Saturday, December 31, 2011

සුභ නව වසරක් සැමට...

සුභ නව වසරක් සැමට...

2011 හිතන්න ඔබට මට





උණු බතක රස නොවිද අය හට
උණු බතක රස දැනේවා...


ඇඳි වතක් වත් නොමැති අයහට
ඇඳිවතක් ලැබේවා..


හිසට සෙවණක් නොමැති අය හට
හිසට සෙවණක් ලැබේවා...


ලබන අවුරුදු සිරිය සැම දනන් හට
හිත තුටින් සුභ අවුරුද්දක්ම වේවා...

        කවියක් ලියන්න හිතුවා හිතුවා..ඒත් හිත අහලකවත් සිතුවිල්ලක් නැහැ...ඒක නිසයි මෙහෙම සටහනක් ලියන්න හිතුවෙ....

     

2011 ගෙවිලා යන්න තියෙන්නෙ තව පැය ගානයි....ඉතින් ඒ ගෙවිලා යන 2011 වෙනුවෙන් මෙහෙම ලියන්නම්......

හැම දවසකටම හිරු එළිය එබෙනකොට දහසක් ප්රාවර්ථනා එක්ක අවදිවෙන අපි දවස් 365ක් ගෙවුනෙ කොහොමද කියලා ආපසු හැරිලා බලනකොට

අපි අතින් වුනේ මොනවද නොවුනෙ මොනවද.....

පොලවෙ වැලි කැට ගානට සිහින දකින අපි ගසක මල් පොට්ටුවක් ඇවිදින් ඒ පොට්ටුව පිපෙනවා වගේ සපල වෙන්නෙ කීයෙන් කියද.......

සමහර වෙලාවට ජිවිතේම හිනයක් කියාගෙන හිනෙන් වගේ ජිවිතයම අතපත ගාන වෙලාවලුත් අපිට නොතිබුණා නොවෙයි නේද.........
ගිනි ගහන කාෂ්ඨක අවුවක දිය බිංදුවක් නැතිව පිපාසෙන් හෙම්බත් වුනා වගේ අසරණ වෙන මොහොතවල් කියක් නම් ආවා නේද.........
ඒ වගේම ගසක අතු ඉතිවල පවා මල් ගෙඩි පිපිලා වසන්තය හිනැහෙනවා වගේ සතුට සොමනස ඉහිරුණු මොහොතවත් කොයි තරම් නම් තිබුණා නේද.......
කාසියක් දෝවනය කරලා පඩුරක් ගැට ගහනවා වගේ බැතිබරව හිතේ පැලපදියම් වෙච්ච සිහින සාර්ථක වුනා නොවුනා වෙන්න පුලුවන් මේ ගෙවෙන අවුරුද්දෙ.....
අපි අසුභවාදි නොවෙමු.....සුභවාදි වෙමු..... අපිට කෙනෙක්ට දෙයක් දෙන්න හිතුනොත් හරිම පවිත්රඅ හිතෙන් දෙමු.....

ඇයි දන්නවද

අද අපි මෙහෙම ඉදියට කි දාහක් දෙනා අදින්න ඇදුමක් නැතුව හුල්ලනවා ඇද්ද.....

රසම රස උණු බත් කටක් කන්න නැතුව හුල්ලනවා ඇද්ද......


වහිනකොට ගල්ගෙඩි වගේ ගේ මැද්දට වැටෙන වැහි වතුර දිහා බලාගෙන හුල්ලන මිනිස්සු කී දාහක් ඇද්ද................


ඉස්කෝල යන්න විදිහක් නැතුව ලියපු එක්සයිස් පොත මක මකා ඒ උඩම ආපහු අකුරු කරන අහිංසක දරු‍වො කොච්චරනම් හුල්ලනවා ඇද්ද.........


ලේ කදුලු දහඩියේ මිරිකෙමින් රුපියල් හොයන මිනිස්සු ළග තියෙන සුවද විඳින්න අපි හිතුවද........


අපේ අම්මා තාත්තා අපිට හැමදේම දුන්නා කියලා අපි ඇස් පියා ගෙන ඉන්නවද...... නැත්නම් පොලවෙ පය ගහලා ලෝකෙ දිහා බලනවද කියලා අපි හිතුවද....................


.

ඒ විතරක්ම නෙමෙයි අපි අපි ගැනවත් හිතුවද..................

අපිට ආදරය නොකරන මිනිස්සු ළග වෙලි වෙලි ආදරය ඉල්ල ඉල්ල දුක කොච්චර නම් පුරවගන්න ඇද්ද......................

හැම වෙලාවෙම හිත රිද්දන මිනිස්සු ගාව තවත් ලතැවි ලතැවි බලා ඉන්නවා ඇද්ද.............


යන්තම් හරි වැරදිමක් වුනොත් උඩ දාගෙන හිනාවෙන යාලුවොයි කියන නාමික අයව තුරුල් කරගෙන අපි තාමත් බලා ඉන්නවා ඇද්ද......................
..

ජිවිතේ දුකේදි කදුළෙදි සිනාව බිංදුවක් හරි දුන්න මිනිස්සු කි දෙනෙක්ව අපි අමතක කරන්න ඇද්ද මේ අවුරුද්දෙ.................
......

ජිවිතේ කියන්නෙ ගඟක් නම් ඒ ගඟ ගලා යන්නෙ නිම්න තැනිතලා කදු පල්ලම් මේ හැම දෙයක්ම මැදින්..................


ඒත් ඒ යන අතර මගදි ගල් බොරලු මිනිරන් මැණික් මේ හැමදේම ගං දියත් එක්ක සැගවිලා තියෙනවා...................
....

අපේ ජිවිතත් ඒ වගේමයි....අපි වටේ ගල් බොරලු වගේ වැඩකට නැති මිනිස්සුත් ඉන්නවා..............මිනිරන
් මැණික් වගේ වටින මිනිස්සුත් ඉන්නවා.........................
ඒ හැමදේම තෝරගන්න අපිටම බාරවෙලා නේද.......................
..හිතන්න 2012 දි අපි මොකද කරන්නෙ කියලා............................

නිකන් ඉන්න වෙලාවක මල් ටිකක් පුජ කරලා නිදහසේ ගාථාවක් කියලා සැනසිමෙන් අපි ඉදියද...............


අපේ හිතම අපිට කතා කරයි.....................


ලෝකෙ යන්නම් වාලෙ යනවට වැඩිය අපි අපිට දැනෙන හොදම දේ හරි දේ කරලා හෙට දවසෙ එකම එක පැතුමක් හරි සපල කරගන්න මහන්සි වෙමු.................


ඒ වගේම අනික් මිනිස්සු ගැනත් දැනෙන හිතෙන කෙනෙක් වෙමු.............


