අත්තටු රිදුනා පමණයි. part 5. The End.
එතැන් පටන් මා සුවය ලබා නිවසට පැමිණෙන තුරුම නදුනි හැමදා වාගේ මා සමග හිදියේය. ඇය මගේ සැප සතුට කෙසේ වෙතත් දුක කදුළ ළග තනි රැක්කේය. දැහැන්ව අමතක කරන්න යැයි ඇය මට නොකියා කීවේය. නමුත් දිය යට ඔබන රබර් බෝලයක් සේ දැහැන් මගේ හිත උඩට එයි. ආයෙම කවමදාවත් දැහැන්ව මම බලන්නේ නැත කියා හිතා ගත්තද ඔහු නොදකින එක දවසත් මට හීනයක් නොදකින රැයක් සේය.
නමුදු මොනම අන්දමින් හෝ දුක දරාගෙන දැහැන්ගෙන් ඈත් විය යුතුය. එමෙන්ම සිතුමිණි නංගීටද දුකක් දෙන්නට මට බැරිය. දැහැන්වත් ඔහුගේ පෙම්වතියවත් ඈත් කර තබන්නට මට ඇවසි නැත. නමුත් මගේ මේ අකීකරු හිත දැහැන්ටම ආදරය කරන්නට දගලයි.
ඉතිං ඊට සතියකට පමණ පසු මම නදුනි සමග දැහැන්ගේ ජ්ෙඬී එකට ගොඩ වැදුනේය. නිශ්චිත අරමුණක් මා තුළ නොතිබුණද නදුනි දුරකථන ඇමතුම සම්බන්ධ කර ගැනීමට දුරකථන කුටියට ගියේය.
—සෙව්මි...කියන්න පැටියො දැන් ඔයාට සනීපද...
දැන්නම් ගතේ කිසිම අසනීපයක් නැතත් ඔබ දැකීමෙන් මගේ හිතේ අසනීපය සුව වූ තරම මෙපමණ යැයි මට කියන්නට බැරිය.
—කවුරු මොනා කීවත් මට ඔයා නැතුව බෑ සෙව්මි...මගේ ආදරය ඔයා...මට සිතුමිණී එපා...එයා මට ආදරේ නෑ..හරියට වද දෙනවා....
එක පාරටම දැහැන් කියවා ගෙන ගියේය. ඉතිං මේ අවනඩුව කාට කියන්නද... ගැහැණු හිතක් වූ මගේ හිතද දැහැන් අසල අසරණ විය. නමුත් මා දැහැන්ට ඒ බව නොඅගවා....
—දැහැන් ඔයාගෙ සතුට සිතුමිණි...ඔයා බොරු කරන්න එපා ඔයාගෙ හිතට...මට දුක දැනෙන්නෙ නෑ දැහැන්...ඒ මම විතරයි ඔයාට ආදරය කලේ...ඒ හින්දා ඔයයි සිතුමිණියි හැමදාම හොදින් සතුටින් ඉන්න දැහැන්....
—සෙව්මි...මේ අහන්න...මට තේරෙනවා...ඒත් මට ඔයාව ඕන...මට සිතුමිණිව එපා...එයාට වෙන බෝයි කෙනෙක් ඉන්නවා. ඒත් එයාට මං ගාව සමාව තිබුන හින්දා මෙහෙම වුනේ...නමුත් දැන් මා ගාව සිතුමිණිට සමාවක් නෑ සෙව්මි...
—දැහැන් මම කැමති නෑ ආයිමත් ඔයාලා දෙන්නා අතර මං හින්දා ප්‍රශ්න ඇති වෙනවට...ඒ හින්දා හැමදාම හොදින් ඉන්න මං යනවා...
කියා නදුනිද දමා මා මගට බැස්සේය. දැන්නම් හයිය කර ගෙන තිබූ හිත මහා වැස්සක් සේ කඩාගෙන වැටුනි....දැහැන්...අනේ මං ඔබට ආදරය කරන තරමක් ඔබ දන්නේ නැත. ජිවිතයේ මට දිනන්නට දෙයක් තිබුනේ නැත. තිබුණා නම් තිබුනේ එකම එක දෙයකි. එනම් ඒ ඔබවය. ඔබේ ආදරයය. නමුත් මට පවක් කරන්නට බැරිය. කිසිවෙකුට දුකක් දෙන්නට බැරිය. දුක මා ගාව තබා අනෙක් අයට සතුට ඛෙදන්නට හැකි නම් එය මගේ සතුටය.
මා නදුනිද දමා ගෙදර දුවගෙන ආවේ ඇති තරමට ඇදේ පෙරළී ගෙන අඩන්නට කියා හිතාගෙනය. නැත්නම් මේ දුක් පොදි බැද තබා ගතහොත් දරා ගන්නට බැරිව මා ළය පැළී මිය යනු ඇත. මා නිවසට ඇතුල්වන විට
—සෙව්මි...මොකද පුතේ...කියාගෙන අම්මා ඇසුවේය.
—මොකුත් නෑ අම්මා...
—මොකුත් නැති වෙන්නෙ කොහොමද...ඔය කඩාගෙන බිදගෙන දුවන්නෙ...
—මගෙ ඔළුව කැක්කුමයි අම්මා...ඒකයි...
—ඉදින් මං පැනඩෝල් 2 ක් අරගෙන එන්නම්....එසේ කියා අම්මා ගිය අතර මමද මගේ කාමරයට ඇතුළු විය. ඒත් මොහොතකින් අම්මාත් කාමරයට ආවේය.
—ඔය ඇදුම් පිටින්ම ඇදේ පෙරලෙන්නද හදන්නෙ...ඇදුම් මාරු කරලා මූණ ටිකක් හොද ගනින් පුතේ...
—මට බෑ අම්මා...කියා ඈ අත තිබුණ පැනඩෝල් දෙකද බී මා ඇදට වැටුනේය. අම්මා මා අසලින් ඇදේ කොනක වාඩිවී ඇගේ අතැගිලි මගේ හිසමත රටා ඇන්දේය. මට සුවයක් දැනුනද එය මට වවා ගත නොහැකි විය. හැඩුම අළුත් වූයේ ඉබේමය.
— මොකද පුතේ මේ...ඉතිං අඩන්නෙ...
අම්මා එසේ ඇසුවත් මා කිසිවක් නොකියා ඇගේ ළමැදට තුරුල් විය. එදා වාගේම ඒ ළමැදේ උණුසුම රැකවරණය වෙනසක් නොවුනි. පුංචි සන්දියේ දැනුන ඒ අපූරු සුවද දැනුද අම්මාගේ හදවතින් ගලා එයි. වෙනස්වන ලෝකය හමුවේ සියළු දේ වෙනස් වුවද මවකගේ සෙනෙහස නොවෙනස් බව මට දැනුනි. අම්මා මා තුරුල් කර ගත්තේය. මට ඇඩෙන්නේ හේතු ගණනකටය. එහෙත් අම්මාට මේ කිසිවක් කියා ගන්නට මට බැරි විය. නමුදු මේ මොහොතේ මා ඇගේ උණුසුමට තව තවත් තුරුල් විය.
දැහැන් මම මේ විද දරා ගන්නේ ජීවිතයේ මා විදින ලොකුම දුක වන්නට ඇත. මට ඔබගේ ආදරය අහිමි වීමෙන් මගේ ජීවිතයේ පරම සතුට මට අහිමි විය. එදවස වාගේම අදද මට කියන්නට ඇත්තේ —මගේ සද ඔබ..˜ කියාය. කිසිම දිනක ඔබ මගේ කර ගන්නට මට ඇවසි නොවු වග දැන්ද මම දිවුරා කියමි. එහෙත් ආදරය හමුවේ මා මෙතරම් අසරණ වූයේ ඇයි දැයි මාද දන්නේ නැත. ඔබේ සතුට හමුවෙහි මම මගේ ජීවිතයම අවමගුලක් කරගෙන කිසිවෙකුට නොපෙනෙන පාළු සොහොනක මිහිදන් වෙමි. මගේ ජීවිතය ඔබම විය. මගේ ආත්මය ඔබ විය. මගේ සිනහව ඔබ විය. කියන්නට නොදත්තද මගේ සන්තක හැමදේම ඔබම විය. එහෙත් මම හිත හදා ගන්නට තීරණය කළෙමි. ඒ මම ගැන සිතා නොවේ. මා වෙනුවෙන් මෙපමණ දුකක් උහුලන අම්මා ගැන සිතාය. ජිවිතයට පිරිමියෙකුගේ හව්හරණක් ඇවැසි යැයි සම්මතයේ වුවද මම එය පිළි නොගනිමි. නමුදු ජීවිතයකට ආදරය ඇවසියි කියා මා පිළිගන්නෙමි. මගේ ආදරය ඉල්ලා කොපමණ අය පසු පස ආවද මගේ ආදරය ඔබේ දෙනෙත් මුල නතර විය. එය හුදෙක් නිදහස් නිකළැල් පිවිතුරු ප්‍රේමයක් පමණක් කියා මම ඔබට කියමි.ආදරය ජීවිතයට මෙතරම් බලගතු යැයි මා දැන උන්නේ නැත. නදුනී නිතර නිතර කියන්නා සේ මා අහිංසක බව ඇත්තය. නමුත් දැහැන් අසලදි හිත තද කර ගනින් කියා ඇය මට අනන්තවත් බනින්නේය. එහි සත්‍යතාවයක් ඇත. එහෙත් මට එකම දෙයක් පැහැදිලිව කිවිය හැක. ඒ මේ තුන් ලෝකය පීරා සෙවුවද මට දැහැන්ට ඇර වෙන අයෙකුට ප්‍රේම කරන්නට බැරිය.්
දැහැන් ඔබ සිත් මායිමට වී ඉනු මැන...
