Monday, January 2, 2012

නුඹ නැති කමට...


පළමු දවසෙම කදුළ ඇවිදින්
ළගින් වුන්නා නෑයෙක් වෙලා
පුරුදු තනිකම නුඹ නැතිකමින්
ඉතින් හොදටම මැසිවිලි කළා....

නුහුරු හඳ අද අහස රිදවන්
කොහේ ගියෙ දැයි හැංගිලා...
සොදුර නුඹ බෝ දුර බැවින්
අනේ කලුවර තව ලංවෙලා.....

තවත් තරු එළි යටක මේ ලෙස
ඉන්න බැහැ බිම් මල ලෙසින්
ඉතින් දැන්වත් එන්න ළගකට
එළිය අරගෙන ආදරය පුරවන්....

1 comment:

  1. අනේ අක්කියෝ ඔයාගේ ලිපි හරි බොරිං. මේ http://waishawaknowe.blogspot.com/ අක්කා වගේ ඔයත් සෙක්ස් ගැන ලියන්නකෝ අක්කියෝ ලියනවා නේද .?

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.