Tuesday, April 24, 2012

ජීවිතේ නම්....

________අතීතයේ ඇත්තම ජීවිත පාඩමක්_________


        මට බෝ ඉස්සර අතීතය මතක් වේ. ඒ දහම් පාසල් කාලයයි. එමෙන්ම වස් පිංකම් කාලයයි.

          හැමදාම සුදුම සුදු මල් වට්ටියක් පාන්දරම අවදි වී සකසා ගන්නා මා ඒ මැදට අක්කාගේ ‍රතු ‍රෝස පඳුරෙන් හොරෙන් මලක් කඩාගෙන සිලි සිලි බෑගයකට වතුර බිඳක් ඉස මගේ පොත් බෑගයේ හංගා ගනිමි.
   නිවස පසු කර වෙල් යායද පසුකර ගියාට පසු අර ‍රතු රෝස මල මම මගේ මල් වට්ටියේ මැදට තබා හැඩ බලමි.
    කියන්නට බැරි සුන්දරත්වයක් මට දැනේ. එහෙත් කොයි තරම් අලංකාරව සකසා සුදු මල් වට්ටිය ගෙනිච්චත් හැමදාමත් මට ලකුණු 75 ට වඩා දෙන්නේ නැත.
  
           අනෙක් ලමයින්ගේ මල් වට්ටි නිකන්ම නිකන් සුදු මල් විතරක්ම තිබියදි ලකුණු 80 ක් 90 ක් දෙන පොඩි හාමුදුරුවෝ විශාල වට්ටියක අර තරම් මහන්සියෙන් නෙලා සකසා යන මගේ මල් වට්ටියට අඩු ලකුණු දෙන එක ගැන මා හිත් රිදවීමෙන් උන්නේය.

   දිනක් දෙකක් නොව කිහිප දවසක්ම මෙය අසන්නට මා පොඩි හාමුදුරුවන් අසල කැරකුනෙමි. එහෙත් මගේ ළපටි සිතට ඒ තරම් හයියක් තිබුණේ නැත.

          අහම්බෙන් වස් පිංකම් දවසක මා වෙහෙර මළුව අමදිද්දි පොඩි හාමුදුරුවන් හා කතා කරන්නට ඉඩක් ලැබුණි.
           ආයෙ පසුවට කල් නොදා මම එක හුස්මට මගේ හිතේ පැසව පැසවා තිබුණ දෙය උන්වහන්සේට කීවේය.
          කිසිවක් නොකියි උන්වහන්සේ මට පෙන්නුවේ මා පොල් අතු රටාවට ඇමදුව මළුවේ උන්වහන්සේගේ පා සටහනක් තබා පමණි.
  
     ඇත්තටම හිතට තරහක් මට ආවේය. බොහෝ අමාරුවෙන් ඇමදු මලුවේ අච්චර ඉඩ තියෙද්දිත් උන්වහන්සේ මා ඇමදුව කොටසේම පා සටහනක් තිබ්බාටය.

      සත්තටම අවුරුදු 13ක් 14ක් වු මට ඒ කිසිම දෙයක් නොවැටහුණේය.
      හැමදාම වගේ තරහින් පුපුර පුපුර මා උන්නාය. එහෙත් අහම්බයකින් දිනක අක්කාගේ රතු රෝස පදුරේ හොරකම් කිරිමට එක රෝස පොහොට්ටුවක්වත් නැති ඉරිදාවක මම සුදුම සුදු කිරි ඉද්ද වට්ටිය සකසාගෙන පොඩි සාදු ලකුණු දමන තැන පෝලිමේ උන්නේය.
   
      පිළිගන්න මට එදා ලකුණු 95ක් දුන්නේය. පිළිගන්නට බැරි උද්දාමයෙන් මම ඉපිලෙමින් උන්නේය.

            එදාද ඒ ගැන අසන්නට මට ඇවසි වුවත් බැරි විය. එහෙත් කල් යත්ම ඒ මතකය හැමදාමත් මහිත විය. 