—අහස් ගැබට දෙනෙත් යැවුවෙමි
සද කුමරු නැත නෙත් මායිමේ
හැමදාමත් සදේ තනියට හිදි
පුංචි තරුව නම් පායා ඇතේ
හරියට ඒ මං වාගේ...
සද ඇති රැයයි
අහස හරි ලස්සනයි
මගේ හිත නම් දුකින්
දුර ගිය නිසා සෙනේ හිත
දැනුත් ඉදහිට මතක් වෙයි මට
අපි අපට පෙම් කළ තරම්
ආදරෙන් මා ළග උන්නු ඔබ
එදවස නෑ ආයෙත් එන්නේ
අනේ නුඹ ළග උන්නා නම්
මට හැකිය දුක විදගන්න
ඔබේ පපු තුරුලේ
තව එකම සැරයක් උණුසුම විදගන්න
පිං පිරුවා මදි වෙන්න ඇති
පවු කලේ මං හින්දා
එපා ඔබ කළුවරක තනි වෙන්න
ඔබේ ඒ කුල කුමරි
කර ගන්න සදහටම ඔබේ
හිත් කොනේ දුක තද කරන්
අනේ ඔබ දමා යන්නට
සැරසෙන්නෙ මේ දැන් මං
මොහොතකට මට දෙන්න
ඔබේ ඇස් මත තනිවෙන්න
දුකක් නැතිව මට මැරෙන්න
පාළු සොහොනෙ තනි වෙන්න
The End.
Showing posts with label අත්තටු රිදුනා පමණයි. Show all posts
Showing posts with label අත්තටු රිදුනා පමණයි. Show all posts
Wednesday, January 18, 2012
Saturday, January 29, 2011
අත්තටු රිදුනා පමණයි..Part 04
නදුනීත් මමත් හැන්දෑවේ හන්දිය පැත්තට ගියේය. ඒ නදුනිගේ පෙම්වතාට දුරකථන පණිවිඩයක් ගැනීමටය. එහෙත් මගේ හිතේ හිටියේ දැහැන් දැක ගැනීමය. අපි එතුළට යන විට වෙනදා වාගේම දැහැන් ළගින් සිතුමිණී නංගීද හිදියේය. මා දෙස ඇස් කොනිනවත් නොබැලු දැහැන් නදුනීට දුරකථන කුටිය පෙන්වා නැවතත් ඇය අසල හිද ගත්තේය.
හිතන්න.. මා එතරම් අසරණ වූ මොහොතක් මගේ ජීවිතයේ තවත් නොතිබුණී. ඊයේ දුරකථනයෙන් කතා කළ දැහැනුත් මෙහි දැන් හිදින දැහැනුත් දෙදෙනෙකු බව මට සහතිකය. ඒත් මට තේරුම් ගන්නට බැරි කෙසේ මේ ලෙස චරිත දෙකක් රගපාන්නේද කියාය. මගේ යටි පතුල් සීතල වීගෙන එන බව මට දැනුණි. හිතෙන් දෙවියන් බුදුන් සිහිකර මා මගේ හිතට ශක්තිය ඉල්ලුවේය.
—මොනාද සිතු කරන්නෙ...ඉන්නකො ළගින්...මට ඇසෙන්නට දැහැන් ඇයට හයියෙන් කියයි.
—ඉතිං දැහැන් මං මේ ඔයා ළගනෙ ඉන්නෙ..
—තව ටිකක් ළගට එන්න සිතු
මෙය අසා සිටින්නට බැරි වන සේ මගේ කන්වලට අගුල් දමා තිඛෙන්නෙ නම් කෙතරම් හොදද දැයි මට සිතිණි. මා පණ පිටින් මැරනෙ බව මට දැනුනි. එහෙත් එක පාරටම මගේ සිතුවිලි වැල නැවතුයේ නදුනි මා අතින් අල්ලා ගත් හින්දාය. මට පියවි සිහිය ලැබුණි. හිතින් දෙවියන්ට ස්තුති කරමින් මා මගේ හිතට කිවේ දැහැන් මගේ නොවන බවය. මට මෙලොවදීම පල දෙන පාපායක් කරන්නට බැරි බව මම දනිමි. ටික මොහොතකට හෝ මා මගේ හිතේ වහලෙක් වූ එක ගැන දැන් මට දුක සිතේ.
—සෙව්මි ආදරය දෙනවා මිස කිසිදා කිසිවක්ම පෙරලා ඉල්ලන්නේ නැත. හැමදාමත් මගේ ආදරය නිදිහසේ තිබුනාවෙ යැයි මම මගේ හිතට කීවේය.
—යන්නම් දැහැන්...යන්නම් නංගී කියා කියන්නට තරම් ශක්තියක් මා තුළ ගොඩ නැගුණි. දැහැන්ටද තේරුම් ගන්නට අපහසු වන්නට ඇති මගේ ඒ වෙනස. නමුත් සැබෑ සෙව්මි ඇය බව කියන්නට මට දැහැන්ට අමතක විය. ඇත්තම ඇත්ත සෙව්මී අනුනගේ වත්තක මලක් කඩා තමන්ගේ දෝතින් බුදුන්ට පුජා කරන්නටවත් බැරි අහිංසකියක් බව තවම දැහැන් නොදන්නවා ඇත. කවමදාටවත් සෙව්මීට අනුන් රිදවන්නට බැරිය. හැමදේම දෙනවා මිස ආපසු කිසිවක් බලාපොරොත්තු වන්නේ නැත. මගේ මේ දේවලට නදුනී අනන්තවත් බැන්නේය. ඇය කීවේ...
—උඹ ඉතිං දාන පාරමිතාව පුරපන්..
—ඒ මොකක්ද නදුනි ඒ...
—තව ඒ මොකක්ද කියලා අහන ලස්සන...ඔය තරම් අහිංසක වෙන්න එපා බං...දැන් දැක්කා නේද දැහැන්...කොල්ලො ඔහොමම තමයි...

—නදුනී දැහැන්ට දොස් කියන්න එපා...හැමදාම මම දැහැන්ගෙ..එයා මගේ නෙමේ වගේම මටත් එයාව එපා තේරුණාද...
—මං දන්නෑ උඹේ ඔය හතර බීරි කතා...
—තේරුම් ගන්න උත්සහා ගන්නත් එපා...
—ඔව්..ඒත් මට බෑ සෙව්මි උඹ හූල්ලලා මැරෙනවා බලන් ඉන්න.. මොකද මං උඹේ පුංචි වෙනසත් හොදට අදුරනවා.
—හරි නදුනි මං නැහැයි කිවුවෙ නැහැනෙ
—එහෙනම් තේරුම් ගන්න උත්සහා ගනින්...
—ඒත් මං කැමති නෑ කවුරුවත් දැහැන්ට මොකුත් කියනවට...මොනවා උනත් මම දැහැන්ගෙ හැමදාමත්....
—කෙහෙල්මල...ඔන්න ඕකව අමතක කරලා දාපන්..උඹට නිවී සැනසිල්ලෙ ඉන්න බෑ සෙව්මි නැත්නම්...
—ඒක කවදාවත් වෙන්නෑ නදුනි...දැහැන්ව අමතක කරනවා කියන්නෙ මං මාවම අමතක කරන එක...ඉතිං මට මාව අමතක කරන්න බැහැනෙ නදුනි...
—හැමදාමත් සෙව්මි ඇයි දුක එකතු කරන්නෙ...
—කමක් නෑ නදුනි...ඒක දුකක් වුනත් මගෙ සැනසීම තියෙන්නෙ එතන තේරුණාද....
—වැඩකට ඇති දෙයක් හිතපන්....එසේ කියා නදුනි නිහඩ විය.
සෙව්මී...සෙව්මී...නිගිටපන් කියා අම්මා මා නැගිට වන්නට උත්සහා කලාය. ඒත් මුළු ඇගම පන නැතිවී ඇති බවක් මට දැනේ. එමෙන්ම කිලෝ ගානක බරක් මගේ හිසට දැනින. යන්තම් දෑස අරින්නට තැත් කළද එය ව්‍යර්තවී කදුළු බිදක් මා නෙතගින් ගලා වැටුණි.