අත්තානං උපමං කත්වා...........තමා තමාවම උපමා කර ගන්න අපේ බුදුහාමුදුරුවො කිවුවා වගේ අපිට වගේම අනික් මිනිස්සුන්ටත් හැමදේම දැනෙනවා රිදෙනවා...හැගෙනවා කියලා හිතමු................


2012 අවුරුද්දෙවත් අහිංසක එක නැතිබැරි මනුස්සයෙකුට එක බත් වේලක් හරි දෙන්න හිතාගමු................ එකම මනුස්සේක්ගෙ හරි හිතක් නොරිදා ඉන්න බලමු..............

දන්වද ජිවිතේ හොද වැඩක් අපි කරන්න හිතාගෙන සැලසුම් කලොත් අපි වටේ රොක්වෙන්නෙ හොද මිනිස්සු.............නරක වැඩක් කරන්න හිතාගෙන පටන් ගත්තොත් රොක්වෙන්නෙ නරක මිනිස්සු.............කරන කියන හැමදෙයක්ම සිය දහස්වාරයක් හිතලා කරන්න හිතෙන්නෙ එක පාරක් වැරදුනාට පස්සෙ කියනවනෙ....

........ඒක නිසා 2011 කරපු ගොන්කන් 2012 දිවත් නොකර ඉන්න බලමු....................




( මට නම් 2011 ජිවිතේ හැමදේම සාර්ථක වුන වසරක් වුනා )

Wednesday, December 28, 2011

පෙම නුඹට...

සඳ ඇවිදින් සඳ රැස් ගැන පවසන්නේ
තරු ඇවිදින් තරු මල් ගැන කියවන්නේ
සිත දුවවිත් නුඹ ළග තව නවතින්නේ...
ළග නැතිවත් නුඹ ගැන පෙම උතුරන්නේ.....

පසුතැවෙන්නේ නැත...

ඇවසි නැත මට
දිනනු නුඹ පෙම
දිනක දවසක
නුඹම එනු ඇත...

වෙරළ සිපගෙන
රළ ගියත් දුර
යලිත් පෙරලී
ඒවි දුවගෙන.....

දිනක් ආවොත්
මටත් ළගකදි
කියමි නුඹටත්
පෙමක අගයක්....

මටම දුක ඇයි...

කඩා වැටෙන සඳ පිනි දිය යට
හඩා වැටෙයි මගෙ සිත අද
එබී බලන සඳ නුබ ගැබ මත
බොහෝ දුරයි අද මට නුඹ අත.....

රැයේ පිපෙන කොඳ මල් ළග
හිතේ පිපෙන පෙම් මල් ඇත....
මගේ සඳට ලියනා කවි පද
අනේ හිතට බර ඇයි අද මට.....

ලයේ හොවා රකිනා මගෙ සඳවත
දුරක ඇදෙයි අරගෙන මගෙ කවි සිත
නුඹේ සුවඳ ළග තවරාගෙන රකිනා මම
තවත් ලියයි කවි සිහිකර නුඹ වත.......

ඔබ වටී මට...

ගිම්හාන කටු මතින්
යන දිවි මංතලාවේ
වැටුනු දිය බිදක්
වාගෙම නුඹ අගේ....

වස්සාන කාලයේ පිපි
තඹුරු කුසුමක් විලේ
වගෙයි හසරැල් නුඹෙ
පිපෙන දෙතොළගේ......

තනිව තනිවී ඇවිද යන
මග දිග ඔහේ
පහන් තරුවක් වගේ
හිනැහිලා ඔබ පාර
කිවු හැටි අනේ
තාම මතකෙට නැගේ.....

සියක් දහසක් තරු
පිපෙන නිල් අහසෙ
සෙවනැලි විසිකර දමා
විගස නුඹ සොයා එමි මම
*** මගේ සඳ ***
මට වටියි නුඹ හරි අගේ....

Tuesday, December 27, 2011

නුඹ නමට....

උණු කදුළු බිඳුවක්
එපා අරගෙන එන්න
මුතු සිනා පොකුරක්
අනේ අරගෙන එන්න...

සුදුපාට මල් අරන්

එපා නුඹ නම් එන්න
පින් පාට සිනහවක්
අනේ අරගෙන එන්න....

පිං සිරිත් පැන් අරන්
එපා නුඹ වඩන්නට...
පිං වඩා ජය කනුව
දකින මට තුටුවෙන්න....

දැන් ඉතින් නුඹ දමා
අවසරයි මට සමුගන්න....
වැරදමා සිපගනිමි
මේ පොළව සැනසෙන්න....

හැකි වුනොත් මතුදාක
මළවුන්ගෙ දවසකට
එකම පාරක්වත් නුඹ
එන්න ඇවිදින් යන්න........

*** එදා වාගෙම අදත් මම බලා ඉන්නවා නුඹ එනකම් මේ පාලු සොහොන් බිම ළග මගේ හිත තියන් ***

Monday, December 26, 2011

ඊයෙ...අද..හෙට..

දුක් කදුළු බර
කොහොම උසුලනු
හිමි අහිමි කම්
කොහොම පහදනු....

මීට සත් වසරකට

අතීතය මත ඇවිද
යනෙන විට හිත
කීරි ගැසෙනවා මගේ....

අතීතය අතීයක් විතරමයි කියලා හිතලා අමතක කරන්නෙ කොහොමද....අතීතයට එකතු වුන හැම දෙයක්ම වර්තමානයට අනාගතයට අඩිතාලම් දාන බව අපි දන්න නිසා....


හිත දුර ගමනක් ගියා...මීට අවුරුදු 7 කට කලින් ආපස්සට....ඒ 2004 අවුරුද්දෙ සීතලම සීතල උදුවප් මාසේ 26 වෙනදිවක් වුනු උදුවප් පුන් පොහෝ දවස..... ඒ වගේම සාමයේ කුමරුන්ගෙ උපත සමරපු දවසට පසු දවස.......


ඒ විතරක්ම නම් කමක් නැහැ....මම හා හා පුරා කියලා මගේ මව් රටින් වෙන් වෙලා යන්තම් මාස 6 ක් ලගවුනා විතරමයි.....එදා අපිට නිවාඩු දවසක් වුනා..... උදේ අවදිවෙලා ටික වෙලාවයි ගියෙ ලංකාවෙන් කෝල් එකක් ආවා මුහුද ගොඩ ගලනවා කියලා....දෙයි හාමුදුරුවනේ කාට කියන්නද.....


මගෙ සහෝදරිය පදිංචිවෙලා ඉදියෙ හම්බන්තොට....උඩට ගත්ත හුස්ම පහලට හෙලාගන්න බැරිවුනා....පරිගණකය ළගට අරගෙ අන්තර්ජාලය පීරුවා...හැම තැනම එකම ප්‍රවෘත්තියක්....ඇස් දෙකට ඉබේම කදුලු ආවා.....


