් දෙකට දැන් වෙහෙසයිලු හොදටෝම...

වැඩ කරන අතර මග දිවුවා මං මැරතන්ම...
හෙට උදේ ආයෙමත් එකම වැඩ මුරය...
පතමි අවසර දමා යන්නට ඔබ සැවොම...

දන්න සිංහල එකතු කරලා...
ගෙතුවෙ මං අපැහැදිලි අකුරු වැල්...
වැරදි ඇති එහි බොහෝමුත්
දෙනු මැන ඉතිං බජනය සමා

වඩිනු මැන ඉතිං...

හුදකලා මං තවම


මග බලා ඉන්නවා

මෙ බංකුවෙහි

අනික් පස

කවදා නමුත්

නුඹ ඇවිත් ඉද ගන්නකම්...

හීන ගෙත්තම් කර...

පාට තැවරුම් දමා...

ආදරෙ මල් පොකුර

නුඹ දෝතින් ගෙන

වඩිනු මැන ඉතිං...

නිවාලන්නට මගෙ තනිය...

උඹ....

මට හිනා වෙන්න ඉන්නෙත් උඹ විතරයි
කතා කරන්න ඉන්නෙත් උඹ විතරයි
රණ්ඩු කරන්න ඉන්නෙත් උඹ විතරයි
අන්තිමට යාලු වෙන්න ඉන්නෙත් උඹම විතරයි…


මට ආදරය කරන්න ඉන්නෙත් උඹ
මගෙ ආදරය ලබන්න ඉන්නෙත් උඹ

මං ළග දැවටෙන්නෙත් උඹ
මාව දාලා ගියෙත් අන්තිමට උඹ…

එහෙම වුනේ ඇයි…?

ආදරය මදි වුනාද…
ආදරය වැඩි වුනාද…
ආදරයට බොරු කළාද…
දන්නෙත් උඹම විතරයි…

ගැඹුරු පිනම කඨීනය ලෙසින් කියයි......

මහ වැහි සීත සුළං සමගින් එළඹුනෙ         වස්සානය


බොදු බැතියන්ට ලැඛෙනුයෙ ඉන්             සැනසීමය

සෙනෙසුනෙ වෙසෙන අප හිමිවෙත කළ  ආරාධනාවය

එලොව මෙලොව සුව ගෙනදෙන             දෙAශනාවය



සිවුපස නොඅඩුවම දෙමි අපෙ            හාමුදුරුවනේ

මේ වස් කාලයේ ඔබ අප දමා               නොයන්නේ

ධර්මය හැකිතරම් අපහට පහදා             කියන්නේ

වස්සානය බොදු මිනිසුන්ගේ හිත්           දිනන්නේ



හැමදා හවස වැඩ නිමවී අප                 එන්නේ

පන්සල අපේ දුක් ගිනි හැම                 නිවන්නේ

ලොකු හාමුදුරුවෝ බුදු බණ                 කියන්නේ

උවැස උවැසියෝ සාධු සාධු                   කියන්නේ



අපෙ හාමුදුරුවෝ දුර බැහැරට       නොවඩියි

සීලය හිස් මුදුනින්ම                         සුරකියි

තම වැසියනට මහ පිං ඉන්               ලැඛෙයි

ගැඹුරු පිනම කඨීනය ලෙසින්          කියයි



බුදු හිමියන් තුළ තිබුණු අන් අය වෙත කන්  දීමට

නිගන්ඨනාථයන් අප හිමිවෙත කළ         ඉල්ලීමට

මේ දෙක එකතුවී පින හැදුනේ                  ගැඹුරට

එහෙයින් හැකි වුනෙමි අට කුසලක් කර       ගන්ට



මේ කාලයේදී හැම හිත්                        පින්බරය

වචනෙන් කයෙන් සිතිනුත් උන් හැම    සංවරය

බුදුහිමි ගුණම හැම කැන රැවු                 දෙයිය

හැමතැන නෙරෙන්නේ පින්කද යන්නට නිවනටය



වප් මහ පෝය ළග ළග බව               පවසන්නේ

තද වැහි සුළං හෙමි හෙමිහිට               නවතින්නේ

මුළු ආරාමයම සුදු වතකින්                 බබළන්නේ

කඨීනම පිංකමට කවුරුත්                  සැරසෙන්නේ



අට මහ කුසල් කරලන්නා හැටි                   උගත්තෙමු

හැකි පමණින්ම පිංපොත පුරවා                    ගත්තෙමු

සසරේ දුකයි ගැඹුරයි ගැන අප සිත්         යොමන්නෙමු

ඒ පින හවුල්වී නිවනට මග                       සැදෙන්නෙමු

Saturday, April 24, 2010

යදිනා සිගමනේ...

කුස පොත්ත ඇලී



පිට කොන්ද ඇතුලටම


හුස්ම අල්ලන්නට ජීවිතේ


යදිනා සිගමනේ...


ඉතිං කවදා දකිනු නුඹ


හීන දැකි හෙට දවස


මෙහෙම මහ පාරටම


ගෙවී ගිය පසු ජීවිතය...

ආසයි මටත්...

පුංචි බෝනිකි පැටවු ගෙන...

හුරතලෙන් නුඹ නිදන යුරු දැක...


