කෑගහන බට්ටන් නැති පැල්පතක
අලුපාට අලුයම ඇස් වලින් මැන
හදවතේ සුසුම් පොම්පෙන්
අළු පිරුණු ලිපට පිඹින්නී.....
උණුසුම් සෙනෙහසේ
කේඩෑරි දෑත
එකම සළුපිලියෙ පරවෙච්ච මල් චීත්තයේ
පිස පිස සැරසෙන්නීය.....
කඳු පිටින් ගොඩ ගැහුනු
හද පැතුම් මල් පාත්තියම
අපිරිමිත විරිය පාරමිතාව ගෙන
ගැහි ගැහී මිරිකන්නීය.....
බුර බුරා නැගෙන ගිනිදැල් මැදින්
පැන පැන නටන ගස් මුට්ටියට
කට බැදපු රෙදි තාප්පෙට උඩින්
බලාපොරොත්තුවේ පෙර නිමිති
සීරුවෙන් සීරුවට අසුරවන්නී.....
ඇත් රජිඳු අහිමි ගෙපැලක
කුසගිනි සුළි සුලං කුණාටුවකට
ගිරි කුලක් සේ සවිමත්ව
දෙපා මහ පොළව මත තබන්නී.....
දළු දමන තුරු පෙර පෙර නිමිති
කහට කෝප්පය ගෙන
වියලි දොතලගින් රසවිඳ
සිහිල් දිය කොඳු පෙලට විද විද
කුස පොත්ත තවන්නිය.....
එකින් එක දෑස් දල්වන්
පිපී හිනැහෙන වතින්
අසුරවාගෙන කාඩ්බෝඩ් පෙට්ටියක
පේලි ගෙවල් මැදින්
කඩ පිලට දුවන්නී......
ඉර මල බිම සිඹින්නට එනවිට
තුරුළු කරගෙන දෑතට
අහස සිඹි කිරි පිටි පැකැට්ටුවකුත්
ලහි ලිහයෙ ආ මඟම
මීටර සියය දුවන්නිය.....
තව තවා මල් කැකුළු
පොවන්නට සිප් කිරි
මතුර මතුරා සෙත් කවිය
ජීවිතය ළග වඳින්නිය.....
සැර දමා මහන්සියකට
මඟ ගෙව ගෙවා දිවි හන්දිවල
හමුවෙනා තුරු නිවන
ඇය පාරමිතා පුරමින් ඇවිදින්නියය.
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
ReplyDeleteඋදේට ලිප ළඟ කඩයප්පන් ගොඩවේ
කෙම්මුලෙන් වට මුතු වට්ටිය නුඹගේ
පණමට දී මගෙ ණැන නෙත් පෑදූයේ
෴ වික්ටර් රත්නායක෴
ගැයූ එහෙම ගියක් තිබුණා
ලස්සනයි අක්කේ..
ReplyDeleteඅම්මෙක්ගේ කැපවීම කොච්චර නම් පුදුමාකාරද. මනින්න පුලුවන්ද. වචන වලින් කියන්න පුලුවන්ද. අපරිමානයි. අනන්තයි.
ReplyDeleteකවිය ලස්සනයි අක්කේ චිත්ත රුප මැවෙනවා