Showing posts with label Wish for u.... Show all posts
Showing posts with label Wish for u.... Show all posts

Sunday, July 16, 2023

ජීවිතය ❤❤❤

 ලස්සනම වචන ආලේප කරමින් හොඳම හදවතක් හිමි පින්තූරයක් ජීවිතේ කියන්නෙ.


නැහැ ඒක වැරදියි. ජීවිතේ කියන්නෙ අනන්ත දුක් ගොඩක් කටු මතින් යන ගමනක්. ඔබ තර්ක කරාවී. 

ඒත්,

මං කියනවා ජිවිතේ ලස්සනම වචන අලව අලවා ලස්සනට තියාගන්න පුලුවන් හදවතක් හිමි නම්, ඒක සුන්දරම පින්තූරයක් කියලා.


මිනිස්සු හැමෝම එක වගේ නැහැ . ඒ එක වගේ නැති එකම කොච්චර ලස්සනට දකින්න පුලුවන් ද ? 


* සමහර අය ඉන්නවා අපේ මූණටම බනිනවා. දොස් කියනවා. අඩුපාඩු කියනවා. 


* සමහර අය ඉන්නව අපිට යන්න ඇරලා යන ගමන අතරමඟ අපිට බනිනවා, හිනාවෙනවා, අපිවත් නොදන්න අපි ගැන දේවල් කියන


* සමහර අය ඉන්නවා අපි නැතිම තැන විතරක් අපේ වැරදි අඩුපාඩු නැති වැරදි කියවන ඉන්න තැන ආදරෙන් බදාගෙන හොඳ මුහුණ හොඳම කියවන


* සමහර අය ඉන්නවා අපේ මූණටම අපේ ලස්සන, අපි කරන කියන දේවල ලස්සන දකින ඒ ලස්සන අව්‍යාජව අපිට කියන


මොන විදිහට කොහොම කිවුවත්, ඇහුණත් කිසිම කිසි දෙයක් නොදන්න, නෑහුනා වගේ ඉන්න  පුලුවන් හිතක් අපි හදාගන්න ඕනි.


*අපි දන්න ලස්සනම ආදරණීය වචන එකතු කරලා ඒවා අලවමින් ලස්සන පින්තූරයක් අපි හදාගන්න ඕනි. කවුරුවත් ඇවිත් අපිට ඒ පින්තූරෙ හදලා දෙන්නෑ. අපි මහන්සි වෙන්න ඕනි.


* විවිධ සමාජ පන්තිවල විවිධ ඉරියව් තියෙන විවිධාකාර මිනිස්සු අතර අපි ලස්සනම පින්තූරයක් වෙමු. අව්‍යාජ අවංකව අපි අපිව හැඩ කරගමු.


* එතකොට අරයා නිසා මට මෙහෙමයි , මෙයා නිසා මට මෙහෙමයි කියන්න ඕනි නැතිවෙයි. ඔබේ පින්තූරෙ ඔබ හදාගෙන ඔබේ හදවත් බිත්තියෙ එල්ලා ගන්න. 


* ඔබ ලස්සනටම හිනාවෙන්නෙ ඒ පින්තූරෙ කියලා ඔබට එතකොට දැනේවි. 


#දිනිති 2023/05/24




Sunday, March 26, 2017

Happy Birthday ආලවන්ත හුඳකලාවෙ සිට

සබඳ මේ බ්ලොගයටත් වසර 7 ක් සපිරෙයි. මේ මගේ දෙවන බ්ලොගයයි. පළමු එක මටත් නොකියා යන්න ගිය පසු මගෙ තනියට ආ ආලවන්ත හුඳකලාවට මා ප්‍රිය කරමි. 

ඉතින් හිට්ස් ගන්නවත්, ට්‍රැපික් පස්සෙ දුවන්නවත් කිසි හදිස්සියක් නැති ආලවන්ත හුඳකලාව, හුඳෙකලාවෙම ඔහේ යයි. 
ඉඳහිට ලියන කවියකට, කතාවකට , ලිපියකට ඉඩක් දී පාඩුවෙම බලා සිටියි.

හැමදාම වගේ දුකා අයියාට තුති.බ්ලොගයක් හදාගන්නා හැටි කියාදුන්නාට. එදා මෙදාතුර ආලවන්ත හුඳෙකලාවට ආ ගිය සැමට ද අපමණක් තුති පුදමි.  සුබ උපන් දිනයක් ආලවන්ත හුඳකලාවට.

