Friday, January 27, 2012

*** සුනිල් නමට ***

*** ලෙංගතුම සුනිල්ට ***

පුරුදු එළිය බිංගේ
පසු කල විට එනවා කිවුවට
හිතේ බැදුන මිතුරු සෙනේ
තාමත් ඒ විදිහමද කියනවද සුනිල්..........

කුස පොත්ත ඇලී කොඳු ඇට
පෙළ එක්ක තියෙනවිට
උකුසු ඇස් රවට්ටා වටපිට
නෙලුම් ගෙදරින් ආවෙ නුඹ නේද සුනිල්.........

මහ කුමාරි හාමිගෙ රකුසු ඇස්
වලට බියවී මුතු බණ්ඩා හාමු
ගල් පිලිමයක් වගේ දුම් පයිපෙ
කටේ රුවාගෙන ගිය හැටි මතකද සුනිල්............

මඩොල් දූව වට කරක් ගැසු
උපාලිත් ජින්නත් අපි වගේමද
වෙලාවකට මට හිතුනා අහන්න
හදවත පුරෝගෙන නුඹ ළගින් හිටියම සුනිල්...............

නෙළුම් ගෙදර වලව්වවත්
ගල්වලේ ගෙදරත් අතරමැද
මිත්‍රත්වයේ සෙවනැලි අපි හංගා
පියවර මැන්න හැටි අමතක නැහැ නේද සුනිල්.............

දුක අලාභ අයස නින්දා මැද
සුදු පැහැ ලේන්සුවෙන් ඔතපු බත්
පෙට්ටිය තුරුල් කරගෙන දෙන්න
යන දවසෙ හිනාවුන හැටි මට කියන්න බැහැ සුනිල්.............

අවිහිංසක මලක්සේ නිර්ව්‍යාජ
මනු දහම් අපි ළගින් හමන කොට
බණ්ඩාර හාමුලා වැටකොටු බැන්ද හැටි
අදත් දැනෙනකොට හිත සවිමත් වෙනවා සුනිල්...........

නොසිදෙන සත් සමුදුර තරමට
අත්වැල් අලිලගෙන යන මිතුදමක
කම්පා නොවි අටලෝ දම් මගක
මතු මතුත් අපි යන්න යමු මේ විසල් ලොවෙම සුනිල්........


**** අඹ යහළුවෝ නිමල් ****


5 comments:

  1. good,මගේ සුබ පැතුම් ,දිනිති

    ReplyDelete
  2. මේ කවි පෙල මට ආයෙම අඹ යාළුවෝ කතාව මතක් කලා.. හරිම ලස්සනයි අක්කේ..

    ReplyDelete
  3. දිනේෂ් මල්ලි... ස්තුතියි.. ඒවගේම නමක් නැතිව සුභ පැතුම ඔබටත් ස්තුතියි...

    ReplyDelete
  4. ලස්සන කවි ටික අක්කේ.......
    මගේ බ්ලොගේ පැත්තේ ආවාට ගොඩක් ස්තූතියි.. අයෙත් එන්න ඇවිත් යන්න.....
    ජය..............

    ReplyDelete
  5. එකසිය එක් වැන්නා ලෙස සයිට් එක ෆලෝ කල වගයි...:)

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...