මේ වේදනාවන් දරාගෙන හිස් ලු ලු අත දුවන මිනිසුන්...ජිවිතය බදාගෙන ගාල්ල ස්ටෑන්ඩ් එකේ එක පොදියට තුරුලුවෙන සමනලියන් රෑනක් අනේ කෝච්චි පෙට්ටි ගානක් කණපිට පෙරලිලා...බලන හැම තැනම මියගිය මිනිසුන් වැටිලා සිටිය ආදී දේ විතරමයි දකින්න තිබුණෙ රූපවාහිනියෙ.....


අපිට කරන්න පුලුවන් වුන එකම දේ ඒ අයට කඩිනමින් උදවු කරන එක විතරයි..අපි අපිට පුලුවන් විදිහට ලහි ලහියෙ හැමදේම එකතු කරලා ලංකාවට එවුවා...ඒ වගේ මුලු ලෝකෙන්ම වගේ එහෙම උදවු ලැබුණා.....


මෙහෙම මුහුද ගොඩ ගලපු එක සුනාමියක් කියලා කිවුවා....ඒ අලුත් වචනය අපිට බිය වචනයක් වුනා....අපුර්ව සොබා දහමට මිනිසා කල හදියන් දිගු කාලිනව බලපාලා සොබා දහමෙන් ලැබුණ දායාදයක් වුනා....ඒ දායාදය දැන් අතීතයට ගිහින් ඉවරයි.....


අනාගතයටත් මෙහෙම දේවල් අනන්තවත් එන්න පුලුවන්....එහෙම නම් අද වත්මනෙ අපි කරන දේ හෙට අතීතයට එකතුවෙනවා...හෙට නමැති අනාගතයෙ අපි භුක්ති විදින්නෙ මේ අද දවසෙ දේ....එහෙමනම් අපි අපිට පුලුවන් විදිහට මේ සොබා දහමට ආදරය කරමු....සොබා දම රැකගනිමු...එහෙම වුනොත් අපිට සොබා දහම එරෙහි නොවන්න පුලුවන් හෙට දවසෙදි...


දස දහස් ලක්ෂ ගණන් ජීවිත අහිමි කල...අම්මා තාත්තා නැතිව අදත් තදුළු බොන....දරැවො නැතිව දෙමාපියො හුල්ලන...දවසක් ආයෙත් නොඑන්නට අපි වග බලාගමු.....


සුනාමියෙන් මිය ගිය ඔබ සැමට නිවන් සුව පතන්නම්...සංසාරෙ කවමදාවත් මෙවැනි විපත් හමුනොවේවා.....


                 

Sunday, December 25, 2011

සුභ නත්තලක් ....

හිතුවක්කාර ඔබ....

හීතලම හීතල මැදින්
හීනියට හිත ළගින්
හීන් සැරේම හොරෙන්
හිතුවක්කාර ඔබ ඇවිදින්.....

හීලෑ නැති හිතින්

හීන දකින නෙතින්
හීසැර පහරක් ලෙසින්
හිතුවක්කාර ඔබ ඇවිදින්.....

හිනා නොවී කොහොම නම් යන්නද කියන් ඉතින් මම

හිතාගන්න බැරි තරමට ආදරය පුරවගෙන ඉන්නකොට...

Friday, December 23, 2011

හිදිමි හිතම හංගා...


අකුණු සැර මැද
රළු අහස නුඹ
දුන්න මුත් ආදරය
අඩුවෙන්..

වැටෙන කදුළත්
බර වැඩියි දැන්
දන්නවද නුඹ
මගෙ රත්තරන්....

අහස දෙදරා
වලා ඉරලා
වැස්ස වී නුඹ
ආපු හන්දා.....

සෙනෙහ මරලා
හදේ වළලා
හිඳිමි ගුලිවී
සිතම හංගා..

ඇත්තමයි...


නොරිදෙයි සිත බෝමා....


සිහින අරන්
රෑ මැද්දට
නොඑනව නම්
ඇස අස්සට
නොරිදෙයි හිත බෝමා.........

රිදුම් අරන්
අපුල කමට
නොඑනව නම්
හද මැද්දට
නොරිදෙයි හිත බෝමා....

පැතුම් අරන්
සිත මැද්දට
නොඑනවනම්
සිතුවිල්ලට
නොරිදෙයි හිත බෝමා.........

හිතන්න ඔබට බාරයි....


කුමකටද.....


අඬන හදවත ළගක
සිනා දුන් නුඹ දිනෙක
ගිරි දුර්ග දිග මගක
අත්වැලක් වුනා නුඹ....

සෙවනැල්ල සේ ළගක
අත් නොහැරි ආ විලස
අවාරය ළග සිතක
පිපි කුසුම වුනා නුඹ.....

මට මමත් නැති දාක
නුඹ ඉතින් දුර ඈත...
අපි අපිට නැතිදාට
වස්සානෙ කුමකටද.....

නුඹට කියන වග නම්....



නුඹ මගෙම විතරක් හින්දා....


සිහිනයක සිතුවිලි - 04

            අද දෙසැම්බර් 22

  සිහිනයක සිතුවිලි අතරෙ හිරවෙන්න හැදුවට හැමදාම වගේ හිත උඩ ඔයා ඉන්නෙ... දන්නවද මම වෙනස් වෙන්න පුරුදු වෙනවා....උදේ අවදිවෙනකොටම හිතට එබෙන ඔයාව අමතක කරන්න පුරුදු වෙනවා..ඒත් හිරු දුටු පිනිබිදු වගේ මගේ සිතුවිලි මැරෙනවා....හතිදාගෙන පුරුදු විදිහට පරිගණකය ඔන් කරලා පරිගණක තිරය උඩ හිනාවෙන ඔය හිනාව බලන එක දැන් මට පුරුද්දක්....

