Saturday, May 5, 2012

*** ආදරණිය අම්මේ ***


වෙනදා වාගේම අලුයමම පිබිදී
උතුරු සළුවත් අරන් ඔබ පිය නගා
රකින්නට අට සිල් පන්සලට ගියාද..?

හීතලට කෝල කමින් සිප ගන්න

දඟකාර සුළගත් බෝ මළුවෙ
සිල් ගත්තා සේ දඟ නැතිව ඉන්නවද..?

එක පෙළට ඇදෙන කුහුඹුවන් පෙල
වගෙම මුළු ගමම අද උදෑසන
බුද්ධ පුජාවත් අරන් ආවාද...?

ධර්ම ශාලාවේ කොනක හිඳගෙන
බණ දහම් අසන විට පොඩි හාමුදුරුවො
ඉස්සරම වගෙ ඈත දුවන හැටි පේනවද...?

හැරමිටිය අරගෙන ආව ගිය සීයලා
අදත් වෙනදා වාගෙම පන්සලට
ඇවිත් බණ කතා පොඩි අයට කියනවද....?

විහාරය පිටිපස්සෙ අර ලොකුම
ඇඹරැල්ලා ගසට අපි වගෙම තව
පුංචි උන් පොලු ගසා ගෙඩි කඩනවද...?

සිය ගණන් මල් වට්ටි සකසලා
තව පරපුරක් වෙහෙර වටෙ චෛතය
සරසලා මුතු සිනහා පානවද....?

සිත් මඩලෙ හැමදේම හංගගෙන
නන්නාදුණන රටට පායන සඳ දිහා
බලාගෙන හිතින් ගම ඇවිත් යන්නද...?

***දිනිති***
05/05/2012

3 comments:

  1. හැම අම්මා කෙනෙක්ම බුදුන් දැන නිවන් දකීවායි පතන්නෙමු !!1
    ලස්සන කවියක් දිනිති.

    ReplyDelete
  2. අපේ අම්මත් අද සිල්.. මම ගෙදරට කෝල් කලෙත් ගොඩක් රෑ වෙලා..

    ReplyDelete
  3. නන්නාදුන රටක පෑයුවත් ඒ පායන්නේ එකම සඳයි.. අද මුළු ලෝකයම ඒ වෙසක් සඳැළියෙන් නැහැවෙමින් ඒ අපූරුව විදිනව... නාදුනන රටේ ඒ වෙසක් සිරිය අඩු වුනත් කොහේ හිටියත් හිත්වලට දැනෙන ඒ චමත්කාරය එලෙසම තියේවි...! ඔබටත් සිරි සුබ වෙසක් මංගල්‍යයක් වේවා!!!

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...