Saturday, May 26, 2012
මේ කවිය ඔබට,
පියාසර කරමින් විශ්වයම
සොයා නෙක රස මුසු තැන්
එකම ගීයක් ගය ගයා මිහිරිව
සිනාසුනු කිරිල්ලිය ඔබ නේද....
සැර සුළන් මුහුඳු බඩ
ගසාගෙන හරහට අත්තටු
පාවෙලා යද්දි තැන තැන
දේස දීපංකරේ ඇවිද්දේ ඔබ නේද.....
වැදෑමහ දිගේ එල්ලීගෙන
යටි බඩම හූරගෙන ආ උන්
සුරැක්කේ කූඩුවේ හංගගෙන
එකම රන් කිරි නොමකිරා දී නේද.....
තටු පෙගුන මුරුගසන්
කඳුළු වරුසාව මැද
දෝත පා සීතලෙන් ගැහෙන උන්
තටු යටට ගත්තේ ඔබ නේද.....
සංහිඳක මහ නුග ගසක රැකවල්
අහිමි වුන දා වටකරන් පොදියෙ
කොටන කපුටන් එළව එළවා
ගී කියන්නට හුරු කළ කෙවිලියම නේද.....
සත් පත්තිනි වරම් අරගෙන
තුන් තිස් කෝටි දෙව් බැල්ම හෙලාගෙන
උඩු ගං බලා පිහිනමින් දියඹ දිරියෙන්
ගිම් නිවාලන්නට නොසිතුවේ ඔබමයි නේද....
යටි ගිලිණු මහළු නෙත් තවමත්
නොපියා විමසුම්ව
සෙත් පිරිත මතුරන
උත්තම මහේෂිකාව ඔබම නේද.....
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...
"තටු පෙගුන මුරුගසන්
ReplyDeleteකඳුළු වරුසාව මැද
දෝත පා සීතලෙන් ගැහෙන උන්
තටු යටට ගත්තේ ඔබ නේද?"
මේ කියෙ තියෙන ලස්සනම යෙදුම මේකයි කියල මට හිතෙනවා.
බොහොම ස්තුතියි ඔබට...
Deleteලස්සන කවි සිතුවිල්ලක් !!!
ReplyDeleteස්තුතියි මධුරංග...
Deleteලස්සනයි අක්කේ..
ReplyDeleteස්තුතියි මල්ලියේ...
ReplyDeleteලස්සන නිර්මාණයක්........!
ReplyDelete