          මගෙ මේ හිත මම ඔයාට කොහොමද පෙන්වන්නෙ...අර දුර අහසෙ සඳ වගේ හැමදාම වෙනස් වෙනවා ඔයා...දවසගානෙම වෙනස් වෙනවා...වලාකුලු උඩ පාවෙවි වෙනස්වෙන ඔයා ළග ඉන්නෙ කොහොමද කියලා හිතනවා මම...... මේ නන්නාදුනන රටේ අඩි 10 ක්වත් දිග පළල නැති කාමරය ඇතුලට වෙලා මේ දකින හීන ඔයාට විහිලු වෙන්න ඇති...ඒත් දන්නවද......
      ඔයා ළග දැවටි දැවටි ඔය සුවඳ විඳ විද ඉදපු දවස් මතක් වෙනවා.... පුංචි එක්කෙනෙක් වගේ තුරුල් කරගෙන නිදාගත්තු ඔයා ළග උණුසුම මට තාමත් දැනෙනවා....
        හිතෙනවා කමදාවත් මට ලැබෙන්නෙ නැතිවෙයිද කියලත්...ඒත් අර රලු නපුරුකම් යටින් සොදුරු ඔයා සමහරවෙලාවට මතුවෙනකොට මට ලෝභ හිතෙනවා...අනේ කොයි තරම් සොදුරුද ඔයා...... අපුරුද.......
           මහ දවාලෙ පාර මැද්දෙ නැවතිලා අයිස් අරගෙන කකා ජිවිතේ සතුටු සිනා බෙදා ගත්ත හැටි මතකද ඔයාට...අදත් ඒ මතකයන් ඇතලෙ හිත අතිතෙමයි...අනාගතයට එන්නෙම නැහැ....මම දන්නෙ නැහැ මේ හිතට මොනා කරන්නද..තව හරියටම මාස 23 ක් මම බලා ඉන්න ඕනි...අනේ ඒ අතරෙ කොයි තරම් දේ වෙනස් වෙයිද මේ ඉරහද යට.....ඒත් ඔයා වෙනස් වෙන්න එපා රත්තරං.......මම එනකම් ඉන්නවා කිවුවා වගේම ඉන්න....මම ඇගිලි ගැන ගැන ඔයා වෙනුවෙන් පේ වෙවි බලා ඉන්නවා ළගට දුවගෙන එන්න..සත්තයි....

හුගාක් ලියාගන්න බැහැ...අද වැඩ කරලා මහන්සියි....මේ පුංචි වචන ටිකත් ලියලා යන්නෙ සයිබර් අහස යට ඇවිදනකොට හදිසියෙවත් ඔයා දැක්කොත් කියලා....බලන්නෙ නැහැ කියලා මම දන්නවා...ඒත් බැලුවොත් වැරදිමකන්වත් නේද....
  පුරුදු විදිහටම අදත් කියන්නෙ මහ හුගාක් ගොඩාරියක් ආදරෙයි මම ඇත්තමයි......

Wednesday, December 21, 2011

ඔබ එන්න....

විඩාබරවම ගලා යන
හුදකලා දිවිමගට
මුව දොරක් වී ඔබ එන්න......

සිනාවත මියැදිලා යන
හිරු බසින හැන්දෑවට
සිනාපිරි සඳවතක් සේ
අනේ ඔබ එන්න.....

අලුයමට නිවාඩුව යන
සඳ මඩල ළගකට
බලාපොරොත්තුව වී
උදෑසනකට හිරු අරන්
ආයෙමත් ඔබ එන්න......

සෙනෙහසේ සියක් මල්
පිපෙන හදවත් අසපුවට
ජීවිතේ සුවඳ විදගන්න
එකමපාරක් ඔබ එන්න.......

සිහිනයක සිතුවිලි - 3 ( මගේම මගෙ නුඹට... )


පඬුපාට හැන්දෑව ඇවිදින්
ඉකිබිඳින කොට ගොම්මන
තාරුකා එළියක්ව ළගකින්
ඔබ ඇවිත් ඉන්නකොට________

බොරපාට පිරිමි ඇස් දෙක ළග

නවතින්න ආසයි ආයෙමත්________
හිනාවෙන කම්මුලක් ළග
රැවුල් කොට ඇනි ඇනි
තෙරපෙන්න ආසයි ආයෙමත්_________

පාලු මන්දාරම් සීතලට

හීන් වැහි බිංදු වැටෙනකොට
උණුසුමක වෙලි වෙලි
තුරුල්වෙන්න ආසයි ආයෙමත්__________

මෘදු කම් නැති දඩම්බර නුඹේ

රලු වදන් ළග ළගම
හිනහා වෙවි කියව කියව
දැවටෙන්න ආසයි ආයෙමත්____________

කේන්තියෙන් පුම්බගෙන

කතා නොකරන ඔයා ළගින්
හ්ම් සද්දයක්වත් නැතිව
වචන හිරකරගෙන වගේ
ගැවසෙන්න ආසයි ආයෙමත්____________

පිඩෙන් පිඩ අනා උණු උණුවෙම

බැනුම් බැන බැන රවන ඔයා ළගක
දැවිල්ලෙ හුල්ල හුල්ල බත් කවන්න
ඉඩක් තිනවනම් ආසයි ආයෙමත්_______

පළල් උරහිස මැද්දෙ හැංගිලා

නුඹේ පපුවෙ සුවඳ විද විඳ
එළිවෙනකම් ගිලිවෙලා
නිදාගන්න ආසයි ආයෙමත්____________

හදිස්සියෙම ඇස් ඇරුණ උදෑසනට

කම්මැලි කමේ ඇස් පියාගන්න ඔයාව
පුංචි එකෙක් වගේ අවදි කර කර
දඟ කරන්න ආසයි ආයෙමත්_______________

' කරදරකාරී ' කියලා පාන්දරක

ඔයාගෙ උණුසුමේ ආපහු
බදාගෙන හංගගන්නකොට
පැනලා දුවන්න ආසයි ආයෙමත්______________

සරසඳක්වී සිත් අහස වසාගෙන

හිනාවෙවි ඉන්න ඔයා ගාව
බැහැයි නොකියා මට නවතින්න

_______පුංචිම පුංචි ඉඩක් දෙනවා නේද කියන්න_______

Monday, December 19, 2011

සිහිනයක සිතුවිලි - 02

සිහිනයක සිතුවිලි -  20 දෙසැම්බර් 19.

මම පුරුදු විදිහටම ඔන්න අවදිවුනා බෙරිහන් දෙන ඔර්ලෝසුවට බැන බැන...ඇත්තමයි මේ ඔරලෝසුව හොයා ගත්තු කෙනත් එක්ක තරහා එන්නෙ ඒ වෙලාවල් වලට තමයි...ඇයි දෙයියනේ මේ ගැහෙන හීතලේ නැගිටපන්කො උදේ පාන්දර....මොනා කරන්නද අද පුරුදු පරිදි රස්සාව කරන්න ඕනි...

ඉතිං මුහුණවත් හෝදන්නෙ නැතුව පරිගණකයෙ ස්විචය ඔන් කරලා මම ජනේලයෙන් එපළිය බැලුවා...
උදේ පාන්දර රත්තරන් පාට ඉර එළිය මැද්දෙ අහස පුදුම ලස්සනක්...ඒත් සේ සීත කාලයේ අහස හරියට ලංකාවෙ නුවර අහස වගේමයි...මේ දිලිසි දිසිලි හිනාවෙනවා...මේ අනික් පැත්තට බෙරි කරගෙන අඩනවා වගේ වැහි කලු ඇවිත් නවාතැන් ගන්නවා....