—මොකද දුවේ...ඇයි මේ... එසේ කියා අම්මා මගේ නළලට අත තිබ්බේය. ඒ අතේ තිබුණ සීතලද නැත්නම් මගේ ඇගේ තිබුණ ගිනි රස්නය හින්දාමද නොදනිමි මට අපූරු සුවයක් දැනුනි.
—අම්මෝ කෙල්ලට සහලෝලා උණ නේද...කතාකරපන් දුවේ...අම්මා මා ඔසවන්නට තැත් දැරුවේය. එහෙත් මුළු ඇගම වාරු නැතිව මා සයනය මතට වැටුනි. —අනේ කෙල්ලට මොකද වුනේ....කියා අම්මා හීනෙන් වාගේ කියනවා මට ඇසුනි. එතැන් පටන් මා සිදුවූ කිසිවක් දන්නේ නැත.
මට පියවි සිහිය ලැඛෙන විට මා සිටියේ රෝහල් ඇදක් මතය. මගේ ඇද වටා තනි නොතනියට හිටියේ අම්මා පමණක්ම විය. යන්තම් —මොකද අම්මෙ වුනේ කියා මා අසන විට ඒ විඩාබර දෑස තුළ කදුළක් නළියන්නට විය.
—අනේ පුතේ මං හිතුවෙ උඹව මට ආයිත් කවමදාවත් නැති වෙයි කියලා...ඒ තරම් මම බය වුනා පුතේ...ආදරේ වැඩිවූ විට අම්මා පුතේ කියා මා අමතයි. උඹ දවස් 3 කින් පුතේ ඇස් ඇරියෙ. මේ ඇද ගාවට වෙලා මං දන්න නොදන්න දෙවියන්ගෙන් ඉල්ලුවෙ උඹව සනීප කරලා දෙන්න කියලා.
අම්මා ගැන ඇති ආදරය තව තවත් දැඩිව මට දැනුනි. වෛද්‍යවරු පවසා ඇත්තේ දරාගැනිමට නොහැකි මානසික කැළඹිල්ලක් හේතුවෙන් මගේ පියවි සිහිය අතුරු දන් වී ගොස් ඇති බවය. එහෙත් අම්මාට කියන්නට බැරිය. මට දරා ගන්නට බැරි වූ දෙය නම් දැහැන්ට මටත් වඩා මා ආදරය කළ හින්දා කියා. මම සියල්ල දරා ගතිමි. අනේ දැහැන්...මං මේ රෝහලේ ඇදක් උඩ දුක් විදිනවා. දැහැන් ඔයාට පේනනෙ නැද්ද....මාව දැනෙනවා මාව තේරෙනවා කිවුව ඔයාට මං මේ විදින දුක පේන්නෙ නැද්ද දැහැන්...මොනවා වුනත් අන්තිමට ඉතුරු වෙන්නෙ අම්මගෙ ආදරේ විතරයි. මම හොදින් හුස්මක් ගත්තේය.
—රුවල් බිදුනු නෞකාවේ...
හබල ඔබයි...
පිළිසරණ ඔබයි...
නුඹයි මගෙ අම්මා...
ඇත්තටම මාත් රුවල් බිදුනු නෞකාවක් වගේ නේද කියලා මට දැනෙනවා. කොහොම වුනත් දැහැන් මම මේ දැනුත් කියන්නේ මට ඔබව අයිති කර ගන්නට අවැසි වූයේ නැත. එහෙත් ඔබ මේ තරම් හිතට වංචාවක් කලේ කෙසේද...මට තේරුම් ගන්නට බැරි එයමය.
ඉතිං මම දැහැන් ගැන සිතුවෙමි. ඒ මගේ හිත හොදටම රිදී තිබුණ හන්දාය. ඇත්තටම දැහැන් ඔයා සිතුමිණිටද මටද වැඩියෙන් ආදරේ...මං නම් හිතන්නෙ සිතුමිණීට කියලා. ඒත් මට අහන්න බැරි වුනානෙ මේ විදිහට මටත් ආදරේ කරන්නෙ ඇයි කියලා. මම නම් සසර මගේ හැමදාමත් ඔයාට ආදරේ කලා දැහැන්. ඔයාගෙම වෙලා ළගින් ඉන්න වරම් නැති වුනත් මං තනියම ඔයාට ආදරේ කළා. කොහොම වුනත් කමක් නෑ දැහැන් මගේ හිතට එන දේවල් මං ඔයාට ලියන්නම්. ඒක ඔයාට හෙට දවසටවත් ප්‍රායෝජනවත් වෙයි. අම්මාත් නදුනීත් ගිය පසු මම දැහැන්ට ලියුමක් ලියන්නට පටන් ගත්තේය.
ආදරණීය දැහැන්
කොහොමද...ඔයා හොදින් කියලා මං හිතනවා. ඔයාට මෙහෙම ලියන්න ගත්තෙ හුගාක් දුක හිතුන හින්දා...ඒ විතරක් නෙමෙයි.. ඔයාට මේවා කවදහරි අවශ්‍ය වෙයි කියලා මට හිතෙනවා. ඇයි දන්නවද...දැහැන් ඇත්තටම ආදරය කරද්දි පුංචි දේටත් හිත රිදෙනවා. කොහොම උනත් මං කියන්න යන්න ඒ දේ නෙමෙයි.
අද මම රෝහලේ ඇදක් උඩට වෙලා අසරණව මේ ජීවිතේ අහිද ඇහිද එකතු කරන්න දගලනවා. ඒ දේවල් සිද්ද වුනේ මම හදවතින්ම ආදරය කරන්න ගිය හින්දා කියලා මං දන්නවා. ඒත් මං ඔයාට ආදරේ කලේ ඔයාව අයිති කර ගන්න නෙමෙයි දැහැන්. නමුත් ඇයි දැහැන් ඔයා ඔයාගෙ හිතට වංචාවක් කලේ. තමන්ගෙ හිත තමන්ම රවට්ට ගන්න එපා දැහැන්. ඔයාට කියන්න දෙයක් තිබුණ නම් මාත් එක්ක කියන්න තිබුණා. මම කවදාවත් වැරදි විදිහට හිතන්නෙ නැහැනෙ. ඒ වගේම ඔයා දන්නවා මං හැමදාම ඔයාට කියනවා දුක මට දීලා ඔයා සතුට ගන්න කියලා. ඉතිං ඇයි දැහැන් ඔයා මට කිවුවෙ නැත්තෙ ඔයාගෙ සතුට ඔයාට ඕන කියලා. මං දන්නවා ඔයා සිතුමිණිටයි මටයි දෙන්නටම ආදරෙයි කියලා. ඒත් ඔය විදිහට නාස්ති වෙන්න ගියිහම ඔයාගෙ අරමුණ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙන්නෙ නැහැ නේද..දැහැන්. යාළුවො ඕන තමයි ඒත් රෙස්ටුරන්ට් ගානෙ ගිහින් සිහිය විකල් වෙනකම් බොන යාළුවො මොකටද දැහැන්...ඇයි ඔයා දැන දැනම විනශ වෙන්න හදන්නෙ...
දැන් මට දැනෙන මානසික වේදනාව මෙච්චරයි කියලා කියන්න බැහැ. ඒත් දැන් මං හිත හදා ගන්නවා. ඒ කියන්නෙ ඔයාට ආදරේ කරන් නැතුව ඉන්නවා කියලා නෙමෙයි... මං ඔයාට ආදරය කරන්නම්. ඒත් ඔයා මට ආදරේ කරන්න එපා. නදුනි හැමතිස්සෙම අහනවා කෝ දැහැන් ආවද කියලා. මට දෙන්න උත්තරයක් නෑ දැහැන්. මට කියන්න තියෙන්නෙ එකම එක උත්තරයයි. ඒ ඔයා වැඩ කියලා. බිසී කියලා තමයි. ඒත් දැහැන් දවසට පැය 24 ක් තියෙන එකේ ඔයින් එක විනාඩි 10 කට මාව ඇවිත් බලන්න බැරිද... මං ඔයාට ිපි කීයක් එවුවද...අඩු ගානෙ එකම එක ිපි එකක්වත්. දැක්කත් නොදැක්ක වගේ ඉන්න එපා දැහැන්. මට නෙමෙයි.. අනාගතයෙදි ඔයාගෙ සිතුමිණිට හරි වෙනින් ගෑණු ළමයෙක්ට හරි ආයිම එහෙම කරන්න එපා. කෝල් කලාම මම වැඩ කියලා පෝන් එක තියන්න එපා. තමන් ආදරේ කරන කෙනෙක්ට තව කෙනෙක් කතා කරන්නෙ කොච්චර බලාපොරොත්තු තියාගෙනද... එහෙම කතා කලහම මං බිසී කිවුවම කොයි තරම් හිත රිදෙනවද දැහැන්. මට එහෙම කලාට කමක් නෑ..එත් තමන්ට ආදරේ කරන වෙන අයට එහෙම කරන්න එපා. ඒ වගේම මොන තරම් අවංක වුනත් ගෑණු ළමයෙක්ගෙ හිතත් එක්ක විහිළු කරන්න එපා. ගෑණු ළමයෙක්ගෙ ආදරේ එක්ක සෙල්ලම් කරන්න එපා. ගෑණු හැමදාමත් බොළදයි තමයි ආදරේ ළගදි. ඒත් ඒ බොළද කමත් එක්ක තියෙන ආදරේ ගෑණියෙක්ගෙ මුළු ජීවිතේම වෙනවා. මොන තරම් මහන්සියෙන් වැඩ කලත් එක පුංචි මොහොතක හෝ අහන්න —ඔයාට කොහොමද...ඔයා හොදින්ද..කෑවද..බිවුවද කියලා. ඒ නැතුව ආදරෙයි ආදරෙයි කිය කිය කොච්චර ලිවුවත් කිවුවත් ඒක වචනයක් විතරක් වෙනවා. ආදරය දැනෙන්න ඕන දැහැන්. එතනයි තමන් ආදරය කරනවා කියලා දැනෙන්නෙ.. සාගරයක් තරමට ආදරය හිතේ තියාගෙන ආත්මාර්ථකාමියෙක් වගේ ජීවත් වෙන්න එපා දැහැන්.. හැම වෙලාවෙම මමත්වයෙන්ම හිතන්න එපා. ඔයාට වගේම අනිත් අයටත් රිදෙනවා දැනෙනවා.. හැම තිස්සෙම යාළුවො එක්කයි අරයා මෙයා එක්කයි කතා කර කර ඉන්න වෙලාව තියෙද්දි තමන් වෙනුවෙන් බලා ඉන්න කෙනෙක්ට මොහොතක් දුන්නට පාඩුවක් වෙන්නෙ නැහැනෙ දැහැන්. නොදුන්නොත් තමයි පවක් වෙන්නෙ.
