Sunday, January 30, 2011

සිහිනය

තරු කැකුළක් වෙන්න හිතයි ...
රෑට සඳට තනි රකින්න...
මල් කැකුළක් වෙන්න හිතයි...
හිරුට ළගින් තනි රකින්න...


දේදුන්නක් වෙන්න හිතයි...
වහින අහසෙ තනි රකින්න..
මහ වැස්සක් වෙන්න හිතයි...
පොළව ඇවිත් සිඹලා යන්න...


නින්ද වෙලා එන්න හිතයි
නුඹේ ඇසක් යට හිදින්න
සිහින අරන් එන්න හිතයි
නුඹෙ සිහිනය මට දකින්න..



මගේ සිතුවිලි වල අදත් නුඹ සිහින ගොඩ නගන හැටි හරි අපූරුයි...සුදු අයියේ....ඒත් අපිට අපි අයිති නෑ නේද...

මගේ ප්‍රාණෙ නුඹයි කුමරි....

Saturday, January 29, 2011

අත්තටු රිදුනා පමණයි..Part 04

   නදුනීත් මමත් හැන්දෑවේ හන්දිය පැත්තට ගියේය. ඒ නදුනිගේ පෙම්වතාට දුරකථන පණිවිඩයක් ගැනීමටය. එහෙත් මගේ හිතේ හිටියේ දැහැන් දැක ගැනීමය. අපි එතුළට යන විට වෙනදා වාගේම දැහැන් ළගින් සිතුමිණී නංගීද හිදියේය. මා දෙස ඇස් කොනිනවත් නොබැලු දැහැන් නදුනීට දුරකථන කුටිය පෙන්වා නැවතත් ඇය අසල හිද ගත්තේය.
  හිතන්න.. මා එතරම් අසරණ වූ මොහොතක් මගේ ජීවිතයේ තවත් නොතිබුණී. ඊයේ දුරකථනයෙන් කතා කළ දැහැනුත් මෙහි දැන් හිදින දැහැනුත් දෙදෙනෙකු බව මට සහතිකය. ඒත් මට තේරුම් ගන්නට බැරි කෙසේ මේ ලෙස චරිත දෙකක් රගපාන්නේද කියාය. මගේ යටි පතුල් සීතල වීගෙන එන බව මට දැනුණි. හිතෙන් දෙවියන් බුදුන් සිහිකර මා මගේ හිතට ශක්තිය ඉල්ලුවේය.
  —මොනාද සිතු කරන්නෙ...ඉන්නකො ළගින්...මට ඇසෙන්නට දැහැන් ඇයට හයියෙන් කියයි.
  —ඉතිං දැහැන් මං මේ ඔයා ළගනෙ ඉන්නෙ..
  —තව ටිකක් ළගට එන්න සිතු
මෙය අසා සිටින්නට බැරි වන සේ මගේ කන්වලට අගුල් දමා තිඛෙන්නෙ නම් කෙතරම් හොදද දැයි මට සිතිණි. මා පණ පිටින් මැරනෙ බව මට දැනුනි. එහෙත් එක පාරටම මගේ සිතුවිලි වැල නැවතුයේ නදුනි මා අතින් අල්ලා ගත් හින්දාය. මට පියවි සිහිය ලැබුණි. හිතින් දෙවියන්ට ස්තුති කරමින් මා මගේ හිතට කිවේ දැහැන් මගේ නොවන බවය. මට මෙලොවදීම පල දෙන පාපායක් කරන්නට බැරි බව මම දනිමි. ටික මොහොතකට හෝ මා මගේ හිතේ වහලෙක් වූ එක ගැන දැන් මට දුක සිතේ.
