Sunday, April 25, 2010

එළිය වෙන්නකො ..........

සොදුරු සීතල මෙ රැයේ

සොම්නසක් රැදි නුඹෙ වත
සොවින් වෙලීගිය මගෙ හදට
සොමි සදක් සේ සිසිල විය...

පහන් තරුවෙන් පාර අහගෙන
පහන් වෙන්නට පෙර හිමිදිරිය
පහන් සිතුවිලි දෝත අරගෙන

පහන් සිලුවක එළිය වෙන්නකො නුඹ මට....

නුඹ දුරක ගිය අරුමය...

මලක් හැඩකර පාට කරනට

ගසක් දුක් ගත් තරමට
නුඹෙ හදවත සිහිල් කරනට
හෙළපු සුසුමන් නුඹ නමට...



මලේ රුව විදගන්ට
ගසට අවසර නැතුව සේ
නුඹෙ සෙනෙහස ලබන්නට
නොදී නුඹ දුරක ගිය අරුමය...

නුඹයි නුඹෙ දරදඩු හිතයි වාගෙමයි...

උදේ ඉදන් ගොරවලා ගොරවලා

ඉර බහින හැන්දෑව මුසල කරලා
කඩා වැටුනු අනෝරා වැස්ස
හරියට නුඹ වාගෙමයි...




පෙම්වත් හැන්දෑවෙ හීන ඇහිදින්නට
මාත් මගෙ ඇසුත් මග බලා උන්නු තරමම
අදුරු කරලා නුඹ කඩාගෙන වැස්සෙ හරියට
නුඹයි නුඹෙ දරදඩු හිතයි වාගෙමයි...

ගැහැණියෙ නූඹ හැමදා වාසනාවන්...........

පි්‍රයංකර ඇය සුකුමල                     ලදක්මය

මල් පෙත්තක් වගේ මුදු බවින්                යුතුමය
පිනි පැන් පොදක් මෙන් ඇගෙ හද     තෙත්බරය
මේ හැම ඇත්තෙ ලෝකයෙ ගැහැණිය     තුළය

පිරිමියා ලොව දකින්නෙත් ගැහැණිය  තුලනි
දරුවා පණ ගසන්නෙත් ඇගෙ කුස      තුලනි
සෙනෙහස නිසා මේ හැම බර           දරන්නි
ලොව හැමදාම බලවත් වෙයි              ගැහැනි


බාධක දුක් කම්කටොලු ඇය විද        දරාගෙන
කරුණා මිනි පහන හද තුළ               රුවාගෙන
ලෝකය රකින්නට ඇය කදුලැලි       හෙලාගෙන
දිවි මං තලාවෙ ඇය යයි හැම              වසාගෙන


ගල් පිළිමයක් සේ ඇය විදගයි නම්     අවමානේ
ඇය යන එන මග මිනිසුන් කියවයි       අඩමානේ
විද ගන්නට නැද්ද ඇය හට සතුටේ              හීනේ
කියලා අසන්නට සිතුනෙමි මා හට        මිනිසුන්නේ


ඇන්දත් වැරදීය ඇය කෑවත්                         වැරදීය
හිනැහුනත් වැරදීය ඇය ඇඩුවත්                  වැරදීය
වැඩපල කළත් වැරදීය ඇය නොකළත්           වැරදීය
බැලුවත් නෙතින් වැරදීය ඇය නොබැලුවත්  වැරදීය


දහදිය හෙළා ඇය දිවිමග සරු                   කරන්නිය
අතපය රිදෙන තුරු ඇය වැඩපල                කරන්නිය
දරුවන් රකින්නට ඇය දිවි කැප                කරන්නිය
ජීවන ගමන නෙක අයුරින් හැඩ                කරන්නිය


පින්බර උදේ සුපිපුණු මල්                     වාසනාවන්
සුන්දර ඇගේ සිනහව අපහට                 වාසනාවන්
ඉපදුනු ලොවට නුඹ කරනා මෙහෙය        වාසනාවන්
සුන්කර නොගන ගැහැණියෙ නූඹ හැමදා   වාසනාවන්

අපි යනවා ඔබ අත්හැර බැරිමුත් දිවි මග.......

මවකගෙ සෙනෙහෙ ගගුලැල්ලක් වී ගලන    දිනේ

පියෙකුගෙ දෙනෙතෙ කදුලැල්ලක් වී සතුටු  වුනේ
පුතෙකුගෙ සිනහව දකිනට දුක් වින්ද          දිනේ
දුවෙකුගෙ අගය දැනෙනවා අප අසරණ වුන දිනේ


ඔබ අප ලොවේ කිරුලයි රත්තරන්               පුතේ
වැටි වැටි නුඹ නැගිටුව හැටි ඇත තවමත් මගෙ සිතේ
දුන්නේ නැ නොවෙද වැටෙන්න නුඹහට මගෙ පුතේ
අද නුඹ අපව අතහැර මග දමා                    ඇතේ

දිනුමක් ලැබුව නම් ඔබ එය අප ලද දිනුම               විය
සිනහව වුනානම් ඔබ එය අප ලද සිනහවම          විය
දෙන්නට ඇතත් හොද නරක ඔබහට එය අප සතුම විය
එනමුත් නුඹහැර ගිය එක ඒ ලෙස සිදුම             විය

ඔබ අපෙ පුතා ලේලිය අපෙ දියණියක්    මය
එනමුත් ඇගේ හද තද කළු ගල්          මෙන්ය
ලෝකයෙ හැම දරුවෙක්ම අපෙ දරුවන මය
ලේලියෙ නූඹට අපි නුඹෙ මව්පියන්     මය

මගෙ සුදු පුතේ නුඹ ලොව පියෙකු වන       දිනට
ලේලියෙ නුඹත් මව් පදවියෙ උරුමය ලබනා දිනට
වැටහෙයි ඔබට සතුටේ රස ඒ                    දිනට
දැනේවි දුකක් ඔඛෙ දරුවන් ඔබ අත්හල   දිනට

අප දෙස නොබැලුවත් අප නැත වෙනසක් ඔබහට  පුතුනේ
එනමුත් අද අප දුබලව ඇත ඇවැසියි ඔබගේ        සරණේ
දෑසම අන්ධ වූවා සේ ඇයි ඔබ ඔය ලෙස          ඉන්නේ
අප දුබලව ගියේ නුඹ සවිමත් කරන්නයි මගෙ    පුතුනේ

තරහා වෙන්න බැරිවෙයි මව්පියන් හට දරුවන්  සමග
ඔබ කරනා හොද නරක එක්වෙයි ඔඛෙ සසර     මග
අප බාධාවක්ම නම් පුතුනේ ඔඛෙ දියුණුවෙ      මග
මෙන්න අපි යනවා ඔබ අත්හැර බැරිමුත් දිවි      මග

කෝල සිතත් ගෙන ඇගෙ විමනට ඈ යන්නා.....