Thursday, March 26, 2015

පස් වසක් සපිරීමෙහි සතුටය මේ




දුක සැප රිය සක ලෙස ගලා වෙලා අප පසු පස එක ලෙස ඒ නම් සම සමව දරන්නට බැරි සිතුවිලි හදවත මත තෙරපී වැලපී යන්නට දී ඉකිගසා හෝ සිනා සී තනිවම ඇතිවන තුටක් නැතිය. එය බෙදා හදාගෙන සදාතන නොවුනත් තාවකාලික තෘප්තියක් දැකීමට අප කවුරුත් කැමතිය. එවන් වූ රුවන් සිහිනයක පියුම් පෙති අතගාන්නට වරම් ලැබීම විටෙක ඇත්ත වශයෙන්ම භාග්‍යයකි. තමන්ට පමණක් විඳින්නට හැකි දේ අනෙකාට දනවන්නට , පෙන්වන්නට යම් මාධ්‍යයක් ඉවහල් වේ නම් එය විසල් සුවයක්ය. පසන් වූ සිතක හසන් නංවා තනිවම රිසින් විදීමම කි.  ඉදින් එදා තැන තැන නිඳැල්ලේ ගිය සිතුවිලි එක එක බඳිමින් පෙළ පෙළ තබන්නට හැකිවීමේ අවස්ථාවකට මඟ කියා දුන් දුකා එහෙම නැත්නම් සුභාෂ් අයියා හැමදාමත් මගේ හදවතේ ගෞරවනීය තැනක සිටින්නෙකි. වසර ගණනක ඈතට දිවෙන ඒ මිත්‍රත්වයේ හස්තයට පින්සිදු වන්නට එදා මා සිංහල බ්ලොග්කාරිණියක් විමි. 

තරඟයක් යනු හුදෙක් රසක් අහිමි වීමය. මා හැමදාමත් හුඳකලාවිමි. මට මා හැරෙන්නට අනෙක් අය දුවනා ලොව දුවන්නට ඇවැසි නොවීම අදටත් මා තනිවම බුක්ති විදින සින්නක්කර සතුටකි. යමෙක් පස් වසරක් සම්පූර්ණ වී යැයි ඇසූ විට ජනප්‍රියත්වය ගැන සිනාසෙති. එසේ නැති නම් ආගිය ඉලක්කම් ගැන අසති. එහෙත් එදා සිට අදටත් මට තිබුණේ තනියම යෑමේ උණකි. හදේ වින්දනයට අකුරින් කැන්දන රසඥතාවය මටම හුරු වූ ඌරුවකි. ඉදින් මා එයට පෙම් කරමි. 

රැඩිකල් නමක් නැති නිසා විටෙක සිනහ වූවෝ අපමණය. එහෙත් නමේ හැටියටම මේ අාලවඩන හුඳකලාවට මම රිසිය. එදත් ෆේස් බුක් එකට ඇබ්බැහි වී සිටයා සේම අදත් මා ෆේස් බුක් එකට ඇබ්බැහි වූවෙකි. එහෙත් හිතෙන වෙලාවක දැනෙන ලෙස බ්ලොග් එක තුල සැරි සැරීම මගේ පුරුද්දය. 

මේ පිටු පුරා මගේ දේවල් කියා දැනෙන්දී මට දැනෙන්නේ සුවයකි. අකුරක් ගානෙ අමුණපු සුවඳකි. යමෙකුට ප්‍රිය නොවුවත් මට මනාප වූ දේ දුරු රට තද දුක ජීවිතයෙහි කොටස් කරුවන් වූ මේ අකුරු මට සිනහ කැන්දවූවන්ය. 

සිංහල බ්ලොග් ලෝකය තුල විවිධ මිතුරන් හදුනා ගැනීමට ලැබීමත් මා මේ පස් වසර තුළ ලැබූ භාග්‍යකි. ඒ අතර සමකය වටේ ගිය නලින් අයියා, සඳහන් කළ යුතුමය. එමෙන්ම අස්වැන්න, අවන්හලවර්ණ, ස්වයාක්ත, අලි සිතුවිලි, සිතක සංකල්පනා , වැසි වැටෙන තැන, දේශක යා ,ඉවාන් ෆවූලූශා බිනරිගේ ලෝකය, වැව් ඉස්මස්ත, කළ්‍යාණ මිත්‍ර වැනි තව බොහෝ අය සිටිති. ඒ සැවොම ඇතුළු අනෙකුත් සහෝදර බ්ලොග්කරුවන් ද ආදරණීයවම මේ අවස්ථාවේ සිහිපත් කරමි. 

