Wednesday, May 16, 2012

ඔබ හිරු නේද..?

මේ වෙන්ව යාම නපුරක් නොවෙද
උන් තවම නුඹව සොයනව සොදුර
රූ හිනැහෙන්නේ සඳතරු එකට
උන් එළිය වින්ද දිනකර නේද......

කැණි මඩල අපේ සවි නැති බිත්ති
පුපුරා ගියෙ අපිටත් නොදැනි
ඇස් බැදන් කිරපු තරාදි පඩිය
අද දන්නේ නෑ කදුළැලි බරම...


ආදරයෙ අපුල සිදුරක් වුවද
ජීවිතයෙ කරුමෙ මුන්ටම නේද
යලි හදා ගන්න පුලුවන්නම් වරද
මේ පැටවු ඉතින් අපෙමයි නේද....

( 1වෙනි කවියෙ 03 වෙනි පේලිය වෙනස් විය යුතුයි. ඒකයි යුනිකෝඩ් විදිහටත් දැම්මෙ. )

4 comments:

  1. හිරු කියන නම දැකලා ආවේ...:) ඔව් මම හිරු තමයි කියන්න හිතන් ආවේ යාලු...එත් කවිය කියෙව්වාම හිතට දැනුනේ හුගක් සන්වේදී කතාවක්.අද සමාජයේ කිදෙන්ක්ට නම් මේක වෙනවද..?අනේ ඇහුන්සක දරු පැටවූ කීදෙනෙක් මේ හින්ද දුක්විදිනවද කියන හැගීම හිතට ආවා...ඒ අහංසක මල් වගේ දරුවන්ගේ හිත නොතලන්න ජිවිතේ තීරණ ගනිද්දී තීරණ ගන්වා නම් සමාජය කොච්චර ලස්සන වෙයිද? කවිය හුගක් ලස්සනයි, සංවේදියි යාලු..දිගටම කියවන්න එනම් හොදේ..

    ReplyDelete
  2. කියන්න තේරෙන්නෙනෑ නමුත් හිතට ලඟයිවගේ දැනෙනව

    ReplyDelete
  3. පදයක් වෙනස් නොවුන දෙවෙනි කවියට මම කැමති.. ඒකේ වෙනස්ම් අදහසක් එන්නේ..

    ReplyDelete
  4. මේ කවි පන්තියේ දෙවන කවිය ඉතාමත් හොඳ රූපක ටිකක් කියේ භාවිතා වෙනව ඒතුළ ඉතා අරුත්බර රසයක් මතු කරනව.

    "උන්" සහ "මුන්ටම" වගේ වචන නොයොදා වෙනත් අරුතකින් ඒ දේ කීවනම් තවත් ලස්සනයි

    ReplyDelete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....