   දන්නවද මේ වහින අහස දිහා දැක්කම මගෙ හිතට එබෙන්නෙ ඔයා...ඇයි ඉතින් කොයි වෙලෙත් කලු කරගෙන ඔයා ඉන්නෙ..හරි පුංචි දේටත් කේන්ති ගන්නවනෙ....ඒ ඔක්කොම අමතක කරමුකො... මතකද අපි දෙන්නා හෝ ගාගා වහින නා කපන වැස්සක තෙමුණ හැටි.... ඇදුම් ඔක්කොම ඇගටම ඇලිලා මම හීතලේ ගැහෙනකොට ඔයා ලේන්සුව දුන්නා පිසදාගන්න කියලා...මම පුංචි එකෙක්ට තමන් ආසම වටිනා දෙයක් ලැබුණා වගේ ඒක ගුලිකර ගත්තා මගේ අතේ...මතකද ඔයා කිවුවා ඕක දුන්නෙ තෙත පිසදාගන්න කියලා...තෙත පිසදාගෙන ඔයාගෙ තියෙන සුවද නැති කරගන්න ඕනිද....ඊට වඩා තෙමි තෙමි ගිහින් ඔයාගෙ ලේන්සුවෙ සුවද විඳගන්නකොට.... අනේ මගෙ මේ හිත....

මගෙ නපුරා වෙලාවකට කියන්න බැරිතරම් නපුරුකම් කරනවා...අදත් මතකද මගෙත් එක්ක හොදටම රණ්ඩුවුනා...අන්තිමට ම‍ම ම බැනුම් අහලා..මම ම ඇස්වල කදුලු පුරවගන්නවා...ඔයා අර මුරණ්ඩු අහස වගේ ආයෙමත් සිල් ගන්නවා...
ඒක නෙමෙයි ඔන්න අද මම සුළග අතේ පණිවිඩයක් එවුවා....අහන්න එපා මොකක්ද කියලා..හම්බවුන දවසක කියන්න...

ඔයත් වෙලාවකට සුළග වගේමයි....ගස් ගල් උදුරගෙන චණ්ඩව රළුව හමාගෙන යනවා...ආයෙමත් සීතලට මුදුව හමාගෙන යනවා...හැබැයි දන්නවද...මම සුළගට ආදරෙයි....ඔයාට වගේම....ඇයි ඉතින් හැමතිස්සෙම වෙනස්වෙන සුළගයි ඔයයි එකම විදිහ නිසා....
         
  අද නම් වැඩිය ලියන්න බැහැ හිතේ සිතුවිලි...ඇයි දන්නවද....අර නපුරු සුළග හමාගෙන ඇවිත් මගේ හිතේ හැම තැනමකම්ඹලා තියෙන්නෙ..ආපහු නිවි සැනසිල්ලෙ සුවදායි මදනලක් හමායන වෙලාවක හුගක් දේ ලියන්නම්....ඔයා හදිසියක හරි ආවොත් බලලා යන්න මේ ටික...


            

දුක පෙරෙන මලානික

සඳ එළියවිත්

පාරවයි හිත නුඹ නැති

කමට ළගක....



හිත තවන මුදු මල් සුවඳ

හමාගෙනවිත්

සිහිකරයි නුඹ සුවඳ මට

හිත ළගට....



නිති රිදෙන මගෙ නෙත්

දෙක ළගට

නුඹ ඇවිත් යයි අපුරුවකට

රෑ සිහිනෙට....

හැමදාම වගේ අපුරවට මගෙ සිහින අතරෙම ඉන්න ඔයාව මට මහ හුගක් වටිනවා...කවදහරි දවසක ආයෙමත් මම ඔය ඇස්දෙක ඉස්සරහට ඇවිදින් ඔයාගෙ අස්සක හැංගෙනකම් මේ හීනෙම ඉන්නම්.... ආදරෙයි හිත පිරෙන්නම්.......






Sunday, December 18, 2011

මගෙ දුවේ....

විසල් පුරයක
යස ඉසුරු
සොයන් ගිය
මගෙ දියණියේ...

ඉරුණු තටු
පිරි මදින්නට
වෙහෙස නොගනින්
මගෙ දුවේ...

එදා වගෙම
අදත් උණුහුම
මව් තුරුල්ලේ
ඇත දියණියේ...

විඩා නිවනට
හනික පියඹා
වරෙන් ආපසු
මගෙ දුවේ.....

සිහිනයක සිතුවිලි - 01

    සිහිනයක සිතුවිලි...අද දෙසැම්බර් 18 වෙනිදා 2011




            වැහි මන්දාරමට මුළු අහසම පිරිලා තිබුණා....වෙනදා වගේ රාජකාරි දවස් නොවුන හින්දම මම අද ඔලුවෙ ඉදන්ම පොරවගෙන ඇස් තද කරගත්තා....කෘතිමව ලබන රස්නය නොතිබුණා නම් මේ සීතලට මම ගල්වෙලා යයි කියලා හිතුනා....ඒත් ඒ හැම සිතුවිල්ලක්ම පරාද  කරගෙන වෙනදා වගේම ඔයා ආවා මගෙ හිතට..


  සීතලම සීතල 
 උදෑසන
 නුඹ ඇවිත් හිත් 
 ඉහත්තාවට
 මගෙ ළගින් ඉද 
 තනිකමට 
 අඳින සිහිනය 
 අගෙයි හිතවට....


ඇත්තමයි ඇස් දෙකත් තද කරගෙන මම ඔයා ගැන හිතුවා... හිත සොදුරු සිතුවිලි වලින් පිරිලා ගියා...මේ හිතේ වාන් දමමින් දෝරෙ ගලන ආදරය ඔයාට...ඔයාගෙ නේද කියලා තනියම කියෙවුවා...
මම යනවා මේ සීතලේ ඇවිදින්න කියලා හිත කිවුවා...සීතලේ ඇවිද ඇවිද ඔයා ගැන හිතනකොට හිත පිරිලා..මට මුළු ලෝකෙම අමතක කරන්න පුලුවන්....වැහි අන්ධකාරය තිබුණදෙන් කියලා නාගත්තා මම හීතලේම...වතුර රස්නෙට තිබුණ නිසා දැනුනෙ නැහැ සීතලක්...සීතල මැදින් උණුම උණු කෝපි එකක් හදාගෙන මම පරිගණක තිරය ඉස්සරහට වෙලා උන්නා.... හැමදාම වගේ අර අහංකාර හිනාව පුරවගෙන ඔයා මගෙ පරිගණක තිරය මැද්දට වෙලා ඉන්නවා....මම හිනා වෙවි කතා කරනවා ඔයා එක්ක..මුළු හිතම දිග අරින්නෙ මම පරිගණක තිරය ඉස්සරහා...දන්නවද පුරුදු හසරැල්ලෙන්ම ඔයා ඉන්නවා...හරි අපුරුවට.....


