Monday, April 4, 2011

නුඹ එන්න ප්‍රියේ..

මල් පිපී ලොවේ...
නුඹ සුවද දැනේ...
මල් සුවද දිගේ...
නුඹ එන්න ප්රියේ..

සද රාහු ගිලී...
මම දුකින් හිදී...
සඳ සදිසි මුවේ..
දුක් කදුළු පිරේ...

සඳ නොමැති රැයේ....
තරුමලත් නැතේ...
සඳ එළිය වගේ...
නුඹ එන්න ප්රියේ...

මගෙ පුතේ.....



පුතේ නුඹ මගෙ සිහින අහසේ...
දකින රන් සුදු සිහිනයයිනේ...
උපන් කූඩුව අතැර රහසේ...
යනු එපා නුඹ මගේ පුතුනේ....

ප්රේමයේ අභිමන සපල වූයේ...
නුඹට පණ දී උපන් දිනයේ...
පිපුනු නුඹහට නුවණ දෙන්නේ....
රජ වෙන්න නුඹ මතු දිනයේ....

දුවන දා නුඹ හෙට වංක ගිරියේ....
රන් පලස් අතුරා නෑ තමයි...
මගෙ පණ දී නුඹ රකින්නේ...
උතුම් මිනිසෙක් ලොවට දෙන්නයි...

ප්‍රේමණිය ම'සිත ( සමාවෙන්න ටයිප් කරනකොට අකුරුවැරදිලා...අන්තිම කවියෙ 3වෙනි පදය නින්ද කියලා හිතයි කියලා එන්න ඔනි..

අම්මේ....

සත් පියුම් මත ඇවිදින්න
ඉඩ නොලද්දත් අම්මෙ...
සත් සියක් කප් කල්ම...
නුඹෙ සෙනෙහෙ සුවදයිනෙ...

පලස් අතුරා නොමැති මාවෙත...
කටු කොහොල් විද ගිය ගමනෙ...
සෙවනැල්ල සේ නිති ළග රැදුනෙ...
නුඹ නොවෙද මගෙ අම්මේ...

සංසාර පිකෙතට ඉසින්නට...
පිංසාර සිතුවිල්ල හද රැදුනෙ...
දුක්දූර දිවිගමනෙ වැලපිල්ල...
සරුසාර අස්වැන්න නුඹ දුන්නෙ...

දරුපෙමට හිත පෙම්වත්ම හින්දා...
ගත රුහිරු ලේ කිරට වුන හන්දා...
ඇතිදැඩි කල පිනට  මම වුන්නා..
ඒ පින් මතින් නුඹ බුදුවෙයි අම්මා...