Thursday, May 17, 2012

_____ කළුවරක සෙවනැල්ල_____



ඇලවෙලා සඳ කන්ද පැත්තට
ගෙපැල එළියෙන් වහනවා
නැවතිලා සෙවනැල්ල අසලක
රිංග ගන්නට බලනවා....

කොහේදෝ යන වනචරම නල
වලා සළුපිළි ගන්නවා
ආකහේ යට එකම තැනකදි
කැණි මඩලෙ සවි ‍බිදිනවා.....

හීතලමෙ වෙව්ලමින් තරු කැකුළු
කුරුළු ඇස් පොඩි පියනවා
රාහු ළග සඳ පුරුදු පරිදිම තවත්
වෙලෙමින්ම ඔහෙ ඉන්නවා.....

කිසිත් නොවු ලෙස කලුවරෙම සඳ
උරහිසේ බර හෙලනවා....
ගෙපැල දොරකඩ හෙටත් අලුයම
දිනුදු පෙර ලෙස වඩිනවා......

4 comments:

  1. ///කිසිත් නොවු ලෙස කලුවරෙම සඳ
    උරහිසේ බර හෙලනවා....
    ගෙපැල දොරකඩ හෙටත් අලුයම
    දිනුදු පෙර ලෙස වඩිනවා... ////

    හරිම ලස්සනයි..

    ReplyDelete
  2. කවියෙන් තවත් සිතිවිල්ල විග්‍රහ කලානම් තවත් ලස්සනයි.අන්තිම පද පෙළ මගෙත් හිත් ගත්තා

    ReplyDelete
  3. ලස්සනයි අක්කේ..

    ReplyDelete
  4. මාත් එක්ක ගේම ඉල්ලල මෙන්න මෙයත් හඳට කවි ලියලා....

    මාරම ගති දිනිති


    ඇලවෙලා සඳ කන්ද පැත්තට
    ගෙපැල එළියෙන් වහනවා......... කියන තැනයි

    ගෙපැල දොරකඩ හෙටත් අලුයම
    දිනුදු පෙර ලෙස වඩිනවා...... කියන තැනටයි හිත ගියා..

    ඔන්න කවද හරි මම මේක උස්සනවා.. බනින්න එපා...කාටවත් කියන්නත් එපා

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...