Wednesday, January 11, 2012

අලුත් කවියක් ලියන්නට මට හිතෙනවා...

අලුත් කවියක් ලියන්නට දැන්
හිතම හයියෙන් කියනවා
පර‍ණ කවියේ අකුරු මකමින්
පුරුදු තාලෙන් කියනවා.....

අලුත් කවියට අලුත් විදිහට
නුඹේ නමගම දමනවා
අලුත් විහ‍ඟෙක් අලුත් හඩකට
නුඹේ කවියම ගයනවා.....

ලයික් කිසිවක් එපා කවියට
නුඹ දකින බව දන්නවා....
පරණ කවි ටික අර දුරකට
යන්න ඔබ එය වටිනවා.......
 
අදත් පෙරවගෙ පුරදු කවියම කියනවා...
හෙටම විගසින් අලුත් කවියක් ලියනවා...
අදත් කවියට පුරුදු තනුවම දමනවා...
හෙටම විගසින් අලුත් තනුවක් දමනවා....

මටත් කවියක් ලියා යන්නට හිතෙනවා..
නුඹත් කවියෙම හැංගිලා තව එබෙනවා...
තවත් කවියට නුඹව ගන්නට හිතෙනවා
නැවුම් දවසක නුඹ නැතුව කවි ලියනවා...

No comments:

Post a Comment

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...