සිහින හතක් දැක මගෙ දෝතට දෝනිය    ලැබුනා

මාල හතක් බැද දෝනි පෝරුව මත        නැගුනා
ලෝල හැගුම් ටික ඇගෙ නෙත ඉගිබිගි   පානා
කෝල සිතත් ගෙන ඇගෙ විමනට ඈ  යන්නා


මොලකැටි මගෙ සුදු රෝසමල          ඔබයි
කිරිකැටි සිනහව ඔඛෙ අදත් මහද  මැවෙයි
හුරතල් මගෙ බෝනික්කිය            ඔබමයි
නෑගම් යන්නට ඈ සැරසී           ඉන්නයි


ඉස්සර වාගේ මිදුල පුරා දුවපැන           යන්නට
බෝනික්කන් ගෙන දෝතදරා සෙල්ලම් කරනට
මා එන පෙරමග දසුන් පපා බලා         හිදින්නට
හෙට සිට නෑ නොවෙ දොනිය නිවස පුරා මාහට


කැදැල්ලෙ පාළුව දැනේවි නුඹ ගිය පසු      නම්
නිදැල්ලෙ යයි හැමතැන සිතුවිලි වැල         නම්
දැවිල්ලෙ හද ඇවිලී යයි දෝනියෙ මගෙ      නම්
සෙවිල්ලෙ ඉන්නකො නුඹ ඔඛෙ ලොව ගැන නම්


මිනි පහනක් වූවා ඔබ නිවසේ                   ආලෝකේ
මදපවනක්සේ සිහිලස දුන්නා නිවනට        සෝකේ
හිරු කිරණක්සේ විහිදා හිදියා අපගේ         ලෝකේ
දුක් ගින්නක් මේ ඇවිලී යන්නේ දරනට බැරි සෝකේ


පුංචි ගවුම් ටික පූසි පැටවු ටික තැන තැන ඇත මුළුගැන්     වීලා
සිංදු කියන්නට නැටුම් නටන්නට එන්නේ නෑ ඔබ අපගේ සිනහව වීලා
පුංචි කදුළු බිදු ඇස් අග උනනවා දුක වැඩි                            වීලා
පැංචි මගේ ඔබ හුරතල් දියණිය අද හැඩවී ඇත මනමාලිය වීලා


පතනෙමි සුදු දෝනියෙ ඔබහට              බුදු සරණයි
ගෙනඑමි රැකවරණය ඔබහට                දෙවි පිහිටයි
දෙන්නෙමි අපගේ ආලය ඔබහට එක     ලෙසටයි
ඉන්නෙමි අපහැම ඔබ ළග දුක             සැපටයි


යන්න යන්න ඔබ මෙන්න අපේ                         අවසරයයි
ඉන්න ඉන්න ඔබ හැමදා නිදුකින් වැජ             ඹෙන්නයි
දෙන්න දෙන්න ඔඛෙ අත ඒ සුන්දර මනමාලයා වෙතටයි
ඔන්න ඔන්න මගෙ දු කුමරිය කුළගෙට           යන්නයි

අවසර...

අත් දෙකට දැන් වෙහෙසයිලු හොදටෝම...

වැඩ කරන අතර මග දිවුවා මං මැරතන්ම...
හෙට උදේ ආයෙමත් එකම වැඩ මුරය...
පතමි අවසර දමා යන්නට ඔබ සැවොම...

දන්න සිංහල එකතු කරලා...
ගෙතුවෙ මං අපැහැදිලි අකුරු වැල්...
වැරදි ඇති එහි බොහෝමුත්
දෙනු මැන ඉතිං බජනය සමා

වඩිනු මැන ඉතිං...

හුදකලා මං තවම


මග බලා ඉන්නවා

මෙ බංකුවෙහි

අනික් පස

කවදා නමුත්

නුඹ ඇවිත් ඉද ගන්නකම්...

හීන ගෙත්තම් කර...

පාට තැවරුම් දමා...

ආදරෙ මල් පොකුර

නුඹ දෝතින් ගෙන

වඩිනු මැන ඉතිං...

නිවාලන්නට මගෙ තනිය...

උඹ....

මට හිනා වෙන්න ඉන්නෙත් උඹ විතරයි
කතා කරන්න ඉන්නෙත් උඹ විතරයි
රණ්ඩු කරන්න ඉන්නෙත් උඹ විතරයි
අන්තිමට යාලු වෙන්න ඉන්නෙත් උඹම විතරයි…


මට ආදරය කරන්න ඉන්නෙත් උඹ
මගෙ ආදරය ලබන්න ඉන්නෙත් උඹ

මං ළග දැවටෙන්නෙත් උඹ
මාව දාලා ගියෙත් අන්තිමට උඹ…

එහෙම වුනේ ඇයි…?

ආදරය මදි වුනාද…
ආදරය වැඩි වුනාද…
ආදරයට බොරු කළාද…
දන්නෙත් උඹම විතරයි…

ගැඹුරු පිනම කඨීනය ලෙසින් කියයි......

