Tuesday, January 17, 2012

මට කොයින්ද....

නුඹට වගේ
ළගින් ඉන්න
තරු මල් හෙම
මට කොයින්ද....

හිතේ තනිය
ලියා යන්න
පන්හිද ළග
කල් මරන්නෙ...

මේ හීතල
තුහින යටින්
හමන පවන
ඇවිත් යන්න.....

හිතේ තියෙන
සෙනෙහෙ බිදක්
ඔහුට ගිහින්
බාර දෙන්න...

2 comments:

  1. ෂා!ලස්සනයි!
    වෙනද වගේම!:)

    ReplyDelete
  2. ම්.......ම්......... ස්තුතියි මල්ලියා..............

    ReplyDelete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....