සිතුවිල්ලක් ඇවිත් හිත මත..

කරනවා අකීකරු කමක්...

නුඹ වගේ දියනියක් මටත්

උන්නා නම් කියා...

නලවන්න හිතෙනවා මට...

දෑතට අරන් නුඹ...

කිරි සිහිනයේ අතරමං වෙලා

ඉන්න නුඹ හට බැහැ කරන්නට

බාධා ඉතිං...

දැනේවී තනි කමක්...

ඇගිලි ටික මත තබා

නුඹ ඉන්න සමනලයා...

වැසෙන්නට පෙර නුඹෙ දෑගිලි...

දුරක යයි...

තලා පොඩිකර නුඹෙ හිත

දැනේවී නුඹෙ හදට...

මහ හුගක් තනි කමක්...

ඉගිලිලා ගිය පසුව ඌ...
සද සදට පෙම් කරයි...


මල මලට පෙම් කරයි...

මං මගෙ හිතින් කරයි...

මහ හුගක් ආදරෙ...



දකින්නට නැත

ඇසෙන්නට නොමැත

දැනෙන්නෙත් නැත

ඒත්

තිස් තුන් පැයේ

මා නුඹ ළග...

දමා නොයනු මැන මගේ මේ විසල් පෙම එපා වූවත් නුඹට....
 

මා නුඹ සීතාවමයි....

නොබලන් හිමියනි


අඩවන් දෑසින්

මගෙ දෙස

සැලෙන හදින්...

දුරු රට ආවෙ

සරි කර ගන්නට

අහිමිව ගිය

රන් කාසි ගොඩ ගසන්නට

මිසක්....

රහසින්වත් හිතුවෙ නෑ

බැදෙන්නට වරදෙ...

නොදෙනු මැන මා හට

මෙහෙම දඩුවම්...

ඇයි නුඹ කරන්නෙ

වග විගාගය

සිතාවට මෙන්...

එදා වගේම අදත්
 
මා නුඹ සීතාවමයි...

පියෙකුගෙ සෙනෙහෙ ගැන..........

පියෙකුගෙ සෙනෙහෙ ගැන


දන්නේ නැතත් ගලපන්නට

දැරුවෙමි පුංචි උත්සහායක්

කෙසේදැයි නොදනිමියි මං

නිහඩවත දරාගෙන

උසුලාගෙන මහබරක්

හිරුටත් පෙර මගට බසින නුඹ

සදවත නැගුන ගෙමිමනේ

පැලට එනදා

සිගිති වුන් නිදයි කිරි සිහින දකිමින්ම

ආදරයෙන් තුරුල් කර ගන්නට වුන් ලොබ කලත් සිත

දරුපෙමම ගුලි කරන්

හඩන නුඹ පියාණෙනි

හෙළපු දහඩිය කධුළ දන්නේ නැතත් වුන්

තුරුල්වන්නේ මවු සෙනෙහෙටම නොවෙයිදෝ.....

ශක්තිමත් කරන්නට දරුපැටවු

ඔබගෙ ශක්තිය වැය කළත්

අවාසනාවක්දෝ නොකියයි වුන් පියෙකුගෙ ගුණ කිසිදා....





....කුසට ආ මල් කැකුළ

නොතළා ලොව දැක්කෙ

ශිල්ප සතර ලැබ

කිරුළ ලබන්නට

නොපෙනුන නොදැකපු

හිරු නුඹම විය පියාණෙනි......

රැවටීම...

අසා මුසා බස්


දොඩා සැහැසි බස්

කියා වහසි බස්

අපේ මිනිසුන් යාවි

එකා පසු පස

එකා ඇවිදින්

කර තියන් දරන්නට බැරි

රටපුරා ඇති සුවද පළතුරු

මල් වට්ටි එකතු කර

දේවාලයේ

කපුවාගෙ පසුපස

මුවට නැගුනා සිනහවක්.........

සිහින තොටුපොලෙ


අතරමං වුනු

බාල කාලෙ

මතක් වී

මුවට නැගුනා සිනහවක්

දැකපු ලෝකය

හා

නොදුටු ලෝකය

අතර ඇති

පරතරය දැක...

අත්තටු රිදුනා විතරයි..Part 02

පිළිගන්න එතැන් පටන් ඔහු හරිම ලස්සනට මගේ හිත කියෙවුවේය. ඒ ආදරය නිරාමිස සුවයක් මගේ ජිවිතයට එක් කලේය. දැහැන් වෙන කෙනෙක්ට අයිති බව මට නොදැනුනි. කාටවත් කියා ගන්නට බැරි වුවද මා අපමණ සතුටින් පසුවිය. සමහර දිනවලට ඔහුගේ ගැහැණු ළමයා පැමිණ සිටියද එයින් මගේ හිත රිදුනේ නැත. ඒ මගේ ආදරය පිරිසිදු නිර්මල දෙයක් බැවිනි. එමෙන්ම මා විශ්වාස කලේ අප ආදරය කරන දෙයක් නිදහසේ තැබිය යුතුය යන මතයේ හිදය.


