Tuesday, January 17, 2012
මෙහෙකාරිය
එකිනෙකා පරදමින්
එකම හිස් ගොඩක් වී
අහස සිප ගන්නා
සිමෙන්තියෙන් වැඩ දැමූ
දේදුනු පාට තාප්ප බිත්ති
වට කෙරුණු......
සිර මැදිරි සම උස් යකඩ
මුරකාවල් මැදින්
වටවෙච්ච හිස් අහස වැළඳ
තැනු මාළිගාවක නොනිදන
වෙලාවක සිරවෙච්ච
මුවැත්තිය...
දර කෑලී අඟුරු දැලි නැති
ලිපක් ළග ඉදෙන රස මසවුළු
සුවදක් නැතිව සුවඳක් ගන්න
වෙර ගන්න බොජුන් හල්
කුස්සියක තනිවෙන විට
හීයක වේගෙන් දුවයි හිත
අම්මගෙ කැකුලු බත ළග...
ඇපල් දොඩම් මිදි එක්ක
මේසයක හිද අනුභව කරන
හාම්පුතු දකිනකොට
වෙල් ඉපනැල්ලෙ ඇවිද
ගිරාපලා කංකුන් කඩා
පිට පොත්තටම ඇලුණ
කුස වේලකින් පිරිමහන
අප්පච්චිගෙ දෑස......
කහවනු කාසි අතමිට උරුමයක්
නැති කමට ඔච්චම් පාන දා
පොල්පිති අස්වයින් හදන්
ගම්මානෙ දුවන මල්ලිගෙ ඇස්
පාදන්න වැර ගන්න
විලංගු නොබැඳි මුත්
දෙපා බැරි බැරිව ඔසවා
විසල් පුරයක හුදකලාවෙම
කදුළු මිල කරයි ඇය.......
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
අහෝ දුකකි ඉරකි තිතකි!
ReplyDeleteසංවේදී කතාවක් තියෙනවනේ හැම චරිතයක් පිටිපස්සෙම!
හිහි... හිතෙන දේ ලියනවා විතරයි මල්ලි.....මනෝ ලෝකය විතරයි මේ මගෙ...
ReplyDelete