විවිධ බ්ලොග් හමු තබමින් සිංහල බ්ලොග් කලාව ඉදිරියට ගෙන යන්නට කැප වන්නෝද අප්‍රමාණය. කිසිම සාදයට හමුවකට බ්ලොග් ලෝකය තුළ යාමට අවස්ථාවක් මට  නැතත් මෙතුලින් මා ලද ආත්ම සැනසුම අමිලය. 

එයට තුති ඔබලාට.

විඩෙන් විඩ වියපත්ව
ලබන විට පරිණත බවක්
මුවෙන් මතුවන හසරැල්
ඇතිව හද සැනසෙමිය මං

වලාකුළු විසිරිලා යන්නට
හැකිය නුබ ගැබ පුරා
අතරමං නොකර අකුරක්
රකින්නට හැක දිවි තුරා

යන එන අයද අතර මැද
ගිහින් එන්නම් කියු අය අපමණය
සුබ අසුබ මත සම සමව
යනෙන එක මටම පමණක් හුරුය

කවි කතා දළුලනා විටක
හද පුරා සිනාසුන උන් උතුම්මය
අවි දරා වනසපු තැනක
බිම හෙලන්නට දැරු උන්ද මතකය

ගලා යන විට දිය කඩක්
නැවතුම බලා දිශානතියට
සලා ආසිරි ඇති නැති වුනත්
හුඳකලාවම හුරුය ගමනට

ඉදින් සැනසෙමි ආ මඟ දෙස බලා
හදින් තුති මල් ඔබ සැම වෙත බෙදා
පුරා පස් වසක් දුක සැප මගෙ බලා
ඉඳින් දුන් සවියට ඇත දැන් හිස නමා 

____________දිනිති 2015 මාර්තු 26 ___________

Wednesday, March 26, 2014

සුබ උපන් දිනයක්

එකම දවසෙ පෝස්ට් දෙකක් දාන්න වුනාට සමාවෙන්න කියල ඔන්න මුලින්ම කියනව. අද විශේෂ දවසක් මට. ඉතින් මේක අද නොදැම්මොත් දාන්න වෙන දවසක් නැහැනෙ. ඒක නිසා පුංචි සටහනක් තියන්නම්.

පෙරී එන සඳරැස් මතින්
ජීවිතේ සුව සිහින දැකිදා
නැගී එන හිරු ළඟදි
දා හෙලා වෙහෙස වුනි මා

එවන් ගමනක යනෙන විට මට
සුහුද සිත් හමුවුනා හිතවත්
හිතට එන ඒ දඩබ්බරකම්
ලියන්නට පෙළඹුනා තනියම

සැරිසරා සයිබරයෙ කිරිලිය වගෙ
මටත් ඉඩ ඇද්දැයි විමසුවා
පුරුදු ලෙංගතු සහෝදරකම
 දුකා අයියා කියා දුන්නා

දුකාගේ පෝස්ට් බල බලා
කිති කැවෙන විට මගේ සිතුවිලි
අනේ අයියේ මටත් ආසයි
මෙහෙම පිටුවක් තනාගන්නට

කිවු සැනින් හරි මඟ පෙන්නලා
දුන්නු ඔවදන් අද වගේ මතකයි
ලියන විට අකුරක් මගේ පිටුවේ
ඔබට අයිතියි තුතිය අයියේ..

නිතර මෙහෙ එන යනෙන උන් ගැන
නොකියා කොහොමද මෙමං..

වර්ණ තවරණ මල්ලියේ
වැහි වැටෙන තැන නංගියේ
සමකය වටේ යන යන අයියෙ
අස්වැන්න නෙලනවා අපි පොදියෙ

දේශකය  මධුරංග බඩී අය හා
විටින් විට ඇවිදින තහනම් අඩවිය
කුරුටු ගෑ ගීපවුර පෙනෙද්දි
හිතේ තුති මල් පිපෙනවා මගෙ...

එදා මෙදාතුර බ්ලොග් ලෝකයේ හමුවුන අප්‍රමාණ හිතවතුන්ට ඇවිත් ගිහින් දිරිය ශක්තිය දුන්න ආදරණියන් සැමට මුළු හදවතින්ම ස්තුතියි.

