Sunday, January 15, 2012

පන්හිඳ

නිමිහිම් නැති සිතුම් පෙලම
වැල නොකැඩී යා කරන්න...
තුරුණු සිතේ පැතුම් පොඳිය
පිනි දිය ඉස බෙදා දෙන්නෙ.....

තනිකම වට ඉකිබිදිද්දි
තවරයි හසරැල් මිටකට
පදෙන් පදේ ගොතා යද්දි
විහිදෙයි තුට හැම හදකට...

කෝල සිහින හිත වට රැක
විල මානස පිහිනන විට
නොලිවු පදය ලියා යන්නෙ
පන්හිඳ නුඹ ළග හින්දයි.....

2 comments:

  1. පන්හිඳ නැතිකරමු එතකොට හරියයි..

    ReplyDelete
  2. අනෙ අම්මෝ බැහැ....

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...