Sunday, January 15, 2012

සිහිනයක සිතුවිලි - 07

අද ජනවාරි 15 ඉරිදා දවසක්

කහම කහපාට හැන්දෑවට
සුවඳ අරන් හෙන්දිරික්කා
මල් ආවත් තනිකම වට
හිත ළග මගෙ නවතින්නට...

හෙමින් සැරේ නුඹෙ තුරුලේ
උන්නු සුවඳ හිත එබෙනවා...
නුඹගෙ ළයට හිස සතපා
දුක් හිත බර නිවා ගන්න හිතෙනවා.....

හැමදාමත් අහස බලා
දේදුන්නක පාට අරන්
මගෙ සිහිනය තව අදිනවා
නුඹේ නමට හිත මැද්දෙන්........

සේපාලිකා මල් සුවඳින්
සඳ කිරණේ එළි අතරින්
මගේ සොදුර නුඹ වඩින්න
පාළු හිතේ අදුර මකන්.....

පුරුදු විදිහටම හීනෙ ගෙත්තම් කරන්න ආවත් හිත පෙලන මේ නපුරු තනිකම මාව අලස කරනවා........
දන්නවද දවස් 2ක 3කින් හීනෙ ලියා යන්න බැරි වුනාම හීනෙ දිහා බලා ඉදපු 1 කෙනෙක් මට මෙහෙම කිවුවා.. අක්කි හීන බලන එක නවත්තලා වගේ....මම දෙපාරක්ම අක්කිගෙ පිටුවට ආවට සිහිනෙ තිබුණෙ නැහැ කියලා.....
              ඔන්න ඉතින් අමාරුවෙන් වුනත් මම අද සිහිනෙ ලියනවා... සමහරුන්ට වැඩක් නැති බොළද දේවල් වෙන්න පුළුවන්......
          ඒත් දන්නවද හිත දුකින් තැවුලෙන් තියෙන වෙලාවක නිකමට හිතලා බලන්න බොළද දේ තුලත් අපූර්වත්වයක් තියෙනවා නේද කියලා.........

            මම දන්නවා ඔයා වැරදීමකින්වත් මගෙ හීනෙට ගොඩ වදින්නෙ නැහැ කියලා... 

      ඉස්සර ජිවිතේ හරිම සැහැල්ලුයි කිසිම බරක් දුකක් නැහැ..මට මතකයි....
           මුලු හන්තාම සිප ගෙන සුළගට ඇග හිරුවැටෙද්දිත් නුවර පොලිසිය ගාවින් හති දදා පුෂ්පදාන කන්ද නැග්ග හැටි.....
              බහිරව කන්ද මුදුනට වෙලා ඈතින් පේන නුවර විදිය දිහා බල බලා අපි යාලුවො කට්ටිය කියෙවුව හැටි.... පුලුන් පිඩක් සේ කිසිම දෙයක් නොදැනුන ඒ කාලෙ මොන තරම් ලස්සනද.....
   ඒ විතරක්ද ඔයා ළගින් ඉදපු දවස් ඒ වගෙම සුන්දරයි.... මතකද දවසක් අපි දෙන්නා හොදටම නාකපන වැස්සක තෙමුන හැටි... වගක් නැතිව ඒ වැස්සෙම පාර අයිනෙ කඩේකට ගිහින් අයිස් කාපු හැටි......
         ඒ දවස් මතක් වෙනකොට අද ඔයා මගෙ ළගින් නැති එක කියන්න බැහැ කොච්චරද කියලා.... 
           පැය ගානක් තිස්සෙ හිතුවත් අද නම් මට සිහිනයක සිතුවිලි ලියාගන්න සිතුවිල්ලක් එන්නෙම නැහැ.... පෑවිල්ලකට අහුවෙච්ච පොළව වගේ මගෙ හිත....හරිම හිස්.............

           පුරුදු විදිහට මම වෙන දවසක එන්නම්..... කවමදාහරි ඔයා බලලා යන්න....පුලුවන් වුනොත්...
          

4 comments:

  1. සිහිනයක් තුල
    පොදි බැදගත්
    ආදර සිතුවිල්ල
    වචන වලට පෙරලී
    ලියවෙන බවයි
    මෙතරමි හෘදයාංගමව

    ReplyDelete
  2. කවිය කියන්නේ ජීවිතය නෙමෙයි කියල අක්ක කිව්වට ඒක එහෙමයි වගේ! :/

    ReplyDelete
  3. නුවන්, මේව එයාට වෙන එ්ව නෙවෙයිලු! :D

    ReplyDelete
  4. අයි අයියෝ........... අර සේකරත් කිවුවා නේද කවිය තුලින් මා නොදකින්න කියලා...අහ්....මාත් කියන්නෙ ඒකම තමා....

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...