මහ වැහි සීත සුළං සමගින් එළඹුනෙ         වස්සානය


බොදු බැතියන්ට ලැඛෙනුයෙ ඉන්             සැනසීමය

සෙනෙසුනෙ වෙසෙන අප හිමිවෙත කළ  ආරාධනාවය

එලොව මෙලොව සුව ගෙනදෙන             දෙAශනාවය



සිවුපස නොඅඩුවම දෙමි අපෙ            හාමුදුරුවනේ

මේ වස් කාලයේ ඔබ අප දමා               නොයන්නේ

ධර්මය හැකිතරම් අපහට පහදා             කියන්නේ

වස්සානය බොදු මිනිසුන්ගේ හිත්           දිනන්නේ



හැමදා හවස වැඩ නිමවී අප                 එන්නේ

පන්සල අපේ දුක් ගිනි හැම                 නිවන්නේ

ලොකු හාමුදුරුවෝ බුදු බණ                 කියන්නේ

උවැස උවැසියෝ සාධු සාධු                   කියන්නේ



අපෙ හාමුදුරුවෝ දුර බැහැරට       නොවඩියි

සීලය හිස් මුදුනින්ම                         සුරකියි

තම වැසියනට මහ පිං ඉන්               ලැඛෙයි

ගැඹුරු පිනම කඨීනය ලෙසින්          කියයි



බුදු හිමියන් තුළ තිබුණු අන් අය වෙත කන්  දීමට

නිගන්ඨනාථයන් අප හිමිවෙත කළ         ඉල්ලීමට

මේ දෙක එකතුවී පින හැදුනේ                  ගැඹුරට

එහෙයින් හැකි වුනෙමි අට කුසලක් කර       ගන්ට



මේ කාලයේදී හැම හිත්                        පින්බරය

වචනෙන් කයෙන් සිතිනුත් උන් හැම    සංවරය

බුදුහිමි ගුණම හැම කැන රැවු                 දෙයිය

හැමතැන නෙරෙන්නේ පින්කද යන්නට නිවනටය



වප් මහ පෝය ළග ළග බව               පවසන්නේ

තද වැහි සුළං හෙමි හෙමිහිට               නවතින්නේ

මුළු ආරාමයම සුදු වතකින්                 බබළන්නේ

කඨීනම පිංකමට කවුරුත්                  සැරසෙන්නේ



අට මහ කුසල් කරලන්නා හැටි                   උගත්තෙමු

හැකි පමණින්ම පිංපොත පුරවා                    ගත්තෙමු

සසරේ දුකයි ගැඹුරයි ගැන අප සිත්         යොමන්නෙමු

ඒ පින හවුල්වී නිවනට මග                       සැදෙන්නෙමු

Saturday, April 24, 2010

යදිනා සිගමනේ...

කුස පොත්ත ඇලී



පිට කොන්ද ඇතුලටම


හුස්ම අල්ලන්නට ජීවිතේ


යදිනා සිගමනේ...


ඉතිං කවදා දකිනු නුඹ


හීන දැකි හෙට දවස


මෙහෙම මහ පාරටම


ගෙවී ගිය පසු ජීවිතය...

ආසයි මටත්...

පුංචි බෝනිකි පැටවු ගෙන...

හුරතලෙන් නුඹ නිදන යුරු දැක...


සිතුවිල්ලක් ඇවිත් හිත මත..

කරනවා අකීකරු කමක්...

නුඹ වගේ දියනියක් මටත්

උන්නා නම් කියා...

නලවන්න හිතෙනවා මට...

දෑතට අරන් නුඹ...

කිරි සිහිනයේ අතරමං වෙලා

ඉන්න නුඹ හට බැහැ කරන්නට

බාධා ඉතිං...

දැනේවී තනි කමක්...

ඇගිලි ටික මත තබා

නුඹ ඉන්න සමනලයා...

වැසෙන්නට පෙර නුඹෙ දෑගිලි...

දුරක යයි...

තලා පොඩිකර නුඹෙ හිත

දැනේවී නුඹෙ හදට...

මහ හුගක් තනි කමක්...

ඉගිලිලා ගිය පසුව ඌ...
සද සදට පෙම් කරයි...


මල මලට පෙම් කරයි...

මං මගෙ හිතින් කරයි...

මහ හුගක් ආදරෙ...



දකින්නට නැත

ඇසෙන්නට නොමැත

දැනෙන්නෙත් නැත

ඒත්

තිස් තුන් පැයේ

මා නුඹ ළග...

දමා නොයනු මැන මගේ මේ විසල් පෙම එපා වූවත් නුඹට....
 

මා නුඹ සීතාවමයි....

නොබලන් හිමියනි


අඩවන් දෑසින්

මගෙ දෙස

සැලෙන හදින්...

දුරු රට ආවෙ

සරි කර ගන්නට

අහිමිව ගිය

රන් කාසි ගොඩ ගසන්නට

මිසක්....

රහසින්වත් හිතුවෙ නෑ

බැදෙන්නට වරදෙ...

නොදෙනු මැන මා හට

මෙහෙම දඩුවම්...

ඇයි නුඹ කරන්නෙ

වග විගාගය

සිතාවට මෙන්...

එදා වගේම අදත්
 
මා නුඹ සීතාවමයි...

පියෙකුගෙ සෙනෙහෙ ගැන..........

පියෙකුගෙ සෙනෙහෙ ගැන


දන්නේ නැතත් ගලපන්නට

දැරුවෙමි පුංචි උත්සහායක්

කෙසේදැයි නොදනිමියි මං

නිහඩවත දරාගෙන

උසුලාගෙන මහබරක්

හිරුටත් පෙර මගට බසින නුඹ

සදවත නැගුන ගෙමිමනේ

පැලට එනදා

සිගිති වුන් නිදයි කිරි සිහින දකිමින්ම

ආදරයෙන් තුරුල් කර ගන්නට වුන් ලොබ කලත් සිත

දරුපෙමම ගුලි කරන්

හඩන නුඹ පියාණෙනි

හෙළපු දහඩිය කධුළ දන්නේ නැතත් වුන්

තුරුල්වන්නේ මවු සෙනෙහෙටම නොවෙයිදෝ.....

ශක්තිමත් කරන්නට දරුපැටවු

ඔබගෙ ශක්තිය වැය කළත්

අවාසනාවක්දෝ නොකියයි වුන් පියෙකුගෙ ගුණ කිසිදා....





....කුසට ආ මල් කැකුළ

නොතළා ලොව දැක්කෙ

ශිල්ප සතර ලැබ

කිරුළ ලබන්නට

නොපෙනුන නොදැකපු

හිරු නුඹම විය පියාණෙනි......

රැවටීම...

අසා මුසා බස්


දොඩා සැහැසි බස්

කියා වහසි බස්

අපේ මිනිසුන් යාවි

එකා පසු පස

එකා ඇවිදින්

කර තියන් දරන්නට බැරි

රටපුරා ඇති සුවද පළතුරු

මල් වට්ටි එකතු කර

දේවාලයේ

කපුවාගෙ පසුපස

මුවට නැගුනා සිනහවක්.........

සිහින තොටුපොලෙ


අතරමං වුනු

බාල කාලෙ

මතක් වී

මුවට නැගුනා සිනහවක්

දැකපු ලෝකය

හා

නොදුටු ලෝකය

අතර ඇති

පරතරය දැක...