 මෝරා වැඩෙද්දි අදද එය මා සිත ඇතුළත තදින් කා වැදී සිත්තම් පෙළ සිනමා පටයක් සේ මට මතක් වේ. එහෙත් එදවස මට නොතේරුණ පොඩිහාමුදුරුවන් නොකියා කියාදුන් ජිවිත පාඩමක් මට අද වැටහේ... එනම් ,

     කොයිතරම් අපුරුවකට ජිවිතය ගැලපුවත් එකම එක නොගැලපීමකින් මුලු ජිවිතයම වෙනස් වෙන බවය.

    එදා මගේ සුදු මල් වට්ටිය මැදට රතු රෝස මල නොගැලපුනේ ඇයි කියා වගේම මා අච්චර මහන්සියෙන් ඇමදපු මලුවේ පා සටහනක් පොඩි හාමුදුරුවන් තබා පෙන්නුවේ...මට ඒ දෙය කියා දෙන්නට බව අද බොහෝ හොදට වැටහේ.

ජීවිත පාඩම් නම් හරිම අපූර්වයයි දැන් සිතේ.



Saturday, April 21, 2012

***මලක් මුත් කුමුදු***




සලිත කිරණම වැටී හැඩ වැටෙන මැදියමක
උමතු සඳවත නැගී පෙති සිඹින කළුවරක
කුමට ගෙරවිලි නගා මල් පිපෙන උණුසුමක
රැයට හසරැලි උදයේ පිපි දිලෙනා කුමුදුවක......

සඳේ සොමිකැන් රාගයෙන් එවනකොට
මලේ රන්වන් සිනාකැන් දෙනු සෙනෙහසට
දියේ මාලුන් පිහිණුවත් උන් ලතාවකට
නොදේ රිඳුමක් කිසිවිටත් මල් කැකුළකට....

පුරා රැය එක දිගට හෙම්බත්ව සඳ එක්ක
උදා හිරු එන විටම හකුලුවයි පෙති විලක
බෙදා නෙක මුදු සුවඳ විහිඳුවත් මල් ලොවක
නැතේ කිසි හොඳ නමක් කුසුමට කිසි දිනක....


Wednesday, April 18, 2012

නොහිමිකම



දැන් තමයි කිරා වැටෙමින් හිටිය
දූ පැටියා නිදා ගත්තේ මගේ
උණුහුමෙන් අයින් කර එන්න
ලොබ වුනා හිත ටිකක්....

ගුලිවෙලා ඇය ඉන්න විට ළමැදට
දැනෙනවා කප්පරක් සෙනෙහස
ඒ වුනත් සිහිවෙන විටදි ඇය ගැන
නොආ බැරි හින්දමයි ආවෙ මම

කලුවරේ මෙතනට වෙලා ඔබ
හුග වෙලා උන්නාද මම එනතුරුම
ඇය ඔබේ අද වේලපහ නිදාගන්නට
ගියාදැයි කිසිවක්ම නොඅසාම....

මලක් නැති ඔබෙ ගසට තව තවත්
නොගෙනෙයිද කිසි පෙර නිමිත්තක්වත්
මලක් දුන්නත් මම ලොව ඔබ නමට
බැහැ නේද කියන්නට අයිතිය ලොවට

***දිනිති***
18/04/2012

Tuesday, April 17, 2012

*** මවක් නම් ***



ඉරේ රැස් සෙනෙහින් නිවන්නී
සඳේ සිහිලස ගෙන පුදන්නී
හදේ සොම්නස ගෙන බෙදන්නී
ඇගේ සෙනෙහස නිම නොවන්නී.....

කැකුළු මල් ලොවටම සදන්නී

පාට දේදුන්නෙ හැඩ දමන්නී
කදුලු ඇස් යට සඟව ගන්නී
දිනන්නට ලොව මං තනන්නී....