        කවමදාවත් නොවෙනස්වෙන ඔය දෙතොල් මත හසරැල්ල...සත්තමයි මට ජිවිතේ හැම දුකක්ම අමතක වෙනවා.......


          ඉතින් ඔන්න මම පුරුදු දිග කලිසම දාගෙන සීතල කබායත් පොරවගෙන එළියට බැස්සා....දන්නවද මුළු ඇගම වෙවුලන්න ගත්තා...ඒත් ඒ සීත සුළග ළග හරි පුදුම උණුසුමක් මට ආවෙ...හිතෙයි මට පිස්සු කියලා...නැහැ...සීතල ගිනි ගන්න තරමට ආදරණිය සිතුවිලි වලින් හිත පිරිලා....
              ඒ සීතලත් කපාගෙන මම ගියා මුහුදු වෙරළට...ඒ ඈත සමුදුර සිල් අරන් වගේ හරිම නිහඩයි...කිසිම සෙලවීමක් නැහැ..ඒ උඩ පාවෙන සංචාරක කුරුල්ලො ඇවිත් සුදු පාට තාරා පැටවු වගේ...උන් ඔරු වගේ පැද්දි පැද්දි වතුර උඩ පාවෙනවා....ඒ මැද්දෙ මගේ හිත කියෝනවා හෝ ගගා...දන්නවද මම ඒ මුහුදට වෙලා කිවුවා....මගේ මුළු හිතම...ඔයාට ඇහුනද දන්නෙ නැහැ....ඒත් ඒ මුහුද හමාගෙන එන සුළග පණිවිඩය අරන් එයි ඔයාට...ආදරේ කප්පරක් හිත පුරවගෙන මම මේ වෙරලට වෙලා ඔයා ගැන හිතපු හැටි...
             දන්නවද ඉස්සර මම මේ වෙරළ පුරා ඇවිද්දෙ යාලුවො එක්ක..ඒත් දැන් මට යාලුවො දැනෙන්නෙ කරදරයක් වගේ මගේ සිතුවිලි මැද්දට...මම ආත්මාර්ථකාමියි කියලා හිතන්න එපා ඔන්න...ඒත් තනියම හිත උඩක ඔයා තියාගෙන ඇවිද ඇවිද යනකොට මට පාලුවක් දැනෙන්නෙ නැහැ...හිතට එන හැමදේම මම කියනවා හිතෙන් ඔයාට... සමහර වෙලාවට මට තනියම හිනා යනවා....අද එහෙම වැඩක් වුනා...ඔන්න වෙරළට වෙලා මුහුද දිහා ඉලා ඉන්නකොට ඈතින් එක පෙළට නැව් 8 ක් නැංගුරම් දාලා තිබ්බා..මේ වරාය ළග නිසා එහෙම නැව් තියෙන්නෙ...ඉතින් මට එක පාරටම හිතුනා අර නැව් බලන්න යන්න වරායට....ඉතින් මම ඔහේ යන්න ගියා...මට යන්තමින් වගේ ඇහුනා පිටිපස්සෙන් කවුද කතා කරනවා....
දන්නවද...

               මම වරායට යන්න ගිහින් තියෙන්නෙ වෙරළෙ තිබ්බ මගෙ සීත කබායත් තියලා.... ඉතින් හිනා යන්නෙ නැද්ද......... මම දුවලා තියෙන්නෙ ඔයා පස්සෙන් එනවා කියලනේ...පස්සෙ මට මතක් වුනේ මම ලංකාවෙ නෙමෙයි මේ ඉන්නෙ කියලා...ළගක ඔයා ඉදිය නම් මගෙ කනෙන් අල්ලලා මිරිකලා පිස්සි කියයි...
            
            ඉතින් වරාය බලන එක අමතක කරලා මම ආපහු පාර දිගේ පයින්ම ගෙදර ආවා...ඇවිදින් හිත නිවෙන්න කලින්ම මම ඔන්න ලිවුවා...ඔයා බලයිද නැද්ද දන්නෙ නැහැ....ඒත් දගකරන හිතේ සිතුවිලි හංගගෙන ඉන්න මට බැහැ...මේ ආදරණිය දේවල් අහන්න බැරි වුනත් ලියලා තියන්න ඕනි නේද.....
  
වසන්තය ළග හිනැහෙනා
ගැටපිච්ච මල වගේ...
දසන්තයෙ සුවඳ සොය සොයා
නුඹ මගෙයි පණ වගේ... 


කාටවත් කියන්නට බැරි නිසා
හංගගෙන ඉමි සිතුවිලි...
කාගෙවත් වෙන්නට බැරි නිසා
හැංගිලා ඉමි නුඹ සොයා....


මල් පිපෙන දවසක් ළග 
ළගම එන නිසා....
මල් සුවඳ විඳින්නට මම
මග බලමි නුඹ නිසා....


                      කියා ගන්න බැරි මගේ මුළු හිතම පුරවලා ආදරය එක්ක මම ඔයාට එවන්නම්...හම්බවුනු දවසක ඔයා බලන්න....හරි ගොඩක් මම ආදරෙයි.....




         

Friday, December 16, 2011

මගෙ පුතේ දනී නම් උඹ....

 











දන්නවනම් උඹ......

ඇත්තමයි හීයක වේගෙන් දුවගෙන එනවා_______________


ඇවිදින්___________

ගසක එතෙන වැලක් වගේ
මම වටේම එති එති ඉන්නවා___________

ඔව් උඹ දන්නෙ නැහැ____________

ඔය මූණ බලාගෙන කියන්නෙ කොහොමද_____________

බුලත් කොලේ පොල්තෙල් පහනට
අල්ල අල්ල තවපු අතපය
අද හරි දිගයි_____________
ලස්සනට හැදිලා__________

මේ පපුවට දැනෙන සතුට කියන්න බැරි තරම්___________

මහ රෑ සීතලේ සුළග ඇවිදින්
හිරිගඩු පුප්පනකොට
මම උඹට උණුහුම දෙන්න මොනවද නොකලෙ_____________
මගේ පපුවෙ උණුසුමට ගුලිවෙලා හැංගෙනවා උඹ

උණහපුලුවට උගේ පැටියා ලොකුයි වගේ
මටත් උඹව රජෙක් වගේ වටිනවා____________

මේ ලෝකෙ තියෙන වටිනාම දේවල්
නම් කරන්න කියලා මට කිවුවොත්
ඒකේ මම මුලින්ම ලියන්නෙ උඹේ නම____________


සෙනෙහසේ ගඟ සිඳී ගිය දවසෙ ඉදන්
කඳුළු එක්ක උඹ කිරි ඉල්ලලා අඬනකොට
සනසවන්න කිරි මව්වරු උන්නෙ නැහැ______________