අත්තටු රිදුනා විතරයි..Part 02

පිළිගන්න එතැන් පටන් ඔහු හරිම ලස්සනට මගේ හිත කියෙවුවේය. ඒ ආදරය නිරාමිස සුවයක් මගේ ජිවිතයට එක් කලේය. දැහැන් වෙන කෙනෙක්ට අයිති බව මට නොදැනුනි. කාටවත් කියා ගන්නට බැරි වුවද මා අපමණ සතුටින් පසුවිය. සමහර දිනවලට ඔහුගේ ගැහැණු ළමයා පැමිණ සිටියද එයින් මගේ හිත රිදුනේ නැත. ඒ මගේ ආදරය පිරිසිදු නිර්මල දෙයක් බැවිනි. එමෙන්ම මා විශ්වාස කලේ අප ආදරය කරන දෙයක් නිදහසේ තැබිය යුතුය යන මතයේ හිදය.


නදුනි මගේ වෙනස දැනගෙන

—මොනවද සෙව්මි කලේ...ඔයාට තේරෙන්නෙ නැද්ද දැහැන්ට කෙල්ලෙක් ඉන්නවා....ඔයාටත් ගෙදරින් යෝජනා කරපු කෙනෙක් ඉන්නවනෙ...මට නම් කොහොමත් ඔය වැඩ දිහා බලා ඉන්න බෑ...ඇත්තමයි සෙව්මි..මොනාද ඔයා මේ කරන්නෙ...ඒ විතරක්ද තව කෙනෙක්ට ගින්දරක් දීලා ඔයා ලබන සතුට මොකක්ද¡¡¡¡

නදුනි කියනා දෙය මට තේරෙන්නේය. එහෙත් සදාචාරයට සම්මතයට යටවී මට මගේ ආදරය හිරකර ගෙන ඉන්නට බැරිය. එමෙන්ම කිසිදිනක මට දැහැන් මගේ කරගන්නට ඇවසි නැත. දැහැන් කාගේ වුවත් මා දැහැන්ගේය. අපි අපට ආදරෙයිය. ඉතිං අපි අපේ හිත්වල හැගීම් පිට කල එක වරදක් වන්නේ කෙසේද...

—අනික් එක සෙව්මි දැහැන් කොහොමද එක සැරේ දෙන්නෙක්ට ආදරය කරන්නෙ...ඔයාට ඒක හිතන්න බැරි වුනාද...˜

මට හැඩුනි. ඒ දැහැන් ගැන සිතා නොවේ. මගේ ආදරය ගැන හිතාය. එමෙන්ම එය කිසිවෙකු විශ්වාස නොකරන හින්දාය..මට කුහක කෙල්ලෙකු වන්නට බැරිය. එසේම දැහැන්වත් ඔහුගේ පෙම්වතියවත් දෙපසකට කරන්නට මට බැරිය. නමුත් දැහැන්ට ආදරය කරන්නට මේ සමාජය මට ඉඩ දෙන්නේ නැත්තේ ඇයි..

කාලය ගෙවුනි. මා පිස්සියක සේ දැහැන්ට ආදරය කලේය. දැහැන්ගේ පෙම්වතියටද දැහැන් ආදරය කලේය. නමුත් කිසිම මොහොතක මා ඒ ගැන දැහැන්ගෙන් නොවිමසීය. එහෙත් දැහැන් දිනක් කීවේ

—මේකනෙ සෙව්මි අපි ඉස්කෝලෙ යනකාලෙ කෙල්ලෙක් එක්ක යාළුවෙන්න ඕනවට එයත් එක්ක යාළුවුනා මිසක් ආදරය කියන දේ ගැන අපි දැනගෙන ඉදියෙ නෑ...ඒත් ඔයාගෙන් මං ආදරය කියන දේ ඉගෙන ගත්තා...ඉතිං ඇයි අපි අපේ හිත්වලට වංචාවක් කරන්නෙ...˜

මට කිසිවක් තේරෙන්නේ නැත..වෙනදා වාගේම මා දැහැන්ට කීවේ

—දැහැන් ඔයා මගෙ නෙමෙයි අනුන්ගෙ....˜

—නෑ සෙව්මි මං ඔයාගෙ....˜

—ඔයා කොහොම කිවුවත් ඔයා මගෙ නෙමෙයි දැහැන්....ඒත් මම මැරෙනකම් ඔයාගෙ තේරුණාද...

—අහන්න සෙව්මි..මං ඔයාගෙ තමයි...අපි අපේ...

—නෑ දැහැන් කවදාවත් අපිට අපේ වෙන්න බෑ...ඒත් මට ඔයාගෙ වෙන්න පුළුවන් දැහැන්... හිතින් වගේම ගතිනුත්....

—චකැ්ිැ…ගගසෙව්මි අපි මේ කතාව නවත්තමු...මොකද මං කොහොමද මගෙ ආදරේ පෙන්නන්නෙ...බැහැනෙ ඒ හින්දා අපි මේක නවත්තමු..

ඉතිං හැමදාම වාගේ කොතරම් බැන්නද මගේ දුක ළග ඉදියේ නදුනී විතරමය. මා මීහරකියෙක් වාගේ අඩ අඩා නදුනී හා මගේ හිත දිග හැරියේය.

—නදුනි මට දුක නෑ ඒත් මගෙ හිත පිළිගන්නෑ දැහැන් මගෙ කියලා... මගෙ හිත කියන්නෙම දැහැන් අනුන්ට අයිති වස්තුවක් කියලා..

—ඒක තමයි මෝඩියේ මං කිවුවෙ...දැහැන්ව අයිති දැහැන් යාළු ගෑණු ළමයට...

—ඒත් දැහැන් මටත් ආදරෙයිනෙ නදුනි...

—සෙව්මි...මං දන්න ආදරයක් නෑ...ඒත් ලෝකෙ හැම මනුස්සයවම විශ්වාස කරන ඔය පුරුද්ද අත් ඇරගනින්...ඔබ ඉතිං බෝධි සත්ව වෙන්න හදනවනෙ...අනුන්ගෙ හිත් රිද්දන්නෙ නෑ...එහෙම ලෝකෙ ජීවත්වෙන්න බෑ සෙව්මි...ටිකක් නැගිටලා ඇස් ඇරලා බලපන්...මිනිස්සු කොහොමද කියලා...

—නෑ නදුනි...මං මට හිතවත් වෙන හැමෝටම මාත් හිතවත් වෙනවා...ඒ අය කරන හොද නරක ඒ අයට.. මං කරන හොද නරක මට....