නදුනි මගේ වෙනස දැනගෙන

—මොනවද සෙව්මි කලේ...ඔයාට තේරෙන්නෙ නැද්ද දැහැන්ට කෙල්ලෙක් ඉන්නවා....ඔයාටත් ගෙදරින් යෝජනා කරපු කෙනෙක් ඉන්නවනෙ...මට නම් කොහොමත් ඔය වැඩ දිහා බලා ඉන්න බෑ...ඇත්තමයි සෙව්මි..මොනාද ඔයා මේ කරන්නෙ...ඒ විතරක්ද තව කෙනෙක්ට ගින්දරක් දීලා ඔයා ලබන සතුට මොකක්ද¡¡¡¡

නදුනි කියනා දෙය මට තේරෙන්නේය. එහෙත් සදාචාරයට සම්මතයට යටවී මට මගේ ආදරය හිරකර ගෙන ඉන්නට බැරිය. එමෙන්ම කිසිදිනක මට දැහැන් මගේ කරගන්නට ඇවසි නැත. දැහැන් කාගේ වුවත් මා දැහැන්ගේය. අපි අපට ආදරෙයිය. ඉතිං අපි අපේ හිත්වල හැගීම් පිට කල එක වරදක් වන්නේ කෙසේද...

—අනික් එක සෙව්මි දැහැන් කොහොමද එක සැරේ දෙන්නෙක්ට ආදරය කරන්නෙ...ඔයාට ඒක හිතන්න බැරි වුනාද...˜

මට හැඩුනි. ඒ දැහැන් ගැන සිතා නොවේ. මගේ ආදරය ගැන හිතාය. එමෙන්ම එය කිසිවෙකු විශ්වාස නොකරන හින්දාය..මට කුහක කෙල්ලෙකු වන්නට බැරිය. එසේම දැහැන්වත් ඔහුගේ පෙම්වතියවත් දෙපසකට කරන්නට මට බැරිය. නමුත් දැහැන්ට ආදරය කරන්නට මේ සමාජය මට ඉඩ දෙන්නේ නැත්තේ ඇයි..

කාලය ගෙවුනි. මා පිස්සියක සේ දැහැන්ට ආදරය කලේය. දැහැන්ගේ පෙම්වතියටද දැහැන් ආදරය කලේය. නමුත් කිසිම මොහොතක මා ඒ ගැන දැහැන්ගෙන් නොවිමසීය. එහෙත් දැහැන් දිනක් කීවේ

—මේකනෙ සෙව්මි අපි ඉස්කෝලෙ යනකාලෙ කෙල්ලෙක් එක්ක යාළුවෙන්න ඕනවට එයත් එක්ක යාළුවුනා මිසක් ආදරය කියන දේ ගැන අපි දැනගෙන ඉදියෙ නෑ...ඒත් ඔයාගෙන් මං ආදරය කියන දේ ඉගෙන ගත්තා...ඉතිං ඇයි අපි අපේ හිත්වලට වංචාවක් කරන්නෙ...˜

මට කිසිවක් තේරෙන්නේ නැත..වෙනදා වාගේම මා දැහැන්ට කීවේ

—දැහැන් ඔයා මගෙ නෙමෙයි අනුන්ගෙ....˜

—නෑ සෙව්මි මං ඔයාගෙ....˜

—ඔයා කොහොම කිවුවත් ඔයා මගෙ නෙමෙයි දැහැන්....ඒත් මම මැරෙනකම් ඔයාගෙ තේරුණාද...

—අහන්න සෙව්මි..මං ඔයාගෙ තමයි...අපි අපේ...

—නෑ දැහැන් කවදාවත් අපිට අපේ වෙන්න බෑ...ඒත් මට ඔයාගෙ වෙන්න පුළුවන් දැහැන්... හිතින් වගේම ගතිනුත්....

—චකැ්ිැ…ගගසෙව්මි අපි මේ කතාව නවත්තමු...මොකද මං කොහොමද මගෙ ආදරේ පෙන්නන්නෙ...බැහැනෙ ඒ හින්දා අපි මේක නවත්තමු..

ඉතිං හැමදාම වාගේ කොතරම් බැන්නද මගේ දුක ළග ඉදියේ නදුනී විතරමය. මා මීහරකියෙක් වාගේ අඩ අඩා නදුනී හා මගේ හිත දිග හැරියේය.

—නදුනි මට දුක නෑ ඒත් මගෙ හිත පිළිගන්නෑ දැහැන් මගෙ කියලා... මගෙ හිත කියන්නෙම දැහැන් අනුන්ට අයිති වස්තුවක් කියලා..

—ඒක තමයි මෝඩියේ මං කිවුවෙ...දැහැන්ව අයිති දැහැන් යාළු ගෑණු ළමයට...

—ඒත් දැහැන් මටත් ආදරෙයිනෙ නදුනි...

—සෙව්මි...මං දන්න ආදරයක් නෑ...ඒත් ලෝකෙ හැම මනුස්සයවම විශ්වාස කරන ඔය පුරුද්ද අත් ඇරගනින්...ඔබ ඉතිං බෝධි සත්ව වෙන්න හදනවනෙ...අනුන්ගෙ හිත් රිද්දන්නෙ නෑ...එහෙම ලෝකෙ ජීවත්වෙන්න බෑ සෙව්මි...ටිකක් නැගිටලා ඇස් ඇරලා බලපන්...මිනිස්සු කොහොමද කියලා...