  —සෙව්මි ආදරය දෙනවා මිස කිසිදා කිසිවක්ම පෙරලා ඉල්ලන්නේ නැත. හැමදාමත් මගේ ආදරය නිදිහසේ තිබුනාවෙ යැයි මම මගේ හිතට කීවේය.
   —යන්නම් දැහැන්...යන්නම් නංගී කියා කියන්නට තරම් ශක්තියක් මා තුළ ගොඩ නැගුණි. දැහැන්ටද තේරුම් ගන්නට අපහසු වන්නට ඇති මගේ ඒ වෙනස. නමුත් සැබෑ සෙව්මි ඇය බව කියන්නට මට දැහැන්ට අමතක විය. ඇත්තම ඇත්ත සෙව්මී අනුනගේ වත්තක මලක් කඩා තමන්ගේ දෝතින් බුදුන්ට පුජා කරන්නටවත් බැරි අහිංසකියක් බව තවම දැහැන් නොදන්නවා ඇත. කවමදාටවත් සෙව්මීට අනුන් රිදවන්නට බැරිය. හැමදේම දෙනවා මිස ආපසු කිසිවක් බලාපොරොත්තු වන්නේ නැත. මගේ මේ දේවලට නදුනී අනන්තවත් බැන්නේය. ඇය කීවේ...
  —උඹ ඉතිං දාන පාරමිතාව පුරපන්..
  —ඒ මොකක්ද නදුනි ඒ...
  —තව ඒ මොකක්ද කියලා අහන ලස්සන...ඔය තරම් අහිංසක වෙන්න එපා බං...දැන් දැක්කා නේද දැහැන්...කොල්ලො ඔහොමම තමයි...
      —නදුනී දැහැන්ට දොස් කියන්න එපා...හැමදාම මම දැහැන්ගෙ..එයා මගේ නෙමේ වගේම මටත් එයාව එපා තේරුණාද...
      —මං දන්නෑ උඹේ ඔය හතර බීරි කතා...
      —තේරුම් ගන්න උත්සහා ගන්නත් එපා...
      —ඔව්..ඒත් මට බෑ සෙව්මි උඹ හූල්ලලා මැරෙනවා බලන් ඉන්න.. මොකද මං උඹේ පුංචි වෙනසත් හොදට අදුරනවා.
      —හරි නදුනි මං නැහැයි කිවුවෙ නැහැනෙ
      —එහෙනම් තේරුම් ගන්න උත්සහා ගනින්...
      —ඒත් මං කැමති නෑ කවුරුවත් දැහැන්ට මොකුත් කියනවට...මොනවා උනත් මම දැහැන්ගෙ හැමදාමත්....
      —කෙහෙල්මල...ඔන්න ඕකව අමතක කරලා දාපන්..උඹට නිවී සැනසිල්ලෙ ඉන්න බෑ සෙව්මි නැත්නම්...
     —ඒක කවදාවත් වෙන්නෑ නදුනි...දැහැන්ව අමතක කරනවා කියන්නෙ මං මාවම අමතක කරන එක...ඉතිං මට මාව අමතක කරන්න බැහැනෙ නදුනි...
    —හැමදාමත් සෙව්මි ඇයි දුක එකතු කරන්නෙ...
    —කමක් නෑ නදුනි...ඒක දුකක් වුනත් මගෙ සැනසීම තියෙන්නෙ එතන තේරුණාද....
    —වැඩකට ඇති දෙයක් හිතපන්....එසේ කියා නදුනි නිහඩ විය.