" සුබම සුබ උපන් දිනයක් ආලවන්ත හුඳකලාවට  "


ඉඳින්  සිව් වසරක් පිරෙන මගේ බ්ලොග් එකට ඇවිත් යන කොමන්ට් දමා යන සියළුම ආදරණියයන්ට හදවතින්ම ස්තුතියි.... මගේ බ්ලොග් එක දැකලා මුහුණු පොතට විවිධ දිරි ගැන්වීම් කරමින් පණිවිඩ එවන ආදරණිය ඔබටත් ස්තුතියි කියන්න මම මේක අවස්ථාවක් කරගන්නවා....කාලයක් නොලියා ඉදියත් කවමදාවත් අමතක කරන්න බැරි මගේ ප්‍රේමණිය ....ආලවන්ත හුඳකලාවට..... සුබම සුබ උපන් දිනයක් වේවා.....

2010 - 03 - 26 / 2014 - 03 - 26



Tuesday, March 26, 2013

සුබ උපන් දිනයක්

      නේක දුක්ක ෝමනස්සයක් ඉදිරිේ ජිවිතය නමැති ගඟ ගලා යනවාමය. විසල් පවුරු පදනම් අත්ල තියා අපට නැවතිය ොහැකිමය. එහෙත් ගමන් මඟ නම් වෙනස් කළ හැකිමය. ේද එවන් ගමන් මඟක් වෙනස් කළ මේ ජිවිතේ තවත් තැනකි. අන්තර්ජා තුළ බුකිඇතුළු විවිධ ඉසව්වල ොන තරම් ේ කළත් අකුරුක් ලියා ඒ අකුරට ේක පැසසුම් , ගැරහුම් ලැබුවත් බ්ොග් ෝකය යනු වෙනමම ොඳුරු තැනකි. එය හුඳෙක් සිතුවිලි වලින් පිරුණ ෞන්දර්යාත්මක හමුවීම් ගහන තැනක්මය...

ඔබ දන්නව මම ඇයි අටුවා ටීකා කියා යන්ේ කියා..ඔව් කීකරු කමක් නැති මේ සිතුවිලි බ්ොග් ගත කළ තෙවෙනි වසර සම්පූර්ණ වන දිනය අදයි. පුරා අවුරුදු 3ක් මෙහිදී හමුවුන ආගිය මිනිසුන් ගැන කතා කළ යුතුමයි. ඊට පෙර පුරුදු විදිහට බ්ග් එකක් ලියන්නෙ මෙහෙමයි නංගියෙ කියපු දුකා අයිය http://dukaa.blogspot.com/   හෙමත් නැත්නම් සුභාෂ් අයියව පුරුදු ලෙංගතු කමින්ම අදත් සිහිකරනව.  මන්ද යත් එදවස ජිවිතේ මුහුණ දුන්න ප්‍රශ්ණ හැල හැප්පීම් ජිවිතයටත් වඩා වේගයෙන් දුවමින් සිටි යුගයක්ම වු හන්දාය. කෙ හැමේම ඇයි මටම වෙන්නෙ අයියෙ කියා අසද්දි ඒ උඹ දකින විදිහ නංගි කියා කිවු සුභාෂ් අයිේ එදාටත් වඩා ජවයකින් ේ හරඹ දිවි ගමනෙ අද මා කරන්නෙ ඒ වැටි තැලී ොඩි වෙන තැනදීම මට හයියෙන් නැගී සිටින්නට අයියා දුන් වචන වලට පින් සිදු වන්නටය. අද ආපසු හැරී බලද්දී සතුටු වෙන්නට ෝ කාරණා ඇත. මඟ හැරුණයි ..වැරදුණායි කියා පසු තැවෙන්නට තිබෙන තැන් ම අල්පය. 

ොයිවෙලෙත් කිසිම කීකර කමක් නැතිව හැසිරෙන මේ සිතුවිලි ඔබ වැළඳ ගත්තෙ ආදරෙන්..කවියටත් වඩා ගීතයට පෙම් බැඳි මා දිනෙන් දින ගීත ෝකය දිනන්නට වැර ගනිද්දී ඔබ නිසා ලැබූ අපිරිමිති සතුට මා අමුතුවෙන් කියන්නට අවැසි නැත. සයිබරය යනු ගල් සහ මල් ද පිරුණ තැනක්මය. මෙන්ම කකුලෙන් ඇද බිම දමා සතුටු වන ඔවුන්ද හිඟ ොමැත. එවන් තැනකදී සැබෑ මිනිසුන් ොමයක් බ්ොග් ෝකේදි මට හමුවිය... අස්වැන්න ලියන http://aswanna.blogspot.com/ දයානන්ද රත්නායක අයියා, සමකය වේ ලියන http://samakayawate.blogspot.com/ නලීන් දිල්රුක්ෂ...වැනි මිනිසුන් පමණක් ොව  වැහි වැටෙන තැන ලියන http://wehimandarama.blogspot.com/ ආදරණීය පුංචි නංගි, මධුරංගේ සටහන් ලියhttp://madurangacreations.blogspot.com/  මධුරංග, ස්වයාක්ත ලියන http://swayaktha.blogspot.com/  ලියන නුවන් මල්ලි වැනි අය මා ේ බ්ග් ෝකේදී හදුනාගත් මිනිසුන්ය.. 