මුදු යහන් සළු නොම සොයන්නී

ලද දෙයින් හිත සතුටුවන්නී
නොමැත කිරලා සෙනේ දෙන්නී
ලොවක ප්‍රේමය පුදා දෙන්නී.....

මහළු සිතුවිලි නොම කියන්නී

නැවුම් පැතුමින් දිරිය දෙන්නී
මැවුම් කරු වී ලොව තනන්නී
අමිල වත්කම මව්ම වන්නී.....

*** දිනිති ***

17/04/2012

මතකද...

            මතකද ආදරණිය මගේ මුහුණු පොතේ යහලුවන්ට මම පුද්ගලිකව වගේම පොදුවෙත් කිවුවා මගේ මේ නිර්මාණයට ලයික් කරන්න කියලා... ඉතින් දයාබර ඔබ හැකි විදිහට මට ඒ අවස්ථාවල දිරි දුන්නා... ඇත්තම ඇත්ත මම දැන් කියන්නම්.... මේ නිර්මාණය මම පලකලේ  බුකියෙ මගෙ බිත්තියෙ... මේ තියෙන්නෙ එතන...


http://www.facebook.com/photo.php?fbid=329240187123921&set=a.103283139719628.1929.100001138279526&type=3&theater


         ඒ වගේම මම මේක මගෙ බ්ලොග් එකෙත් දැම්මා... මගේ මේ සිතුවිල්ල දැකලා මගේම යාලුවෙක් මට ලින්ක් එකක් එවනවා... ඒ නිර්මාණ තරගයක් ගැන... එතකොට මම කිවුවා මට බැහැ ඕවට යන්න..මට ඊට වඩා වටිනවා මේ ලියන සිතුවිලි කියලා... ඒත් අන්තිමේදි මගේ යාලුවගෙ බලවත්ම ඉල්ලීම නිසා මම ඒ නිර්මාණ තරගය පවත්වපු ගෘප් එකට පුද්ගලිකව මැසේජ් එකක් යැවුවා මගෙත් නිර්මාණයක් මගේ බිත්තියෙ තියෙනවා. තරගයට ඒකත් ගන්න කියලා....

   හ්ම්..මට ලැබුණ පිළිතුර තමා වෙන තැන්වල තියෙන ඒවා අපි තරගෙට ගන්නෙ කොහොමද කියලා... ඒකත් හැබැව...ඉතින් කනක් ඇහෙන්නෙ නැතුව බේරෙන්න බැරි මගෙ යාලුවා හින්දම මම ඒ නිර්මාණය දැම්මා ඒ කණ්ඩායමේ...ඒක බලන්න පුලුවන් ඔයාලට මෙතනින් ගිහින්...


http://www.facebook.com/photo.php?fbid=329251160456157&set=o.187695247948949&type=3&theater
         ඉතින් බේරුමක් නැති මගෙ යාලුව නිසාම දැම්ම නිර්මාණයට ලයික් වැටෙන්න ගත්තා... මගෙ යාලුවො දන්න දන්න අයට කියන්න ගත්තා... පුද්ගලිකවත් ඒ නිර්මාණය ගැන පණිවිඩ ආවා..කොහොම හරි මගෙ නිර්මාණය යම් ස්ථානයක රැදුණා... ඒත් ඇත්තම කියන්නම් මම නිර්මාණය දැම්මා..ආයෙ ඒ පැත්ත පලාතෙවත් ගියෙ නැහැ. මගෙ යාලුවා බනිනකොට ඔන්න ආයෙත් දන්න කියන අයට කියන්න ගත්තා මාත්.... 

        මේ සයිබර් අහස යට අත්වැල් බැඳන් අපි එකිනෙකා උදේ හවා මිතුරු දම් වගා කරන තැනක අපට අපේ නිර්මාණයක් වෙනුවෙන් තරග වදින්න අවශ්‍යම නැහැ. මොකද අපිට තරඟයකට වඩා අපේ නිර්මාණ ගමනෙ තව දුර යන්න තියෙන නිසා...ඒ වගේම මිතුරතම් වටින නිසා...