           සෙව්මී...සෙව්මී...නිගිටපන් කියා අම්මා මා නැගිට වන්නට උත්සහා කලාය. ඒත් මුළු ඇගම පන නැතිවී ඇති බවක් මට දැනේ. එමෙන්ම කිලෝ ගානක බරක් මගේ හිසට දැනින. යන්තම් දෑස අරින්නට තැත් කළද එය ව්‍යර්තවී කදුළු බිදක් මා නෙතගින් ගලා වැටුණි.
      —මොකද දුවේ...ඇයි මේ... එසේ කියා අම්මා මගේ නළලට අත තිබ්බේය. ඒ අතේ තිබුණ සීතලද නැත්නම් මගේ ඇගේ තිබුණ ගිනි රස්නය හින්දාමද නොදනිමි මට අපූරු සුවයක් දැනුනි.
      —අම්මෝ කෙල්ලට සහලෝලා උණ නේද...කතාකරපන් දුවේ...අම්මා මා ඔසවන්නට තැත් දැරුවේය. එහෙත් මුළු ඇගම වාරු නැතිව මා සයනය මතට වැටුනි. —අනේ කෙල්ලට මොකද වුනේ....කියා අම්මා හීනෙන් වාගේ කියනවා මට ඇසුනි. එතැන් පටන් මා සිදුවූ කිසිවක් දන්නේ නැත.
    මට පියවි සිහිය ලැඛෙන විට මා සිටියේ රෝහල් ඇදක් මතය. මගේ ඇද වටා තනි නොතනියට හිටියේ අම්මා පමණක්ම විය.  යන්තම් —මොකද අම්මෙ වුනේ කියා මා අසන විට ඒ විඩාබර දෑස තුළ කදුළක් නළියන්නට විය.
   —අනේ පුතේ මං හිතුවෙ උඹව මට ආයිත් කවමදාවත් නැති වෙයි කියලා...ඒ තරම් මම බය වුනා පුතේ...ආදරේ වැඩිවූ විට අම්මා පුතේ කියා මා අමතයි. උඹ දවස් 3 කින් පුතේ ඇස් ඇරියෙ. මේ ඇද ගාවට වෙලා මං දන්න නොදන්න දෙවියන්ගෙන් ඉල්ලුවෙ උඹව සනීප කරලා දෙන්න කියලා.
  අම්මා ගැන ඇති ආදරය තව තවත් දැඩිව මට දැනුනි. වෛද්‍යවරු පවසා ඇත්තේ දරාගැනිමට නොහැකි මානසික කැළඹිල්ලක් හේතුවෙන් මගේ පියවි සිහිය අතුරු දන් වී ගොස් ඇති බවය. එහෙත් අම්මාට කියන්නට බැරිය. මට දරා ගන්නට බැරි වූ දෙය නම් දැහැන්ට මටත් වඩා මා ආදරය කළ හින්දා කියා. මම සියල්ල දරා ගතිමි.  අනේ දැහැන්...මං මේ රෝහලේ ඇදක් උඩ දුක් විදිනවා. දැහැන් ඔයාට පේනනෙ නැද්ද....මාව දැනෙනවා මාව තේරෙනවා කිවුව ඔයාට මං මේ විදින දුක පේන්නෙ නැද්ද දැහැන්...මොනවා වුනත් අන්තිමට ඉතුරු වෙන්නෙ අම්මගෙ ආදරේ විතරයි. මම හොදින් හුස්මක් ගත්තේය.
—රුවල් බිදුනු නෞකාවේ...
 හබල ඔබයි...
 පිළිසරණ ඔබයි...
 නුඹයි මගෙ අම්මා...

ඇත්තටම මාත් රුවල් බිදුනු නෞකාවක් වගේ නේද කියලා මට දැනෙනවා. කොහොම වුනත් දැහැන් මම මේ දැනුත් කියන්නේ මට ඔබව අයිති කර ගන්නට අවැසි වූයේ නැත. එහෙත් ඔබ මේ තරම් හිතට වංචාවක් කලේ කෙසේද...මට තේරුම් ගන්නට බැරි එයමය.
  ඉතිං මම දැහැන් ගැන සිතුවෙමි. ඒ මගේ හිත හොදටම රිදී තිබුණ හන්දාය. ඇත්තටම දැහැන් ඔයා සිතුමිණිටද මටද වැඩියෙන් ආදරේ...මං නම් හිතන්නෙ සිතුමිණීට කියලා. ඒත් මට අහන්න බැරි වුනානෙ මේ විදිහට මටත් ආදරේ කරන්නෙ ඇයි කියලා. මම නම් සසර මගේ හැමදාමත් ඔයාට ආදරේ කලා දැහැන්. ඔයාගෙම වෙලා ළගින් ඉන්න වරම් නැති වුනත් මං තනියම ඔයාට ආදරේ කළා. කොහොම වුනත් කමක් නෑ දැහැන් මගේ හිතට එන දේවල් මං ඔයාට ලියන්නම්. ඒක ඔයාට හෙට දවසටවත් ප්‍රායෝජනවත් වෙයි. අම්මාත් නදුනීත් ගිය පසු මම දැහැන්ට ලියුමක් ලියන්නට පටන් ගත්තේය.