ගෑණියෙක්ව සතුටු කරන්න මහා ලොකු දේවල් ඕනි නැහැ දැහැන්. අඩුම ගානෙ එකම එක වචනෙකිනුත් ගෑණියෙක් මහා හුගාක් සතුටු වෙනවා. ඒ තරමට ගෑණියෙක්ගෙ ආදරය බොළදයි. සරලයි. බොහොම පුංචි පුංචි දේවලින් තමයි ගෑණියෙක් සතුට ලබන්නෙ. ඉතිං ඒ බොළද දේ ගාව අපූරු සුන්දරත්වයකුත් තියෙනවා නේද දැහැන්. නිකන් ඉන්න වෙලාවට නිවී සැනසිල්ලෙ හිතලා බලන්න.
ආදරය කියන්නෙ දෙන දෙයක් දැහැන්. ඒක පරිත්‍යාගයක්. කැප කිරීමක්. එතනදි පෙරලා කිසි දෙයක් බලාපොරේත්තු වෙන්න බෑ තමයි. නමුත් අපි දෙන ඒ ආදරය හින්දා තව කෙනෙක් ලබන සැනසිම වචනවලින් කියන්න බැහැ නේද දැහැන්...ඒ වගේම කොයිතරම් කාලයක් අපි මේ ලොකේ ජිවත් වුනත් අපිට ඉතුරු වෙන්නෙ අපි කරන හොද නරක විතරයි. ඒ නැත්නම් මනුස්ස කම විතරයි දැහැන්. මං මේ කියපු දේ වලට හිත රිදුන නම් සමාවෙන්න. ඒත් මං හිතනවා මට නැතත් අනාගතයෙදි ඔයා අදරය කරන සිතුමිණි නංගිට හරි වෙනින් ගෑණු ළමයෙක් වෙනුවෙන් හරි ඔයාට මේවා ප්‍රායෝජනවත්වෙයි. ඒකයි මං ලීවෙ. ඉතිං දැහැන් පරිස්සමෙන් හොදින් ඉන්න. මහ හුගක් ආදරෙයි.
සෙව්මි.
See U...Part 05
See U...Part 05
Wednesday, July 21, 2010
අත්තටු රිදුනා පමණයි part 3...
ඉතිං කාලය ගෙවුනා සේම දැහැන් අප දෙදෙනාටම ආදරය කලේය. පිළිගන්න එය වැරැද්දක් කියා නදුනී මා හා අනන්තවත් විරසක විය. ඇය කියන්නේ දැහැන් අමතක කරන්න කියාය. දිනක් නදුනිත් මාත් Class යන අතරමග දැහැන්ගේ පෙම්වතිය හිදියේය.
—මේ මම ඔයාව ටිකක් මුණ ගැහෙන්න ඉදියෙ..... ඇය මට කීවේය.
—කියන්න නංගි....
—මට නංගි කියන්න එපා හලෝ...තමුසෙට බැරිද තමුසෙගෙ පාඩුවෙ ඉන්න...දැහැන් මගෙ...අපි අවුරුදු ගානක් ආදරේ කළා...මට බෑ දැහැන්ව ඛෙදා ගන්න..තේරුණාද....
—මං කවදාවත්ම දැහැන්ව මගෙ ඛර ගන්නෑ නංගි....
—ඕක පොඩ්ඩක් නවත්තන්න මං තව කියලා ඉවර නෑ....
—කියන්න නංගි...
—බලනවකො තමුසෙට ගැලපෙන කෙනෙක්ව හොයා ගන්නවකො...දැහැන් මගෙ බව හොදටම දන්නවනෙ...ගෙවල්වලින් කෙනෙක්ව හොයලා තියෙද්දි මොන මගුලටද හලෝ මගෙ කොල්ලා එක්ක නටන්නෙ....මගේ කොල්ලව මං හදා ගන්නම්...තමුසෙ පැත්තකට වෙලා ඉන්නවද....
—මේ නංගි වැදගත් විදිහට කතා කරනවද...කියමින් නදුනි ඉස්සර විය. කොතරම් හරි වැරදි වුවද නදුනි මගෙ හිත දන්නේය.
—ඇයි ඔයත් මෙයාට උදවුද...පුළුවන් නම් තමුසෙවත් තමුසෙගෙ යාළුවව හදා ගන්නවා...
—මං මගෙ යාළුවව හදා ගන්නම්...ඔයා ඔයාගෙ පාඩුවෙ ඉන්න...ඔයාගෙ ආදරේ ඔය තරම් දැහැන්ට තියෙනවනම් ඇයි දැහැන් වෙන කෙනෙක්ගෙන් ආදරේ හොයන්නෙ...මේ නංගි මං එකක් කියන්නම් සෙව්මි විතරක් නෙමෙයි දැහැනුත් මේ වට වැරදියි...තනි අතින් අත්පුඩි ගහන්න බැහැනෙ...හොදින් කියන්නම් ඔයත් ගැහැණු ළමයෙක්නෙ ඇයි තවත් ගෑණු ළමයෙක්ට දොස් කියන්නෙ...තමන්ගෙ ආදරේ රැකගන්න බැරිව අනුන්ට දොස් කියලා වැඩක් නෑ නංගි...
—මේ මට ඔය බණ වැඩක් නෑ...ඒත් මං කියන්න ආවෙ දැහැන්ට දැහැන්ගෙ පාඩුවෙ ඉන්න දෙන්න...දැහැන් ගැන් බලන්න මං ඉන්නවා...එසේ කියා ඈ යන්න ගියාය.
මහමග කියා මට නොසිතුණි. එතනම බිම වාඩිවී වැළහින්නක සේ මම හැඩුවෙමි. නදුනි කොතෙක් මා අස්වසන්නට හැදුවත් එය පලක් නොවුනි. මග යනවුන් මදෙස බැලුවේ මට පිස්සු යැයි කියාය. එහෙත් තුන් හිතින් මා ප්‍රේම කලේ දැහැන් මගෙ කර ගන්නට නොවන බව ඇයට තේරුම් ගන්නට බැරිවිය. නදුනි තොතෙක් අවටිලි කලද මා අස්වසන්නට බැරිවු තැන ඇය දැහැන්ට කෝල් කර මගට ගෙන්වා හැමදේම පැවසීය.
—අනේ සෙව්මි මට සමාවෙන්න එයාට පිස්සු...ඔයා වගේ හොද කෙනෙක්ට දොස් කියන්න...එසේ කියා දැහැන් මා අතින් අල්ලා ගත්තේය. පිළිගන්න මගේ හැම දුකක්ම ඒ දෑස අසලදී යටපත් විය. හඩා හෙම්බත් වූ මගේ මුහුණට හසරැල්ලක් නැගුණි. නදුනි මට කීවේ
—දැහැන්ව ගෙන්න ගන්නනෙ ඔය තරම් ඇඩුවෙ නේද...
මට නදුනිට කියන්නට බැරි විය මේ මගේ සංසාරික සුවද ඔස්සේ බැදී ආ පවිත්‍ර ප්‍රේමය බව. එදා වගේම අදත් මට දැහැන්ව අයිති කර ගැනීමේ ලෝභ සිතුවිල්ලක් මා තුළ නැත. එහෙත් ඔහුට ආදරය කරන්නට මට පුළුවනි.ඔහු කොහේ කාට හිමි වුවද මා ඔහුගේ බව මට දිවුරා කිව හැකිය.