     හ්ම්..මහ හුගක් කියන්නෙ නැහැ. හිත් රිදෙන දුක හිතෙන නොයෙක් දේ මැද කොහොම හරි නොහිතපු විදිහට මගේ නිර්මාණය ජය ලබලා කියලා මට පණිවිඩයක් ලැබුණා... ඒ වෙලාවෙ නම් මට පුංචි දුකකුත් ආවා කියලා නොකියාම බැහැ...

            මේ කොහොම වුනත් මම මේ කියන්න යන්නෙ මේ නිර්මාණය සඳහා උදවු කළ ඔබ සැමට ස්තුති කරන්න. ඒ වගේම මුදල් මත සියල්ලම තීරණය වන ලෝකෙක මනුස්සකම් හිගවී යන තැනකදි මේ ත්‍යග මුදලට මම යම් වටිනාකමක් දෙන්න හිතා ගත්තා.. මේ තරගයට දානකොටම මගේ සිතේ ඒ සිතුවිල්ල තිබුණා.. ඒ මම දිනුවොත් මේ දේ කරනවා කියලා.....

        ඔබ ලයික් දැම්ම ඒ නිර්මාණය මම ලිවුවෙ තම ජිවිතය අමතක කරලා රට රැකපු ආදරණිය රණවිරුවෙක්ගෙ බිරිදක් ගැන... ඉතින් ගෙවුන කාලකණ්නි යුද්ධය නිසා නොයෙක් ආබාධයන්ට ලක්වෙලා ඉන්න ආදරණිය රණවිරුවන් වෙනුවෙන්ම මම මේ මුදල යොදවනවා... ඒ ත්‍යාගය මගේ නෙමෙයි...ඒ ත්‍යාගය හිමි විය යුත්තෙ මට නෙමෙයි.. ඔබ ලයික් කලේ සැබෑම රණවිරුවෙක් ගැන සිතලා... එහෙම නම් ඒ ත්‍යගයත් අයිති එවන් රණවිරුවන්ටමයි.... 

බුකියෙ...අපි..කන්ඩාම විසින් මේ සදහා අපුරු වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා...ඒ මෙන්න මේක...

http://www.facebook.com/photo.php?v=3711645200734 

    ඉතින් ආදරණිය මගේ මිතුරු මිතුරියන්ට දස දහස් වාරයක් ස්තුති කරන්න අවස්ථාවක් කරගන්නවා වගේම එම තරගය සංවිධනය කරපු කණ්ඩායමටත් ස්තුතිවන්ත වෙමින් කුමක් හෝ දෙයකින් මට ලැබුණ අවස්ථාව ගැන දුක් වෙන ඔබට සිත්පීඩා ඇති නොවේවායි පතන්නත් අවස්ථාවක් කර ගන්නවා...


අවසාන වශයෙන් ‍මම මෙහෙම කියන්නම්,

වශිකෘක වචනයෙන් 
අලංකෘක වචනයෙන් නොකිවුවත්
රට රකින රට රැකපු
අභිමානවත් මුර දේවතාවුණි....
චිරන් ජීවතු චිරන් ජීවතු
ආයු රක්ඛන්තු ආවඩා.....

Sunday, April 15, 2012

හෙළයෙක් නම් නුඹ

...අවසරයි සමුගෙන යන්න...

දැන් ඉතින් නැහැ පලක්
කුමට නම් මඟ බලා
පියාගෙන නෙත් යුග තදින්
යන්න යමි දුර අවසරයි.............


මැරී වැටුණම බිම ගසක්
නෑ එන්නෙ දලුලා කිසිත්
බලා නුඹ දෙස තවත්
කෝම නම් සමුගමි ඉතින් .............


