Wednesday, January 11, 2012

සිහිනයක සිතුවිලි - 06

අද ජනවාරි 11 යි. වෙලාව හවස 4.03 යි.


දුක ගලයි ඇස් දෙක ළගට තව
පෙම පිරෙයි හදවත ළගක තව....
හ්ම්.......
ඇත්තම ඇත්තක් ඒක___________
දන්නවද..........
අද නම් සිහිනයක සිතුවිලි ඉක්මනට ලියන්න හිතුවා....
ඒ අදින් පස්සෙ මම ගැවසෙන්නෙ බ්ලොක් එක අස්සෙ විතරක්ම හින්දා........
එතකොට ඔයා අහයි
ඇයි කොහේ යන්නද කියලා______________

හ්ම්...ඇයි ඔයාට අමතක වුනාද......
මම ඊයෙ කිවුවෙ අද අලුත් දවසක්........
මම අලුත්ම පැතුම් වලින් ජිවිතේ පුරෝගන්නවා කියලා...

පුලුන් පිඩක් වගේ දැන් මම සැහැල්ලුවෙන්____________

අර ඈතම ඈත අහසෙ තියෙන
වලාකුලක නැගලා හැංගිලාම
හොරෙන් ඔයා බලන්න
මට එන්න හිතෙනවා_______________________

ආපහු ඒ හිතම මම හංග ගන්නවා...................

ඇයි දන්නවද.....
හදිස්සියෙ වැස්සක් වෙලා ආවොත් මාව බිමට වැටෙන හින්දා______________

ඉස්සර ගෙදර ඉන්න කාලෙ අපෙ අම්මා
මගෙ ඔලුව අත ගගා උකුල උඩ තියා ගන්නවා.....
මමත් ඉතින් එක එක දේවල් අහ අහා
අම්මගෙ තුරුල්ලෙ ඉන්නවා_____________

මට අද වගේ මතකයි දවසක්
සමනල්ලු රංචුවක්ම එකපාරට පියාඹගෙන ආවා...............
මම අම්මගෙන් ඇහුවා ඒ සමනල්ලු පේලි පේලි
කොහේද යන්නෙ කියලා..............

අම්මා කියනවා උන් යන්නෙ සිරිපාදෙ වන්දනාවෙ කියලා______________

එහෙම වන්දාවෙ ගිහිල්ලා
සමනල්ලු සිරිපා කමල පෙනි පෙනිත්
කන්දෙ හැපිලා මැරෙනවලු_____________

එදා මගෙ පුංචි හිත දුකෙන් පිරුණා........
මට මතකයි මම අම්මගෙ ඔඩොක්කුවෙ
ඉකි ගගහා ඇඩුවා.........
අම්මා මාව තුරුලු කරගෙන
උනුහුමේ හංගගෙන සැනසුවා______________

පුතේ ඒ සමනලුන්ගෙ ජිවිතේ................
මගෙ පුතාට ලොකු වුන දවසක
තේරෙයි කියලා_________________

ඒ කාරණේ මට දැන් හොදටම තේරෙනවා_____
මම දැන් ලොකු කෙනෙක්..........
ජිවිතේ හොද නරක තේරෙන................

ඒත් මගෙ අම්මා දන්නෙ නැතුව ඇති
අම්මගෙ දුව ආදරයේ වන්දනාවෙ ගිහින්
සිරිපාදෙ කන්දෙ හැපිලවත් මැරෙන්න පිං කරලා නැහැ කියලා.....

අද මට ඔයාව හොයාගෙන
දුවගෙන එන්න බැහැ අම්මෙ.........
ඔයාගෙ අස්සක හැංගිලා
මේ හිත නිවෙනකම් අඩන්නත් බැහැ අම්මෙ..............

ඒත් මේ කදුලු පිට අත්ලෙන් පිහදදා
ඔයාගෙ දුව දුර ගමනක් යනවා කියලා
ඔයාට කියන්න බැරිවෙයි අම්මෙ
එයාට කියන්නත් බැහැ_________________

සංසාරෙ පුරා කරපු මේ හැම පවක්ම
ගෙවෙනකම් ඉදලා............
ඔයාගෙ දුව හිත නිවාගන්න හැමදාටම වගේ යනවා.....................
ඒ දවසට අද තමයි පලමු පියවර තැබුවෙ_______________

සමාවෙන්න ඔයාට කියන්නත් බැහැ.....................
ඔයා බනින නිසා නෙමෙයි..................
අර ඉස්සර දවස්වල වගේම මේ දෙත් කියන්න කාලය නෙමෙයි..................
සුදුසු කාලෙක මම කියන්නම්______________

එතකන් මේ හිත වට කරලා පවුරක් වගේ තියෙන
ඔයාගෙ ආදරය පරිස්සම් කරගෙන මම ඉන්නම්_________________

2 comments:

  1. කියවන්න ආස හිතුණත් වෙලාවක් නැති හින්දා අදට යනවා... ඒත් අනිවාර්යයෙන් මම මේ බ්ලොක් එක කියවනවා ම තමයි... අද නැතත් හෙට ෂුවර් එකට ම....

    ReplyDelete
  2. ස්තුතියි ඔබට Leelantha...........

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...