'සදේ අයිතිය නැතත් පොළවට
හැකියි හිමිකම් කියන්නට....
සද එළියට
ඔබව මට හිමි නැතත්
හැකිය මට ඔඛෙ වෙන්න
පුරසද නැගුන රැයකට
සිනාසෙයි පිපුනු මල් සදවතට
ඔබව මගෙ නොවුනත්
සැනසෙයි මා ඔබේ එක වදනකින්
බැස ගියත් අදුර දි පුරසද
හිමිවේවි මට ඝන කළුවර
ඔබ ගියත් මා දමා
සිත දුක පිරුණු දිනයක
මම කවි ලියන්නේ ඔබහට
රිදවන්න නෙමෙයි හිමි සදුනි
අවදියෙන් හිදින හැම මොහොතෙ
වේගෙන් එයි ඔබ මවෙත
රිදවයි මා හඩවයි සිත
අපේ ඒ සොදුරු මතකය
හිමි නැති උනත් ඔබ මට
පතනෙමි හැමදා එක ලෙස
සතුටු සිනාවේ මල් පොකුරු
රැදියන් හැමදා ඔඛෙ ලොව තුළ.....
හැමදාමත් දැහැන්ව මග අරින්නට මා එතැන් පටන් ප්‍රයත්න දැරුවෙමි. ඒ හැම බොල් සුළගට හසුවී ගිය සිතුවිල්ලක්ම පමණක් විය. එක පැයක් ඔහු ගැන තොරතුරක් නැතිවූ විට මා ඔහුට නොනවත්වාම කෙටි පණිවිඩ යවයි. මට පසක් කර ගන්නට බැරිවූ සෙයක් විය එනම් මා එතරම් දැහැන්ට ලෝභකම් කරන්නේ ඇයිද කියාය. නමුදු හිත් කොනකවත් දැහැන් මගේ කර ගන්නට සිතුවිල්ලක්ද නොවුනි. මෙය මුසාවක් නොවේ. ලෝකයා කොතරම් මා වැරදී යැයි කීවද මේ මගේ හිත හිතන හැටිය. මා තේරුම් ගන්නට මේ ලොව කිසිවෙක් හිදියේ නැතත් දැහැන් මගේ හිත හදුනා ගෙන හිදියේය.
මේ අතර දිනක් අම්මා කියූ දෙයකින් මගේ හීන ලෝකය තුළ මා අතරමං විය.
—ආ...සෙව්මි...දැන් ඔය ඉගෙන ගත්තා මදැයි...අපි මේ අවුරුද්දෙ අන්තිමට සුපුන්ගෙයි ඔයාගෙයි වෙඩින් එක ගන්න හිතා ගෙන ඉන්නෙ...
—අනේ අම්මා මට තව මෙහෙම ඉන්න දෙන්න..
—ඇයි උඹ නාකි වෙනකම් ඉන්නද කල්පනාව...
—නෑ අම්මා ඒත් සුපුන් ළග ඹගෙ සතුට නෑ...
— එA මොකෝ ඉන්නවද කොහේ හරි එකෙක්ව හොයාගෙන...
— නෑ අම්මා එහෙම නෙමෙයි... ඒත් මට දැන්ම සුපුන්ව බදින්න බැහැ...
—ඒක හරි කතාවක්නෙ...සුපුන්ගෙ මොනාද අඩු...අපි පවුල් 2 කම ඒ ගැන ස්ළුිර කරලා කොච්චර කල්ද...දැන් ඒවා වෙනස් කරන්න බැහැ..
—හරි අම්මා මං කිවුවෙ මගෙ ජීවිතේ සතුට සුපුන් ළග නෑ...මට බෑ එයාට ආදරේ කරන්න...
—උඹට ඕන ඕන දේ කරන්න බෑ සෙව්මි...එහෙනම් ඉතිං අම්මා නෑ කියලා හිතා ගනින්...එසේ කියා අම්මා කුස්සිය පැත්තට ගියේය. මා මගේ කාමරය තුළට රිංගා ගෙන හැමදාමත් සේ හැඩුවෙමි. එහෙත් මා තීරණයක් ගත යුතු බව මා සිත කීවේය. හැගීම් වලට වහල්වී බුද්ධිය යට ගොස් ඇති බව මා දැන ගත්තේය. නමුදු සිත එය පිළි ගත්තේම නැත. එහෙත් මා තරයේ අදිටන් කර ගත්තෙමි. එනම් හිත්පිත් නැත්තියක සේ හිත ගලක් කරගෙන ජිවත්වන්නේය. මන්ද මට මා අමතක කර සුපුන්ගේ මනමාලිය වන්නට හැකිය. එහෙත් ගතින් පමණක් මා ඔහුට හිමිවූවත් මගේ සිත කිසිම දිනක ඔහුට හිමි නොවන්නේය. හිත රළු කර ගත්විට හැගීම් මට දැනෙන්නේ නැතැයි මා සිතුවෙමි. එක දිගට වදින්නට ගත් මගේ ජංගම දුරකථනය සිතුවිලි තුළින් මා මිදවූයේය. දැහැන් යැයි නම සදහන් වන විට මගේ හැම තීරණයක්ම හිරු දුටු පිනිබිදු මෙන් විසිර ගියේය. මීට මොහොතකට පෙර මා සිතු කිසිවක් මට කි්‍රයාත්මක කරන්නට බැරිවිය.
—දැහැන් කොහොමද...
—සෙව්මි මට ඔයාගෙ වෙනසක් තේරෙනවා...ඔයා ඇඩුවද...කියන්න... මා ඇසූ දෙයට ඔහු වෙනකක් කීවේය.
—නෑ දැහැන් මං හොදින්....
—බොරු කියන්න එපා සෙව්මි... මට ඔයාව තේරෙනවා...මට ඔයාව දැනෙනවා...
—බොරු නෙමෙයි දැහැන්
—හරි දැන් කියන්න මොකද වුනේ කියලා....දැහැන් එසේ කියන විට නිකම්ම මගේ කට ඉස්සර විය.
—නෑ දැහැන් අපේ ගෙදරින් සුපුන්ව මට බදින්න කියනවා...
—සෙව්මි....මං ඔයාව කාටවත් අයිති වෙන්න දෙන්නෑ...ඔයාව මගෙන් උදුර ගන්න දෙන්නෙත් නෑ...ඔයාව මං මගේම මගේම කරලා ජීවිත කාලෙටම මං ළගින් තියා ගන්නවා...ගොඩක් ආදරෙයි සෙව්මි...ඔයාගෙ ආදරේ හැමදාටම මට ඕන...තේරුණාද....
—දැහැන් ඔය ඇත්තමද...
—ඇත්තමයි සෙව්මි...ප්‍රොමිස්...මාව කාටවත් ලියලා දීලා නැහැනෙ බබෝ...මම ඔයාගෙ විතරමයි.
—අනේ දැහැන් ඒත් මට ඔයාව අයිති කර ගන්න එපා...මම ඔයාට ආදරේ කරන්නම්... ඔයා මට ආදරේ කරන්න එපා
—සෙව්මී මොනාද මේ කියවන්නෙ...මාව මනුස්සයෙක් කලේ ඔයා..ඔයාගෙ ආදරේ...ඉතිං මට කියන්නෙ ඔයාව නැති කර ගන්න කියලද..
—නෑ දැහැන් මාව ඔයාට නැති වෙන්නෑ...මං හැමදාම ඔයා ළග ඉන්නවා...ඒත් මට ඔයාව මගේ කර ගන්න එපා...මං පවු කරන්න බයයි දැහැන්...
—මොන පවක්ද සෙව්මි...
—ඒ වුනාට එකතු වෙලා ඉන්න දෙන්නෙක්ව වෙන් කරන්න මට බෑ දැහැන්...තේරුම් ගන්න ඔයාව මට අයිති නෑ.
—කෙහෙල්මල...සිතුමිණිට මම ආදරේ කළා..ඒ ඉස්සර ඒත් දැං මගෙ සිතුමිණී නෑ...එයා මැරිලා...ඒ ආදරය මැරිලා...
—මං දන්නෙ නෑ දැහැන්...
—ඔයා දන්නැති තරමට හොදයි...මං කැමතිත් ඒකටම තමයි...අපි අපි දෙන්නා ගැන කතා කරමු...අනික් දේවල් මෙතෙන්ට අදාල නෑ...
—කැමැත්තක් දැහැන්
—හරි ගෙදරටම වෙලා ඉන්න එපා...නිකන් මේ පැත්තෙ ඇවිත් යන්න නදුනි එක්ක හරි...හුග දවසකින් දැක්කෙත් නෑ...
දැහැන්ට මා එන්න පොරොන්දුවී දුරකථනය විසන්ධි කලේය.
පිළිගන්න ඒ ආදරය ළගදී මා කෙතරම් අසරණ වන්නේද කියා මටම කියන්නට බැරිය. එහෙත් මට එක මොහොතක් දැහැන් දැක්කොත් මාස ගානක් ජිවත් වෙන්නට ආස හිතෙන බව නම් ඇත්තය.
