අකුරු ලියමින් නේක හැඩයට
හිතට එනදේ ලියනවා...
පොළව වාගේ දුකම උහුලන්
නුඹට මුලු හිත ලියනවා....
වැරදි වැරදිත් ලිවුව සිතුවිලි
කවදහරි නුඹ දකිනවා....
පිපෙන ඉරහඳ වගේ ඇත්තයි
නුඹේ දෑසම පෙගෙනවා....
මුහුණු පොත මම අතැර ළගදිම
යන්න යන බව කියනවා....
අපුල තනිකම නුඹ නැතිව මම
ඉන්න බැරිබව කියනවා.....
මලක් වාගෙම සිනා අරගෙන
ආවොතින් නුඹ වටිනවා...
නාවොතින් නුඹ කිසිම දවසක
අනේ සත්තයි මම මියෙනවා......
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය
ReplyDeleteකටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස!
මේ මනුස්ස ආත්මයක් ලැබිලත් එකත් කොහෙද යන කොල්ලෙක් නිසා නාස්තිකරගෙන පස්සෙ ආත්මෙක තිරිසන් වෙලා ඉපදුනාම මේ ඇත්තිට තේරෙයි මේ මනුස්ස ආත්මෙ කොහෙද යන තිරිසන් කොල්ලෙක් නිසා නාස්ති කරගත්ත එකේ රගේ....
ReplyDeleteකවියට මිස කවි කාරියට නොවේ..
ස්තුතියි නුවන්....@ අමිල කවිය කවියම මිසක් ජිවිතයම නොවෙයි.....ස්තුතියි ඔබටත්...
ReplyDeleteඅමිල කිව්ව එකම තමා මටත් කියන්න තියෙන්නෙ! එ්කත් කවියට විතරයි! :) :)
ReplyDelete