Tuesday, January 10, 2012

මට නුඹේ හුස්ම වෙන්නට තිබුණා නම්...

*** අනේ මට වෙන්න තිබුණා නම් නුඹේ හුස්ම පොද ***

නුඹත් එක්කම වෙලි වෙලි
මං නුඹ ළගින් ඉන්නවා...
නුඹත් එක්කම හැපි හැපී
මං නුඹ ළගින් ඉන්නවා....

පියවුනත් නෙත් රැයක සිහිනෙට
අවදියෙන් මම නුඹ රකිනවා
අවදියෙන් නුඹ හිඳින විටදිත්
අත් නොහැර නුඹ රකිනවා....

ඉතින් දවසක යන්න ගියමුත්
සමු අරන් මුළු ලෝ තලෙන්
යන්නෙ එකටයි යනෙන තැනකත්
නොවෙයි වෙනසක් කිසි කලත්....

3 comments:

  1. ඔයාගේ වෙබ් එක ගොඩක් හොඳයි.. අපි හිතනවා ඔයාට හොඳ හැකියාවක් තියනවා කියලා.. අපේ සිංහල කොල්ලන්ගේ කෙල්ලන්ගේ දක්ෂතා එලි දක්වන්න හොඳ media එකක් මේ නොදියුණු ලංකාවේ නැහැ.. ඒවා තිබුනත් ඒවායේ මෝඩයයි අදක්ෂයයි තමයි රජ කරන්නේ.. කොහොම උනත් මම ඔබට සුබ පතනවා දිගටම ලියන්න... ඔබගේ අඩවිය තුලින් සිත පිරිසිදුවම ලෝකයටත් මනුෂ්යාටත් හොඳක්ම කරන්න.. .
    ස්තුතියි..
    අපි
    Sri Lanka E-news Link
    අපි ඔබගේ වෙබ් අඩවිය ගූගල් PR අඩවියක් කරන්නෙමු..
    (We are genius to make the Google PR of your site increase.)

    ReplyDelete
  2. ස්තුතියි ඔබට හුගක්ම...දැනෙන දේ හිතෙන දේ දන්න අකුරුවලින් ලියන එක විතරමයි මම කරන්නෙ....

    ReplyDelete
  3. "අනේ මට වෙන්න තිබුණා නම් නුඹේ හුස්ම පොද"
    මටත් මෙහෙම කියවෙනවා අක්කේ අනන්තවත්.අක්කගේ කවි හැම එකක්ම වගේ ලස්සනයි.අක්කා පොතක් එළිදැක් වුවා නේද?

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.