තව තවා කදුලෙන් ඔබත්
නෑ නේද ඉන්නේ හදවතින්
බල බලා යන්නට බැරිමමුත්
මේ සමුගැන්ම සඳහට ඉතින්......


*** දිනිති ***
15/04/2014

Saturday, April 14, 2012

තවම මහනුවර....ආදරයෙ සුව තියෙනවා......

...අවුරුදු..


පුරුදු රටතොට ගහකොලත් නැති
කතරෙ බක්මහ සුවද එනවා
නුහුරු සුළගක දැවටිලා එන
අසිරි සිරි අවුරුද්දෙ ගෙනෙනා....

පැතුම් සුපැතුම් දහස් ගනනින්
නොරට දෙසටත් විසි වෙලා
නැයො නොවුවනත් නෑයො ඇවිදින්
අපේ කම් ලෙංගතුව පුදලා....

කැවුම් කිරිබත් පන්සලේ මල්
පහන් හදවත ළගක මැවිලා
ඉතින් සයිබර් ලොවක ඉදගෙන
අපිත් අවුරුදු අද සමරලා......

Wednesday, April 11, 2012

...සුපෙම්වත...

සුපෙම්වත....
බෝ දුරක් දරාගෙන බර
පැමිණියෙමි ඔබ සමඟ
දැන් ඉතින් වෙන්ව යමු
දෙමඟක අපි අපිට නැති.........

මල් පිපි හිනැහෙද්දි මැයි මාර
ගස් පෙළක් යට තනිවෙලා අපි
ගිම් නිවපු හැටි අමතකම කර
කොහොම යන්නෙමුද වෙනතක......

අනෝරා මහ වැස්ස මැදකදි
ගුලිවෙලා උන්නු හැටි හීතලක
ගෙනෙයි මට මතුත් වැස්සක් යටදි
නැති වුනත් නුඹ ළගක මගෙ....

පාලුවත් විඩාවත් දැනෙන විට මම
සුසුම් ගුලි කර විසි කරන්නම්
මුසලම මේ වාතලය මතටම
කියයි ඒ පාව විත් මා ගැන නුඹට....

බොහොම පොහොසත් උණු කදුළු
පිච්චෙනා විට හද ගැඹර සැරට
හිත වසා ජිවිත පොතේ පිටුවක්
අරඹන්න යමු අපි අයිති නැති හෙටට..........

*** දිනිති ***
 
 

Sunday, April 8, 2012

*** සමාකරන් අප්පච්චී *** Part - 03

             පිළිවෙලට සකසා තිබු කාමරයකට ඇතුලු වුනු අප්පච්චි මා ඉදිරිපසට ඇවිත් 

...අර තියෙන්නෙ මගෙ මැණිකෙගෙ පුටුව.... 
කියා මා අත ලොකු අයියාගෙන් මුදවා අල්ලාගෙනම ගොස් මා හින්දුවේය.... එහෙම නළලත සිප 

...අද ඉදන් ***සඳකිරණි*** ඇගලුම් ආයතනයෙ සම අධ්‍යයකවරියක්.....

                  යැයි අප්පච්චී කීවේය.... වායු සමනය කර තිබුණ ඒ හීතල කාමරයෙත් මම දහඩියෙන් පෙගී ඇත. මේ විසල් ආදරයේ උනුසුම ලබන මොහොතක වුනත් ඈතින් දුටු පිරිමි නෙත මහිත පුරා රටා අදින්නේය.... ඒ ඔහුමද...මල් වත්තේදි හමු වුනු ...සිහින...මද...මා හිත එහෙ මෙහෙ දුවන්නේය. 

        ඒ ඔහුම නම් එදා ලොකු අයියා ඔහු හදුනා නොගත්තේ ඇයි. නිවසේ පාලුවේ තනිකමේ ඉන්න බැරි බව කි මට අප්පච්චි දරන්නට බැරි තනතුරක් දුන්නේද...එසේත් නැත්නම් මේ මගේ හිත සොය සොයා උන් දෙය හමුවන තැනක්ද.....


