හදිස්සියෙම පණ දාගෙන
අනේ ඉතින් මම දිවුවා
ඇගේ ලගින් වාඩිවෙලා
බසයේ එකටම උන්නා....
රෑ මැද්දට හැමදාකම
සිහිනෙ වෙලා ඈ හිටියා
එහෙවු සෙනේ හංගාගෙන
නිහඬවතින් ළග හිටියා...
පොතක් අරන් පෙරලාගෙන
ඇය උන්නා මුණිවතින්ම
නුගේගොඩට ළංවෙද්දී
නැගිටලා ඇය ඉඩ ඉල්ලුවා....
පරම ප්‍රේමෙ හිතේ තියන්
ඇය සමග මම බැස්සා
බෝ ගහ ළග ඇය එනතුරු
පෙම්වතා මග බලා හිටියා....
අනේ ඉතින් හද පුච්චන්
ගිය මගේම මම ආවා...
ඉදලා ඉදලා පෙම් කලාට
මේවා මටම හොද පාඩම්.......
මටම කිව්ව වගේ! :(
ReplyDelete:-( :-( එහෙමද... කවුද දන්නෙ මල්ලි...
ReplyDelete