Friday, January 13, 2012

අප්පච්චී.......

ගැබ්බර වෙලා
විළිබර වන
කුරහන් හේනේ...

අප්පච්චියේ

මම දැක්කා
ඔබෙ සිහිනේ........

තනියා එක්ක

රෑ පැල් රකි
පහුගිය දවසේ....

විකසිත පියුම්
අද හිනැහේ
ඔබ කමලේ....

සීපද හඬින්
ගවුවක් දුන්
ඔබෙ නින්නාදේ

වියපත් නොවෙයි
නුඹ සිත තව
පෙරදා වාගේ......

ලෙහෙනිය එක්ක
හිනැහී දඬු වැට
පැන යන්නේ......

පැටවුන් නමින්
නුඹ තවමත් මුං
පැල හිටවන්නේ..........

No comments:

Post a Comment

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...