Tuesday, November 29, 2011

ආදරණිය දුයිශෙන්......

ආදරණීය දුයිශෙන්......
 
ඔයා දන්නවද ________________
ආයෙමත් අතපය ගල්වෙලා යන තරමට
සීත කාළය ඇවිදින්______________________
ඔව් දුයිශෙන් කියන්නට බැරි තරම් කටුකයි______________
මේ හිම තට්ටු ගණන් බැඳිලා තියෙන කදුකරයට
ආයෙ කවදා නම් වසන්තය එයිද_______________

මම බලාන ඉන්නවා දුයිශෙන්..........

අර පොප්ලර් ගස් යාය පුරාම වසාගෙන තියෙන
සුදුම සුදු හිම දියවෙලා ගිහින්
වසත් සමයට කොල පැහැයෙන් දිලිසෙනකම්___________

මේ හිරගඩු පිපෙන සීත සුළග හරිම කටුකයි දුයිශෙන්_____________
කිර්ගීසියාවේ කඳු මුදුන් හැමදාමත් මෙහෙමයි....

ඔයා දන්නවද සිසිර කාලෙට පිච්චිලා යනවා___________
මේ පොප්ලර් ගස් දුඹුරු පාට වෙලා මුහුණු කලු කරන් ඉන්න
අඬන ළමයි වගේ වෙනවා____________________
ඒ කාලෙට බලන්න බැරි තරම් දුක හිතෙනවා.....
මේ සීත කාලෙයි සිසිරයයි අතර ලස්සනට මල් පිපෙන
වසන්තය එනවා දුයිශෙන්________________
ඇත්තමයි........
ඔයා දන්නවද
සිසිර කාලෙදි අපි පිදුරු ගෙනත් සෙවිලි කරන අපේ පුංචි ඉස්කොලෙ
වසන්තයට අපිට ලස්සනට ජීවිතේ කියාදෙනවා_______________
ඔව් දුයිශෙන් ඔයා වගේමයි____________________
ඇස්දෙකේ කදුළු පුරවන් දුවගෙන ඇවිත් ඔයාගෙ උරහිසේ හැංගුනහම
කරතන්බායි කළබලවෙලා නැගිට්ටා වගේ ඔයා ගියෙ නැහැ දුයිශෙන්.

මහ පොළවෙ පය ගහලා හුස්ම ගන්න ඔයා_____________
මේ ඈත පිටිසර කදුකරයට ඇවිදින්.......
ළගින් ඉදන් මට කියා දුන්නා.........

_________________ජීවිතය_________________________

මේ දැනුත් සීත කාලෙට පිපෙන නම නොදන්නා
කැලෑ මල් සුවඳ විදගනිමින්___________
තණ බිමේ හිම කැට උඩින් එන මේ සීතම සීත සුළගට
මම මුසු කරනවා මගේ හුස්ම දුයිශෙන්_______________
ඒ සුලඟ ඔයා ඉන්න පැත්තකට ඇවිදින්
හඬගා කියයි දුයිශෙන්..........

අතීතෙ සුවඳ එක්කලා අල්තීනායි තවම
_________මග බලන් ඉන්නවා කියලා_________
            
                  

කොහොම නම් කියන්නද මම නුඹ ගැනම......

ආයෙමත් ඉස්සර වගේ ආදරේ සොදුරු තැන් ලියන්න හිතුනා...

හැමදාමත් ආදරේ කදුළ විරහව ලියනකොට මට හිතුනා අසාධාරණයක් වෙනවා කියලා ආදරයෙ ආදරණිය පැත්තට...

....ඉතිං සොදුරු ආදරයෙ අපුරුම තැන් මතක් වෙනකොට මගෙ හිත උඩටම එන්නෙ ඔයා.....
....ඇත්තමයි....
ඒ සොදුරු ආදරය දෙන නුඹ ගැන මම අද කියන්නම්....

කලා සොලොසම අරන් එන පුරහඳ වගේ නුඹ අපුරුයි....
....සඳ ඇවිත් මුළු ලෝකෙටම එළිය දෙනවා වගේ නුඹේ එළියත් මම විඳිනවා...මුළු ලෝකෙටම හොරෙන් නුඹ ගාවට වෙලා විඳිනවා...