— කතා කරන ඇස් දෙක තුළ
දෝරෙ ගලන ආදරයට
වාන් දමන්නට දගලන
කෝඩුකාර පෙම්වතියේ
කොතරම් හිත තද කලාට
සිතුම් පෙළම මුහුණෙ තියේ
නොකියා ඔබ කියනා මට
සුන්දර ප්‍රේමේ...
ගව් ගානක් දුරින් තියන්
ඉන්නට ඔබ වෙර දැරුවත්
සුළග වගේ දුවන් එනවා
හිත ඇතුලේ නලියන
ඒ ආදරේ...
සගවා ගන්නට හැදුවත්
ඔබ හට බෑ එය තාමත්
පොපියා දගලන කැල්මන්
මනමත් වී විසිරේ නෙතගින්...
See u Part 4

Saturday, April 24, 2010
අත්තටු රිදුනා විතරයි..Part 02
පිළිගන්න එතැන් පටන් ඔහු හරිම ලස්සනට මගේ හිත කියෙවුවේය. ඒ ආදරය නිරාමිස සුවයක් මගේ ජිවිතයට එක් කලේය. දැහැන් වෙන කෙනෙක්ට අයිති බව මට නොදැනුනි. කාටවත් කියා ගන්නට බැරි වුවද මා අපමණ සතුටින් පසුවිය. සමහර දිනවලට ඔහුගේ ගැහැණු ළමයා පැමිණ සිටියද එයින් මගේ හිත රිදුනේ නැත. ඒ මගේ ආදරය පිරිසිදු නිර්මල දෙයක් බැවිනි. එමෙන්ම මා විශ්වාස කලේ අප ආදරය කරන දෙයක් නිදහසේ තැබිය යුතුය යන මතයේ හිදය.
නදුනි මගේ වෙනස දැනගෙන
—මොනවද සෙව්මි කලේ...ඔයාට තේරෙන්නෙ නැද්ද දැහැන්ට කෙල්ලෙක් ඉන්නවා....ඔයාටත් ගෙදරින් යෝජනා කරපු කෙනෙක් ඉන්නවනෙ...මට නම් කොහොමත් ඔය වැඩ දිහා බලා ඉන්න බෑ...ඇත්තමයි සෙව්මි..මොනාද ඔයා මේ කරන්නෙ...ඒ විතරක්ද තව කෙනෙක්ට ගින්දරක් දීලා ඔයා ලබන සතුට මොකක්ද¡¡¡¡
නදුනි කියනා දෙය මට තේරෙන්නේය. එහෙත් සදාචාරයට සම්මතයට යටවී මට මගේ ආදරය හිරකර ගෙන ඉන්නට බැරිය. එමෙන්ම කිසිදිනක මට දැහැන් මගේ කරගන්නට ඇවසි නැත. දැහැන් කාගේ වුවත් මා දැහැන්ගේය. අපි අපට ආදරෙයිය. ඉතිං අපි අපේ හිත්වල හැගීම් පිට කල එක වරදක් වන්නේ කෙසේද...
—අනික් එක සෙව්මි දැහැන් කොහොමද එක සැරේ දෙන්නෙක්ට ආදරය කරන්නෙ...ඔයාට ඒක හිතන්න බැරි වුනාද...˜
මට හැඩුනි. ඒ දැහැන් ගැන සිතා නොවේ. මගේ ආදරය ගැන හිතාය. එමෙන්ම එය කිසිවෙකු විශ්වාස නොකරන හින්දාය..මට කුහක කෙල්ලෙකු වන්නට බැරිය. එසේම දැහැන්වත් ඔහුගේ පෙම්වතියවත් දෙපසකට කරන්නට මට බැරිය. නමුත් දැහැන්ට ආදරය කරන්නට මේ සමාජය මට ඉඩ දෙන්නේ නැත්තේ ඇයි..
කාලය ගෙවුනි. මා පිස්සියක සේ දැහැන්ට ආදරය කලේය. දැහැන්ගේ පෙම්වතියටද දැහැන් ආදරය කලේය. නමුත් කිසිම මොහොතක මා ඒ ගැන දැහැන්ගෙන් නොවිමසීය. එහෙත් දැහැන් දිනක් කීවේ
—මේකනෙ සෙව්මි අපි ඉස්කෝලෙ යනකාලෙ කෙල්ලෙක් එක්ක යාළුවෙන්න ඕනවට එයත් එක්ක යාළුවුනා මිසක් ආදරය කියන දේ ගැන අපි දැනගෙන ඉදියෙ නෑ...ඒත් ඔයාගෙන් මං ආදරය කියන දේ ඉගෙන ගත්තා...ඉතිං ඇයි අපි අපේ හිත්වලට වංචාවක් කරන්නෙ...˜
මට කිසිවක් තේරෙන්නේ නැත..වෙනදා වාගේම මා දැහැන්ට කීවේ
—දැහැන් ඔයා මගෙ නෙමෙයි අනුන්ගෙ....˜
—නෑ සෙව්මි මං ඔයාගෙ....˜
—ඔයා කොහොම කිවුවත් ඔයා මගෙ නෙමෙයි දැහැන්....ඒත් මම මැරෙනකම් ඔයාගෙ තේරුණාද...
—අහන්න සෙව්මි..මං ඔයාගෙ තමයි...අපි අපේ...
—නෑ දැහැන් කවදාවත් අපිට අපේ වෙන්න බෑ...ඒත් මට ඔයාගෙ වෙන්න පුළුවන් දැහැන්... හිතින් වගේම ගතිනුත්....
—චකැ්ිැ…ගගසෙව්මි අපි මේ කතාව නවත්තමු...මොකද මං කොහොමද මගෙ ආදරේ පෙන්නන්නෙ...බැහැනෙ ඒ හින්දා අපි මේක නවත්තමු..
ඉතිං හැමදාම වාගේ කොතරම් බැන්නද මගේ දුක ළග ඉදියේ නදුනී විතරමය. මා මීහරකියෙක් වාගේ අඩ අඩා නදුනී හා මගේ හිත දිග හැරියේය.
—නදුනි මට දුක නෑ ඒත් මගෙ හිත පිළිගන්නෑ දැහැන් මගෙ කියලා... මගෙ හිත කියන්නෙම දැහැන් අනුන්ට අයිති වස්තුවක් කියලා..
—ඒක තමයි මෝඩියේ මං කිවුවෙ...දැහැන්ව අයිති දැහැන් යාළු ගෑණු ළමයට...
—ඒත් දැහැන් මටත් ආදරෙයිනෙ නදුනි...
—සෙව්මි...මං දන්න ආදරයක් නෑ...ඒත් ලෝකෙ හැම මනුස්සයවම විශ්වාස කරන ඔය පුරුද්ද අත් ඇරගනින්...ඔබ ඉතිං බෝධි සත්ව වෙන්න හදනවනෙ...අනුන්ගෙ හිත් රිද්දන්නෙ නෑ...එහෙම ලෝකෙ ජීවත්වෙන්න බෑ සෙව්මි...ටිකක් නැගිටලා ඇස් ඇරලා බලපන්...මිනිස්සු කොහොමද කියලා...
—නෑ නදුනි...මං මට හිතවත් වෙන හැමෝටම මාත් හිතවත් වෙනවා...ඒ අය කරන හොද නරක ඒ අයට.. මං කරන හොද නරක මට....
—මට තේරෙන්නෑ ඔය බහුබූත...ඔන්න ඔය ටැප් එක වහගනිං..හැමදාම දැහැනෙක් ගැන කියව කියව හූල්ලන්නෙ..
—මට දුක හිතුනා නදුනි...ඊයෙ දැහැන්ගෙ ගෑණු ළමයා දැක්කම...එයා ලෝකෙටම පේන්න දැහැන් ගාව ඉන්නෙ හරි ආඩම්බරෙන්...
—ඉතිං උඹට තියෙන දුක මොකක්ද....
—නෑ නදුනි ඒ වෙලාවට දරා ගන්න බැරි වුනා තමයි...ඒත් දැන් මට හිත හදාගන්න පුළුවන්...
—මෝඩියේ...ඕක තමයි සිංහලෙන් කිවුවෙ කොල්ලො විශ්වාස කරන්න බැහැ කියලා...
—නෑ මට දැහැන්ව විශ්වාසයි...
