Sunday, January 15, 2012

එන්න ඔබ...

අලුපාට අලුයමට
ඔබ එන්න රැස් විදා...
රිවි කිරණ කෙඳි අරන්
පුබුදන්න විගසා......

සිත් පියුමෙ පිපීයන්
පරනොවන විලසා...
නෙත් අගින් හිනැහියන්
පෙරමගම පෙන්වා...

මගෙ වෙවි මගෙ ළගින්
දැවිටියන් සිත නොමතලා...
සැනසුමෙන් ස්නේහයෙන්
නැවතියන් පණ වෙලා..

2 comments:

  1. නැවතියන් පණ වෙලා..නවතින්න පණ වෙලාගෙන...
    හම්මේ පිඹුරෙක්ට කියන කවියක්ද මන්ද...

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...