Tuesday, January 24, 2012

....පාසැල් කාලේ මතක බණක්....


අප්‍රිය මාතෘකාවකට මා දැමූ කොමන්ටුවක්....

මතක ඇති මම නම් මීට කලිනුත් කිවුවා අප්‍රියම කරපු කාලයක් පාසැල් කාලය කියලා...
ඒ ඇයි කියලා අද කියන්නම්.. 
මම තාත්තාව නොදැක හැදුනු දරුවෙක්... මගේ පන්තියෙ ළමයි හැමෝම මට හිනාවුනා හැමදාමත් තාත්තා නැති හින්දා.. මම බඩේ ඉන්නකොට වෙන කසාදයක් බැද ගත්ත තාත්තා පණ පිටින් ඉද්දි මම කිවුවා මැරුණා කියලා.. ඒ මට ඉස්කෝලෙ ළමයි අතරේ කොන් වෙන්න වුන නිසා...

  හ්ම් මොන්ටිසෝරි අධ්‍යාපනයක් නම් මම කියන්න දන්නෙ නැහැ.. මම කවමදාවත් ගිහින් නැහැ.. මට අ යන්න ලියන්න අත හුරු කලේ මගේ අම්මා....

මට අවුරුදු 4 ඉදන් අකුරු කියලා දුන්න මගේ ගුරුතුමා  අදත් පාසැල් යනවා.. ගුරුතුමෙක්ට වඩා දයාබර සොයුරෙක්..  මුලින්ම ඉස්කොලෙන් ගුටිකෑවෙ චිත්‍ර මිස්ගෙන්.. මට තාම මතකයි මට පාට කරන්න දිය සායම් නැතිව චිත්‍රෙ ඇදගෙන ගියාම අපේ මිස් පන්තියෙ තාප්පෙ උඩින් එළියට වීසි කලා... එදා පීරියඩ් දෙකම පන්තියෙන් එළියෙ... මට දුකක් දැනුනෙ නැහැ.. හැබැයි කෝපි කෝට්ටෙන් ගුටි කාපුවා අත්දෙක මැද්දට අල්ල අතගගා මම කදුලු පිස දාගත්තා...

ඊට පස්සෙ මම ගුටිකෑවෙ ඉංග්‍රිසි සර්ගෙන්.. ඉංග්‍රිසිවලට ගුටි කන එක සාමාන්‍ය දෙයක්නෙ ඉතින්... මගෙ කන මිරිකුවා සර්....

   හැබැයි දෙයක් කියන්න ඕනි...මම හැමදාම පන්තියෙ 1 හො 2 හෝ 3 ගන්නවාමයි.. එතනින් එහාට යන්නෙම නැහැ...
 
මම ඉස්කෝලෙ 10 වසරෙදි කරපු එක දෙයක් තමා ඉස්කෝලෙ වත්තට එහා පැත්තෙ වත්තට පැනලා රඹුටන් කඩපු එක... ඒක දවසක් ප්‍රින්සිපල්ට මාට්ටු වෙලා උදේ රැස්වීමක් වෙලාවෙ ස්ටේජ් එක උඩ දණ ගැස්සුවා අපි 5 දෙනෙක්ව.. හැබැයි හරිම ජොලි...

 O/L වලට චිත්‍ර විෂය පාස්වෙලා තිබුණම අපේ චිත්‍ර මිස් කිවුවා වලිසිංහ එගොඩ වෙලා නේද කියලා... එදා මම කිවුවා අපේ මිස්ට මිස් පීනන්න බැරිව නෙමෙයි ඉදියෙ කියලා....
 පාසැල් ජිවිතේ ලස්සනම දවස් තමා ක්‍රිඩා කාලෙ.. දෙයියනේ කියලා පන්තියෙ ඉන්න ඕනි නැහැ.. මම පාසැලේ 11 වසරෙ ඉදන්ම ප්‍රධාන ක්‍රිඩා නායිකාව... අවාසනාවකටද මන්දා බැරි කිසිම ක්‍රිඩාවක් තිබුණෙ නැහැ.. හැබැයි ඒ දේවල් වලින් අමතක වෙන්නෙම නැත්තෙ ජාතික තරග වලදි මම සුගතදාසෙ කාපට් උඩ මහ දවල් දිවුවෙ සපත්තු නැතුව.. දුවලා ඉවරවෙලා බලනකොට කකුල්වල දිය පට්ට ඇවිත්.. අමතකම නොවෙන්නෙ සමස්ත ලංකා වලින් ඇඹිලිපිටියෙ මහවැලි ක්‍රිඩාංගනයෙදි මීටර් 400 පලවෙනියා වුන එක. ඒවගේම එදාම උස පැනීමෙනුත් තුන්වන ස්ථානය වුනා. ඒ දවස් නම් ලස්සනයි...

