නින්දත් නොනින්දත් අතර
ඇස් පැටලෙන යාමයක
ඈතින් විසිල් හඩක්.....
මේ පොසොන් සඳ
මුදුන් වෙන්නට යන
ගමන් මඟෙ මුල්ම හරියයි...
අවාරෙට පිපෙන කඩුපුල් මලක
සුවඳ නාස් කුහරය ඉව කරමින්
තව මොනවදෝ හොයන....
රස්තියාදු තාරුකා මඩුළු යට
නන්නත්තාර වෙන වළාකුළු
සුළග ඩැහැගෙන යන වෙලාව...
හීතලට පිනි බිංදු හිනාවෙන
තණපත් අගට පුරුදු ලෙංගතු
හාදු තවරන අපූරුම සුයාම...
තුරුහිස් කෙළවරක ගී ගයන
බකමූණන් එක්ක වවුලන්
ඕපදූප දොඩවන නිශායම....
එක දිගට බුරන බල්ලෙකුට
තරවටු වක් දැමූ හිත
ආයෙමත් විසිල් හඬට සවන් දෙන....
සිරි සිරියෙ සේපාලිකා ගහ
මල්වර වෙච්ච නැවුම් හිනාවෙන්
ලෝකයම පුබුදන මැදියම....
දුටු නොදුටු පැටලුන සිහිනයක
ගිම්හානයේ අන්තිමම දවසක
ඔබ ගැයූ ගීතයයි ඒ විසිල් එකකින්.....
.....අනේ මා වශීවෙන තරමක් අදටත්.....
_______________දිනිති_____
//..සිරි සිරියෙ සේපාලිකා ගහ
ReplyDeleteමල්වර වෙච්ච නැවුම් හිනාවෙන්
ලෝකයම පුබුදන මැදියම....//
ඇත්තටම ලස්සන අපුරු පද ගැලපීමක් මුළු කවි පංතිය පුරාවටම තියෙන්නේ....
ගොඩක් ලස්සන කවි පංතියක් දිනිති...
බොහොම ස්තුතියි සිතුවිලි දැහැන ඔබට.
Delete//දුටු නොදුටු පැටලුන සිහිනයක
ReplyDeleteගිම්හානයේ අන්තිමම දවසක
ඔබ ගැයූ ගීතයයි ඒ විසිල් එකකින්.....
ලස්සනයි.
නෙත්පානි ස්තුතියි.
Deleteහොඳටම ලියැවුණ කවියක් , යෙදුම් භාවිතයත්, ගැලපීමත් අති විශිෂ්ඨයි
ReplyDeleteමේ දිරි ගැන්වීම් වලට ස්තුතියි හුගාක්ම...
Deleteලස්සනම ලස්සනයි මගෙ අක්කියෝ
ReplyDeleteමගෙ පිස්සි..ස්තුතියි කියන්නෙ නැහැ...
Delete