Monday, January 30, 2012
*** මගෙ දුවට ***
හිල් වෙච්ච අහස මෙන්
නොම සලන් කදුළු කැට....
හෙටත් අලුයම උදාහිරු එයි
හිනැහියන් නුඹ මගෙ දුවේ...
නෙක විලස හැඩ තියපු
රුව දිලෙන මලක් නුඹ
දේදුන්නෙ පාට ගෙන
බැහැ කරනු ජීවිතෙ පාට....
සියපතක් වුව පිපි එන්නෙ
ගඳ ගහන මඩ දියේ......
වැර අරන් අද දිනේ
හිනැහියන් නුඹ මගෙ දුවේ..........
කලු වලාවන් ඝන ඇවිත්
දුටුවේද පුන් සඳ වසන
ඒ ලෙසම යන දිවි ගමන
රලු පරලු ගල් බොහොම...
එකම කාසියෙ උඩ යටම
පෙරලෙනවා ලෝ දුක සැපම.....
නුවන් පොඩිකර නොම සිටින්
හිනැහියන් මනහරව ලද දෙයට........
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවෝ ගැන හිතන්නේ මෙහෙම වෙන්න ඇති අක්කේ...
ReplyDeleteහ්ම්..ඇත්තටම එහෙම වෙන්න ඇති මල්ලියෙ... ස්තුතියි...
ReplyDeleteඅම්මගෙ ආදරේනම් කියන්න වචන නැහැ...ඒ ආදරේ හැමදාම සුන්දරයි...
ReplyDeleteහ්ම් ඇත්තම ඇත්ත සිහින මතකයන්... ස්තුතියි ඔබට...
ReplyDelete