—මට තේරෙන්නෑ ඔය බහුබූත...ඔන්න ඔය ටැප් එක වහගනිං..හැමදාම දැහැනෙක් ගැන කියව කියව හූල්ලන්නෙ..

—මට දුක හිතුනා නදුනි...ඊයෙ දැහැන්ගෙ ගෑණු ළමයා දැක්කම...එයා ලෝකෙටම පේන්න දැහැන් ගාව ඉන්නෙ හරි ආඩම්බරෙන්...

—ඉතිං උඹට තියෙන දුක මොකක්ද....

—නෑ නදුනි ඒ වෙලාවට දරා ගන්න බැරි වුනා තමයි...ඒත් දැන් මට හිත හදාගන්න පුළුවන්...



—මෝඩියේ...ඕක තමයි සිංහලෙන් කිවුවෙ කොල්ලො විශ්වාස කරන්න බැහැ කියලා...

—නෑ මට දැහැන්ව විශ්වාසයි...

—බම්බුව..එසේ කියා නදුනි මට ඉස්සර විය. ඇය දැන් මා සමග අමනාපවී ගියාට නැවතත් හෙට මගේ ආදරණීය මිතුරියයි.. ඇය දකින්නේ මා දැහැන්ට ආදරය කරන එක වැරැද්දක් ලෙසයි..නමුදු එය මට වැරැද්දක් ලෙස නොපෙනේ...මගේ සිත රිදුනේ වෙනකකටය. එනම් දැහැන් කීවේ ඔහුගේ ගැහැණු ළමයා ඔහු දමා බොහෝ දුර ගිය බවය. එහෙත් මට දැහැන්ගෙන් අසන්නට බැරිවිය. ඇය දමා ගියානම් ආයෙත් ආවේ කෙසේද කියා...ගැහැණු අපේ සිතේ ඉරිසියාවක් උපදින්නේ නැතැයි කීවොත් එය බොරුවක්ය..ඒ වගේම දැහැන් අසල ඔහුගේ පෙම්වතිය හිදින විට මටද ඉරිසියාවක් සිතුණි. නමුදු පිළිගන්න දැන් ඒ ගැන කිසිදු හැගීමක් නැත. ඒ මා ආදරය පුද දෙනවා මිස කිසිවක් පෙරලා බලාපොරොත්තු නොවන හින්දාය.

නෙතු දකිනා දහසක් නෙත් මත


ඔබ නෙතු මා සෙවුව තරම්

ඔබ දන්නව නම් මා පි්රය පෙම්වත

මා ඔඛෙ නෙත් යුවලට පෙම් කෙරුව තරම්...

දෑසම අන්ධ වෙලා මා පෙම් කෙරුව තරම්

නොදනී ඔබ ඒ නොදනී....

මගෙ සිතම දනී එය

ඔබ හට නොපෙනේ

අන්සතු වූවත් මා හට හිමි නොවූවත්

ඔය නෙතු සගලට මා හැඩූ තරම්

සාගර තරමට කදුළැලි ගැලූ තරම්

ඔබ දන්නව නම් මා පි්රය පෙම්වත

පෙම් කෙරූ තරම්...

කිසිදින ඔබ හට නොදැනේවී

ඔය නෙත් දෙකටම මා හෙලූ සුසුම්

බොල් සුළගට මුසු වෙච්ච තරම්

නොපෙනේ පෙම්වත නොපෙනේ

මං පෙම් කෙරූ තරම්...

අහිතක් නොසිතමි මගෙ සිතම දනී

මුළු ලොවම දනී එය

ඔය නෙත් දෙක මට අහිමි බව

තරහක් නොම එයි

මට හිමි නොවූවත්

අන්සතු වෙන බව දැන දැන

මා පෙම් කෙරුව නිසා...

ආයෙමත් යන්නට.....

හෝඩි පොතෙ අකුරු ටික


මල් ගවුමෙ රැලි අතරෙ

අපි අපිව හොයාගෙන

පියමැන්න ගුරු ගෙදර

අදත් ඒ විදිහටම

නොසෙල් වී

නොවෙනස්ව

තිඛෙන යුරු

දුටුවිට

මට හිතුනා

ආයෙමත් යන්නට

අපේ ඉස්කෝලෙට...

හැකිවෙද කරනට අමතක......

ඇගේ රුධිරය කිරට හරවා


දෙතොල් මත නුඹෙ තබද්දි

කැකුලු අත් පා සොලවමින්

පුරව ගත්තේ නුඹෙ කුසයි පුතුනි.....

දින දින ගෙවි

හැඩි දැඩි වෙද්දී

ඇය පොඩි වූවා

නුඹ ලොකුවෙද්දී...

පිපාසයෙන් ඈ ගිලන්ම විලා

වෙලුන තොල්පට ගැහෙමින් යද්දී

කෙළෙසද පුතුනේ

අහක බැලූවෙ නුඹ

හැකිවෙද කරනට අමතක

කිසිදා

ඔබ සවිමත් කරනට ගොස්

ඇය ධුබලව ගිය බව....

මං පසු පස්සෙ ඇවිත්.............

මං ජීවිතේ ලැඛෙනකම්


මග බලා උන් දා

නුඹ ජිවිතයම මගෙන්

උදුරගෙන ගිය බැව්

මට පසක් වුයේ...

අතීතයෙ හෙවනැල්ල

මං පසු පස්සෙ ඇවිත්

කියලා ආපසු හැරී

බැලූ සදයි...
 

ඉන්නම් මා මේ ලොව තනිවූ අයෙකු ලෙසේ.........