ආදරණීය දැහැන්

    කොහොමද...ඔයා හොදින් කියලා මං හිතනවා. ඔයාට මෙහෙම ලියන්න ගත්තෙ හුගාක් දුක හිතුන හින්දා...ඒ විතරක් නෙමෙයි.. ඔයාට මේවා කවදහරි අවශ්‍ය වෙයි කියලා මට හිතෙනවා. ඇයි දන්නවද...දැහැන් ඇත්තටම ආදරය කරද්දි පුංචි දේටත් හිත රිදෙනවා. කොහොම උනත් මං කියන්න යන්න ඒ දේ නෙමෙයි.
     අද මම රෝහලේ ඇදක් උඩට වෙලා අසරණව මේ ජීවිතේ අහිද ඇහිද එකතු කරන්න දගලනවා. ඒ දේවල් සිද්ද වුනේ මම හදවතින්ම ආදරය කරන්න ගිය හින්දා කියලා මං දන්නවා. ඒත් මං ඔයාට ආදරේ කලේ ඔයාව අයිති කර ගන්න නෙමෙයි දැහැන්. නමුත් ඇයි දැහැන් ඔයා ඔයාගෙ හිතට වංචාවක් කලේ. තමන්ගෙ හිත තමන්ම රවට්ට ගන්න එපා දැහැන්. ඔයාට කියන්න දෙයක් තිබුණ නම් මාත් එක්ක කියන්න තිබුණා. මම කවදාවත් වැරදි විදිහට හිතන්නෙ නැහැනෙ. ඒ වගේම ඔයා දන්නවා මං හැමදාම ඔයාට කියනවා දුක මට දීලා ඔයා සතුට ගන්න කියලා. ඉතිං ඇයි දැහැන් ඔයා මට කිවුවෙ නැත්තෙ ඔයාගෙ සතුට ඔයාට ඕන කියලා. මං දන්නවා ඔයා සිතුමිණිටයි මටයි දෙන්නටම ආදරෙයි කියලා. ඒත් ඔය විදිහට නාස්ති වෙන්න ගියිහම ඔයාගෙ අරමුණ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙන්නෙ නැහැ නේද..දැහැන්. යාළුවො ඕන තමයි ඒත් රෙස්ටුරන්ට් ගානෙ ගිහින් සිහිය විකල් වෙනකම් බොන යාළුවො මොකටද දැහැන්...ඇයි ඔයා දැන දැනම විනශ වෙන්න හදන්නෙ...
     දැන් මට දැනෙන මානසික වේදනාව මෙච්චරයි කියලා කියන්න බැහැ. ඒත් දැන් මං හිත හදා ගන්නවා. ඒ කියන්නෙ ඔයාට ආදරේ කරන් නැතුව ඉන්නවා කියලා නෙමෙයි... මං ඔයාට ආදරය කරන්නම්. ඒත් ඔයා මට ආදරේ කරන්න එපා. නදුනි හැමතිස්සෙම අහනවා කෝ දැහැන් ආවද කියලා. මට දෙන්න උත්තරයක් නෑ දැහැන්. මට කියන්න තියෙන්නෙ එකම එක උත්තරයයි. ඒ ඔයා වැඩ කියලා. බිසී කියලා තමයි. ඒත් දැහැන් දවසට පැය 24 ක් තියෙන එකේ ඔයින් එක විනාඩි 10 කට මාව ඇවිත් බලන්න බැරිද... මං ඔයාට ිපි කීයක් එවුවද...අඩු ගානෙ එකම එක ිපි එකක්වත්. දැක්කත් නොදැක්ක වගේ ඉන්න එපා දැහැන්. මට නෙමෙයි.. අනාගතයෙදි ඔයාගෙ සිතුමිණිට හරි වෙනින් ගෑණු ළමයෙක්ට හරි ආයිම එහෙම කරන්න එපා. කෝල් කලාම මම වැඩ කියලා පෝන් එක තියන්න එපා. තමන් ආදරේ කරන කෙනෙක්ට තව කෙනෙක් කතා කරන්නෙ කොච්චර බලාපොරොත්තු තියාගෙනද... එහෙම කතා කලහම මං බිසී කිවුවම කොයි තරම් හිත රිදෙනවද දැහැන්. මට එහෙම කලාට කමක් නෑ..