....දන්නවද....වෙලාවකට ඔයා හරි ආත්මාර්ථකාමි...වෙලාවකට නෙමෙයි...හැමතිස්සෙම වගේ.....හැබැයි ඒ ආත්මාර්ථකාමි කම ගාව කියා අහවර කරන්න බැරි තරම් ආදරයක් තියෙනවා කියලා මම දන්නවා.....

......පුංචි දේටත් තනිවම හිත රිද්ද ගන්න ඔයා හරියට පොඩිම පොඩි ළමයෙක් වගේ.....
.....හැබැයි අහංකාරයි ඔයා....හරියට දවල් 12 ට විතර මුදුන් වෙන දිනිදුන් වගේ ඔයත් අහංකාර කමින් පුච්චනවා මාව...

....අපේ වචනෙන් කියනව නම් ඔයා හරි ගනන්....අමුතු ලොකු කමක් තියෙන්නෙ....

හැබැයි දන්නවද....
.....ඒ ලොකු කමත් වෙලාවකට හරිම සුන්දරයි....

....ඔයා හංගගෙන තෙරපගෙන ආදරේ හිතේ හිරකරගෙන ඉන්න හදනවා.....ඒත් ඔයාවත් නොදන්න වෙලාවල් වලට ඒ ආදරේ එළියට එනවා....

ඉතිං සමහර වෙලාවල් වලට මට හිනාත් යනවා.....හිනාවෙන්න බැහැනෙ ඉතිං....
ඔයාට යන්තම් ඇත්නම් කෙ‍්න්ති එනවනේ....හිකිස්....

කොච්චර කොහොම වුනත් මට නම් හැමදාම වගේ දැනුන දෙයක් තමා පිටතින් බාහිරින් පෙන්නගෙන ඉන්න ඔයාගෙ චරිතෙට වඩා ලස්සන සොදුරු මිනිසෙක් ඔයාගෙ හිතේ ඉන්නවා...

....මම දැක්ක මට මුණ ගැසුනු අය අතර ඔයා පුදුම කෙනෙක් වෙන්නෙ ඇයි දන්නවද.....
කාටවත්ම කියා ලියා දෙන්න බැරිම තරම් හොදම හොද කෙනෙක් ඔයා...ඔව් ඇත්කමයි.....

ඉතිං ආත්මාරථකාමියෙක් වගේ ලෝභකමට හිතේ ආදරය තියාගෙන මට නපුරුකම් කර කර ඉන්න ඔයා ගැන තව ලියන්න හිතුනත් මම පසුවට තියා ගන්නම්.....

ඇයි දන්නවද....
.....මේ සොදුරු ආදරේ දෙන නුඹ ගැන කියන්නට මට තවම බැරි හින්දා......
                            

Monday, November 28, 2011

මගෙම නුඹට...

දන්නවද ඔයා....



මම දන්නවා_______
 
ඔයාට කවදාවත් ටජ් මහලක් හදන්න බැරි බව.......
නැහැ නේද___________
ආදරයේ සොදුරු තැන් කොහොම නම් සිහි කරන්නද....?
නේද_________
 
ඒ වුනාට ඔයා හැම තිස්සෙම
කාශ්‍යප කෙනෙක් වෙලා........
ආලකමන්දාවෙ කැටපත් පවුරක් හදන්න හදනවා...
 
ඇයි කියලා අහන්න ගියෙ නැහැ_____________
වටපිටේ ඉන්න සීගිරි ළලනාවන්ට ඇහෙයි කියලා බයෙන්...
 
එහෙම වුනොත් විජ්ජුලතාවියො ඇවිත්
බලි රූප අඳියි කැටපත් පවුර පුරාම....
මට දුක හිතේවි කියා ගන්නට බැරි තරම්...
සත්තයි_______________
 
සුදු නෙලුම් රතු නෙලුම් මල් පිපෙන
විල් තෙරට වෙලා
කාශ්‍යප රජ්ජුරුවො වගේම
ඔයත් නෙත්වලට
අල්ල ගන්න හදනවා හැමතිස්සෙම
මේඝලතාවියන්වම.....__________
 
රූ සිරිය දසත ඇති
වෙලාවකට මුහුණ හකුලගෙන
පුම්බගෙන යන්නත් හිතෙනවා මට......

ඒත් ආපහු මම හැරිලා එනවා_____________
ඇයි දන්නවද......
නැහැනේද____________

සීගිරිය නැතිවුනොත්
මට කොයින්ද කැටපත් පවුරක්
තෙරපෙන සිතුවිලි විසික් කරන්න________________

මම හරිනේද..........?


 

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...