Wednesday, July 19, 2023

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර ,

ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න,

ඔබ ගිය තැන සිට

මා  දරාගත්තේ කෙසේ දැයි

නොඅසන්න 


ආදරයක අකුරු අතරට වැඩි යමක්

ඔබේ ඇසුරෙහි මා විඳි බව දැනගන්න

විටින් විට හැමූ සුළං කැරලි මැදදී

ඔබ අතනෑරිය බව මම අදද දනිමි.


අසංවර මල් පෙති බිමට වැටී

ඔබ අසල දැවටුණයුරු මා දුටිමි

අදද ඔබ හා ගැ⁣වසී සුවඳ තවරන්නට

වෙර දරන බවද දනිමි.


සොඳුර , 

ආදරයේදී මා ඔබ අතික්‍රමණය කර හමාරය

දිනුමක්ද පැරදුමක්ද අදාල නැතිබව පවසමි

අහස වැහි බිංදු අත්හරින්නා සේ ඔබ මා

ඉවතහළ බව දැනුදු දන්නෙමි.

ප්‍රේමයේ වියෝවෙහි චමත්කාරය කැටිකර

මේ දැන්ද මම ඔබට ලියන්නෙමි.


ඔබ ගැවසුණු දැවටුණු සියල්ලකම

දැවිල්ලක් රිඳුමක් නැත්තා නොවේ.

එහෙත් අතීතයේ සේම මම හුස්ම ගන්නේ

ඔබේ ඇස්වල උතුරාගිය ස්නේහය නිසාමය.


සොඳුර ,

ආ ගමන කෙසේදැයි නොඅසනු

අප වෙන්ව ගිය තැන සිට 

පරිච්ඡේද ගැණිය නොහැකි තරමටය.

ඒත් ,

වසන්තය ඔබේ දෑත මැද බව මම තවත්

විශ්වාස කරමි.

යන එන මඟකදී හමුවෙතැයි සිතමි.

එතෙක් මම හොඳින් බව ඔබට පවසමි.

❤❤❤❤❤❤

Sunday, July 16, 2023

ජීවිතය ❤❤❤

 ලස්සනම වචන ආලේප කරමින් හොඳම හදවතක් හිමි පින්තූරයක් ජීවිතේ කියන්නෙ.


නැහැ ඒක වැරදියි. ජීවිතේ කියන්නෙ අනන්ත දුක් ගොඩක් කටු මතින් යන ගමනක්. ඔබ තර්ක කරාවී. 

ඒත්,

මං කියනවා ජිවිතේ ලස්සනම වචන අලව අලවා ලස්සනට තියාගන්න පුලුවන් හදවතක් හිමි නම්, ඒක සුන්දරම පින්තූරයක් කියලා.


මිනිස්සු හැමෝම එක වගේ නැහැ . ඒ එක වගේ නැති එකම කොච්චර ලස්සනට දකින්න පුලුවන් ද ? 


* සමහර අය ඉන්නවා අපේ මූණටම බනිනවා. දොස් කියනවා. අඩුපාඩු කියනවා. 


* සමහර අය ඉන්නව අපිට යන්න ඇරලා යන ගමන අතරමඟ අපිට බනිනවා, හිනාවෙනවා, අපිවත් නොදන්න අපි ගැන දේවල් කියන


* සමහර අය ඉන්නවා අපි නැතිම තැන විතරක් අපේ වැරදි අඩුපාඩු නැති වැරදි කියවන ඉන්න තැන ආදරෙන් බදාගෙන හොඳ මුහුණ හොඳම කියවන


* සමහර අය ඉන්නවා අපේ මූණටම අපේ ලස්සන, අපි කරන කියන දේවල ලස්සන දකින ඒ ලස්සන අව්‍යාජව අපිට කියන


මොන විදිහට කොහොම කිවුවත්, ඇහුණත් කිසිම කිසි දෙයක් නොදන්න, නෑහුනා වගේ ඉන්න  පුලුවන් හිතක් අපි හදාගන්න ඕනි.


*අපි දන්න ලස්සනම ආදරණීය වචන එකතු කරලා ඒවා අලවමින් ලස්සන පින්තූරයක් අපි හදාගන්න ඕනි. කවුරුවත් ඇවිත් අපිට ඒ පින්තූරෙ හදලා දෙන්නෑ. අපි මහන්සි වෙන්න ඕනි.


* විවිධ සමාජ පන්තිවල විවිධ ඉරියව් තියෙන විවිධාකාර මිනිස්සු අතර අපි ලස්සනම පින්තූරයක් වෙමු. අව්‍යාජ අවංකව අපි අපිව හැඩ කරගමු.


* එතකොට අරයා නිසා මට මෙහෙමයි , මෙයා නිසා මට මෙහෙමයි කියන්න ඕනි නැතිවෙයි. ඔබේ පින්තූරෙ ඔබ හදාගෙන ඔබේ හදවත් බිත්තියෙ එල්ලා ගන්න. 


* ඔබ ලස්සනටම හිනාවෙන්නෙ ඒ පින්තූරෙ කියලා ඔබට එතකොට දැනේවි. 


#දිනිති 2023/05/24




ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...