Saturday, November 16, 2013

උඹත් දන්නැති වෙයි

වැටමාර ඉණි හරහට දාල
සංසාර මඟ පටලවන්න හැදුවට
මැටි කළයක් ඉනේ ගහගෙන
ගල් පර්වතයට බඩ ගෑවෙ
උඹට ඔටුන්න පළදවන්න

දියසෙවල දියපාරෙ අඩි තිබ්බෙ
කටු ඇනිච්ච දෙපාවලට
සීතලක් දැනුන හින්දම නෙමෙයි
දැවෙන ගින්නට නිදහසක් දෙන්න

එහෙන් මෙහෙන් කාරල වීසි කරන
ගමේ ගැහැණුන්ගෙ ඔල්වරසන්
බීරි අලින්ට වීණ ගැහුව වගේ වුනත්
පපුව මැද්දෙ උණු දිය හැළියක් නටන්නෙ

තම්බපු මඤ්ඤොක්කා කෑල්ලක්
බැදපු වඩේ ටිකක් එක්ක
සුදු වීදුරුවකට මිලක් දීල
චීත්තෙ පොටේ ගැට ගහන්නෙ
උඹේ ඔටුන්නට ගල් අල්ලන්න

රබර් කොපුවක් ගැන කියන්න
පෙත්තක් ගැන කොළ බෙදන්න
මීසී ආවට "මට මිනිස්සු ඕනි නෑ" කියන්න
දිව නැමෙන්න නැත්තෙ උඹ හින්ද

"මුලක් නැති ගහ කොයි වෙලේ පෙරලෙයිද ? "
නිකටෙ අත තියාගෙන කවුරු කවුරුත් හීල්ලුවට
ගෙදර ලිපේ ගින්දර පත්තුවෙන්න නම්
පොලීසියෙ රාලහාමිට කළුවරේ කළව අල්ලන්න
නොදුන්නොත් බැහැ කියල උඹ දන්නෙ නෑ

කොයි මිනිහත් ඇවිත් සුද්දවන්තයො වෙලා
හන්දියෙ කරක් ගගහ හිනැහුනාට
"වේස ගෑනි මුලිච්චි වෙන්න හොඳ නෑ" කිවුවට
හැන්දෑවට මං ගාවට ඇවිත්
කෙඳිරි ගාන බලුකුක්කො ගැන හිතන්නෙ
උඹව සැඩ රළ මැදින් පිහිනවන්න

"කසිප්පු ගෑණි" "වේස ගෑණි" මං වුනාට
කොලිජියෙ උඹව නැවැත්තුවෙ
ආදරේ නැතිව නෙමෙයි
තුප්පහි කාලකණ්නි ඇස්වලට උඹව
මුණ නොගස්සන්න කියල උඹටම තේරෙන දවසට
මං කනත්තෙ අරලිය පදුරක් යට
නිදන බව උඹටවත් මතක්වෙන්නැති වෙයි

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...