දන්නවද.......
කෝපි මල් හිනා කැන්දන
තරුපති එළිය මැද්දක
නීල දිගටි නෙත් සඟලක
නිද්රගත සප්නයක් වුනා________
මේඝවලා ගිරි සිරස සිඹ
චන්ද්රාලෝකය මිහිලක් ලමැද උඩ
ආලවඩන සිකුරු තරුව ගෙන
ජීවිත නෞවකාවට ගොඩ වුනා_________
දිය ඇල්ලක් වගේ කඩා වැදී
හදවත් දොවොල මැද වැඩ හිදී
මිණි වෙණ නද තත්සරණයදී
ආලයේ සප්ත ස්වරය නින්නාද වුනා_____________
සලිල රැල් නගා හද පුරවගෙන
සිහිලැති මදනලක හමාගෙන
පුන්යවන්ත සිතුවිල්ලක දැවටීගෙන
පින්සාර ස්නේහයේ නිරාමිස සැනසුම වුනා__________
_______ සංසාර සුවඳ දිග සොඳුර නුඹ මගෙ__________
නුඹ නොදන්නවා උනාට
ReplyDeleteමේ නෙත් අග සිහිනයක
නැවතිලා ඔබ රහසේම
සැනසුම ගෙනාවා හිත ලගට හෙමිහිට..
සැනසෙනවා නම් නුඹ
ReplyDeleteසත්තමයි සැනසුමක් මට....
ස්තුතියි මල්ලියේ ඇවිත් ගියාට.....ආලවන්ත හුදකලාවට....
ලස්සන කවි ටික අක්කේ
ReplyDeleteස්තුතියි මල්ලියේ............
ReplyDelete