Wednesday, January 11, 2012

සිහිනයක සිතුවිලි - 05

සිහිනයක සිතුවිලි අද ජනවාරි 10 රෑ 9. 20

අලුත් අවුරුද්දත් ඇවිත් දවස් 10 ක් ගෙවිලා.....ඒත් උන්න තැන වගේමයි තාමත්....දන්නවද

අර දුරම දුර අහසෙ පායන සඳයි

ඔයයි අතර කිසිම වෙනසක් නැහැ.......

හ්ම් ________ඇයි දන්නවද එහෙම කිවුවෙ....

හඳත් දවස ගානෙම වෙනස් වෙනවා........හරියට ඔයා වගේම.........

දැන් මේ දේවල් මට පුරුදු වෙලා........

අර කම්හලේ බල්ලට වගක් නැහැ වගේ මගේ හිතටත් දැන් මේවා පුරුද්දක් වෙලා__

හැබැයි මේ පුරුදු ළග මම මගේ සිහිනය අත් අරින්නෙ නැහැ____________

 

උදෑසනට එබෙන ලාහිරු මැද්දෙන් පිපෙන පුංචි කැකුළු මලක් වගේ

දවසින් දවස ඔයා පිපෙනවා............

ඔව් මගෙ හදවතේ සොදුරුම තැන..

හරිම අපූරුවට___________

දවස් ගානක් අවිවේකිව ඉදපු අදම මට හිත ලියන්න මතක් වුනා........

අයිස් වලට ගල් ගැහිච්ච යටිපතුල්

තියෙනවද කියලා දැනේනෙ නැහැ......

ඒත් මේ පටකයක් පටකයක් ගානෙ දුවන හැම කේෂනාලිකාවකම ආදරේ උණුසුමින් පිරිලා__________

ඔව් ඒ ඔයා නමට........ඔයාට විතරමයි_______________



දන්නවද මලක් වටකරගන්න හැමවෙලේම

බඹරු හොය හොයා එනවා.................



සමහරවෙලාවට මල හරිම අසරණවෙනවා______________



ඒත් මල පිපුනෙ සමනලයා වෙනුවෙන් කියලා හිත හිතා

පරිස්සම්වෙන්න දගලනවා

හරියට මගෙ හිත වගෙම________________-



ආදරෙයි ආදරෙයි කිය කියා කී දෙනෙක් වඳ දෙනවද_______________



ඒ හැම තැනකම යෝධ පවුරක් වගේ ඔයා ඉන්නවා_____________

අර කතා කරන ඇස් දෙකත් පුංචි කරගෙන__________________



දන්නවද අද වැඩියෙන්ම ‍සිහින සිතුවිලි ලියන්න හිතුවෙ ඇයි කියලා

හෙට ඉදන් මම අලුත්ම සිතුවිලි ගොන්නකින් හදවත පුරව ගන්න හින්දා.....

හ්ම්......අර ඉස්සර වගේ ටැප් එකකින් වතුර එනවා වගේ

ඇස් දෙකට කදුලු පුරවගන්නෙ නැහැ________________



අහස කඩාගෙන ඔලුව උඩට වැටුනත් මම සිනාවත බෙදනවා

සත්තයි මේ ඇත්තමයි කියන්නෙ........................

ඒ විතරක් නෙමෙයි හදවත පුරෝගෙන හයියෙන් හුස්ම අරගෙන

අලුත් පැතුමකින් ජීවිතේ දකිනවා.......................

ඔයා අහන්නෙ නැහැ කියලා මම දන්නවා...................

ඇහුවත් කියයි...

පිස්සි පණ්ඩිත වැඩියි කියලා______________



ඒත් ඒ පණ්ඩිත කම් ළග මිනිස්සුන්ගෙ හදවතේ පේලි ගැහෙන දුක

මම කියවනවා_____________ ඔයා නොකියවනවා කියලා නෙමෙයි මම කියන්නෙ...............

කියෙවුවත් ඔයා රලු ගලක් වගේ නොදැක්ක වගේ ඉන්නවා______________





මගෙ සිහින සිතුවිලි ලියන්න ගියොත් අද එලිවෙනකම් ලියයි......

ඒ තරමට මගෙ හිත පිරිලා......ඔයාගෙ ආදරෙන්.......................

3 comments:

  1. හරිම අපුරුයි අක්කේ...!!

    ReplyDelete
  2. පට්ට ඈ... ජය ශ්‍රී...!!!

    ReplyDelete
  3. ස්තුතියි බුද්ධි මල්ලි...& මන්ඩිපාල....

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...