—නෑ නදුනි...මං මට හිතවත් වෙන හැමෝටම මාත් හිතවත් වෙනවා...ඒ අය කරන හොද නරක ඒ අයට.. මං කරන හොද නරක මට....

—මට තේරෙන්නෑ ඔය බහුබූත...ඔන්න ඔය ටැප් එක වහගනිං..හැමදාම දැහැනෙක් ගැන කියව කියව හූල්ලන්නෙ..

—මට දුක හිතුනා නදුනි...ඊයෙ දැහැන්ගෙ ගෑණු ළමයා දැක්කම...එයා ලෝකෙටම පේන්න දැහැන් ගාව ඉන්නෙ හරි ආඩම්බරෙන්...

—ඉතිං උඹට තියෙන දුක මොකක්ද....

—නෑ නදුනි ඒ වෙලාවට දරා ගන්න බැරි වුනා තමයි...ඒත් දැන් මට හිත හදාගන්න පුළුවන්...



—මෝඩියේ...ඕක තමයි සිංහලෙන් කිවුවෙ කොල්ලො විශ්වාස කරන්න බැහැ කියලා...

—නෑ මට දැහැන්ව විශ්වාසයි...

—බම්බුව..එසේ කියා නදුනි මට ඉස්සර විය. ඇය දැන් මා සමග අමනාපවී ගියාට නැවතත් හෙට මගේ ආදරණීය මිතුරියයි.. ඇය දකින්නේ මා දැහැන්ට ආදරය කරන එක වැරැද්දක් ලෙසයි..නමුදු එය මට වැරැද්දක් ලෙස නොපෙනේ...මගේ සිත රිදුනේ වෙනකකටය. එනම් දැහැන් කීවේ ඔහුගේ ගැහැණු ළමයා ඔහු දමා බොහෝ දුර ගිය බවය. එහෙත් මට දැහැන්ගෙන් අසන්නට බැරිවිය. ඇය දමා ගියානම් ආයෙත් ආවේ කෙසේද කියා...ගැහැණු අපේ සිතේ ඉරිසියාවක් උපදින්නේ නැතැයි කීවොත් එය බොරුවක්ය..ඒ වගේම දැහැන් අසල ඔහුගේ පෙම්වතිය හිදින විට මටද ඉරිසියාවක් සිතුණි. නමුදු පිළිගන්න දැන් ඒ ගැන කිසිදු හැගීමක් නැත. ඒ මා ආදරය පුද දෙනවා මිස කිසිවක් පෙරලා බලාපොරොත්තු නොවන හින්දාය.

නෙතු දකිනා දහසක් නෙත් මත


ඔබ නෙතු මා සෙවුව තරම්

ඔබ දන්නව නම් මා පි්රය පෙම්වත

මා ඔඛෙ නෙත් යුවලට පෙම් කෙරුව තරම්...

දෑසම අන්ධ වෙලා මා පෙම් කෙරුව තරම්

නොදනී ඔබ ඒ නොදනී....

මගෙ සිතම දනී එය

ඔබ හට නොපෙනේ

අන්සතු වූවත් මා හට හිමි නොවූවත්

ඔය නෙතු සගලට මා හැඩූ තරම්

සාගර තරමට කදුළැලි ගැලූ තරම්

ඔබ දන්නව නම් මා පි්රය පෙම්වත

පෙම් කෙරූ තරම්...

කිසිදින ඔබ හට නොදැනේවී

ඔය නෙත් දෙකටම මා හෙලූ සුසුම්

බොල් සුළගට මුසු වෙච්ච තරම්

නොපෙනේ පෙම්වත නොපෙනේ

මං පෙම් කෙරූ තරම්...

අහිතක් නොසිතමි මගෙ සිතම දනී

මුළු ලොවම දනී එය

ඔය නෙත් දෙක මට අහිමි බව

තරහක් නොම එයි

මට හිමි නොවූවත්

අන්සතු වෙන බව දැන දැන

මා පෙම් කෙරුව නිසා...

ආයෙමත් යන්නට.....

හෝඩි පොතෙ අකුරු ටික


මල් ගවුමෙ රැලි අතරෙ

අපි අපිව හොයාගෙන

පියමැන්න ගුරු ගෙදර

අදත් ඒ විදිහටම

නොසෙල් වී

නොවෙනස්ව

තිඛෙන යුරු

දුටුවිට

මට හිතුනා

ආයෙමත් යන්නට

අපේ ඉස්කෝලෙට...

හැකිවෙද කරනට අමතක......

ඇගේ රුධිරය කිරට හරවා


දෙතොල් මත නුඹෙ තබද්දි

කැකුලු අත් පා සොලවමින්

පුරව ගත්තේ නුඹෙ කුසයි පුතුනි.....

දින දින ගෙවි

හැඩි දැඩි වෙද්දී

ඇය පොඩි වූවා

නුඹ ලොකුවෙද්දී...

පිපාසයෙන් ඈ ගිලන්ම විලා

වෙලුන තොල්පට ගැහෙමින් යද්දී

කෙළෙසද පුතුනේ

අහක බැලූවෙ නුඹ

හැකිවෙද කරනට අමතක

කිසිදා

ඔබ සවිමත් කරනට ගොස්

ඇය ධුබලව ගිය බව....