    ...මැණික මොකද බයවෙලා වගෙ.....


අප්ච්චි එක පාරටම ඇසු දෙයින් මා යලිත් ආයතනයේ කාමර‍ය තුලට ආවෙහිය. ලොකු අයියා තවමත් සිනාමුසු පිරි වතින් බලා හිඳින්නේය.


..නැහැ අප්පච්චි...මම පුරුදු වෙන්නම් වැඩ කරන්න... මගේ අප්පච්චි මං ආදරෙයි ගොඩක්.....

   කියමින් මා අප්පච්චිගේ නළලත සිම්ඹේය.... අකමැත්තෙන් ආයතනයට ඇතුළු වුනු මගේ සිතුවිලි වෙනස් වුනු අපුරුවක් යැයි මටම නොසිතුනා නොවෙයි.  


  ...මගෙ මැණිකට මොනව හරි දෙයක් තිබුණොත් අල්ලපු කාමරේ ලොකු අයියා ඉන්නවා.. අනික් පැත්තෙ කාමරේ මම ඉන්නවා.. මේ මගෙ මැණිකත් බලා ගන්න ඕනි දේවල්නෙ....


  අප්පච්චි එසේ කියා....


එහෙනම් ඔන්න මගෙ මැණික වැඩ පටන් ගන්න.....


අප්පච්චි එසේ කියා යන්න හැදුවේය...


අප්පච්චි...ඊට කලින් මම ආසයි මේකෙ ඇවිදලා මිනිස්සු අදුරණ ගන්න.....


            එය නම් හුදෙක්ම මගේ යටි සිත බව මම දන්නේය. මගේ මේ ඉක්මන් වෙනස ගැන ලොකු අයියා හෝ අප්පච්චි තේරුම් ගනියිදෝ කියා බයකුත් මසිතට ආවේය.....


...ම් එහෙම නම් ලොකු අයියා එක්ක ගිහින් එන්න. හැබැයි මගෙ මැණික මේ හැමෝම අපේ සේවකයො....අන්න ඒකත් මගෙ මැණික හිතේ තියාගෙනම ආයතනයේ සේවය පටන් ගන්න..............


  ‍මුලු සමාජයේ සියලුම මිනිසුන්ට ආදරය කරුණාව උදව් පදව් කරන මගේ අප්පච්චි නොදන්නා දෙයක් ගැඹුරින් මට කිවුවාද.... කිසිම දවසක දුප්පත් දරුවන් සමඟ ගැවසෙන්න ඉඩ නොදුන් මට අප්පච්චි මේ නොකියා කිවුවේ කුමක්ද....ඒ සියල්ල සිතමින් මා ලොකු පසු පස වැටි පැය 2කට වඩා ගමනක් හමාර කලේය... එහෙත් මා සෙවු ඒ රුව...ඒ ඇස් මට මුණ නොගැසිණි.... ආයතනයේ සියළුම සේවක සේවිකාවන් බොහෝමත්ම ලෙංගතුව ආදරයෙන් සිනා පිළිගැන්වු බව නම් මතකය.....නමුත්................


      මා දුටු මගේ ඇස් බොරුවක් වන්නේ කොහොමද....තවමත් මා අතරමංවී ඇත....


_______________________________________________________




...........මේ දන්නවද චුටි වැඩක්...එයා දැන් බිස්නස්කාරියක්ලු............


මා රාත්‍රි ඇදුම් මාරුකරගෙන රූපවාහිනිය අසලට යනවිට එතන ඉදිය මද්දු හයියෙන් චුටි අයියාට කිවේය....


හ්ම්..හ්ම්..ආරංචියි මටත්........චුටි පිළිතුරු දුන්නේය....

....මේ එන්න එපා ඕවා කියන්න....

...මොනවද......

ඇයි දැන් කිවුවෙ....