අහසක් කුමටද තරුකැට                        නැතිනම්
කරදිය කුමටද පවසට                         බැරිනම්
මිරිගුව තරමට ඔබ දුර                         යා නම්
පෙම්කර කුමටද ඔබ නො                ලැබේනම්

එක මග යන්නට දෑගිලි                       ගැන්නට
සිතුවිලි ගොන්නක් නැතිනම්                 හරියට
කෙලෙසක යන්නද බැහැනෙ            කියන්නට
වෙන්වී යමු අපි මේ ගමනේ                දෙපසට

දාහය නිවනට සුළගක්                 නැතිනම්
දෑස් මායිමේ නැත පෙම්වත             ඔබනම්
අත්වැල් අල්ලා කැදලි හදන්             නටනම්
කවදා කෙලෙසදැය දන්නේ             නෑමානම්

සයුර සොයා යන ගංදිය                         සේමා
ඔබව සොයා ආවා මේ දුර                    බෝමා
වෙරළ සොයා ඇදෙනා රළ                  සේමා
ඔබ එන්නෙA කවදාදැයි නොද             නිමිමා

සදදිය කුමටද ඔබ නැතිනම්                       පෙම්වත
පිනිදිය කුමටද නොදකින මේ රෑ                  හිමිවත
නිල්දිය කුමටද දෙන්නට බැරිනම්               ඔබවෙත
පෙම්කර කුමටද එන්නේ නැත්නම් ඔබ         මා වෙත

තරුකැට ගැන්නා නිල් අහසේ             හැමතැන
දකිනට ඔඛෙවත කොහි හො              යම්වෙත
කදුලට නැගුනා ඔබ නැතිවිට               කිසිතැන
හිමිහට කියනෙමි ඉන්නකො ඔබ         නිසිතැන

පාට පාට හීන එකතු කර හැදෙනා         දේදුන්නේ
රෑට රෑට ඇයි ඔබ නිල් අහසේ නො        නගින්නේ
ඊට මීට වැඩියෙන් හොද දුරකට පාවී         යන්නේ
ගාට ගාට හෝ ඔබ ළගටම එන්නට බැරි     හන්දානේ

සිත්තම් කරමින් ඔඛෙ රුව හැමදා මගෙ     මනසේ
ගෙත්තම් කරමින් මා ඉන්නම් සිතුවිලි         වැලසේ
වත්තම් කර හෝ එක්කන් යන්නට බැරි     වූවා සේ
ඉන්නම් මා මේ ලොව තනිවූ අයෙකු         ලෙසේ

මම යන්නම්....

තව ගී වැල් කුමට ලියම්…...

මලේ සුවද සුළග අරන්
ගව් ගානක් දුරට ගියේ
නුඹෙ සුවද කවුරු ඇවිත්
මගෙන් උදුර ගෙන ගියාද…

රුවල ඉරුනු නැවක් දියේ
සුළග ගොඩට ගෙන ගියාට
හබල බිදුනු ජීවිතයක් කෙළෙස
කොහොම එතෙර වෙන්ද….

රිදුනු හිතට බිදුනු පැතුම්
සුභ සිහිනය කවුරු ගෙනෙන්
දුරක ගියපු නුඹෙ නමට
තව ගී වැල් කුමට ලියම්…

පොඩි සාදුට පින් වෙනවා.......

සිල් සුවදට
දමි සුවදට
මල් සුවදත්
එකතුවෙලා
වැලිමලුවක
බොදු බැතියන්
සාදු කියා
මහ හයියෙන්
ජාති ජරා මරණ
දුකෙන් එතෙර වෙන්න
ඉල් පෝයේ
පෙරුමි පුරනවා...
නීල පීත ලෝහිත හා
ෂඩි වර්ණෙත් ළෙලදෙද්දී
ඇලී ගැලී සසර මගේ
අප යන මෙ දුර ගමනේ
නීරස බව පසක් වෙන්න
පමා වුනා නොවෙද කියා
හිත අපිටම දොස් කියද්දි
අන්ධ දෑස ඇර දෙනවට
පොඩි සාදුට පින් වෙනවා,,,

අත්තටු රිදුනා පමණයි......


  මා සන්තකටම වත්කම වූ                            මා ඔබට ආදරය
   ප්රේමය...                                                 නොකලා කීවොත්                              
   මට මහා සැනසුම දී                                    එය මුසාවක්මය...             
   ආපසු ගත්තේ ඇයි දැයි                              අපිට අප මුණ ගැසුණේ
   අදත් මා නොදනිමි...                                  මා අන් කෙනෙකුට
   ඇට ලේ මස් නහරවල                                හිමි වූවාට පසුය
   කැලතී දියව යන්නේ                                  ඇයට ගින්දරක් දී ඔබට සැනසීමක්
   මා සන්තකය ඔබට පැවරූ                           දෙන්නටද...
   පාපය නිසාවෙනි                                       ඔබට ගින්දර දී ඇයට සැනසීමක්                             
   පෙම්වත...                                                 දෙන්නටද...
   ඔබට පිදු                                                    මට බැරිය....
   නොකළැල් නොකිලිටි නොවෙනස්            ඔබ දෙදෙනාම මගේ ජීවිතය වූ
   මගේ වත්කම                                              නිසාවෙනි...                                 
   මා ආපසු ඉල්ලන්නේ නැත                            අප අතර ඇති මේ බැදීමට
   මන්ද...                                                          දෙන්නට නමක් මා දන්නේ නැත
   එය මා ඔබට පිදුවේ                                      එහෙත්...                                  
   කිසිවක් පෙරලා                                             මා දෑස් මායිමෙන්
   බලාපොරොත්තුවෙන් නොවන නිසාය                  ඔබ දුර නොයන්න
   ඔබ නිදුකින් ඉනු මැන                                  මන්ද...
   එය මගේ පැතුමයි.....                                  ඔබද මට ඇවසිය...
 


සෙව්මි නිසංසලා                                            දැහැන් නිර්මාණ

      හැමෝම කියන්නේ මා වැරදි අයෙකු කියාය. නැත්නම් ලැජ්ජා නැති අවලම් කෙල්ලෙක් කියායා. එසේත් නැත්නම් අන්සතු දෙයක් හොරකම් කරන්නට හැදු හෙරක් ලෙසයි. එහෙත් කිසිවක් මට පිළිගන්නට බැරිය. මගේ හිත හිතන හැටිය. කෙසේ නමුදු දැන් මා ලෝකය ඉදිරියේ නරුම කෙල්ලෙකු වී හමාරය. බුදුන්ගේ දෑසට බොරු කර අනුන්ගේ දෑසක් උදුරා ගත්තා යැයි මිනිසුන් මට දොස් කියයි. එහෙත් පව මට ගෙවන්නට බැරි වන්දියක් වන බව මා තරම් හොදට කිසිවෙකු දන්නේ නැත. කොයි තරම් අහිංසකව මං මගේ ප්රේමය පුදන්නේ දැයි දන්නේ මාත් මගේ හිතත් පමණි.
             