—බම්බුව..එසේ කියා නදුනි මට ඉස්සර විය. ඇය දැන් මා සමග අමනාපවී ගියාට නැවතත් හෙට මගේ ආදරණීය මිතුරියයි.. ඇය දකින්නේ මා දැහැන්ට ආදරය කරන එක වැරැද්දක් ලෙසයි..නමුදු එය මට වැරැද්දක් ලෙස නොපෙනේ...මගේ සිත රිදුනේ වෙනකකටය. එනම් දැහැන් කීවේ ඔහුගේ ගැහැණු ළමයා ඔහු දමා බොහෝ දුර ගිය බවය. එහෙත් මට දැහැන්ගෙන් අසන්නට බැරිවිය. ඇය දමා ගියානම් ආයෙත් ආවේ කෙසේද කියා...ගැහැණු අපේ සිතේ ඉරිසියාවක් උපදින්නේ නැතැයි කීවොත් එය බොරුවක්ය..ඒ වගේම දැහැන් අසල ඔහුගේ පෙම්වතිය හිදින විට මටද ඉරිසියාවක් සිතුණි. නමුදු පිළිගන්න දැන් ඒ ගැන කිසිදු හැගීමක් නැත. ඒ මා ආදරය පුද දෙනවා මිස කිසිවක් පෙරලා බලාපොරොත්තු නොවන හින්දාය.
නෙතු දකිනා දහසක් නෙත් මත
ඔබ නෙතු මා සෙවුව තරම්
ඔබ දන්නව නම් මා පි්රය පෙම්වත
මා ඔඛෙ නෙත් යුවලට පෙම් කෙරුව තරම්...
දෑසම අන්ධ වෙලා මා පෙම් කෙරුව තරම්
නොදනී ඔබ ඒ නොදනී....
මගෙ සිතම දනී එය
ඔබ හට නොපෙනේ
අන්සතු වූවත් මා හට හිමි නොවූවත්
ඔය නෙතු සගලට මා හැඩූ තරම්
සාගර තරමට කදුළැලි ගැලූ තරම්
ඔබ දන්නව නම් මා පි්රය පෙම්වත
පෙම් කෙරූ තරම්...
කිසිදින ඔබ හට නොදැනේවී
ඔය නෙත් දෙකටම මා හෙලූ සුසුම්
බොල් සුළගට මුසු වෙච්ච තරම්
නොපෙනේ පෙම්වත නොපෙනේ
මං පෙම් කෙරූ තරම්...
අහිතක් නොසිතමි මගෙ සිතම දනී
මුළු ලොවම දනී එය
ඔය නෙත් දෙක මට අහිමි බව
තරහක් නොම එයි
මට හිමි නොවූවත්
අන්සතු වෙන බව දැන දැන
මා පෙම් කෙරුව නිසා...

අත්තටු රිදුනා පමණයි......
මා සන්තකටම වත්කම වූ මා ඔබට ආදරය
ප්රේමය... නොකලා කීවොත්
මට මහා සැනසුම දී එය මුසාවක්මය...
ආපසු ගත්තේ ඇයි දැයි අපිට අප මුණ ගැසුණේ
අදත් මා නොදනිමි... මා අන් කෙනෙකුට
ඇට ලේ මස් නහරවල හිමි වූවාට පසුය
කැලතී දියව යන්නේ ඇයට ගින්දරක් දී ඔබට සැනසීමක්
මා සන්තකය ඔබට පැවරූ දෙන්නටද...
පාපය නිසාවෙනි ඔබට ගින්දර දී ඇයට සැනසීමක්
පෙම්වත... දෙන්නටද...
ඔබට පිදු මට බැරිය....ඒ
නොකළැල් නොකිලිටි නොවෙනස් ඔබ දෙදෙනාම මගේ ජීවිතය වූ
මගේ වත්කම නිසාවෙනි...
මා ආපසු ඉල්ලන්නේ නැත අප අතර ඇති මේ බැදීමට
මන්ද... දෙන්නට නමක් මා දන්නේ නැත
එය මා ඔබට පිදුවේ එහෙත්...
කිසිවක් පෙරලා මා දෑස් මායිමෙන්
බලාපොරොත්තුවෙන් නොවන නිසාය ඔබ දුර නොයන්න
ඔබ නිදුකින් ඉනු මැන මන්ද...
එය මගේ පැතුමයි..... ඔබද මට ඇවසිය...
සෙව්මි නිසංසලා දැහැන් නිර්මාණ
හැමෝම කියන්නේ මා වැරදි අයෙකු කියාය. නැත්නම් ලැජ්ජා නැති අවලම් කෙල්ලෙක් කියායා. එසේත් නැත්නම් අන්සතු දෙයක් හොරකම් කරන්නට හැදු හෙරක් ලෙසයි. එහෙත් ඒ කිසිවක් මට පිළිගන්නට බැරිය. ඒ මගේ හිත හිතන හැටිය. කෙසේ නමුදු දැන් මා ලෝකය ඉදිරියේ නරුම කෙල්ලෙකු වී හමාරය. බුදුන්ගේ දෑසට බොරු කර අනුන්ගේ දෑසක් උදුරා ගත්තා යැයි මිනිසුන් මට දොස් කියයි. එහෙත් ඒ පව මට ගෙවන්නට බැරි වන්දියක් වන බව මා තරම් හොදට කිසිවෙකු දන්නේ නැත. කොයි තරම් අහිංසකව මං මගේ ප්රේමය පුදන්නේ දැයි දන්නේ මාත් මගේ හිතත් පමණි.
පෙම් කරන දෙදෙනෙකු දෙපසකට කරන්නට මා තුන් හිතකින්වත් හිතුවේ නැත. එමෙන්ම ජීවිත කාලයේම එක් අයෙකුට පමණක් පෙම් කළ හැකියැයි මා එදවස සිතුවේද නැත. එහෙත් එය බොරුවක් යැයි දැන් දැන් මට වැටහේ. දිවි හිමියෙන් මා ප්රේම කරන්නට ප්රාර්ථනා කල කෙනා මට අහිමිවී ගොස් හමාරය. ආදරය කිරීම මේ තරම් හිත රිදන දෙයක් බව කලින් මට නොදැනුනි. කෙසේ වෙතත් මේ ආදරයයි. නමුත් ලෝකයා දකින්නේ මා කරන්නේ විශාල වරදක් ලෙසය. එහෙත් ඒ දෑසට උරුම කම් කීවේ මේ භවයේ පමණක් නොවන බව මට දිවුරා කිවිය හැක. අපි හිතන් ඉන්නා ලෙස දෛවය තීරණ දෙන්නේ නැත.
දැහැන් ....හ්ම් ඇත්තටම දැහැන් මගේ නෙතු අසලට පෑයූවේ මහා නියං කාලයකට පසුව වසින වැස්සක් ලෙසිනි. ඔහුට තිබුනේ හරි අඩම්බර පෙනුමකි. මගේ හිත ගත්තේ ඒ ආඩම්බර කමය. එපමණක් නොව ඒ ඇස් දෙක තුල කිමිදි සංසාරයේ හුරු පුරුදු ලෙංගතුකම් සොයන්නට මට සිතුණි. ඔහු අනුන්ගේ බව දැන දැන මා තනිවම ඔහුට පෙම් කලෙමි.
හැමදාමත් නදුනි ඇගේ පෙම්වතාට Call කරන්න යන cafe එකේ හිමිකරුවා දැහැන්ය. නදුනි කතා කරන තුරු මා අර දෑස දෙස බලා හිදියි. තේරුම් ගන්නට බැරි මොකක්දෝ සංසාරික සිතුවිල්ලක් මහිත උඩ හුරු පුරුදු ලෙංගතුකම් පෑවේ එතැන් පටන්ය¡ ඔහු කවදා කොහේදි හෝ මගේ වී ඉන්නට ඇති බව මට දැනුණි. ඒ හුරු පුරුදු සුවද ඉව අල්ලා බලන්නට සිතුණද මා එයට බිය විය. එහෙයින් මා මගේ හිතට තරවටු කලෙමි¡ නමුත් හැමදාම වාගේ ඔහු දෙස බලා හිදියද
—හිනාවක් ගන්න සල්ලි දීලවත් බැරි වෙයි නදුනි˜ කියා මා මගේ යෙහෙළිය හා කීවේය¡
—ඒ කාගෙද බං.....
—කගෙද ඉතිං අර cafe එකේ ඉන්න පණ්ඩිතයගෙ මිසක්....
—හෝව්....හෝව්....මොකක්ද ඒ කතාව....මේ ඕවා තියා ගන්න එපා....දැහැන් හොද කොල්ලෙක් බං....ඇරත් ඒකට ලස්සන නංගියෙක් ඉන්නවා.....
නදුනි එක දිගට කියවයි. මගේ හිත හෙල්ලී ගියේ ඔහුට ආදරය කරන්න ගැහැණු ළමයෙක් ඉන්නවා යැයි කී දෙයටය..එහෙත් එය නදුනිට නොපෙන්වා මා තවත් දැහැන් ගැන නදුනිගෙන් දැන් ගන්නට සිතුවෙමි¡
— උඹ කොහොමද දැහැන්ව දන්නෙ....
— සෙව්මි...දැහැන් අපේ නංගිලා එක්ක එකට ිචදරඑ කලේ ....ඒත් එයා A/L ලිවුවෙ නැද්ද කොහේද....පිස්සුවෙන් වගේ computer පස්සෙ දිවුවා. ඒත් ඒකෙන් දැහැන්ට වැරදුනේ නෑ...දැන් බලන්නකො ලස්සනට ඉන්නෙ.