ඇහ්...මෙන්න චුටි මෙයා තොප්පි අහුලගෙන......

ඒකනෙ මද්දු..අපි මේ ඉස්කෝලෙ ප්‍රින්සිපල්ගෙ දුව ගැන කිවුවෙ....

අනේ යනවා යන්න.....

යනවා යන්න නෙමෙයි......මද්දු ඉස්කොලෙ ප්‍රින්සිපල්ගෙ දුවට ටිකක් interest ඒකයි........

.........අපොයි චුටි අයියෙ ඔයා නම් කට ඇරියොත් කියන්නෙ මහ ඕන්නැති කතාවක්මයි...ඉන්නවකො....

මා සෙටිය මත ඇති කොට්ටයක් අතට ගෙන දෙන්නටම ගහන්නට සැරසුණේය....

මොකද ...රෝසමල මේ....කියාගෙන ‍මැණිකෙ නැන්දා ආවේය.....

මෙයා ගේ ඇතුලට තොප්පි දාගෙන මැණිකෙ නැද්දෙ......මද්දු උත්තර දුන්නේය....

කෝ..රෝසමලගෙ ඔලුවෙ තොප්පියක් නැහැනෙ...............

අත් දෙකෙන්ම කට වහගෙන සිනාසුන චුටි අයියා මද්දුට මා ඇසකින් පෙන්නුවේය...................

ඉන්නවකො මම අප්පච්චිට කියන්නම් කියාගෙන මා තරප්පු පෙළ වේගයෙන් නැංගේය. 


       එහෙමම කාමරයට ඇවිත් මා අර ඇස් මතක් කර ගන්නට තැතනුවේය....අහංකාර කතා කරන ඇස් දෙක...මා වශි කරගෙන කිවුවොත් නිවැරදිය......ඒ මුහුණු ඒ ඇස් දෙක දුටු විට මතක් වෙන විට මා විදුලි කෙටුවා සේ ගැස්සෙයි... මේතරම් මසික උඩ ඇවිද යන්නේ ඇයි... දෙපැයක් පුරා ආයතනයේ කරක් ගසා හතර වටෙන්ම සෙවුවත් යලි හමු නොවුනේ මන්ද... මසිත මායාවක් දුටුවෙහිද...නමුත් එය එසේ නොවන්නේමය... ඒ ඒ ඇස්මය..... මේ නොතේරෙණ සිතුවිලි අතර මා සැරසරන්නේ සිහිනයක්ම වෙන ....සිහින.... ඔබ ගැන නොවෙද......................

තාරුකා මල් පිපී හිනැහෙන
රාත්‍රියක මා අසල දැවටෙන
නොතේරෙණ කවියකට සම
නුඹ සිහිනයක්මද සිහින.............


සැරසරා මසිත අහුමුළු වලත්
රඟ දිදි ඇයි මේ තරම් 
හති දම දමා මා සෙවුව මුත්
දුටු නොදුටු අරුමයයි සිහිනය......


හිත හොරා නුඹ අසලමයි
කියා දෙන්නට කෙලෙසදැයි
දිනක් ආවොත් වසන්තයෙ
සිහින ඔබ මගෙ ඇත්තමයි.......

අහන්න අම්මේ.....


මෙනුවරම පා තබා
ඇවිද යන්නට බැහැ
කටු ඇණි රිදෙනවා බෝ...

‍පෙර පවම යැයි

සිත සිතා උන්නත්
නැවතුමක් කෝ දුරයි හරි.....

පිච්චෙනා හිත
අරන් තැන තැන
ඇවිදිනවා සිසිලක් පතා...

දැවෙනවා සිතුවිලි
හද බුර බුරා
නොපෙනෙනා සැනසුම සොයා....

එකම අහසක්
යට සුසුම් ලන
පැතුම් හරි බරයි අද....

වීසි කර කටු
ඔටුණු මහිස
දුවන්න එන්නද අම්මෙ හෙට....

