Friday, May 20, 2011

මගෙ වසන්තය...මට ලංවෙලා...

මේ වසන්තය මගේ....
හද සන්තකය නුඹේ...
ජීවිතේ ගිරි දුර්ගයේ....
පිය නගමු හරි සීරුවේ....

සීතලට උණුසුම තනා....
හදවතට පණ ටික පොවා...
අත්වැලක් වී ළග නැවතිලා...
මගෙ වසන්තය මට ලංවෙලා...

මල් පිපෙන්නට කල් යල් බලා...
වසන්තය හිනැහෙයි මුව පුරා...
සිත් පිරෙන්නට සෙනෙහස දරා...
පිය නගමු කෙම්බිම කරා....

Thursday, May 19, 2011

ආදරණිය දිලුම් මල්ලියේ....

හිතට දැනුන දුක කියන්නට බැරි තරම්...කවමදාවත් නොදැක්කත් ඔබ සයිබර් අවකාශයේ සොදුරු දේ ගෙනා ඉලන්දාරියා විය...ආදරණිය මල්ලියේ සසරෙ කවමදාවත් නුඹට මෙවන් දෙයක් නොවේවා...බ්ලොග් අවකාශයෙන් හදුනා ගත් ඔබ මුහුනු පොතේ දයාබරම සහෝදරයෙක් විය...මට කියන්නට මොකුත්ම දැනෙන්නෙ නැහැ..දරන්න බැරි මේ වේදනාව නුඹ නැති අඩුව අපිට දැනේවි හැමදාමත්...මටත් බැහැ නුඹට නිවන් සුව නම් පතන්නට...ඒ තරම් නුඹ අප ළගින් ඉන්නවා වාගේ දැනෙනවා...
 

Friday, May 6, 2011

යන්න යන්නම නුඹ ගිහින්...

කප්පරක් පෙම පුද දිදිත්..
ළග ළගම මා වුන්නමුත්..
මෙච්චරක් දුක විදගෙනත්..
යන්න යන්නම නුඹ ගිහින්...

තුන්යමෙ ම මම ඇස් ඇරන්..
තුන් සිතින් පෙම් සිහින දකිමින්..
තැවෙන්නට දුක් හුගක් තියමින්...
යන්න යන්නම නුඹ ගිහින්...

මතක මං පෙතෙ තනිවෙමින්...
මගෙ සඳේ මම ලතැවුලෙන්..
සුවඳ වත් මට නොතියන්..
යන්න යන්නම නුඹ ගිහින්....

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...