එත් තමන්ට ආදරේ කරන වෙන අයට එහෙම කරන්න එපා. ඒ වගේම මොන තරම් අවංක වුනත් ගෑණු ළමයෙක්ගෙ හිතත් එක්ක විහිළු කරන්න එපා. ගෑණු ළමයෙක්ගෙ ආදරේ එක්ක සෙල්ලම් කරන්න එපා. ගෑණු හැමදාමත් බොළදයි තමයි ආදරේ ළගදි. ඒත් ඒ බොළද කමත් එක්ක තියෙන ආදරේ ගෑණියෙක්ගෙ මුළු ජීවිතේම වෙනවා. මොන තරම් මහන්සියෙන් වැඩ කලත් එක පුංචි මොහොතක හෝ අහන්න —ඔයාට කොහොමද...ඔයා හොදින්ද..කෑවද..බිවුවද කියලා. ඒ නැතුව ආදරෙයි ආදරෙයි කිය කිය කොච්චර ලිවුවත් කිවුවත් ඒක වචනයක් විතරක් වෙනවා. ආදරය දැනෙන්න ඕන දැහැන්. එතනයි තමන් ආදරය කරනවා කියලා දැනෙන්නෙ.. සාගරයක් තරමට ආදරය හිතේ තියාගෙන ආත්මාර්ථකාමියෙක් වගේ ජීවත් වෙන්න එපා දැහැන්.. හැම වෙලාවෙම මමත්වයෙන්ම හිතන්න එපා. ඔයාට වගේම අනිත් අයටත් රිදෙනවා දැනෙනවා.. හැම තිස්සෙම යාළුවො එක්කයි අරයා මෙයා එක්කයි කතා කර කර ඉන්න වෙලාව තියෙද්දි තමන් වෙනුවෙන් බලා ඉන්න කෙනෙක්ට මොහොතක් දුන්නට පාඩුවක් වෙන්නෙ නැහැනෙ දැහැන්. නොදුන්නොත් තමයි පවක් වෙන්නෙ. 
     ගෑණියෙක්ව සතුටු කරන්න මහා ලොකු දේවල් ඕනි නැහැ දැහැන්. අඩුම ගානෙ එකම එක වචනෙකිනුත් ගෑණියෙක් මහා හුගාක් සතුටු වෙනවා. ඒ තරමට ගෑණියෙක්ගෙ ආදරය බොළදයි. සරලයි. බොහොම පුංචි පුංචි දේවලින් තමයි ගෑණියෙක් සතුට ලබන්නෙ. ඉතිං ඒ බොළද දේ ගාව අපූරු සුන්දරත්වයකුත් තියෙනවා නේද දැහැන්. නිකන් ඉන්න වෙලාවට නිවී සැනසිල්ලෙ හිතලා බලන්න.
    ආදරය කියන්නෙ දෙන දෙයක් දැහැන්. ඒක පරිත්‍යාගයක්. කැප කිරීමක්. එතනදි පෙරලා කිසි දෙයක් බලාපොරේත්තු වෙන්න බෑ තමයි. නමුත් අපි දෙන ඒ ආදරය හින්දා තව කෙනෙක් ලබන සැනසිම වචනවලින් කියන්න බැහැ නේද දැහැන්...ඒ වගේම කොයිතරම් කාලයක් අපි මේ ලොකේ ජිවත් වුනත් අපිට ඉතුරු වෙන්නෙ අපි කරන හොද නරක විතරයි. ඒ නැත්නම් මනුස්ස කම විතරයි දැහැන්. මං මේ කියපු දේ වලට හිත රිදුන නම් සමාවෙන්න. ඒත් මං හිතනවා මට නැතත් අනාගතයෙදි ඔයා අදරය කරන සිතුමිණි නංගිට හරි වෙනින් ගෑණු ළමයෙක් වෙනුවෙන් හරි ඔයාට මේවා ප්‍රායෝජනවත්වෙයි. ඒකයි මං ලීවෙ. ඉතිං දැහැන් පරිස්සමෙන් හොදින් ඉන්න. මහ හුගක් ආදරෙයි. 