වර්ණයට පාට තවරණ දිේෂ් උමගිලිය මල්ලි...බට්ටිගෙ සිතුවිලි ලියන බට්ටි නංගි ..සිතුම් පැතුම් මල්ලි ,තොටුපල අයිොටි මල්ලි..තනි අලිය මල්ලි, අත්තම්මගෙ පෙට්ටගගෙ ොකු ෝන් , සිතුවිලි පලස අතුරණ සුදා, කූබු, නෙත්පානි, විමුක්ති, ජිංජිබිරිස්, අඩවි රජා, සිතුවිලි දැහැන, බීටා මල්ලි, ඇතුළු තව ෝ නංගිලා..මල්ලිලා...සමඟින් සෝදර පිරිසක් හමු වුේද මෙතනදීය.  කිසිදු කුහකත්වයක්, නැතිව හුදෙක් හදවේ සැනසුමින්ම ඔවු ොවුන් ඇවිදින් යන සැරිසර යන තැනක් වූ ආලවන්ත හුඳකලාේ සිට බලා උන් මට දුන් දිරිය වචනයකට කැටි කළ ොහැක. තව නම් ගම් රාශියක් ඇත. එහෙත් ොලිවුවා කියා තරහ වෙන්න එපා..තරහා ොවන බවද මා දනිමි. මෙයද අද අලුයම 4.30 ට අවදිවී තබන සටහනකි.  

  එමෙන්ම පහුගිය කාලේ මට ෝ මිතුරන්ේ බ්ග් සටහන් මඟ ඇරුණි. මේ බ්ොගයද කරන්නට බැරි තරමට මා රාජකාරී ජිවිතේ හිරවිය. බුකිොනවා දෙයක් එවලෙම ටයිප් කර විසි කර ගියද මා බ්ොගේ එොකරමි. මෙය මේ ප්‍රථම ්‍රේමය තරම්ම අමතක ොවන ඉසව්ව හන්දාමය. ේ ගලන දෙපයකින් නැගී සිටින්නට හයියක් දුන් ලෙංගතුම හස්තය මෙයම වු හන්දාය.  

ඉඳින්  තෙවසරක් පිරෙන මගේ බ්ලොග් එකට ඇවිත් යන කොමන්ට් දමා යන සියළුම ආදරණියයන්ට හදවතින්ම ස්තුතියි.... මගේ බ්ලොග් එක දැකලා මුහුණු පොතට විවිධ දිරි ගැන්වීම් කරමින් පණිවිඩ එවන ආදරණිය ඔබටත් ස්තුතියි කියන්න මම මේක අවස්ථාවක් කරගන්නවා....කාලයක් නොලියා ඉදියත් කවමදාවත් අමතක කරන්න බැරි මගේ ප්‍රේමණිය ....ආලවන්ත හුඳකලාවට..... සුභ උපන් දිනයක් වේවා.....


හැබැයි අවිේකී දිවියෙම හඳිස්සියෙ පටන් ගත්ත මගෙ අලුත් ්‍රේමය ගාවටත් එන්න කියල ආරාධනාවක් මම අද කරනව. ේ තමයි එතන. http://dinithigegeethaya.blogspot.com/ 


 

Monday, March 26, 2012

...සුභ උපන් දිනයක් ....


 අද මාර්තු මාසෙ 26 වෙනිදා... පන්හිදෙන් හිතුවක්කාර සිතුවිලි ලියන මට ආදරණිය දවසක්... මගේ ආලවන්ත ආදරයට දෙවසරක් පිරෙනවා... හ්ම්..ජිවිතේ කඳු තරම් උස දුක ගොඩ ගැහෙද්දි..සමුදුරු තරම් කදුළු පිරෙද්දි...මාව දාලා නොගිය මගේ එකම ප්‍රේමය.... හැමදාම හැමවෙලේම හදවතට ආදරණිය බලාපොරොත්තුවක් ගේන මහා සැනසිල්ලක උපතක් දුන්න මගේ ප්‍රේමය... ඒ ආලවන්ත ප්‍රේමය අන් කවුරුන්ද...මගේ ආලවන්ත හුදකලාව http://dinithige.blogspot.com/ මිසක්.....
          