***දිනිති දීපිකා***
07/04/2012

Thursday, April 5, 2012

Starters

Starters are small - portioned servings out of a large range of traditional preparations of Cyprus cuisine


Pickled eggs

 12 eggs
02 cup of vinegar
01 table spoon dry coriander, roughly crusbed
01 medium onion , in quarters 1/4 cup olive oil
salt
pepper, freshly ground

Boil eggs for about 30 minutes until hard  and then shell . season eggs with the salt,peppers and dry coriander. place half of the eggs in a dry sterilised jar and top them with half of the onion pieces. continue with the remaining eggs and onion. cover eggs with the vinegar and fill jar to the top with the olive oil. close jar firmly and keep in a cool place. Before serving, cut each eggs into quarters or in round slices and drizzle with a little olive oil.

mmmmmmmmmmmm yam yam....................


Introduction

                  Cyprus. The blessed island of Goddess Aphrodite proudly presents a premium cuisine of top quality products & a unique variety of traditional recipes.  Since the ancient times. What has characterised  the cuisine of the island has been the rich aromas of nature. the quality of the fertile land and the traditional ingredients used to create truly unique & original flavors & tastes.


                     The great range of varieties, filled with the prominent elements of the mediterranean nutrition, offer to Cyprus cooking its important contribution to a healthy way of life and to an enjoyable relation with gastronomy as well. After all, gastronomy is all about pleasure, aromas and flavors. alongside with the well known Cypriot hospitality, the sun blessed land, the royal blue of the sea ant the azure of the sky, pure and tasty ingredients and unalloyed delicacies are mixed to produce authentic traditional recipes. The outcome satisfies and every taste.


                      This i try few foods for how to make & share it..............

Wednesday, April 4, 2012

අපි අපේ නොවුවත්

දිනක මතුදා අහම්බෙන් හෝ
හමුවුනොත් අපි මග තොටදි
විඳිමු හසකැන් පුරවලා දෙතොළග
කරලා අමතක අතීතය සදහට.....

අතින් අල්ලා ඇවිඳ නොගියත්

හිතෙන් ඔබ හා උන්නු හැටි
මතක් කර කර දැනුත් විඳිනවා
නොදැක්කත් නෙතු ළග සැබෑ............

අඳුර දැක දැක දල්වන්න යන
පහන නිමුවා සුළග ඇවිදින්
ඉතින් හමුවෙමු මල් පිපිණු
වසන්තයකදි අපි අපේ නොවුනත්....


Sunday, April 1, 2012

තුරුලිය පත්‍රයක්



බැදී වෙලිලා ඉන්න විට
පත්‍රයක් තරුලිය මතක
සිනාසී කෑගසා නැටුවා
හමන සුලගින් ඉපිලිලා.....


දිනකරත් දින දිනම
ඇවිත් කයියක් දමාගෙන
සිඹිනවා පත්‍රයෙ හිසම
මෘදුව යන්තම් රලුව.....


ස්නේහයේ දිය අරන්
වැස්ස ඇවිදින් ළගට
කියනවා රහසක් පත්‍රයට
සිසිලසයි ආදරය හරියට.....


මලානික කහ පැහැයකට
හැරවිලි පත්‍රය දිනක
නොකියාම යනවා යන්න
සිඹින්නට දෝතින් පොළව....


තුරුලිය උඩක පත්‍රයන්
නිහඬවම කියනවා බිම
බලාගෙන හරි දුකෙන්
අපට ඔය දේ හෙටයි....


නැවතිච්චි පත්‍රය පාමුලක
ගස ළගක උණුසුමින්
දිරා සුන්වී මැකෙනවා
පොහොර කර මුල්වලට....


මතුත් එවැනිම පත්‍රයන්
නීල හරිතව හිඳින්නට
නොකියාම උපකාරයක් කළ
පත්‍රයක් මොන තරම් අපූරුද.....?


***දිනිති ***