Thursday, January 5, 2012

නොසිතුවෙද....?

කේඩෑරි වෙච්ච
හඳ ඇවිත් අහසට
කම්මැලිකමට
සීතලෙන් රිංගා ගෙනෙ
වලාකුලු යටට
හුඳකලාවී ඇය හිඳියි ගුලිවී හොදටම.......

ගැබ්බරව අහස
තනි පංගලවම
විලිරුදාවෙන් කෑ ගසයි
හෙණ හඩ
මිරිකෙනා කදුළක්
සොයාගෙන
වින්නඹු අම්මව
අනේ වැටුණා මහ පොළව උඩටම.....

පෙති වැටුනු මැයි මාර
ගස් යටකින්
හිස නමා  මීටර 100 ඔහු
දුවනකොට
පය ඇදුනෙ නිතැතින්ම
කම් සිතට
සෙමෙන් සළුපට ලිහන ගසයටට......

කලුවරට වැට පනින්නට
තැනක් තිබුණත්
මරදානෙ මලකඩ වතුර බී
දන්න රස හොඳට
ඉතින් තව නොසිතාම
හනි හනික
රිංගුවා පෙති යටක උණුසුමට....

පිච්චිලා රාගයෙන් සීතල
මිදෙනකොට
ඉස්සිලා පෙනෙයි බාදුරා
පෙති හැඩට..
මත්වෙලා හොදින් අම රස
විදිනකොට
නොසිතුවා නේද සෙවුව හැටි
පිච්ච කැකුළක තරු ලකුණු.......

2 comments:

  1. අදයි මේ පැත්තට අවේ !
    අභියෝග කල නොහැකි කවි බසක්
    ඇත්තටම සාර්ථකයි !

    ReplyDelete
  2. ස්තුතියි නුවන් හුගාක්ම...

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...