කලාබර
රුයිත
හේරා
හාරත්
ඔක්කොම
නුඹ ගාව කිය කියා
මතකද උඩ පැන්නා
දවසක් අපේ කාමරෙදි..
ඔන්න
අන්තිමට
තුරුම්පුව මගෙ
අතට ආවා
අද දවල්
කමිසෙ
හෝදනකොට
ඔයාගෙ....
අහස පොලව
ගැටලන්න
හිතනවද දැන්
මොකක්ද
කියලා...
ඊයෙ හවස
හතිදාගෙන
හෙව්වෙ මේක
වෙන්න ඇති
අද රෑට ඔයා ආවහම
දෙන්න මම
අරන් තිබ්බා
සාක්කුවෙ තිබුණ
.....මල් කරාබුව......
අනේ හරි ශෝක්.......
ReplyDeleteඑයා අක්කට ගොඩක් ආදරේ ඇති.......
නැතුව නැතුව නේ.... :)
මරු !!
ReplyDeleteනුඹට ගත්ත මල් කරාඹුවේ
ReplyDeleteඑකක් හැලිලා අතර මගම
එකක් දෙන්න බැරි නිසානේ
තියාගෙන උන්නේ මේක මං ගාව..
lassanai..
ReplyDelete@ බිටා මල්ලි... නැතුව නැතුව....පේනවනේ මේ....
ReplyDelete@ බුද්ධි මල්ලි..ස්තුතියි ඇවිත් ගියාට...
@ දිනේෂ් මල්ලි...
කියයි දැන් නුඹ නෙක කතා
අතට හැම මගෙ අහුවුනා..
තවත් ඔය බොරු කතා
නැහැ පිලිගන්නේ මෙමා...
@ වර්ෂා ... ස්තුතියි හුගාක්ම....