Friday, January 6, 2012

එයයි මගෙ සැනසුම...

කුසට අහරක් නැතිව
ලතවෙන කෙනෙක් හට
දෙන්න හැකිනම් මගේ බත්පත
එයයි මා ළග එකම සැනසුම...

අහිමි පායුග ඇතිව
ලතවෙන කෙනෙක් හට
දෙන්න හැකි නම් මගේ පායුග
එයයි මා ළග එකම සැනසුම.....

දකින්නට ලොව අහිමිව
ලතවෙනා කෙනෙක් හට
දෙන්න හැකි නම් මගේ නෙත් දෙක
එයයි මා ළග එකම සැනසුම....


ජිවිතය දකින්න‍ට බැරිව
යදින පණ කෙනෙක් හට
දෙන්න හැකි නම් මගෙ පණනල
එයයි මා ළග එකම සැනසුම.....

4 comments:

  1. To-dinithi, plz send email address. deekumaraads@gmail.com

    ReplyDelete
  2. මහණ වෙන්නද කල්පනාව??

    ReplyDelete
  3. මටත් එහෙමම තමයි! :) <=> :'(

    ReplyDelete
  4. @ නුවන් සමහරවිට....@ තනි අලියා...මල්ලියා එහෙම හිතෙන එක සාධාරණයි...:-p

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...