             මට මතකයි මීට අවුරුදු 4කට විතර කලින් අකීකරු අකුරු ලිවුවට මුහුණු පොතේ...හිතුනහම ලියනවා..නැත්නම් නොලියා ඉන්නවා වගේ.... එපමණක් නොවෙයි නේක පිඩාවන් මැද උඩුඟං බලා පිහිනන අවධියක දිවියට නැවුම් මුහුණු වරක් ලැබුණෙ ආලවන්ත හුදකලාව පටන් ගැනීමෙන්...
           
           මට මතකයි අපි කවුරුත් ආදරේට දුකා අයියා කියන සුභාෂ් ගුණවර්ධන අයියා ...දුකාගේ බ්ලොග්... එක නමින් කරනගෙන යන බ්ලොග් එකේ විවිධ දේ මුහුණු පොතේ දකිද්දි මටත් ආසාවක් ඇතිවුණා... අද වගේ නෙමෙයි ඒ දවස්වල මම ජිවිතේ අමාරුම දවස් ටිකක් ගෙවමින් සිටියෙ. මට මතකයි ස්කයිප් එකෙන් කතා කර කර සුභාෂ් අයියට මම දුන්නු කරදරයක්. ඒ තියා අයියත් ඒක ඉදිය අයියගෙ යාලුවා රුවන් අයියටවත් මගෙන් කනක් ඇහිලා ඉන්න නැහැ...(දැන්නම් වැස්සටවත් කතා කරන එකක්යැ මම සුභාෂ් අයියා එක්ක)  ඉතින් ඔහොම ඉන්න දවසක අයියට මං කිවුවා මටත් බ්ලොග් එකක් ලියන්න ඕනි කියලා. නියමයි නංගි කියලා ඒ වෙලාවෙම බ්ලොග් ලියන ලින්ක් එක මට එවුවා... ඒ මතකය ඒ ආදරණිය කම් අදත් ඒ විදිහමයි.....

               ලියන දේ දකින අයට තේරුමක් නැති වෙන්න පුලුවන්..සමහරු කියයි ෆැන්ටසිය විතරයි කියලා... ඒත් එදා සුභාෂ් අයියගෙන් අහගෙන පටන් ගත්ත බ්ලොග් එක මගේ ආදරණිය මිතුරා වුනා..මගේ ප්‍රේමය වුනා...මගේ දුක වේදනාව තනිකම කාන්සිය මහන්සිය නැතිකලා.....ලියන හැමදේම දැම්මෙ නැතිවුනත් සුන්දරව ජිවිතේ දුක විද දරාගන්න මට අපුරුව තෝතැන්නක් වුනා...අදත් මුහුණු පොත වහලා දාලා වුනත් මම රිංගන්න ආලවන්ත හුදකලාවට. ඒ ගිහින් විවිධ මිතුරු මිතුරියන්ගෙ බ්ලොග් කියවමින් මම කාලය ගෙවාගන්නවා...

      ඉතින් කොහොම වුනත් පන්හි‍ඳෙන් ජිවිතයේ එක් පැතිකඩක් දිනන්නට යන ගමනක මේ බ්ලොග් කරණය මට කියා දුන්න ආදරණිය සුභාෂ් අයියේ හුගාක්ම ස්තුතියි ඒ සහෝදර ආදරණියකම්වලට..... ඒ වගේම දෙවසරක් පිරෙන මගේ බ්ලොග් එකට ඇවිත් යන කොමන්ට් දමා යන සියළුම ආදරණියයන්ට හදවතින්ම ස්තුතියි.... මගේ බ්ලොග් එක දැකලා මුහුණු පොතට විවිධ දිරි ගැන්වීම් කරමිණ් පණිවිඩ එවන ආදරණිය ඔබටත් ස්තුතියි කියන්න මම මේක අවස්ථාවක් කරගන්නවා....කාලයක් නොලියා ඉදියත් කවමදාවත් අමතක කරන්න බැරි මගේ ප්‍රේමණිය ....ආලවන්ත හුඳකලාවට..... සුභ උපන් දිනයක් වේවා.....

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...