තව තියෙනවා..ඔන්න A/L කාලෙ... මම ඒ මදිවට ශිෂ්‍ය නායිකාවක්.. හැබැයි අපෙ අම්මට සල්ලි නැහැ හැමදාම අපිට බස්වල යන්න එන්න දෙන්න.. අපෙ අම්මා මාසෙටම සීසන් එක අරන් දෙන්නෙ.. හැමදාම ඉස්කෝලෙ ඇරෙන්න විනාඩි 10 තියෙද්දි ලංගම බස් එක යනවා.. ආයෙ එන්නෙ පැයකින් විතර... මම කරන්නෙ තව යාලුවෙක් එක්ක..හොරෙන්ම ගිහින් බෑග් එක දානවා බස් හෝල්ට් එකට.. වෙලාවට පාසලේ ගේට්ටුව ගාව බස් හෝල්ට් එක... බස් එක එන වෙලාවට ෂේප් එකේ ගේට්ටුන ඇරෙගන එලියට එන විදිහට ඇවිත් නගිනවා බස් එකට... කරුමෙට ඕකත් අහුවුනා ප්‍රින්සිපල්ට.... සතියක් පාසැල් තහනම් කලා...

ඒ හැමදේටම වඩා ලස්සන ඉස්කොලෙ ඇරිලා අපි කට්ටිය  හති අල්ල අල්ල පිටේ බෑග් එකත් එල්ලගෙන දං කැළවල රිංගන එක... වල් සූරිය කාන්ත මල් කඩාගෙන එක අතක... ඒ මදිවට මගදි අහුවෙන උල්පතකින් හරි ඇලකින් හරි අපි කට්ටිය කට තියාගෙන වතුර බොනවා...සුදු ගවුම කාපු ජාතිවලින් පිරිල.

තව ඉස්කොලෙ කට් කරලා මල්වත්තෙ ගිහින්....මගෙ අම්මෝ කාපු පරිප්පුවක්...ලියන්න ගියොත් පොතක් වෙන්න ලිය තැහැකි.. වැවක් තියෙනව ඒ වැව වටේ පොරි දදා මාලුවන්ට රණ්ඩු වුන හැටි.. ඊට හපන්
 ඒවා ලියන්න බැහැ... ඕන් කිවුවා ඇති නේද... හැබැයි ඉදලා හිටලා... කැන්ටිමෙන් හොරටත් කෑවා... සන්නස්ගල සර්ගෙ සිංහල පංතියෙ විසේකාරම කෙල්ල මම තමා 2003 පන්තිවල... ජිවිතේ දුක ලිවුවෙ අඩුවෙන් ඒ කාලෙ... මලකඩ වතුර බඩ පිරෙන්න බිවුව හැටි ලියන්න බැහැ....මේ මදැයි...නේද... පස්සෙ දවසක ආයෙ ලියන්නම්.....

6 comments:

  1. එක හුස්මට කියෙවුවා. ඔබේම ඇත්ත කතාවක් නම් ආඩම්බරයි ඔබ ගැන සොයුරියේ.

    ReplyDelete
  2. හ්ම්..තිත්ත ඇත්ත බිංදුවක්... ස්තුතියි ඔබට...

    ReplyDelete
  3. oya gon music player eka ayin karanna. Eka maha vadayak

    ReplyDelete
  4. අවංකව ලියපු අදහස් ටිකක් ......ලස්සනයි.....

    ReplyDelete
  5. ස්තූතයි ඔබ නොදුටු ලොවක්....

    ReplyDelete
  6. @දිනිති අක්කියා, ඇත්තට ම මේක කියෙව්වහ ම මට අක්කියා ගැන ගොඩාක් දුක හිතුනා අක්කියෝ. :( ගුටි කන්න එහෙම උනා කියල අහපුවම. :( ඊටත් වඩා අක්කියගෙ තාත්ත ගැන කතාව දැන ගත්තහම. :( අක්කියා මේ සියලුම බාධක වලට ඉතාම සාර්ථකව මුහුණදීලා ඒ සියලුම දේවල් වලින් ජය ගත්තයි කියන එක ඇහුවම මට පුදුමත් හිතුන අක්කියෝ. අක්කියා අපි හැමෝට ම විශාල ආදර්ශයක්. :) අදනෙ මන් මේ බ්ලොග් එක දැක්කෙත්. නැත්නම් මීට කලින් ම කමෙන්ට් කරනව. හැමදාමත් පැමිණ නැරඹුවත් පාඩුවක් නොවන බ්ලොග් එකක් කියල මට හිතුන.

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...