මං පසු පස්සෙ ඇවිත්.............

මං ජීවිතේ ලැඛෙනකම්


මග බලා උන් දා

නුඹ ජිවිතයම මගෙන්

උදුරගෙන ගිය බැව්

මට පසක් වුයේ...

අතීතයෙ හෙවනැල්ල

මං පසු පස්සෙ ඇවිත්

කියලා ආපසු හැරී

බැලූ සදයි...
 

ඉන්නම් මා මේ ලොව තනිවූ අයෙකු ලෙසේ.........

අහසක් කුමටද තරුකැට                        නැතිනම්
කරදිය කුමටද පවසට                         බැරිනම්
මිරිගුව තරමට ඔබ දුර                         යා නම්
පෙම්කර කුමටද ඔබ නො                ලැබේනම්

එක මග යන්නට දෑගිලි                       ගැන්නට
සිතුවිලි ගොන්නක් නැතිනම්                 හරියට
කෙලෙසක යන්නද බැහැනෙ            කියන්නට
වෙන්වී යමු අපි මේ ගමනේ                දෙපසට

දාහය නිවනට සුළගක්                 නැතිනම්
දෑස් මායිමේ නැත පෙම්වත             ඔබනම්
අත්වැල් අල්ලා කැදලි හදන්             නටනම්
කවදා කෙලෙසදැය දන්නේ             නෑමානම්

සයුර සොයා යන ගංදිය                         සේමා
ඔබව සොයා ආවා මේ දුර                    බෝමා
වෙරළ සොයා ඇදෙනා රළ                  සේමා
ඔබ එන්නෙA කවදාදැයි නොද             නිමිමා

සදදිය කුමටද ඔබ නැතිනම්                       පෙම්වත
පිනිදිය කුමටද නොදකින මේ රෑ                  හිමිවත
නිල්දිය කුමටද දෙන්නට බැරිනම්               ඔබවෙත
පෙම්කර කුමටද එන්නේ නැත්නම් ඔබ         මා වෙත

තරුකැට ගැන්නා නිල් අහසේ             හැමතැන
දකිනට ඔඛෙවත කොහි හො              යම්වෙත
කදුලට නැගුනා ඔබ නැතිවිට               කිසිතැන
හිමිහට කියනෙමි ඉන්නකො ඔබ         නිසිතැන

පාට පාට හීන එකතු කර හැදෙනා         දේදුන්නේ
රෑට රෑට ඇයි ඔබ නිල් අහසේ නො        නගින්නේ
ඊට මීට වැඩියෙන් හොද දුරකට පාවී         යන්නේ
ගාට ගාට හෝ ඔබ ළගටම එන්නට බැරි     හන්දානේ

සිත්තම් කරමින් ඔඛෙ රුව හැමදා මගෙ     මනසේ
ගෙත්තම් කරමින් මා ඉන්නම් සිතුවිලි         වැලසේ
වත්තම් කර හෝ එක්කන් යන්නට බැරි     වූවා සේ
ඉන්නම් මා මේ ලොව තනිවූ අයෙකු         ලෙසේ

මම යන්නම්....

තව ගී වැල් කුමට ලියම්…...

මලේ සුවද සුළග අරන්
ගව් ගානක් දුරට ගියේ
නුඹෙ සුවද කවුරු ඇවිත්
මගෙන් උදුර ගෙන ගියාද…

රුවල ඉරුනු නැවක් දියේ
සුළග ගොඩට ගෙන ගියාට
හබල බිදුනු ජීවිතයක් කෙළෙස
කොහොම එතෙර වෙන්ද….

රිදුනු හිතට බිදුනු පැතුම්
සුභ සිහිනය කවුරු ගෙනෙන්
දුරක ගියපු නුඹෙ නමට
තව ගී වැල් කුමට ලියම්…

පොඩි සාදුට පින් වෙනවා.......

සිල් සුවදට
දමි සුවදට
මල් සුවදත්
එකතුවෙලා
වැලිමලුවක
බොදු බැතියන්
සාදු කියා
මහ හයියෙන්
ජාති ජරා මරණ
දුකෙන් එතෙර වෙන්න
ඉල් පෝයේ
පෙරුමි පුරනවා...
නීල පීත ලෝහිත හා
ෂඩි වර්ණෙත් ළෙලදෙද්දී
ඇලී ගැලී සසර මගේ
අප යන මෙ දුර ගමනේ
නීරස බව පසක් වෙන්න
පමා වුනා නොවෙද කියා
හිත අපිටම දොස් කියද්දි
අන්ධ දෑස ඇර දෙනවට
පොඩි සාදුට පින් වෙනවා,,,

අත්තටු රිදුනා පමණයි......