කිරි කදුළක් දෙගොඩ තලා යන හැටි බලන්න
මම පින්කරලා තිබුණෙ නැහැ වගේම
ඒ ග‍ඟේ පිහිනන්න උඹ පින් කරලා තිබුණෙත් නැහැ__________________

අද උඹ
ලොකු මිනිහෙක් මගෙ පුතේ____________

උඹ අද එයි හෙට එයි කියලා මග බලනවා
කළුවරටම පුරුදු වෙච්ච මේ කේඩෑරි දුබල ඇස් දෙක______________

දන්නවද පුතේ
අප්පච්චිගෙ සෙනෙහෙ ගඟ පිරි ඉතිරිලා ගියපු තරම
උඹට කියලා දෙන්න උඹේ අම්මා උන්න නම් කියලා
මට අද හිතෙනවා පුතේ________________

ඒක ආත්මාරථකාමී සිතිවිල්ලක් නම් නෙමෙයි________

සමනල කන්ද රකින
සමන් දෙවියො වගේ
මම උඹව රැකබලා ගත්තා මගෙ පුතේ________

_________ආදරයේ උතුම් පැතුම මට දීලා ඈ නොගියනම්_________________

නුඹ නැතිකම..


Thursday, December 15, 2011

ප්‍රේමණිය මසිත...

මේ රාත්රි යයි....සීතලම සීතල උදුවප් මාසේ දවසක.
ජනෙල් කවුලුවලින් මනමාල සුළග හමන____________

වන්දනාවක බරට සේපාලිකා මල් පොට්ටු
පිපි එන නාස්පුඩු කිති කවන්______________

විහිද විහිදා බෙදෙන නලියන ප්රේුමයේ එළිය
හෙසඳුන් සොරගෙන යන්නට හදන වෙලාවයි________________

මහගිර දඹ නගින කෝඩුකාරයෙකුට තුන්සරණ
අමුතු සත්කාරයක් සේ සඳ ලෙංගතුකම්පායි_______________

උනුසුම් ප්රේයමණීය සිත රස්තියාදුවේ ගසන්නට පෙර
සඳ පිණි දිය යටක මම ගුලුවෙමි මේ හිතුවක්කාර සිතින්_____________
____

වෙහෙසයි මට හුගක්....

අතුරු සිදුරු නැති
වසන්තයට
ගී ගයන නටන
කොවුල් කෙවිලියන් මැද
හුදකලා වුනු කිරිල්ලියකට
පාට දේදුනු පෙන්වන
නිල් අහස......
දන්නවද නුඹ......
නන්නත්තාරවෙවී....රස්තියාදුවෙ යන
තටු යුගලට වෙහෙසයි හුගක් දැන්......

අවදිවුන සිත...

සීතලම සීතල උදෑසනට
ඇබින්දක් හිරු
එඹෙන්න හදනවා.....

හරියට නෑඹුල් යුවතියකගෙ
කෝල කම් වගේ.....

අඩවන් ජනෙල් පියන්
පත් තල්ලු කරගෙන
රිංගගෙන කිති කවනවා
දඟ කරන හිරු රැස්.....

අල්ලගෙන වීසි කරන්න හිතෙනවා
ගුලිවෙලා නලියන සිත යට
හැංගෙන්න නොදී අවදි කලාට

නුඹ එන්න...

තනිකමට සඳ
අත වනන යාමයක
කොහොම නම්
අහසට නගින්නද....

හිත ළගක සෙවණැලි
වැටෙන යාමෙක
උණුසුමට සිතුවිලිත්
තව කොහිවේද....

වසත් කල ගිම්හානයක්
නොවේනම්
විඩාපත් වෙලා යනෙන
ගමනක....

සසල පැතුමන් නිසල කර
ඒ නම් ඔබ
දිය බිදක් සේ වැටීයන්
මගේ අසලට.....

සමුගනින් නුඹ...

එබෙන්නට හදයි ගෙට
පරමල් සුවඳ තරගෙට
සදයි දැන් වැටෙන්නට
පිපිනු මල් අලුයමට....

ළගින් නැවතුම් ගන්න
පොර බඳියි ඇවිදින්
මහලු සිතිවිලි ගොඩක්
තනිකමට අතවනන්.....

සීත හුලග හූල්ලමින්
හිත හරිගඩු නංවයි...
පාට සිහින සගවගනිමි
දේදුන්නේ බැස පලයන්......

සමුගන්න අවසරද කියන්...



වැල නොකැඩි හිතට එන
සිතුවිලි වලට
පණ දෙන්න බැරි වුනත්
පණ ගන්න හිතක් දෙන නුඹ
දැන් ඉතින් අවසර දෙන්න
සමුගන්න දුරකට හුගක්__________

රැල්ල වෙරළම සොයා ඇවිදින්
බදා වැළපෙන නමුත් හැමදින
නොදැනුනා සේ යන්න යයි
වෙරළ තනිකරලා රළපෙළ____________

දැන් ඉතින් අවසර දෙන්න
සමුගන්න දුරකට හුගක්____________

සඳ ඇවිත් නිල් ගඟනතට
හැඩවෙවි ලොව සරසනා අපූරුව
විඳ විඳත් පොළව මත හිඳ
සැනසෙනා කොඳ මලක් රැයකට
පිනි කදුළු තවරලා පෙති උඩක
සිනාසෙයි ලොව වෙතට_______________

සඳට අමතක මලක් වූ පවට
දැන් ඉතින් අවසර දෙන්න
සමුගන්න දුරකට හුගක්__________

හැපි හැපි රළු කලු ගලක් ළග
වැටි වැටි කියුවත් හද දුකක්
දැනි දැනී නොදැනුන ලෙසට
ඉන්නෙ ඇයි ගල් හිතක් ළග______________

සසල සිතුවිලි නිසල නොකරම
නොදැනුනා සේ ඉන්න සිත අතැර

දැන් ඉතින් අවසර දෙන්න
සමුගන්න දුරකට හුගක්_________________

වෙනස....

දන්නවද.......

..ම්....

...මේ අහන්න....

...කියන්න....

මම ආසයි
අර ඉස්සර වගේම
පිටදිගේ බේරෙන දිග
කොන්ඩයක් තියෙනවනම්......
දිගට දිගේ දිග ගවුම් සායවල්
එහෙම වැඩිපුර අඳිනවනම්....
හදිස්සියක් නැතුව බිම බලාගෙන
හෙමින් කතා කරනවනම්....
වැඩිය පිරිමි යාළුවො ආශ්‍රය
කරන් නැත්නම්......
තනියම ගමන් බිමන්
නොයනවනම්.......

දන්නවද....
එහෙම වුනාම ගෑණු ළමයි හරි අහිංසකයි......
වැඩියෙන් ආදරේ කරන්න හිතෙනවා.....

