මල් සුවඳට
වෙරලු ගහේ
හිත ඇදුනට
බාලොලියේ
පිච්ච සුවඳ
ගෙදර වැලේ
නුඹ ගාවයි
තවම නගේ....
දං බෝවිටි
ඉපනැල්ලේ
ඇවිඳ ගිහින්
දඟ කෙරුවට
සමනල්ලුන්
එන්නේ නැහැ
නුඹ ගියාම
සුවඳ දිගේ
වෙරලු මලේ....
මල් පැස ළග
හිනාවෙන්නෙ
නැවුම් කළෙන්
දිය නා ගත්
පුංචි නංගියේ....
ඉතින් එපා
සිඹ බලන්න
වෙරලු මලේ
සුවඳ එහෙම
කල එනතුරු
ඉවසාපන්
පුංචි නංගියේ.......
දැන් නංගිලා වෙරළු මල් ඉඹින්න යන්නෙ ඔය කළෙන් නාන්නත් කලින්නේ!:/
ReplyDeleteහපොයි නුවන්.... මදැයි කිවුව දේ... පවු ඒ නංගිලා...
ReplyDelete