  මා සන්තකටම වත්කම වූ                            මා ඔබට ආදරය
   ප්රේමය...                                                 නොකලා කීවොත්                              
   මට මහා සැනසුම දී                                    එය මුසාවක්මය...             
   ආපසු ගත්තේ ඇයි දැයි                              අපිට අප මුණ ගැසුණේ
   අදත් මා නොදනිමි...                                  මා අන් කෙනෙකුට
   ඇට ලේ මස් නහරවල                                හිමි වූවාට පසුය
   කැලතී දියව යන්නේ                                  ඇයට ගින්දරක් දී ඔබට සැනසීමක්
   මා සන්තකය ඔබට පැවරූ                           දෙන්නටද...
   පාපය නිසාවෙනි                                       ඔබට ගින්දර දී ඇයට සැනසීමක්                             
   පෙම්වත...                                                 දෙන්නටද...
   ඔබට පිදු                                                    මට බැරිය....
   නොකළැල් නොකිලිටි නොවෙනස්            ඔබ දෙදෙනාම මගේ ජීවිතය වූ
   මගේ වත්කම                                              නිසාවෙනි...                                 
   මා ආපසු ඉල්ලන්නේ නැත                            අප අතර ඇති මේ බැදීමට
   මන්ද...                                                          දෙන්නට නමක් මා දන්නේ නැත
   එය මා ඔබට පිදුවේ                                      එහෙත්...                                  
   කිසිවක් පෙරලා                                             මා දෑස් මායිමෙන්
   බලාපොරොත්තුවෙන් නොවන නිසාය                  ඔබ දුර නොයන්න
   ඔබ නිදුකින් ඉනු මැන                                  මන්ද...
   එය මගේ පැතුමයි.....                                  ඔබද මට ඇවසිය...
 


සෙව්මි නිසංසලා                                            දැහැන් නිර්මාණ

      හැමෝම කියන්නේ මා වැරදි අයෙකු කියාය. නැත්නම් ලැජ්ජා නැති අවලම් කෙල්ලෙක් කියායා. එසේත් නැත්නම් අන්සතු දෙයක් හොරකම් කරන්නට හැදු හෙරක් ලෙසයි. එහෙත් කිසිවක් මට පිළිගන්නට බැරිය. මගේ හිත හිතන හැටිය. කෙසේ නමුදු දැන් මා ලෝකය ඉදිරියේ නරුම කෙල්ලෙකු වී හමාරය. බුදුන්ගේ දෑසට බොරු කර අනුන්ගේ දෑසක් උදුරා ගත්තා යැයි මිනිසුන් මට දොස් කියයි. එහෙත් පව මට ගෙවන්නට බැරි වන්දියක් වන බව මා තරම් හොදට කිසිවෙකු දන්නේ නැත. කොයි තරම් අහිංසකව මං මගේ ප්රේමය පුදන්නේ දැයි දන්නේ මාත් මගේ හිතත් පමණි.
             
    පෙම් කරන දෙදෙනෙකු දෙපසකට කරන්නට මා තුන් හිතකින්වත් හිතුවේ නැත. එමෙන්ම ජීවිත කාලයේම එක් අයෙකුට පමණක් පෙම් කළ හැකියැයි මා එදවස සිතුවේද නැත. එහෙත් එය බොරුවක් යැයි දැන් දැන් මට වැටහේ. දිවි හිමියෙන් මා ප්රේම කරන්නට ප්රාර්ථනා කල කෙනා මට අහිමිවී ගොස් හමාරය. ආදරය කිරීම මේ තරම් හිත රිදන දෙයක් බව කලින් මට නොදැනුනි. කෙසේ වෙතත් මේ ආදරයයි. නමුත් ලෝකයා දකින්නේ මා කරන්නේ විශාල වරදක් ලෙසය. එහෙත් දෑසට උරුම කම් කීවේ මේ භවයේ පමණක් නොවන බව මට දිවුරා කිවිය හැක. අපි හිතන් ඉන්නා ලෙස දෛවය තීරණ දෙන්නේ නැත.
  
   දැහැන් ....හ්ම් ඇත්තටම දැහැන් මගේ නෙතු අසලට පෑයූවේ මහා නියං කාලයකට පසුව වසින වැස්සක් ලෙසිනි. ඔහුට තිබුනේ හරි අඩම්බර පෙනුමකි. මගේ හිත ගත්තේ ආඩම්බර කමය. එපමණක් නොව ඇස් දෙක තුල කිමිදි සංසාරයේ හුරු පුරුදු ලෙංගතුකම් සොයන්නට මට සිතුණි. ඔහු අනුන්ගේ බව දැන දැන මා තනිවම ඔහුට පෙම් කලෙමි.