    පෙම් කරන දෙදෙනෙකු දෙපසකට කරන්නට මා තුන් හිතකින්වත් හිතුවේ නැත. එමෙන්ම ජීවිත කාලයේම එක් අයෙකුට පමණක් පෙම් කළ හැකියැයි මා එදවස සිතුවේද නැත. එහෙත් එය බොරුවක් යැයි දැන් දැන් මට වැටහේ. දිවි හිමියෙන් මා ප්රේම කරන්නට ප්රාර්ථනා කල කෙනා මට අහිමිවී ගොස් හමාරය. ආදරය කිරීම මේ තරම් හිත රිදන දෙයක් බව කලින් මට නොදැනුනි. කෙසේ වෙතත් මේ ආදරයයි. නමුත් ලෝකයා දකින්නේ මා කරන්නේ විශාල වරදක් ලෙසය. එහෙත් දෑසට උරුම කම් කීවේ මේ භවයේ පමණක් නොවන බව මට දිවුරා කිවිය හැක. අපි හිතන් ඉන්නා ලෙස දෛවය තීරණ දෙන්නේ නැත.
  
   දැහැන් ....හ්ම් ඇත්තටම දැහැන් මගේ නෙතු අසලට පෑයූවේ මහා නියං කාලයකට පසුව වසින වැස්සක් ලෙසිනි. ඔහුට තිබුනේ හරි අඩම්බර පෙනුමකි. මගේ හිත ගත්තේ ආඩම්බර කමය. එපමණක් නොව ඇස් දෙක තුල කිමිදි සංසාරයේ හුරු පුරුදු ලෙංගතුකම් සොයන්නට මට සිතුණි. ඔහු අනුන්ගේ බව දැන දැන මා තනිවම ඔහුට පෙම් කලෙමි.