                                                         සෙව්මි.

See U...Part 05

සීගිරි අප්සරාවියන්දෝ...

Saturday, January 22, 2011

ආවෙ කිම නුඹ...

නවම් සඳ ඇවිදින් අහසට...
යන්න යනවා හෙමින් බැසගෙන....
නුඹත් ඇවිදින් මගෙ මතක අස්සට...
ඉන්න හදනවා කදුළු දීගෙන...


තරු මලුත් රෑ ඇස් පියාගෙන...
සඳ මලට ඉඩ දෙයි බිම බලාගෙන...
හිත් මලුව නුඹ වසාගෙන...
හීන මල මගෙ යයි කඩාගෙන...


පාන සඳකැන් හිඳියි තරු දරාගෙන...
කෝල කරනට දෙයි ගතු කියාගෙන...
ආල කම් මගෙ ගියා නම් වීසි කරගෙන...
ආවෙ කිම නුඹ හිත මගෙ හිත රිදෝගෙන...

Sunday, January 16, 2011

නුඹ තාම නැතේ යෞවනේ....

මේ හීන ඇහිද රාත්‍රියේ....
නුඹ තාම නැතේ යෞවනේ....


හීන මල් පිපී....
පාන ලෙංගතු...
කාට කෝම කියා දෙන්නෙ...
මගේ ආදරේ හැටී....


පාව යන්න වළාකුලේ....
මාගේ සෙනේ එක්ක ඔහේ....
ආවා දුරක නිරන්තරේ....
තාම නුඹ නැතී....


කිටි කිටියට හීතලේ...
හෙමි හෙමිහිට අප ලංවුනේ....
යන තැනකට ගලා යන්න...

සෙනේ ගගුල සිදී නැතී....


මේ හීන ඇහිද රාත්‍රියේ....
නුඹ තාම නැතේ යෞවනේ....

තනිය.......



නීල නෙතු ලග තාරුකා පරදින රැයේ...
හීන හිත ළග මං ඇඩුව තනියම පැලේ...
පාන සිනහව තාරකා මන්ඩිය ගත් පැයේ...
ආල කම් නැති නුඹ දුරයි මට හැම වෙලේ....

Saturday, January 8, 2011

පොඩි මිතුරේ....

හිරු නැගෙන පැයේ...
මගෙ සිනා අරන්..
යලි වරෙන් ඉතිං.... 

පොඩි මිතුරේ.....මගෙ පොඩි මිතුරේ...
 

නුඹ ඉන්න රටේ...
හොද පරිස්සමක්..
තියනවාද කියලා....
මට කියා යන්න ඉතිං....
පොඩි මිතුරේ...මගෙ පොඩි මිතුරේ....

 

නුඹ නැතිව මෙමං...
හද දුකම දරන්...
නෙතු මගට යොමන්...
දැන් හිදමි ඉතිං.....
පොඩි මිතුරේ....මගෙ පොඩි මිතුරේ...
.

නුඹ අහිමි සෙනෙහස මගේ....

ජීවිතය කවියක් වගේ
නුඹ නොලියු කවියක් වගේ.....
සිහිනය සරදමක් වගේ
නුඹ නොවිදි දඩුවම වගේ....


ඇස කදුළ නලියන පැයේ
හිත ලගට නුඹ දුර වෙතේ....
නෙක රුප ඡායා පසු වෙතේ
නුඹ නොදුටු රූපය මගේ....


හිත දුරක යන වෙලේ
නුඹ නාපු සිතුවිලි වුනා....
මා ලද ජීවිතය පුරා
නුඹ අහිමි සෙනෙහස වුනා....

වැසි දෙවිදුන්ටා....