Sunday, January 29, 2012

*** ලෙච්චමී ***



තුඩු අගින් නෙක තාල තියමින්
නැතත් බෙරපද නටයි දෑගිලි
රෙදි කඩක් හිස බැදන් ඇය
හදයි බේරෙනු පිනි සීතලෙන්.....

සර සරින් එයි දැවටිලා
මුණු මුණුව සුලගේ තැවරිලා
සිල් අරන් වගෙ බිම බලා යයි
ගලා ඇස උල්පත් දිය පාවෙලා...

උඩ බලනු බැරි නිල් කදු බ‍ඳේ
මැදහරියෙ ඇය නැවතිලා
නොපියා පියවෙන දෑස් පොඩිකර
ඉරමලෙන් ඔරලෝසු කටු මනිනවා ....

මිනින්දෝරුවො වගේමයි කූඩැල්ලො
මැන මැනම පතුල් යට සිට එයි
සිඹ සිඹා ඇගෙ ලේ සොලවනා
වගක් නැතිවම හුස්ම පිඹ පිඹ
යාවි ඇය තව දිවි සරි ගැන සිතා....

එකදිගට නද දේවි අතරැදි
වලලු පෙළ තනි මහහැරා....
රතු කරන් කට හපන විටයක
යාවි ගිනි කුස අමතකා.....

මල්ලවම පොරයක් වගේ මුලු
දවස තිස්සෙම ඔට්ටු වීලා
කඩාගත් දලු දීලා යයි ඇය
දිනක වේතනෙ අත හිරවෙලා....

පිච්ච මල් ගෙන දැවටුවත් හිස
දිවි ගමන සුවඳක් නෑ ගෑවිලා...
හැන්දැ වරුවට කෝවිලේ දණ ඔබා
යදියි ඇය පිහිටක් ඉල්ලලා....

7 comments:

  1. ලස්සනයි දිනිති...............
    සර සරින් එයි දැවටිලා
    මුණු මුණුව සුලගේ තැවරිලා
    සිල් අරන් වගෙ බිම බලා යයි
    ගලා ඇස උල්පත් දිය පාවෙලා...

    උඩ බලනු බැරි නිල් කදු බ‍ඳේ
    මැදහරියෙ ඇය නැවතිලා
    නොපියා පියවෙන දෑස් පොඩිකර
    ඉරමලෙන් ඔරලෝසු කටු මනිනවා ....

    ReplyDelete
  2. ස්තුතියි ලංකා හුගාක්ම...

    ReplyDelete
  3. හැන්දැ වරුවට කෝවිලේ දණ ඔබා
    යදියි ඇය පිහිටක් ඉල්ලලා
    ඇයම මිස ඇයගේ පිහිට
    කව්රුන්වේද හිත උනුවනා

    ReplyDelete
  4. සංවේදී කතාවකින් ලස්සන කවි පොකුරක් ගොතල......

    ReplyDelete
  5. ලස්සනයි අක්කේ...

    ReplyDelete
  6. ඇති හැටියට ලස්සනට පද ගොතලා තියනවා අක්කේ.....

    ReplyDelete
  7. යුගාසිරි මල්ලි....සිහින මතකයන්... දිනේෂ් මල්ලි.... බිටා මල්ලි....මහ හුගාක් ස්තුතියි.....ඇවිත් යනවට මේ පැත්තෙ...

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...