    හැමදාමත් නදුනි ඇගේ පෙම්වතාට Call කරන්න යන cafe එකේ හිමිකරුවා දැහැන්ය. නදුනි කතා කරන තුරු මා අර දෑස දෙස බලා හිදියි. තේරුම් ගන්නට බැරි මොකක්දෝ සංසාරික සිතුවිල්ලක් මහිත උඩ හුරු පුරුදු ලෙංගතුකම් පෑවේ එතැන් පටන්ය¡ ඔහු කවදා කොහේදි හෝ මගේ වී ඉන්නට ඇති බව මට දැනුණි. හුරු පුරුදු සුවද ඉව අල්ලා බලන්නට සිතුණද මා එයට බිය විය. එහෙයින් මා මගේ හිතට තරවටු කලෙමි¡ නමුත් හැමදාම වාගේ ඔහු දෙස බලා හිදියද
    —හිනාවක් ගන්න සල්ලි දීලවත් බැරි වෙයි නදුනි˜ කියා මා මගේ යෙහෙළිය හා කීවේය¡
    — කාගෙද බං.....
    —කගෙද ඉතිං අර cafe  එකේ ඉන්න පණ්ඩිතයගෙ මිසක්....
    —හෝව්....හෝව්....මොකක්ද කතාව....මේ ඕවා තියා ගන්න එපා....දැහැන් හොද කොල්ලෙක් බං....ඇරත් ඒකට ලස්සන නංගියෙක් ඉන්නවා.....
     නදුනි එක දිගට කියවයි. මගේ හිත හෙල්ලී ගියේ ඔහුට ආදරය කරන්න ගැහැණු ළමයෙක් ඉන්නවා යැයි කී දෙයටය..එහෙත් එය නදුනිට නොපෙන්වා මා තවත් දැහැන් ගැන නදුනිගෙන් දැන් ගන්නට සිතුවෙමි¡
—        උඹ කොහොමද දැහැන්ව දන්නෙ....
—        සෙව්මි...දැහැන් අපේ නංගිලා එක්ක එකට ිචදරඑ කලේ ....ඒත් එයා A/L ලිවුවෙ නැද්ද කොහේද....පිස්සුවෙන් වගේ computer පස්සෙ දිවුවා. ත් ඒකෙන් දැහැන්ට වැරදුනේ නෑ...දැන් බලන්නකො ලස්සනට ඉන්නෙ.
     ඉතිං හැමදාමත් අපි උදේ හවස බාහිර උපාධිය සදහා පන්ති ගියේය. එන අතර මග දැහැන්ගේ cafe එකට ගොඩවදින එක අපට පුරුද්දක් විය.
    —මං ආසයි බං දැහැන්ට....˜ මට කියවිණි.
    —මේ...මේ...ඕවා තියා ගන්න එපා..දැහැන් අනුන්ගෙ....
    —හරි බං ඉතිං....දැහැන් අනුන්ගෙ උනාට මට බැරිද දැහැන්ගෙ වෙන්න...
    —සෙව්මි....මොනාද මේ කියවන්නෙ...˜
    —දැහැන් මාර ගති බං....කෙල්ලෙක්ට ආස හිතෙන ලස්සනක් තියෙන්නෙ... විතරක්ද බලපන් ඇස් දෙක දිහා.... නදුනි ඉදිරියේ මගේ හදවත විවෘත විය¡
    —මං දැහැන්ට ආදරේ කරනවා නදුනි...එයා අනුන්ගෙ උනාට කමක් නෑ මට පුළුවන් එයාගෙ වෙන්න...හැමදාටම....
 දගකාර මගේ හිත උඩ ඇති සිතුවිලි කිසිවක් හංගන්නේ නැතිව මා කීවෙමි. මගේ හැටිය. මග යන කොල්ලෙකු දැහැන් වගේ නම් කිසිවක් නොසිතා
අර බලන්න අර බෝයි දැහැන් වගේ නේදැයි...˜ කියා කියන්නට තරම් මගේ හිත දඩබ්බර විය.
සෙව්මි....ඔහොම කියවන එක ටිකක් අඩු කරගන්න....මට කිවුවට කමක් නෑ....ඒත් කාටහරි ඇහුනොත්....
ඉතිං ඇහුනදෙන්කො.....
ඇහුනට කමක් නෑ තමයි....ඒත් අපිට අනුන්ගෙ හිත් කියවන්න බැහැනෙ....අනුන්ගෙ හිත් වීඩියෝ කැමරා වගෙයි....ඔයා ගැන වැරදියට හිතයි...එහෙම හොද නෑ නේද.. විතරක්ද කවුරු හරි දැහැන්ගෙ ගෑණු ළමයට කිවුවොත්.....
   දැහැන් ගැන මගෙ හිතේ තිබුණ පිස්සුවට නදුනි සැර වූයේ එසේය. එහෙත් ඇය කියන්නේ බොරුවක් නොවුවද මට දැහැන්ව අමතක කරන්නට බැරිය. හැම මොහොතකම මගේ ඇස් දුවන්නේ ඔහු සොයාය. මගේ හිත උඩ විතරක් නොව ගැඹුරුම ගැඹුරු යටි හිතේද හිටියේ දැහැන්ය. සමාධියට සමවැදුනා සේ දැහැන් ගැන සිතීම මට සුවය ගෙනාවේය. භාවනාව සුන්දර විය. නදුනි එක්ක කොයි මොහොතේත් මා කියෙවුවේ දැහැන් ගැනය. ලෝකයා දන්නේ නම් මට දොස් නගනු ඇත. එහෙත් මෙතනදි නදුනිට පවා තේරුම් ගන්නට බැරි දෙයක් විය. එනම් මා ඇත්තම ඇත්තට දැහැන්ට ආදරය කිරිමයි. එය මුසාවක් නොව. මගේ තුන් හිතම පේවී ඔහුට ප්රේම කළේය. එය තව අයෙකුට පැහැදිලි කර කියා දෙන්නට මට බැරිය. මා මගේ හිත වෙනස් කරන්නට නොගියේය. මා මගේ තීරණයේම හිදියේය. එනම් දැහැන්ට මා ප්රේම කළෙමි. නමුත් කියන්නට බැරි දෙයක් තිබේ. එනම් වෙනකොටත් අපේ නිවසින් මා සුපුන්ට යෝජනා කර තිබීමයි. අම්මලා කියන්නේ මා අනිවාර්යයෙන් සුපුන් හා දීග යායුතු බවයි. එහෙත් ඔහු ගැන මහිතේ කිසිම දිනක ප්රේමයක් නොඋපදියි. එය ඇයි දැයි කියන්නට මට තේරෙන්නේ නැත. කෙසේ වෙතත් මගේ ජීවිතය සුපුන් ළග නැති බව මම දනිමි.
       දිනක් අපි දැහැන්ගේ ්ෙඬී එකට ගොඩවදින විට එහි හිදියේ දැහැන් පමණක් විය. නදුනි දුරකථන කුටියට ගිය පසු දැහැන් හරි ලස්සනට මා දෙස බැළීය. මා දැහැන්ට වශීවී හිදි නිසා එය මට දරාගන්න බැරි සතුටක් එක් කළේය.
     —කොහොමද සෙව්මි....˜
මුල් දවස්වල අහංකාර කමට හිටි දැහැන් හරි ලස්සනට ඔහුගේ දෙතොල් මතින් මා හා කතා කළේය.
  —හ්ම්....හොදයි දැහැන් ඉතිං....ඉතිං...
  —හරියට වැඩ අද චුට්ටක් නිදහස්.... ඊමිිසබැිි කියන්නෙ ඒකනෙ...දවසකට වැඩ වැඩියි දවසකට මොකුත්ම නැහැ....අද ඉතිං මොකුත්ම නැති දවසක්....˜
ඔයාගෙ ඇස් හරි ලස්සනයි සෙව්මි...˜
නැවතත් දැහැන් කියු දෙයින් පිළිගන්න මට ඇතිවූ සතුට නිම්හිම් නැති විය¡ එය කිරා මැන බලන්නට බැරි තරම් විය. දැහැන් ඔබ හරිම අපූරුවට මගේ හිතට කතා කලේය. ඔබ තට්ටු කලේ මගේ හදවතටය.
   නදුනි දුරකථන කුටියෙන් එළියට එන විටත් අපි අපි දෙස බලා හිදියේ හිතින් කතා කරමින්ය¡
    —මොකද සෙව්මි භාවනාවක්ද....˜ කියා මගේ අතින් ඇල්ලූවේය¡ මගේ අත සීතල වී තිඛෙනවා ඇයට දැනෙන්ට ඇත.
  —ගාන කීයද දැහැන් කියා මුදල් ගෙවූ නදුනි නැවතත්
  —සෙව්මිව බදින්න කෙනෙක් ඉන්නවා දැහැන්...˜ කියා ඔහුට කීවේය¡
    තේරුම් ගන්න දැහැන් කාගේ වුවද එය මට ප්‍රශ්ණයක් නොවුනි¡ එතරම් මා දැහැන්ට සෙනෙහස් විය. සුපුන්ට මගේ ලොවේ තිතක් වන්නටවත් බැරි වුවද දැහැන් මගේ මුළු ලොවම වසා පැතිරී හිදියේය. දැහැන්ව මට බරක් වදයක් කරදරයක් නොවීය. මන්ද ඔහු මහිත උඩ සක්මන් කලේ සිහින සරිනි.
   — මං ඔයාට ආදරෙයි්...˜ ඊට දින දෙක තුනකට පසු මගේ ජංගම දුරකථනයේ සනිටුහන් වූ කෙටි පණිවිඩය එය විය. සීතල රාති්රයේ ඔහු උණුසුම් සුව සදන හීනයක් තරම් ලෙංගතුව මා ඇමතීය. මගේ ජීවිතයේ ලද ලොකුම සැනසීම එය විය. මම දොර ඇරගෙන එළියට ගොස් පිනි වැටුනු තණකොළ පිස්සේ දෙපා ඇවිදුවෙමි. සෙරෙප්පු දෙකක් නැති දෙපා වලට පිනි බිදුවල සීතල අමුතු සුවයක් එක් කලේය. මේ මා උදේ හවා ප්රාර්ථනා කළ ප්රේමයයි. මේ මා හැමදා දුටු සිහිනයයි. හැකි විගසින් මාත් ඔහුට කෙටි පණිවිඩයක් යැවුවෙමි.
    —මමත් හුගාක් ආදරෙයි.....මටත් වඩා මං ඔයාට ආදරෙයි දැහැන් ˜ මට කිසිම ලැජ්ජාවක් දැනුනේ නැත. දැහැන් අනුන්ගේ යැයි සිතා පිටස්තර හැගීමක් නොදැනුනි. ඔහු මට ආගන්තුකයෙක් නොවෙමි¡ මගේ පණ ගැහෙන ආදරයයි. ඔහු මගේ කෙනෙකි. ඉතිං මට ඔහුව දැනෙන්නේ මගේ ජීවිතය ලෙසයි. මගේ ආත්මය ලෙසයි. මා 100% ක්ම හදවතට විව වන්නට ඉඩ දුන්නේය. මන්ද යත් ඔහු හරි අපූරුවට මගේ හිත කියවාවියැයි සිතාය.

 

















 see u part 2....