ඉතිං හැමදාමත් අපි උදේ හවස බාහිර උපාධිය සදහා පන්ති ගියේය. ඒ එන අතර මග දැහැන්ගේ cafe එකට ගොඩවදින එක අපට පුරුද්දක් විය.
—මං ආසයි බං දැහැන්ට....˜ මට කියවිණි.
—මේ...මේ...ඕවා තියා ගන්න එපා..දැහැන් අනුන්ගෙ....
—හරි බං ඉතිං....දැහැන් අනුන්ගෙ උනාට මට බැරිද දැහැන්ගෙ වෙන්න...
—සෙව්මි....මොනාද මේ කියවන්නෙ...˜
—දැහැන් මාර ගති බං....කෙල්ලෙක්ට ආස හිතෙන ලස්සනක් තියෙන්නෙ...ඒ විතරක්ද බලපන් ඒ ඇස් දෙක දිහා.... නදුනි ඉදිරියේ මගේ හදවත විවෘත විය¡
—මං දැහැන්ට ආදරේ කරනවා නදුනි...එයා අනුන්ගෙ උනාට කමක් නෑ මට පුළුවන් එයාගෙ වෙන්න...හැමදාටම....
දගකාර මගේ හිත උඩ ඇති සිතුවිලි කිසිවක් හංගන්නේ නැතිව මා කීවෙමි. ඒ මගේ හැටිය. මග යන කොල්ලෙකු දැහැන් වගේ නම් කිසිවක් නොසිතා
—අර බලන්න අර බෝයි දැහැන් වගේ නේදැයි...˜ කියා කියන්නට තරම් මගේ හිත දඩබ්බර විය.
—සෙව්මි....ඔහොම කියවන එක ටිකක් අඩු කරගන්න....මට කිවුවට කමක් නෑ....ඒත් කාටහරි ඇහුනොත්....
—ඉතිං ඇහුනදෙන්කො.....
—ඇහුනට කමක් නෑ තමයි....ඒත් අපිට අනුන්ගෙ හිත් කියවන්න බැහැනෙ....අනුන්ගෙ හිත් වීඩියෝ කැමරා වගෙයි....ඔයා ගැන වැරදියට හිතයි...එහෙම හොද නෑ නේද..ඒ විතරක්ද කවුරු හරි දැහැන්ගෙ ගෑණු ළමයට කිවුවොත්.....
දැහැන් ගැන මගෙ හිතේ තිබුණ පිස්සුවට නදුනි සැර වූයේ එසේය. එහෙත් ඇය කියන්නේ බොරුවක් නොවුවද මට දැහැන්ව අමතක කරන්නට බැරිය. හැම මොහොතකම මගේ ඇස් දුවන්නේ ඔහු සොයාය. මගේ හිත උඩ විතරක් නොව ගැඹුරුම ගැඹුරු යටි හිතේද හිටියේ දැහැන්ය. සමාධියට සමවැදුනා සේ දැහැන් ගැන සිතීම මට සුවය ගෙනාවේය. ඒ භාවනාව සුන්දර විය. නදුනි එක්ක කොයි මොහොතේත් මා කියෙවුවේ දැහැන් ගැනය. ලෝකයා දන්නේ නම් මට දොස් නගනු ඇත. එහෙත් මෙතනදි නදුනිට පවා තේරුම් ගන්නට බැරි දෙයක් විය. එනම් මා ඇත්තම ඇත්තට දැහැන්ට ආදරය කිරිමයි. එය මුසාවක් නොව. මගේ තුන් හිතම පේවී ඔහුට ප්රේම කළේය. එය තව අයෙකුට පැහැදිලි කර කියා දෙන්නට මට බැරිය. මා මගේ හිත වෙනස් කරන්නට නොගියේය. මා මගේ තීරණයේම හිදියේය. එනම් දැහැන්ට මා ප්රේම කළෙමි. නමුත් කියන්නට බැරි දෙයක් තිබේ. එනම් ඒ වෙනකොටත් අපේ නිවසින් මා සුපුන්ට යෝජනා කර තිබීමයි. අම්මලා කියන්නේ මා අනිවාර්යයෙන් සුපුන් හා දීග යායුතු බවයි. එහෙත් ඔහු ගැන මහිතේ කිසිම දිනක ප්රේමයක් නොඋපදියි. එය ඇයි දැයි කියන්නට මට තේරෙන්නේ නැත. කෙසේ වෙතත් මගේ ජීවිතය සුපුන් ළග නැති බව මම දනිමි.
දිනක් අපි දැහැන්ගේ ක්ෙඬී එකට ගොඩවදින විට එහි හිදියේ දැහැන් පමණක් විය. නදුනි දුරකථන කුටියට ගිය පසු දැහැන් හරි ලස්සනට මා දෙස බැළීය. මා දැහැන්ට වශීවී හිදි නිසා එය මට දරාගන්න බැරි සතුටක් එක් කළේය.
—කොහොමද සෙව්මි....˜
මුල් දවස්වල අහංකාර කමට හිටි දැහැන් හරි ලස්සනට ඔහුගේ දෙතොල් මතින් මා හා කතා කළේය.
—හ්ම්....හොදයි දැහැන් ඉතිං....ඉතිං...
—හරියට වැඩ අද චුට්ටක් නිදහස්.... ඊමිිසබැිි කියන්නෙ ඒකනෙ...දවසකට වැඩ වැඩියි දවසකට මොකුත්ම නැහැ....අද ඉතිං මොකුත්ම නැති දවසක්....˜
— ඔයාගෙ ඇස් හරි ලස්සනයි සෙව්මි...˜
නැවතත් දැහැන් කියු දෙයින් පිළිගන්න මට ඇතිවූ සතුට නිම්හිම් නැති විය¡ එය කිරා මැන බලන්නට බැරි තරම් විය. දැහැන් ඔබ හරිම අපූරුවට මගේ හිතට කතා කලේය. ඔබ තට්ටු කලේ මගේ හදවතටය.
නදුනි දුරකථන කුටියෙන් එළියට එන විටත් අපි අපි දෙස බලා හිදියේ හිතින් කතා කරමින්ය¡
—මොකද සෙව්මි භාවනාවක්ද....˜ කියා ඈ මගේ අතින් ඇල්ලූවේය¡ මගේ අත සීතල වී තිඛෙනවා ඇයට දැනෙන්ට ඇත.
—ගාන කීයද දැහැන් කියා මුදල් ගෙවූ නදුනි නැවතත්
—සෙව්මිව බදින්න කෙනෙක් ඉන්නවා දැහැන්...˜ කියා ඔහුට කීවේය¡
තේරුම් ගන්න දැහැන් කාගේ වුවද එය මට ප්‍රශ්ණයක් නොවුනි¡ එතරම් මා දැහැන්ට සෙනෙහස් විය. සුපුන්ට මගේ ලොවේ තිතක් වන්නටවත් බැරි වුවද දැහැන් මගේ මුළු ලොවම වසා පැතිරී හිදියේය. දැහැන්ව මට බරක් වදයක් කරදරයක් නොවීය. ඒ මන්ද ඔහු මහිත උඩ සක්මන් කලේ සිහින සරිනි.
— මං ඔයාට ආදරෙයි්...˜ ඊට දින දෙක තුනකට පසු මගේ ජංගම දුරකථනයේ සනිටුහන් වූ කෙටි පණිවිඩය එය විය. ඒ සීතල රාති්රයේ ඔහු උණුසුම් සුව සදන හීනයක් තරම් ලෙංගතුව මා ඇමතීය. මගේ ජීවිතයේ ලද ලොකුම සැනසීම එය විය. මම දොර ඇරගෙන එළියට ගොස් පිනි වැටුනු තණකොළ පිස්සේ දෙපා ඇවිදුවෙමි. සෙරෙප්පු දෙකක් නැති දෙපා වලට පිනි බිදුවල සීතල අමුතු සුවයක් එක් කලේය. මේ මා උදේ හවා ප්රාර්ථනා කළ ප්රේමයයි. මේ මා හැමදා දුටු සිහිනයයි. හැකි විගසින් මාත් ඔහුට කෙටි පණිවිඩයක් යැවුවෙමි.
—මමත් හුගාක් ආදරෙයි.....මටත් වඩා මං ඔයාට ආදරෙයි දැහැන් ˜ මට කිසිම ලැජ්ජාවක් දැනුනේ නැත. දැහැන් අනුන්ගේ යැයි සිතා පිටස්තර හැගීමක් නොදැනුනි. ඔහු මට ආගන්තුකයෙක් නොවෙමි¡ ඒ මගේ පණ ගැහෙන ආදරයයි. ඔහු මගේ කෙනෙකි. ඉතිං මට ඔහුව දැනෙන්නේ මගේ ජීවිතය ලෙසයි. මගේ ආත්මය ලෙසයි. මා 100% ක්ම හදවතට විවෘත වන්නට ඉඩ දුන්නේය. ඒ මන්ද යත් ඔහු හරි අපූරුවට මගේ හිත කියවාවියැයි සිතාය.
Subscribe to:
Posts (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...