    හැමදාමත් නදුනි ඇගේ පෙම්වතාට Call කරන්න යන cafe එකේ හිමිකරුවා දැහැන්ය. නදුනි කතා කරන තුරු මා අර දෑස දෙස බලා හිදියි. තේරුම් ගන්නට බැරි මොකක්දෝ සංසාරික සිතුවිල්ලක් මහිත උඩ හුරු පුරුදු ලෙංගතුකම් පෑවේ එතැන් පටන්ය¡ ඔහු කවදා කොහේදි හෝ මගේ වී ඉන්නට ඇති බව මට දැනුණි. හුරු පුරුදු සුවද ඉව අල්ලා බලන්නට සිතුණද මා එයට බිය විය. එහෙයින් මා මගේ හිතට තරවටු කලෙමි¡ නමුත් හැමදාම වාගේ ඔහු දෙස බලා හිදියද
    —හිනාවක් ගන්න සල්ලි දීලවත් බැරි වෙයි නදුනි˜ කියා මා මගේ යෙහෙළිය හා කීවේය¡
    — කාගෙද බං.....
    —කගෙද ඉතිං අර cafe  එකේ ඉන්න පණ්ඩිතයගෙ මිසක්....
    —හෝව්....හෝව්....මොකක්ද කතාව....මේ ඕවා තියා ගන්න එපා....දැහැන් හොද කොල්ලෙක් බං....ඇරත් ඒකට ලස්සන නංගියෙක් ඉන්නවා.....
     නදුනි එක දිගට කියවයි. මගේ හිත හෙල්ලී ගියේ ඔහුට ආදරය කරන්න ගැහැණු ළමයෙක් ඉන්නවා යැයි කී දෙයටය..එහෙත් එය නදුනිට නොපෙන්වා මා තවත් දැහැන් ගැන නදුනිගෙන් දැන් ගන්නට සිතුවෙමි¡
—        උඹ කොහොමද දැහැන්ව දන්නෙ....
—        සෙව්මි...දැහැන් අපේ නංගිලා එක්ක එකට ිචදරඑ කලේ ....ඒත් එයා A/L ලිවුවෙ නැද්ද කොහේද....පිස්සුවෙන් වගේ computer පස්සෙ දිවුවා. ත් ඒකෙන් දැහැන්ට වැරදුනේ නෑ...දැන් බලන්නකො ලස්සනට ඉන්නෙ.
     ඉතිං හැමදාමත් අපි උදේ හවස බාහිර උපාධිය සදහා පන්ති ගියේය. එන අතර මග දැහැන්ගේ cafe එකට ගොඩවදින එක අපට පුරුද්දක් විය.
    —මං ආසයි බං දැහැන්ට....˜ මට කියවිණි.
    —මේ...මේ...ඕවා තියා ගන්න එපා..දැහැන් අනුන්ගෙ....
    —හරි බං ඉතිං....දැහැන් අනුන්ගෙ උනාට මට බැරිද දැහැන්ගෙ වෙන්න...
    —සෙව්මි....මොනාද මේ කියවන්නෙ...˜
    —දැහැන් මාර ගති බං....කෙල්ලෙක්ට ආස හිතෙන ලස්සනක් තියෙන්නෙ... විතරක්ද බලපන් ඇස් දෙක දිහා.... නදුනි ඉදිරියේ මගේ හදවත විවෘත විය¡
    —මං දැහැන්ට ආදරේ කරනවා නදුනි...එයා අනුන්ගෙ උනාට කමක් නෑ මට පුළුවන් එයාගෙ වෙන්න...හැමදාටම....
 දගකාර මගේ හිත උඩ ඇති සිතුවිලි කිසිවක් හංගන්නේ නැතිව මා කීවෙමි. මගේ හැටිය. මග යන කොල්ලෙකු දැහැන් වගේ නම් කිසිවක් නොසිතා
අර බලන්න අර බෝයි දැහැන් වගේ නේදැයි...˜ කියා කියන්නට තරම් මගේ හිත දඩබ්බර විය.
සෙව්මි....ඔහොම කියවන එක ටිකක් අඩු කරගන්න....මට කිවුවට කමක් නෑ....ඒත් කාටහරි ඇහුනොත්....
ඉතිං ඇහුනදෙන්කො.....
ඇහුනට කමක් නෑ තමයි....ඒත් අපිට අනුන්ගෙ හිත් කියවන්න බැහැනෙ....අනුන්ගෙ හිත් වීඩියෝ කැමරා වගෙයි....ඔයා ගැන වැරදියට හිතයි...එහෙම හොද නෑ නේද.. විතරක්ද කවුරු හරි දැහැන්ගෙ ගෑණු ළමයට කිවුවොත්.....
   දැහැන් ගැන මගෙ හිතේ තිබුණ පිස්සුවට නදුනි සැර වූයේ එසේය. එහෙත් ඇය කියන්නේ බොරුවක් නොවුවද මට දැහැන්ව අමතක කරන්නට බැරිය. හැම මොහොතකම මගේ ඇස් දුවන්නේ ඔහු සොයාය. මගේ හිත උඩ විතරක් නොව ගැඹුරුම ගැඹුරු යටි හිතේද හිටියේ දැහැන්ය. සමාධියට සමවැදුනා සේ දැහැන් ගැන සිතීම මට සුවය ගෙනාවේය. භාවනාව සුන්දර විය. නදුනි එක්ක කොයි මොහොතේත් මා කියෙවුවේ දැහැන් ගැනය. ලෝකයා දන්නේ නම් මට දොස් නගනු ඇත. එහෙත් මෙතනදි නදුනිට පවා තේරුම් ගන්නට බැරි දෙයක් විය. එනම් මා ඇත්තම ඇත්තට දැහැන්ට ආදරය කිරිමයි. එය