අනේ ඉතිං මම.....

දිගට දිගේ දිග කලිසමයි....
කොටට කොටේ කොට කලිසමයි
බෙල්ල ගාවට කපපු කොණ්ඩෙයි
හයියෙන් කෑගහලා හිනාවෙන
දඟම දඟ දැඟලිල්ලයි.......
ඉන්න තරමක් පිරිමි යාළුවොයි.....
යන තරමක් තනියම ඇවිදින එකයි......

හ්ම්.....

එහෙම නම් ඉතිං මට ඔයා වැඩියම ආදරේ කරන්නැතිවෙයි.....

__________ඇයි ඉතිං අපි දෙන්නා අහසට පොළව වගේ______________

හද දුක...

මුදු සුවඳ එක්ක
කඩුපුල් මල් සිනා
සලන විට......
සෙනේවන්ත සඳ
ඇවිඳින් නිලම්බරට
හෙමින් හෙමින්
හොර රහසින්________________

හාදු දෙමින්
වැළද ගන්න
අණසක පතුරා......
පාට පොවන
සිහින මැදින්
එබි බලනවා_____________

සීත මැදින්
දෑස් වසන්
තරු කැට හැංගා
සේද වලා සළු ඇවිදින්
උනුසුම දෙන්නේ...........
නෙතේ ළගක
රසදුනක්ව
සිතුවිලි ටික
ටික තෙරපන්නේ__________

සිහිනෙ වෙලා
දෑස් අස්සෙ
ළැගුම් ගන්න
වර ඉල්ලන්නේ........
සුවඳ සොයන්
සිහිනෙ දිගේ
ඇස් අවදිව
ලොව කළඹන්නේ__________

Wednesday, December 14, 2011

නුඹත් අහිමියි මට....






රැයක් එනතුරු මග බලන
කොඳ මලක් ළග
තනි රකින පිනි කුදුළු
පැල්ලම් අතීතෙක
දිය යටක සගවන්න හදන
රබර් බෝලය වගේ
එබී බලනවා හිත උඩට හදිස්සියෙම.....

කාලයේ වැලි තලා අතරට

සගවන්න හැදුවත්
උඩු දුවන පිළිකා සෛලය
වගෙයි සිත
බුර බුරා ඇවිලෙන ගිනි දැල්
මිතුරු වී ඇවිත්
පාරවයි සිත කටු තුඩු තරම් විස.......

නෙත් ඇරන් වත්මනට හිත

ඔබන විට හෙමින්
එකිනෙක වඳින වචන වැල්
හී සර තරම් නුඹෙන්
සිත් පත්ල කළඹලා ඇලෙනවා
පතුලට ගිහින්
මහ හුගක් බරටම තදින්.......

ඇස් කණ්ඩි පුපුරු ගසමින්

රූරා වැටෙන
කදුළු ළග උණුසුමක් දැනෙන
කම්මුලට වැරෙන් හැපි හැපී ඉල්ලන
මේ මතක නුඹ ඉතින් ගනින්........

අතීතයෙ සෙවනැලි ළගදි හිනැහෙන

වත්මනේ නුඹත් හෙට
මියැදේවි අඩුවයසින්ම නොවැරදිවම
වසන්තය දිවිමගට අහිමි හින්දම........

Wednesday, December 7, 2011

අහන්න අම්මේ.....


සුරංගනාවියො එක්ක කතා කරනකොට
පුංචි ඇස් විදහාගෙන
ඔයා හිනා වුනා නේද මගෙ අම්මෙ_______________

මුදු මොලොක් රෝසපාට අතගැලි
බුලත් කොලේ රත් කර කර
තවපු රස්නය එදා නොදැනුනාට
අද මට දැනෙනවා මගෙ අම්මෙ_________________

සොරොව්ව ඇරලා පිටාරය යනවා වගේ
නුඹේ හදින් ගලායන සෙනෙහසට
අපි හැමෝම පිහිනමින් නැටුවා තමයි
ආදරේ ජල මැදට වී මගෙ අම්මෙ___________________

රුවන්වැලි සෑය වටේම එළිය විහිදුවමින්
දෙවි තාවුන් වඩිනා මොහොතක
නුඹ ළග පැදකුණු කරන් ගියා වගේ මට
හිතෙනවා මගෙ අම්මෙ________________


මහමායාව සිදුහත් කෙනෙක්ට උපත දී
ලැබුව මව්කම තරමටම
නුඹ ළගින් තවමත් සල්මල් සුවඳ හැමතැන
හමනවා මගෙ අම්මෙ______________________


ලිප ළග ගිනි රස්නයට ඉඳෙන බත දිගේ
හිත ළගක දොරෙ ගලන අපරිමිත ආදරයට
නමක් දෙන්න දන්නෙ නැති වුනත්
දන්නවද මගෙ අම්මෙ____________________

ආත්මාර්ථකාමි වෙලා හරි මම ඉල්ලන්නෙ
ඔයා මේ සංසාරෙ නිවන් දකින්න එපා කියලා
මොකද උපදින හැම ආත්මෙකම මට
මගේ අම්මා වෙන්න ඕනි ඔයා හින්දා______________
 
*** සාධාරණ අසාධාරණකම් හිතන්න මට බැහැ***



Sunday, December 4, 2011

Just For u.............

කාලෙකින් පපුවට දැනෙන්න
හිත හෙල්ලුනා_______________

හදවතේ සංවේදී සෛල තවමත්

පණ ගහනවා කියලා දැනුනා______________

ඇට මිදුළු කකියන්නට වේදනාව

දැනෙනවා කියලා තේරුණා_____________

මේ ගලන්නේ


________ප්‍රේමය________


නම්...............


ඒ ප්‍රේමයේ ධාරිණිපාත වර්ෂාවට

තෙමෙන්නට මග බලා ඉන්නවා_______________

දැන් ආද‍රයේ අසෙණිය වැසි වැටෙයි_____________


ඒ වැස්සට තෙත බරියම් වී හෙම්බත්ව

ඉන්නට ආසයි________________

ඒත් හදිස්සියකවත් කවුරුන් හෝ කියයි

පිස්සු යැයි කියා_______________

ආදරය...විරහව.... කදුළ... විතරමද අහයි

ළගක ඇත්තෙ______________

නැහැ..............නැහැ....

...........නැහැ..................

ගිරි දුර්ග මග දිගක කටු කොහොල් පිරි

තරම දන්නවා_______________

ඒත් සහේතුකව හිත ඉල්ලන්නෙම සබුද්ධික

නුවණ වෙනුවට මේ උන්මාදනීය හැගුමම නම්________________

ඉතින් සිහි විකල් කර ශල්‍යකර්මයකට යනවාට වඩා..........

මේ රිදීම් දැනීම් මත වෙලී හිදීම අපුර්ව නොවේද..............?