මුසාවක් නොව. මගේ තුන් හිතම පේවී ඔහුට ප්රේම කළේය. එය තව අයෙකුට පැහැදිලි කර කියා දෙන්නට මට බැරිය. මා මගේ හිත වෙනස් කරන්නට නොගියේය. මා මගේ තීරණයේම හිදියේය. එනම් දැහැන්ට මා ප්රේම කළෙමි. නමුත් කියන්නට බැරි දෙයක් තිබේ. එනම් වෙනකොටත් අපේ නිවසින් මා සුපුන්ට යෝජනා කර තිබීමයි. අම්මලා කියන්නේ මා අනිවාර්යයෙන් සුපුන් හා දීග යායුතු බවයි. එහෙත් ඔහු ගැන මහිතේ කිසිම දිනක ප්රේමයක් නොඋපදියි. එය ඇයි දැයි කියන්නට මට තේරෙන්නේ නැත. කෙසේ වෙතත් මගේ ජීවිතය සුපුන් ළග නැති බව මම දනිමි.
       දිනක් අපි දැහැන්ගේ ්ෙඬී එකට ගොඩවදින විට එහි හිදියේ දැහැන් පමණක් විය. නදුනි දුරකථන කුටියට ගිය පසු දැහැන් හරි ලස්සනට මා දෙස බැළීය. මා දැහැන්ට වශීවී හිදි නිසා එය මට දරාගන්න බැරි සතුටක් එක් කළේය.
     —කොහොමද සෙව්මි....˜
මුල් දවස්වල අහංකාර කමට හිටි දැහැන් හරි ලස්සනට ඔහුගේ දෙතොල් මතින් මා හා කතා කළේය.
  —හ්ම්....හොදයි දැහැන් ඉතිං....ඉතිං...
  —හරියට වැඩ අද චුට්ටක් නිදහස්.... ඊමිිසබැිි කියන්නෙ ඒකනෙ...දවසකට වැඩ වැඩියි දවසකට මොකුත්ම නැහැ....අද ඉතිං මොකුත්ම නැති දවසක්....˜
ඔයාගෙ ඇස් හරි ලස්සනයි සෙව්මි...˜
නැවතත් දැහැන් කියු දෙයින් පිළිගන්න මට ඇතිවූ සතුට නිම්හිම් නැති විය¡ එය කිරා මැන බලන්නට බැරි තරම් විය. දැහැන් ඔබ හරිම අපූරුවට මගේ හිතට කතා කලේය. ඔබ තට්ටු කලේ මගේ හදවතටය.
   නදුනි දුරකථන කුටියෙන් එළියට එන විටත් අපි අපි දෙස බලා හිදියේ හිතින් කතා කරමින්ය¡
    —මොකද සෙව්මි භාවනාවක්ද....˜ කියා මගේ අතින් ඇල්ලූවේය¡ මගේ අත සීතල වී තිඛෙනවා ඇයට දැනෙන්ට ඇත.
  —ගාන කීයද දැහැන් කියා මුදල් ගෙවූ නදුනි නැවතත්
  —සෙව්මිව බදින්න කෙනෙක් ඉන්නවා දැහැන්...˜ කියා ඔහුට කීවේය¡
    තේරුම් ගන්න දැහැන් කාගේ වුවද එය මට ප්‍රශ්ණයක් නොවුනි¡ එතරම් මා දැහැන්ට සෙනෙහස් විය. සුපුන්ට මගේ ලොවේ තිතක් වන්නටවත් බැරි වුවද දැහැන් මගේ මුළු ලොවම වසා පැතිරී හිදියේය. දැහැන්ව මට බරක් වදයක් කරදරයක් නොවීය. මන්ද ඔහු මහිත උඩ සක්මන් කලේ සිහින සරිනි.
   — මං ඔයාට ආදරෙයි්...˜ ඊට දින දෙක තුනකට පසු මගේ ජංගම දුරකථනයේ සනිටුහන් වූ කෙටි පණිවිඩය එය විය. සීතල රාති්රයේ ඔහු උණුසුම් සුව සදන හීනයක් තරම් ලෙංගතුව මා ඇමතීය. මගේ ජීවිතයේ ලද ලොකුම සැනසීම එය විය. මම දොර ඇරගෙන එළියට ගොස් පිනි වැටුනු තණකොළ පිස්සේ දෙපා ඇවිදුවෙමි. සෙරෙප්පු දෙකක් නැති දෙපා වලට පිනි බිදුවල සීතල අමුතු සුවයක් එක් කලේය. මේ මා උදේ හවා ප්රාර්ථනා කළ ප්රේමයයි. මේ මා හැමදා දුටු සිහිනයයි. හැකි විගසින් මාත් ඔහුට කෙටි පණිවිඩයක් යැවුවෙමි.
    —මමත් හුගාක් ආදරෙයි.....මටත් වඩා මං ඔයාට ආදරෙයි දැහැන් ˜ මට කිසිම ලැජ්ජාවක් දැනුනේ නැත. දැහැන් අනුන්ගේ යැයි සිතා පිටස්තර හැගීමක් නොදැනුනි. ඔහු මට ආගන්තුකයෙක් නොවෙමි¡ මගේ පණ ගැහෙන ආදරයයි. ඔහු මගේ කෙනෙකි. ඉතිං මට ඔහුව දැනෙන්නේ මගේ ජීවිතය ලෙසයි. මගේ ආත්මය ලෙසයි. මා 100% ක්ම හදවතට විව වන්නට ඉඩ දුන්නේය. මන්ද යත් ඔහු හරි අපූරුවට මගේ හිත කියවාවියැයි සිතාය.

 

















 see u part 2....


ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...